11 බෝනස් කොටස💞💞
💜️ඇගේ දෛවය💜️
😍”මං පොරොන්දු වෙනවා නංගී. කාටවත්ම මං මේ ගැන කියන්නෙ නැහැ. මට ඇත්ත කියන්න ඇයි හේමාල් මගෙන් ඩිවෝස් වුනේ?කොහෙද දැන් හේමාල් ඉන්නේ?……”

“අක්කෙ….අයියා….අයියා ඇමරිකාවට ගියා.එයාට ඕනි වුනේ මේ හැම දේකින්ම ඈත් වෙලා ඇමරිකා යන්න.එයා එහෙ ටානියා කියලා ගර්ල් කෙනෙක් එක්ක යාලු වෙලා හිටියේ.ඔයාව මැරි කරන්න සිද්ද වෙච්චි හින්දා අයියා හිටියේ ගොඩාක් තරහින්.අයියා මුල ඉදන්ම කිව්වේ ඔයාව ඩිවෝස් කරලා ඇමරිකා ගිහින් ටානියාව මැරි කරනවා කියලා…….”

දෙයියනේ😱මොනවද මේ හිමාලි නංගි කියන්නේ.නෑ.මට හොදටම විශ්වාසයි මේ කියන්නේ බොරු.හේමාල් මට මොන තරම් දුක්,වේදනා දුන්නත් එයා මාව ඩිවෝස් කරේ වෙන කෙල්ලෙක් හින්දා කියලා මං කවදාවත් විශ්වාස කරන්නේ නැහැ.කිසිම කෙනෙක් මට ඇත්ත කියන්නෙ නැහැ.ඇයි හැමෝම මට බොරු කියන්නේ?😥😥

“හේමාලි රට ගියා කියලා මං විශ්වාස කරත් කවදාවත් මං විශ්වාස කරන්නෙ නැහැ නංගී එයා මාව ඩිවෝස් කරේ වෙන ගර්ල් කෙනෙක් හින්දා කියලා……”😢

“ඔයා විශ්වාස කරත් නැතත් ඇත්ත ඒක තමයි අක්කෙ.ඇත්ත කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ.දැන් ඔයා අපෙ අයියව අමතක කරන්න.ඔයාට අපෙ අයියටත් වඩා කැලුම් අයියා ගොඩාක් ආදරෙයි. ඔයා දැන් කැලුම් අයියගෙ වයිෆ්.තව ටික දවසකින් ඔයා අම්මා කෙනෙක්.මේ හැම දෙයක්ම අමතක කරලා ඔයා කැලුම් අයියත් එක්ක සන්තෝශෙන් ජීවත් වෙන්න……”

හිමාලි නංගි මොන දේවල් කිව්වත් මේ හැමෝම එකතු වෙලා මට ලොකු බොරුවක් කරනවා කියන සිතුවිල්ල මගෙ හිතෙන් අහක් කරන්න බැරි වුනා.ඒ වෙනුවෙන් මගේ හිත ගොඩාක් දුක් වුනා.
මං මොන තරම් හිතුවත් හේමාල් මට පොඩ්ඩක් හරි ආදරේ කරා කියලා එහෙම ආදරේ කරා නම් කවදාවත් හේමාල් මාව මේ තත්වෙ ඉන්නැද්දී තනි කරලා දාලා යන්නෙ නෑනෙ.හිමාලි කියන දේත් ඇත්ත.දැන් කැලුම් මගෙ මහත්තයා.මගේ ජීවිතේ ඉදිරියට ගෙවෙන්නේ කැලුම් එක්ක.මං මේ විදියට හේමාල් ගැන හිතනවා නම් ඒක මං කැලුම්ට කරන ලොකු ද්‍රෝහිකමක්. එහෙම හිතපු මං අමාරුවෙන් හරි හේමාල්ව මගෙ හිතෙන් අයින් කරන්න තීරණය කරා.

“මට සමාවෙන්න නංගී.මං ආයෙ හේමාල් ගැන ඔයාලගෙන් මොකුත්ම අහන්නෙ නැහැ……”

“ඔයයි කැලුම් අයියයි හැමදාම සතුටින් ජීවත් වෙන්න ඕනි අක්කෙ.දරුවා ලැබුනම මේ හැම දෙයක්ම ලස්සනට වෙනස් වෙයි……”


“ප්‍රීති….ඔයා දුකින්ද ඉන්නේ?…….”

කැලුම් මාව එයා ලගට ලං කර ගනිමින් ඇහුවා.සමහර විට කැලුම් හිතනවා ඇති මං තාමත් හේමාල් ගැන හිතනවා කියලා.

“නෑ කැලුම්.මං සතුටින් ඉන්නේ.ඔයාට ගොඩාක් පිං මාවයි මගෙ දරුවයි තනි නොකලට……”😢

“මගෙ දරුවා කියලා කියන්න එපා.අපේ දරුවා කියලා කියන්න.පරණ හැම දෙයක්ම අමතක කරන්න.අද ඉදන් ඔයා කවදාවත් දුක් වෙන්නෙ නෑ……”

මං හිමිහිට කැලුම්ගෙ පපුවට තුරුල් වුනා.ජීවිතේ කවදාවත් නැති ලොකු රැකවරණයක් ආදරයක් මට දැනුනා. හේමාල්ගෙන් මගේ ජීවිතේට නොලැබුනු ආදරේ රැකවරණය මට කැලුම්ගෙන් ලැබුනා.තව මාස දෙකකින් මං අම්මා කෙනෙක්.කැලුම් මාව ගොඩාක් හොදට බලා ගන්නවා.වැඩට ගියාම හැමදාම දවල්ට කෝල් කරලා මං කෑවද බිව්වද කියලා අහනවා.මං කන්න ආස කරන හැම දෙයක්ම මට ගෙනත් දෙනවා. කැලුම්ගෙ අම්මත් මට හරිම ආදරෙයි. මට ගෙදර කිසිම වැඩකට මහන්සි වෙන්න දෙන්නෙ නැහැ.ගෙදර හැමෝම මට ගොඩාක් ආදරෙයි.

“ප්‍රීති දුවේ පොඩ්ඩක් එන්නකෝ……”

කැලුම්ගෙ අම්මා මට කුස්සියේ ඉදන් කතා කරා.මං හිමිහිට කුස්සියට ගියා.

“ඇයි අම්මේ……”

“මං මේ ඉඹුල් කිරිබත් වගයක් හැදුවා. දූත් ආස ඇතිනෙ කන්න……”

“අනේ ඔව්.අම්මට ගොඩාක් පිං.මං හරිම ආසාවෙන් හිටියේ……”

කුස්සියේ පුටුව උඩ වාඩි වෙලා මං ඉඹුල් කිරිබත් කෑලි දෙකක්ම කෑවා.මං කන අතරේමයි කැලුම් කුස්සියට ආවේ.

“මේ මොකද මේ කුස්සියට වෙලා කන්නේ……”

“නැතුව මිදුලට ගිහින් කන්නයැ……”😁

මං ඉඹුල් කිරිබත් කන අතරේම එහෙම කිව්වා.

“කෝ…මටත් කෑල්ලක් කවන්නකෝ.ආ…..”

මං කැලුම්ට කිරිබත් කෑලි දෙකක්ම කැව්වා.

“කැලුම්…අපෙ අම්මා කියනවා දරුවා ලැබුනම ටික කාලයක් එහෙ ඉන්න කියලා……”

මං එහෙම කිව්වම කැලුම්ගෙ මුහුණ ටිකක් වෙනස් වුනා.

“අනේ…ප්‍රීති මං කැමති නෑ රත්තරං ඒකට.අම්මලාට ඕන තරම් කාලයක් මෙහෙ ඇවිත් නතර වෙලා ඉන්න කියන්න.ඒත් ඔයාව ගෙදර යවලා මං කොහොමද මෙහෙ තනියම ඉන්නේ?අනේ මට දරුවා බලන්නෙ නැතුව මෙහෙ ඉන්න බෑ ප්‍රීති…..”

පව් මට කැලුම් ගැන දුක හිතුණා.එයා දරුවට ගොඩාක් ආදරෙයි.

“කමක් නෑ කැලුම්.මං අම්මට කියන්නම් ටික දවසක් මෙහෙ ඇවිත් නතර වෙන්න කියලා…..”

“ඔව් මැණික එහෙම කියන්න……”


“දුවේ මේ කාලෙ ගොඩාක් පරිස්සමින් ඉන්න ඕනි.තව වැඩි දවසක් නෑනෙ.හොද කල්පනාවෙන් ඉන්න.මං කැලුම් පුතාටත් කිව්වා……”

කැලුම්ගෙ අම්මත් මං ගැන හොද සෝදිසියෙන් හිටියා.හැමෝම මග බලාගෙන හිටියේ අලුත් අමුත්තාව පිලි ගන්න.මාත් දින ගනිමින් බලන් හිටියේ.

“ප්‍රීති….දරුවා ලැබුනට පස්සේ එයාට දාන්න හොද නමක් හිතුවද?……”

“තාම නෑ කැලුම්.අපි දන්නෑනෙ දුවෙක්ද පුතෙක්ද කියලා…..”

“මං නම් ගොඩාක් කැමතියි මෙයා දුවෙක් වෙනව නම්.නේද මගෙ මැණික……”

එහෙම කියලා කැලුම් මගෙ කුස සිප ගත්තා.ජීවිතේ මං ආදරෙන් ප්‍රාර්ථනා කරපු ඒ ලස්සන ආදරේ මට ලැබුනා.

“කැලුම් මට අහන්නත් බැරි වුනා කවද්ද මල්ලිගෙ වෙඩින් එක…..”

“ලබන මාසෙ දාසය වෙනිදා.අම්මලා නම් කියන්නෙ දින ලග වැඩියි කියලා.ඒත් දාසය වෙනිදායින් පස්සෙ ආයෙ සුභ නැකතක් තියෙන්නේ මාස පහකින්ලු. මල්ලි නම් කියන්නේ දාසය වෙනිදට වෙඩින් එක ගම්මු කියලා……”

“ඔව් ඒක හොදයි.එයාලා ආදරේ කරන්න පටන් අරන් දැන් අවුරුදු පහකටත් වැඩීනෙ.මට නම් වෙඩින් එකට එන්න අමාරු වෙයි නේද?……”

“ඔව් මැණික.එතකොට දරුවත් පුංචියිනෙ.ඔයා ගෙදර ඉන්න.මල්ලි මැරි කරාම මේ ගෙදරනෙ ඉන්නෙ.ඔයාටත් පාලු නෑ හිමාලිත් ඉන්න නිසා……”

ඊලග කොටසින් නැවත හමුවෙමු