දවසින් දවස හේමාල් මාව එයාගෙ ජීවිතෙන් ඈත් කරා.මාවයි දරුවයි කැලුම්ට අයිති වෙන්න ඉඩ දීලා හේමාල් එයාගෙ පාඩුවෙ සද්දෙ නැතුව හිටියා.එක ගෙදරක ජීවත් වුනත් මායි හේමාලුයි හිටියේ පිටස්තරයෝ වගේ.දැන් හේමාල් ඉස්සර වගේ මට ගහන්නෙ බනින්නෙ නැහැ.වෙලාවකට මට හේමාල්ගෙ මේ අමුතු හැසිරීම් ගෙන ආවේ ලොකු පුදුමයක්.මේ සිද්ද වෙන කිසිම දෙයක් මං මගෙ අම්මලාට කිව්වේ නැහැ.එයාලා හිතන්නේ මං හේමාල් එක්ක සතුටින් ජීවත් වෙනවා කියලා.ඒත් වෙලාවකට මගේ හිත කියන්නෙම හේමාල්ගෙ මේ අමුතු හැසිරීම් වලට මොකක් හරි ලොකු තියනවා කියලයි.
“දුවේ….දැන් ඔයාලා මොකක්ද ගන්න තීරණේ?……”
හේමාල්ගෙ අම්මා කාමරේට ඇවිත් මගෙන් එහෙම ඇහුවා.
“තීරණේ අරන් ඉවරයි අම්මෙ.ප්‍රීතිට බබා හම්බවෙන්න කලින් මං එයාට ඩිවෝස් එක දෙනවා……”
මං වෙනුවට උත්තර දුන්නේ හේමාල්. මට දරුවා ලැබෙන්න කලින් හේමාල් ඩිවෝස් එක දෙනවා කිව්වේ උප්පැන්න සහතිකේට හේමාල්ගෙ නම දෙන්න වෙයි කියලද දන්නෑ.
“කොහොම හරි කමක් නෑ ප්‍රීතිටයි එයාගෙ දරුවටයි සාදාරණයක් වෙනව නම්……”
එහෙම කියලා මගෙ ඔලුව අත ගාපු හේමාල්ගෙ අම්මා එතනින් ගියා.මං හේමාල්ගෙ මුහුණ දිහා බැලුවා.එයා එයාගෙ පාඩුවෙ ෆෝන් එක දිහා බලාගෙන හිටියා.මගෙ ඇස් වලට කදුලු පිරුනා.😫
“නංගී…ඔයාට පුලුවන්ද හෙට මාත් එක්ක ක්ලිනික් යන්න එන්න……”
“පුලුවන් අක්කේ.ඒත් කැලුම් අයියා එනවා කිව්වා නේද?ඔය දෙන්නා යන්න. කතා කරගන්න දේවලුත් ඇතිනෙ……”
“මං මීට කලින් දෙපාරක්ම කැලුම් එක්ක ක්ලීනින් ගිහින් තියනවා නංගී.ඒත් මං තාම හේමාල්ගෙ බිරිඳ.ඒක හැමෝම දන්නවා.එහෙම එකේ කැලුම් එක්ක මං යද්දී මිනිස්සු මොනවා නොකියයිද?……”
“ඔව් ඒකත් ඇත්ත තමයි අක්කෙ.මං එන්නම් ඔයත් එක්ක යන්න…..”
දවසක් උදේම කැලුම්ගේ අම්මා ගෙදරට ආවා.එයාව දකිද්දී මට බයත් හිතුණා.මට බනින්නද දන්නෑ එන්නේ.
“ආ….මොකද මේ ප්‍රීති දුව බය වෙලා වගේ ඉන්නේ?……”
“න්…මෙ…මොකුත් නෑ ආන්ටි.ආන්ටි වාඩි වෙන්න.මං බොන්න මොකුත් හදාගෙන එන්නම්…….”
“හා දුව.දුව මහන්සි වෙන්න ඕන්නෑ. නාලනී හදාගෙන එයි…….”
“අනේ මොන මහන්සියක්ද ආන්ටි.මං හදාගෙන එන්නම්…….”
හේමාල්ගෙ අම්මයි,කැලුම්ගෙ අම්මයි කතා බහ කරන අතරෙ මං කුස්සියට ගියා මොනවා හරි බොන්න හදන්න. කුස්සියේ ඉදන් හිමිහිට මං සාලෙ ඉන්න කැලුම්ගෙ අම්මයි,හේමාල්ගෙ අම්මයි දිහා.ඒ දෙන්නා බොහොම බරපතල විදියට මොනවා හරි දෙයක් කතා කරනවා.ගොඩාක් හිමින් කතා කරන හින්දා මට මොකුත්ම ඇහුනේ නෑ.ඒත් මට හිතුණා ඒ කතා කරන්නේ මං ගැනයි කැලුම් ගැනයි මොනවා හරි දෙයක් කියලා.සමහර විට කැලුම්ගෙ යෝජනාවට කැලුම්ගේ අම්මලා කැමති නැතුව ඇති.ඒත් කැලුම්ගෙ අම්මගෙ මුහුණින් ඒ බවක් පෙනුනේ නැහැ. මොනවා නමුත් මෙතන මං නොදන්න මොකක් හරි ලොකු රහසක් තියනවා.
දොඩම් බීම වීදුරුව ට්‍රේ එකක දාගෙන ගිහින් කැලුම්ගෙ අම්මට පිලි ගැන්නුවා.
“දුවට දැන් මාස කීයද?……”
එහෙම ඇහුවේ කැලුම්ගෙ අම්මා.
“මාස පහයි ආන්ටි……”
“දුව කන්න බොන්න ආස ඕනම දෙයක් කැලුම් පුතාට කියන්න.එයා දුවට ගෙනත් දෙයි.මේ කාලෙදී හොදට කලා බීලා සන්තෝශෙන් ඉන්න ඕනි.මේ සිද්ද වෙන කිසිම දෙයක් දුව හිතට ගන්න එපා.දුව ඉක්මනට හේමාල්ගෙන් ඩිවෝස් වෙන්න. අපි දුව ගැන බලා ගන්නම්…….”
මේ ගෙදර හැමෝටම දැන් ඕනි මාව හේමාල්ගෙන් දික්කසාද කරවලා කැලුම්ට බන්දවලා දෙන්න.කැලුම්ගෙ අම්මටත් ඕනි ඒකමයි.මට තේරෙන්නෙ නෑ මෙයාලා මේ කරන්න හදන්නෙ මොකක්ද කියලා.
මං කාමරේට ඇවිත් කල්පනා කරෙත් මේ ගැනමයි.මේක මට ලොකු ප්‍රෙහෙලික්වක් වගේ.මොනවා වුනත් මේ හැමෝම මගෙන් මොකක් හරි ලොකු දෙයක් හංගනවා.මට සහෝදරියක් වගේ ලංවෙලා ඉන්න හේමාල්ගෙ නංගිත් මගෙන් මොනව හරි දෙයක් හංගනවා. ඒක මට හොදටම දැනෙනවා.මුලදී හිමාලි නංගි හැදුවෙම කොහොම හරි හේමාල්ගෙ හිතේ මං ගැන ආදරයක් ඇති කරවන්න.ඒත් දැන් හැම දෙයක්ම වෙනස් වෙලා.
📲📲📲…….
“හෙලෝ….කව්ද කතා කරන්නේ……”📲
දරුවට ඇදුමක් මහ මහා හිටපු නිසා මං කව්ද කතා කරන්නෙ කියලා නොබලාම කරමින් හිටපු වැඩේටම අවදානෙ යොමු කරමින් කෝල් එක ආන්සර් කරා.
“ප්‍රීති….මං කැලුම්.මෙච්චර ඉක්මනට මාව අමතක කරාද?……”📲
“අනේ සොරි කැලුම්.මං මේ දරුවට නැපි එකක් මහ මහා හිටියේ.මං කව්ද කතා කරන්නෙ කියලා නොබලාම කෝල් එක ආන්සර් කරේ……”📲
“එහෙනම් කමක් නෑ.දැන් උදේට කාලද ඉන්නෙ?……”📲
කවදාවත් හේමාල්වත් මගෙන් මං කෑවද බිව්වද කියලා අහලා නැහැ.මට දුක හිතුණා.
“ඔව් කැලුම්.දැන් ටිකකට කලින් කෑවෙ…..”📲
“හ්ම්ම්.මං බබාට ඕනි කරන බඩු වගයක් ගත්තා.හෙට එනකොට අරන් එන්නම්. තේරෙන හැටියට ඔහේ ගත්‍තා ඇදුම් එහෙම…….”📲
“ඇදුම් ගත්තෙ මොන පාටින්ද කැලුම්……”📲
“රෝස පාටින් ගත්තෙ.දුවෙකුට ගන්නෙ රෝස පාටින්නේ……”📲
කැලුම් එහෙම කිව්වත් මං තාම දන්නෙත් නෑ ලැබෙන්න ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියලා.
“ඉතිං මේ…..තාම දන්නෙ නෑනෙ කැලුම් ලැබෙන්න ඉන්නේ දුවෙක්ද නැත්නම් පුතෙක්ද කියලා…….”📲
“අපිට අනිවාර්යයෙන්ම ඉපදෙන්නෙ දුවෙක් ප්‍රීති.දුවලා ලැබෙන්න ඉන්නකොට අම්මලා ලස්සන වෙනවලු.ඔයත් ගොඩාක් ලස්සන වෙලා……”📲
කැලුම් දැන්මම මාවයි දරුවවයි අයිති කරගෙන ඉවරයි.අනේ….කැලුම්ගේ මේ ගතිගුණ හේමාල්ටත් පිහිටලා තිබ්බානම් එහෙම කොයි තරම් හොදද? හේමාල්ට කලින් මට කැලුම්ව මුණ නොගැසුනේ ඇයි කියලා මං හිතුවා.
පහුවදා උදේම කැලුම් ගෙදර ආවා. ගොඩාක් බඩු අරගෙනයි ආවේ.දරුවට ඕනි කරන ඇදුම්,නෙට්,සෙල්ලම් බඩු…..ඒ හැම දෙයක්ම කැලුම් අරගෙන ඇවිත් තිබුණා.
“අනේ….කැලුම් ඔයා ගොඩාක් බඩු අරගෙන ඇවිත්නේ.මේ සෙල්ලම් බඩු දැන්ම ඕන්නෑනෙ.තව ගොඩාක් කාලයක් යයි බබා සෙල්ලම් කරනකොට……”
“එහෙනම් ඔයා සෙල්ලම් කරන්න මේවයෙන්……”😁😂
“මං පොඩි බබෙක් නෙවේනෙ සෙල්ලම් කරන්න…….”😁😂
“මේ ටික කාමරෙන් ගිහින් තියන්න. ආපහු ඔය ටික අරන් යන්න ඕනිනෙ……”
“ඒ කිව්වේ?…….”🤔🤔
“නෑ.මං කිව්වේ ඔයා අපේ ගෙදරට ආපු දවසට මේවා අරන් යන්න ඕනිනෙ……”
කැලුම් ගෙදර ගියාට පස්සේ ඒ ගෙනාව බඩු ටික මං කාමරේට අරන් ගිහින් තිබ්බා.රෝස පාට පුංචි ගව්ම් පොඩිති දකිනකොට මට හරිම ආසාවක් දැනුනා. චූටිම චූටි සපත්තු😘අනේ හරිම චෝයි.
හවස කෑම කෑවට පස්සෙ බඩ කොරවෙලා වගේ කොන්දත් රිදෙන්න ගත්තා.හේමාල් කාමරේම හිටියත් මං කිව්වෙ නැහැ.එන්න එන්නම වේදනාව වැඩියෙන් දැනිච්ච හින්දා ඉවසගන්න බැරිම තැන මං හේමාල්ට කිව්වා.
“අනේ හේමාල්…..මගෙ බඩ කොරවෙලා වගේ.කොන්දත් රිදෙනවා.අම්මට ටිකක් කතා කරන්නකෝ…….”😥😥
මං කියපු පරක්කුවට හේමාල් දුවලා ගිහින් අම්මට කතා කරා.අම්මයි හිමාලි නංගියි ඉක්මනට කාමරේට ආවා.
“ඇයි දුවේ මොකද වුනේ?අනේ ගොඩාක් අමාරුද?……”
“කොන්ද හුගක් රිදෙනවා අම්මේ.බඩත් කොරවෙලා වගේ…….”😥😥
ඉවසන්න බැරි කමට මගෙ ඇස් දෙකෙන් කදුලු වැටුනා.හේමාල් හිටියේ ගොඩාක් කලබල වෙලා වගේ.
“ඉක්මන් කරලා ප්‍රීති දුවව හොස්පිටල් එකට ගෙනියමු.හිමාලි ඔයා ටක්ගාලා ඇදුම් දෙක තුනක් ලෑස්ති කරන්න. හේමාල් ඉක්මනට වාහනේ ගන්න එලියට…….”
හොස්පිටල් එකට ගෙනාවට ඩොක්ටර් මාව චෙක් කරලා බැලුවා.
“මොනවද හවස කෑවේ?……”
“හැලප වගයක් කෑවා ඩොක්ටර්……”
“ම්ම්ම් ඒක තමයි එහෙනම්….බය වෙන්න එපා.ආයෙ එහෙම ආසාවක් ආවොත් ටික ටික කන්න.පෙරේතකමට ගොඩ ගොඩ කන්න එපා…….”
ඩොක්ටර් ඒ කියපු විදියට මට හිනා ගියා.😀😁😁
ලොකු අමාරුවක් තිබ්බෙ නැති හින්දා පහුවදා උදේම මගෙ ටිකක් කැපුවා කැලුම් ඇවිත් හිටියා හිමාලිත් එක්ක මාව එක්කන් යන්න.හේමාල් ඇවිත් හිටියේ නැහැ.මං ඒ ගැන පුදුම වුනේ නැහැ.ඒත් මට තාම එක දෙයක් ගැන හිතා ගන්න බැහැ.ඊයෙ රෑ මාව හොස්පිටල් එකට එක්කන් යන වෙලාවෙ හේමාල් හිටියේ ගොඩාක් කලබල වෙලා වගේම බයත් වෙලා.මට ආදරේ නෑ කියපු මගෙ දරුවව ප්‍රතික්ෂේප කරපු හේමාල් මට අසනීප වුනු වෙලාවෙ ඇයි මෙහෙම කලබල වුනේ?🤔🤔ඒ ගැන මට හිතාගන්න අපහසු වුනා.
දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා මට ආස හිතුණා අම්මලාගෙ ගෙදර ගිහින් ටික දවසක් ඉදලා එන්න.මං ඒ ගැන හේමාල්ට කිව්වා.
“හේමාල්….මට අපේ ගෙදර ගිහින් ටික දවසක් ඉදලා එන්න ඕනි……”
මං ඒ කියපු දේට එකපාරටම හේමාල් මොකුත්ම කිව්වෙ නැහැ.ටිකක් වෙලා සද්දෙ නැතුව හිටියා.
“හ්ම්ම්.ගිහින් ටික දවසක් ඉදලා එනවා. කැලුම්ට කියලා යනවා.මං ගෙදරට ගිහින් දාන්නම්.මේ දේවල් ගැන දැන්ම මොකුත් එයාලට කියන්න එපා.ලබන සතියෙ ඩිවෝස් පේපර් ටික හම්බෙනවා. ඊට කලින් මෙහාට එනවා.මට ඒවා අරගෙන එහෙ එන්න බැහැ…….”
හේමාල් කියපු දේවල් මං ඔහේ අහගෙන හිටියා විතරයි.වෙනදා මාත් එක්ක වෛරයෙන් තරහින් ගහගන්න වගේ කතා කරන හේමාල් අද කතා කරේ නිවුනු තැන්පත් හඩකින්.මට නිකන් දැනෙන්නේ හේමාල් එයාගෙ උවමනාවට නෙවෙයි වගේ මගෙන් ඩිවෝස් වෙන්න හදන්නේ.
ඊලග කොටසින් නැවත හමුවෙමු