ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ පරීක්ෂණ පවත්වන විද්‍යාඥයන් පවසන ආකාරයට දෙවෙනි කොවිඩ් රැල්ලේදීවත් බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත් තුන්වෙනි කොවිඩ් රැල්ලත් ලබන වසරේ මුල් කාලයේදී පැමිණීමට හැකියාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ තුන්වෙනි රැල්ල මීටත් වඩා භයානක විය හැකි බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර මෙම අඳහස් පළ කළේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින්.
“ඒ වෛරස් එක කුමන වයසේ අයට බලපානවද , එහි තියන ප්‍රභල බව මොකද්ද ඊට පස්සේ ඇති විය හැකි සංකුලතා මොකද්ද කියන්න අපි තාම දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ අත් දෙක හේදීම නිරන්තරයෙන් කරන්න , මුඛ ආවරණ නිවැරදිව පළදින්න , දුරස්ථභාවය තියා ගන්න , නිරන්තරයෙන් මොනවහරි රසායනික ද්‍රව්‍යයක් නිවැරදිව හදපු එකක් ළඟ තියාගන්න. කොතනහරි ඇල්ලුවොත් ඒක අතට දාලා අත පිරිසිදුව තියාගන්න. මීට වඩා මැජික් එකක් නෑ”