ඊට පහුවදා උදේම මාව හේමාල් අපේ ගෙදරට ගෙනත් ඇරලුවා.කාර් එකේ ආවෙත් මායි හේමාලුයි විතරයි.ඒත් හේමාල් මාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නැහැ.සැරින් සැරේට මං හේමාල්ගෙ මුහුණ දිහා බැලුවා.එයා එයාගෙ කල්පනාවෙ දුර ඈත බලාගෙන කාර් එක ඩ්‍රයිව් කරනවා.ඒ මුහුණේ තිබුනු හැගීම් තේරුම් ගන්න මට පුලුවන් වුනේ නැහැ.මොකක් හරි ලොකු දේකට හේමාල් හිතෙන් විදවනවා කියලා මට හිතුණා.කාර් එක ගේට් එකෙන් අපේ වත්‍තට ඇතුල් කරපු හැටියෙම අම්මා දුවගෙන ආවා කව්ද ආවෙ කියලා බලන්න.
“ආනේ…..මං මේ බැලුවේ කව්ද කියලා. එන්න පුතේ ඇතුලට.අපි මේ ඔයාලා දෙන්නව මතක් කරා විතරයි.වාඩි වෙන්න පුතේ……”
අම්මා ගොඩාක් සන්තෝශෙන් හිටියේ මං ආපු හින්දා.මටත් ඒක ලොකු සතුටක් වුනා.ටික වෙලාවකින් අප්පච්චියි,මල්ලියි අපි ඉන්න දිහාට ආවා.
“ආ හේමාල් පුතා කොහොමද ඉතිං?අපි මේ දැන් ටිකකට කලින් ඔයාලා දෙන්නව මතක් කරා විතරයි.අපි කතා වුනේ හෙට දිහාට එහෙ එන්න දුවව බලන්න.දැන් අපිට එන්න ඕන්නෑනෙ.දුවම ආවනේ……”
“අංකල් අපේ ෆැක්ට්‍රි එකේ යාලුවො කට්ටිය එකතු වෙලා ට්‍රිප් එකක් යනවා. දවස් හතරක විතර.මේ කාලෙ කොහොමත් අපිට නිවාඩුනෙ.ඉතිං ටික දවසක් ප්‍රීති මෙහෙ හිටපුවාවෙ.මං ආවම එන්නම් ආයෙ ප්‍රීතිව එක්කන් යන්න……”
මොකක්??මොන ට්‍රිප් එකක් ගැනද මේ හේමාල් කියන්නේ?මට එහෙම දෙයක් ගැන කලින් කිව්වෙ නෑනෙ.මට පුදුම හිතුණා ඇයි හේමාල් මෙහෙම බොරු කියන්නේ කියලා.
“කවද්ද පුතා ට්‍රිප් එක යන්නෙ?……”
ඒ ප්‍රශ්නෙ ඇහුවෙ අප්පච්චී.
“හෙට පාන්දරම යනවා අංකල්.එහෙනම් මං දැන් යන්නම්…..”
හේමාල් ලෑස්ති වුනේ ආපහු ගෙදර යන්න.
“අනේ පුතා ගොඩ කාලෙකට පස්සෙනෙ ආවෙ.කෑම ටිකක් කාලා යන්න ඉන්නකෝ……”
“දැන් බෑ ආන්ටි.තව පොඩි වැඩ වගේකුත් තියනවා.මං තව දවස් හතර පහකින් එනවනේ ප්‍රීතිව එක්ක යන්න.මං ගිහින් එන්නම්…….”
හේමාල් කාර් එක ලගට යනකොට මාත් පිටි පස්සෙන් කාර් එක ලගටම යනකන් ගියා.වටපිට බැලුවත් අම්මලා ලගක හිටියේ නැහැ.
“හේමාල්….ට්‍රිප් එකක් යන බවක් ඔයා මට කලින් කිව්වෙ නෑනෙ……”
මං හිතුවේ මං ඒ ප්‍රශ්නෙ අහපු එකට හේමාල්ට කේන්ති ගිහින් මට බනියි කියලා.ඒත් හේමාල් මට බැන්නෙ නැහැ. මං දිහා බැලුවා විතරයි.ඒ මුහුණේ කේන්තියක සේයාවක්වත් තිබුනෙ නැහැ. බොහොම අසරණ බවක් තිබුනෙ.
“මං යනවා ප්‍රීති.පරිස්සමින් ඉන්න. සිකුරාදාට ඩිවෝස් පේපර් හම්බෙනවා.එදා උදේම නංගි එයි මෙහෙ ඔයාව එක්කන් යන්න.එයත් එක්ක එන්න……”
එහෙම කියපු හේමාල් කාර් එකට නැගලා දුර ඈතට නොපෙනී ගියා.මං ගොඩාක් වෙලා බලන් හිටියා.හිතට දැනුනේ බොහොම ලොකු හිස් බවක්.මට දැන් හොදටම තේරෙනවා හේමාල් මොකක් හරි ලොකු දෙයක් මගෙන් හංගනවා.
“ප්‍රීතී…..මොකද දූ තාම ඔතෙන්ට වෙලා කරන්නේ?දැන් හේමාල් පුතා ගිහිල්ලා හුගාක් වෙලානෙ.එන්න ගේ ඇතුලට……”
අම්මා ඇවිත් මාව ගේ ඇතුළට එක්කන් ගියා.හේමාල්ගෙ ගෙදර ඉදන් මං අපේ අම්මලාගෙ ගෙදරට ආවෙ ඉස්සර වගේ සතුටින් ඉන්න.ඒත් මගෙ හිතට කිසිම සතුටක් දැනුනේ නැහැ.මහා කුණාටුවක පෙර නිමිත්තක් මහේ හිතේ හොල්මන් කරන්නට වුනා.ඒ මොකක්ද කියලා වචන වලින් ගලපලා මට කියාගන්න බැරි වුනා.
“මොනවද දූ කල්පනා කරන්නේ?මෙහාට ආවම කම්මැලි හිතෙනවද?……”
“අනේ නෑ අම්මා.ගොඩ කාලෙකට පස්සෙනෙ මං ආවෙ.ඒ හින්දා වෙන්න ඇති……”
වෙනසක් පෙන්නන්නෙ නැතුවම මං එහෙම කිව්වා.
“දුව කන්න ආස දෙයක් තියනවනම් කියන්න.මං හදලා දෙන්නම්……”
“ම්ම්….එහෙනම් අම්මා අද ලන්ච් එකට කහ බත් එක්ක,පපඩම් බැදලා,අඹ මාලුයි,බිත්තර තම්බලා,බටු මෝජුයි හදමුද?…….”😀😋
“හා පුතේ.මං හදලා දෙන්නම්.ඔයා ටිකක් රෙස්ට් කරන්න.ගමන් මහන්සියත් ඇතිනෙ තාම……”
“දූ….මෙන්න ඔයාගෙ යාලුවෙක් ඇවිල්ලා……”
සාලෙ ඉදන්ම අම්මා එහෙම කෑ ගහලා කියද්දී මං හිමිහිට ඒ පැත්තට ගියා.ඒ ඇවිත් හිටියේ රිතූ.
“ආනේ…..රිතූ ඔයාව දැක්ක කල්.කවද්ද ලංකාවට ආවේ?……”
“පෙරේදා උදේ ආවෙ ප්‍රීති.මං හිමාලි නංගිගෙන් ඇහුවා ඔයා ගැන.එයා කිව්වේ ඔයා මෙහෙ ආවා කියලා.ම්ම්….කෙල්ල දැන් ලස්සන වෙලානෙ.මාස කීයද?……”
“දැන් මාස හතයි රිතූ.එන්න වාඩි වෙන්න……”
අම්මා හදලා ගෙනාපු කූල් ඩ්‍රින්ක් එක බොන අතරේ මායි රිතූයි එලියට ගිහින් කතා කරා.
“ආයෙ රට යන්න අදහසක් නැද්ද රිතූ……”
“නෑ ප්‍රීති.අම්මලා කියන්නේ ඉක්මනට මැරි කරන්න කියලා.එයා මේ දවස් වල හෝ ගාලා මනමාලයො හොයනවා……”😀
“ශා….එහෙනම් හොදයිනෙ.අපිටත් ලගදීම වෙඩින් කේක් කෑල්ලක් කන්න පුලුවන්නේ…….”😀😀
“දැන්ම මැරි කරන්න අදහසක් නෑ ප්‍රීති. ලබන මාසෙ මගෙ බර්ත්ඩේ එක.ඔයත් එන්න.මං ඉන්වයිට් කරන්නම් එදාට……”
මට එකපාරටම මතක් වුනේ ගිය අවුරුද්දේ රිතූගෙ බර්ත්ඩේ පාර්ටි එකට ගිහිල්ලා ඒ හොටෙල් එකේදි සිද්ධ වෙච්චි දේවල්.ඒක මතක් වෙනකොටත් මගෙ හිතට මහා ලොකු පීඩනයක් වගේ දැනුනා.
“මොකද වුනේ ප්‍රීතී.ඇයි ඔයා එකපාරටම සද්දෙ නැතුව හිටියේ?…….”
රිතූට තේරෙන්න ඇති මගෙ වෙනස් වීම ගැන.ඒත් මං මොනවා කියන්නද?මගෙ පව්ල් ජීවිතේ ඇතුලේ සිද්ද වෙන හැම දෙයක්ම හැමෝටම කියන්න බැහැනෙ.
“මොකුත් නෑ රිතූ.ගිය අවුරුද්දේ ඔයාගෙ බර්ත්ඩේ පාර්ටි එකට ඇවිල්ලා සිද්ද වෙච්චි දේවල් මතකයිනෙ.එහෙම එකේ මට ආයෙමත් ඒවගේ තැනකට යද්දී පරණ දේවල් මතක් වෙනවා.එතකොට මට හිත හදාගෙන ඉන්න අමාරුයි……”😥
“මට සමාවෙන්න ප්‍රීති.මං ඔයාගෙ හිත රිද්දෙව්වා.අපි මේ කතාව නවත්තමු.ඔයා මාත් එක්ක තරහද?……”
“මං තරහ නෑ රිතූ.අපි යමු අම්මා කෑම ලෑස්ති කරලා ඇති…….”
හේමාල්ට කෝල් එකක් අරන් කතා කරලා බලන්න හැදුවත් ෆෝන් එක ඕෆ්. කොච්චර ට්‍රයි කරත් මට හේමාල්ව කන්ට්‍රැක් කරගන්න බැරි වුනා.හේමාල් ඇත්තටම ට්‍රිප් එකක් ගියාද?මං හිමාලිගෙ නම්බර් එකට කෝල් එකක් ගත්තා.
“හෙලෝ අක්කෙ කොහොමද ඔයාට……”📲
“මං හොදින් ඉන්නවා නංගී.හේමාල්ගෙ ෆෝන් නම්බර් එක වැඩ කරන්නෙ නෑනෙ.මං කීප වතාවක්ම උත්සහ කරා හේමාල්ට කතා කරන්න.ඒත් වැඩක් වුනේ නෑ…….”📲
“ආ….මේ….අයියා යාලුවො කට්ටියක් එක්ක ට්‍රිප් එකක් ගියානෙ.මං හිතන්නේ අක්කේ එහාට සිග්නල් නැතුව ඇති. අපිටත් බෑ අයියට කෝල් ගන්න…….”📲
හේමාල් ඇත්තටම ට්‍රිප් එකක් ගියා නම් ඇයි එදා මං ඒ ගැන අහද්දී මට මොකුත් කිව්වෙ නැත්තේ.
“අයියා අහපු කවද්ද එන්නෙ නංගී……”📲
“යද්දී නම් කිව්වෙ සිකුරාදා උදේම එනවා කියලා.හෙටනෙ සිකුරාදා.මං හවස හවස එන්නම් අක්කව එක්කන් යන්න…….”📲
“හා නංගී.මං තියන්නම්.බුදු සරණයි……”📲
“බුදු සරණයි අක්කෙ…….”📲
එදා හවස හිමාලි නංගි ඇවිත් මාව ගෙදර එක්කන් ගියා.
කාමරේට ගියාට පස්සේ මට දැනුනේ පාලුවක් වගේ හැගීමක්.හේමාල්ගෙ සුවද මුලු කාමරේ පුරාම පැතිරිලා තිබුනා.
“අක්කේ……”
මට කතා කරමින් හිමාලි නංගි කාමරේට ආවා.එයාගෙ අතේ ෆයිල් එකක් තිබුනා. එයා ඒක මගෙ අතට දුන්නා
“අක්කෙ…..ඔය ඩිවෝස් පේපර්.අයියා සයින් කරලා තියෙන්නේ.ඔයා සයින් කරලා දැන්ම දෙන්න……”
හිමාලි නංගි ඒ ටික කිව්වේ අහක බලාගෙන අඩමින් වගෙයි.මගෙ මුලු ඇගම වෙව්ලලා ගියා.මෙච්චර කාලෙකට අත් නොවිදි දුකකින් මුලු හිතම ඉතිරිලා ගියා.හිමාලි නංගිගෙ අතින් මං ඒ ඩිවෝස් පේපර් ටික ගත්තේ වෙව්ලන දෑතින්.මගෙ දෑස් වලින් කඩා හැලුනු කදුලු කැට ඒ කඩදාසි මත පතිත වුනා.😭මුලු ජීවිත කාලෙ පුරාවටම මං ගන්න අමාරුම තීරණේ මේක වෙන්න ඇති.මං හිමිහිට කුස මතින් දෑත තබා ගත්තා. ‘ඔයාගෙ තාත්තට ඕනි මේක නම් මං එයාගෙ සතුටට බාද කරන්නෙ නැහැ පුතේ’.මං ඒ ඩිවෝස් පේපර් සයින් කරලා හිමාලි නංගිට දුන්නා.😭😭
මේ අත්සනකට බෑ හේමාල් මගෙ හිතෙන් ඔයාව ඈත් කරන්න😭😭මට හොදටම තේරෙනවා මට හොදටම දැනෙනවා ඔයා ඈත් වෙන්න හදන්නේ මොකක් හරි ලොකු හේතුවක් හින්දා.
හේමාල්ගෙන් ඩිවෝස් වෙලා සතියකට පස්සෙ කැලුම්ගෙයි මගෙයි කසාදෙ ලියාපදිංචි කෙරුනා.ලොකු උත්සවයක් ගත්තෙ නැති වුනාට කැලුම්ගෙ නිවසේ පුංචියට උත්සවයක් ගත්තා.ඒකට සහභාගී වුනේ කැලුම්ගේ ගෙදර අයයි, හේමාල්ගෙ ගෙදර අයයි,මගෙ අම්මයි, තාත්තයි,මල්ලියි විතරයි.ඒ කිසිම දේකට හේමාල් ආවෙ නෑ.එදා මාව අම්මලාගෙ ගෙදරට ඇරලවලා ගියාට පස්සෙ කවදාවත් මං හේමාල්ව දැක්කෙ නැහැ. කිසිම කෙනෙක් හේමාල් ගැන මට මොකුත් විස්තරයක් කිව්වෙ නැහැ. හේමාල් කොහෙද ඉන්නෙ මොනවද කරන්නෙ කියලා කවුරුවත් මට කිව්වෙ නැහැ.
“අක්කේ…..මොනවද ඔයා කල්පනා කරන්නේ?……”
මගේ කල්පනා දැහැන බිදිමින් හිමාලි නංගි මගෙන් එහෙම ඇහුවා.
“මං කල්පනා කරේ හේමාල් ගැන නංගී. අනේ මට කියන්න කොහෙද හේමාල් ඉන්නේ?ඇයි එයා එන්නෙ නැත්තෙ?……”
“අක්කෙ මං මෙහෙම කිව්වට අක්කා මාත් එක්ක තරහ වෙන්න එපා.ඔයා තාමත් අපෙ අයියා ගැන හිතනවද?අක්කෙ….ඔයාට දැන් හේමාල් අයියා ගැන හිතන්න අයිතියක් නෑනෙ…….”
හිමාලි නංගි එහෙම කියපු එක ගැන මං පුදුම වුනේ නැහැ.කොල කෑල්ලක අත්සන් කරලා හේමාල්ගෙයි,මගෙයි බැදීම් වලට නීතියෙන් තිත තිබ්බට මගෙ හිතෙන් හේමාල්ව අයින් කරන්න මට පුලුවන් කමක් නෑ.
“මට සමාවෙන්න නංගී.මට දැන ගන්න ඕනි ඇයි හේමාල් මගෙන් ඩිවෝස් වුනේ කියලා.මෙතන ඔයාලා හැමෝම මට හංගන මොකක් හරි දෙයක් තියනවා. අන්න ඒක ගැන මට දැන ගන්න ඕනි…….”
“එහෙනම් මං ඔයාට ඇත්ත කියන්නම් අක්කෙ.කාටවත්ම මං මේ ගැන ඔයාට කිව්වා කියලා කියන්න එපා……”
ඊලග කොටසින් නැවත හමුවෙමු