“ප්‍රීති….ඔයා ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා.අපෙ අම්මාලාගෙ කැමැත්ත ලැබිලා ඉවරයි.ඔයාට හැමදාම සතුටින් ජීවත් වෙන්න පුලුවන්……”

දෙයියනේ කැලුම් මොනවද මේ කියනේ. මට නම් විශ්වාස කරන්න බැහැ එයා මේ කියන දේවල්.මොන දෙමව්පියෝද කැමති වෙන්නෙ තමන්ගෙ පුතා දරුවෙක් ඉන්න ගෑනියෙක්ව කසාද බදිනවට.

“කැලුම් ඔයා මොනවද මේ කියන්නේ?ඇයි ඔයා මේ ගැන අම්මලාට කිව්වේ?මං ඔයාට මොකුත්ම කිව්වෙ නෑ.ඇයි ඔයා මගෙන් මොකුත්ම අහන්නෙ නැතුව අම්මලාට මෙහෙම දෙයක් කිව්වේ?……”

“මේ අහන්න ප්‍රීති….මං ඔයාට ආදරේ කරන්නෙ අවංකවමයි.ඉතිං මං දන්නවා ඔයා මගේ ආදරේ තේරුම් ගන්නවා කියලා.අපි ලංවෙන්න ඕනි අපිට ආදරේ කරන අපිව සන්තෝශෙන් තියන්න පුලුවන් අයට…….”

මං කොහොමද දෙයියනේ කැලුම්ට ආදරේ කරන්නේ?මං තාමත් හේමාල්ගෙ බිරිඳ.හේමාල් මට ආදරේ නොකලට මගෙ හිතේ හේමාල් ගැන ආදරයක් ඇති වෙලා ඉවරයි.

“මට තේරෙන්නෙ නෑ කැලුම් මං මොනවා කරන්නද කියලා.මට දැන් හැම දේකටම වඩා වටින්නෙ මගෙ දරුවව.මට තියන බය හේමාල් නිසා මගෙ දරුවට අනතුරක් වෙයිද කියලා……”😥

“හේමාල්ගෙ කරදර ඉවසගෙන ඉදිරි ජීවිත කාලෙත් ඔයා හේමාල් එක්කම ජීවත් වුනොත් හිතනවද දරුවට හේමාල්ගෙන් ආදරයක් රැකවරණයක් ලැබෙයි කියලා.ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්තම හේමාල් සතුටු වුනාද?නෑනෙ.මේක තේරුම් ගන්න ප්‍රීති.මට ඕනි ඔයාට හේමාල්ව එපා කරවලා මං ගාවට ගන්න නෙවෙයි.ඔයාට ඇත්ත තේරුම් කරවන්න……”

“මං දන්නවා කැලුම්.හේමාල් මටවත් දරුවටවත් ආදරේ නෑ කියලා.ඒත් මං කොහොමද ඔයාගෙ ජීවිතේ එන්නේ?ඔයාට පුලුවන් හොද ලස්සන ගෑනු ළමයෙක්ව කසාද බැදලා සතුටින් ජීවත් වෙන්න.මං වගේ ගෑනියෙක් නැතුව…….”

මං එහෙම කිව්වම කැලුම් හිනා �වුනා.😃
මට තේරෙන්නෙ නෑ කැලුම් මොන වගේ කෙනෙක්ද කියලා.

“මට හොද කෙල්ලෙක්ව ඕන්නෑ.හොද ගෑනියෙකුයි,දරුවෙකුයි ඉන්නවනේ මට ඒ ඇති.මේ තීරණේට හේමාල් විරුද්ධ වෙන්නෙ නෑ.එයා කොහොමත් කැමතියිනෙ ඔයාගෙන් අයින් වෙන්න……”

“මොකද මෙයා කියන්නේ කැලුම් අයියේ? මේං මං ඔයාලා දෙන්නටම ඔරේන්ජ් ජූස් ගෙනාවා බොන්න……”

ඔරේන්ජ් ජූස් වීදුරු දෙකක් ට්‍රේ එකක තියාගෙන හිමාලි නංගී අපි ගාවට ආවා.🍹🍹

“මොනවද බං උඹ මෙච්චර වෙලා කිචන් එකට වෙලා කරේ?දොඩම් පැලවෙනකන් හිටියද?මට දිව ගිලෙන්න තිබහයි……”🍹🍹

එහෙම කියපු කැලුම් ඔරේන්ජ් ජූස් වීදුරුව බීගෙන බීගෙන ගියා.🍹

“ආ තිබහනම් මේකත් බොන්න කැලුම්…..”🍹

මං මගේ බීම වීදුරුවත් කැලුම්ට දුන්නා.🍹

“අනේ ඔයාගෙ බීම වීදුරුව බීලා මට පව් පුරව ගන්න බෑ ප්‍රීති.ඒක ඔයා බොන්න. මං ඊගාව දවසෙ එනකොට ඔයාට හොද දොඩම් ටිකක් අරං එන්නම්.ඔයා ආසයිනෙ……”

මං තාම කැලුම්ට වචනයක් දීලත් නෑ.ඒත් එයා මං ආස දේවල් ගෙනත් දෙන්න හදනවා.


දවස තිස්සෙම මං කල්පනා කරේ කැලුම්ගෙ යෝජනාව ගැන.හිතා ගන්න බැහැ මොන තීරණයක් ගන්නද කියලා. හිමාලි නංගි නම් කියන්නේ කැලුම්ගෙ යෝජනාවට කැමති වෙන්න කියලා.ඒත් හේමාල්ට කොහොමද මං මේ ගැන කියන්නේ?

“මොනවද කල්පනා කරන්නේ?……”

හේමාල් මං ලගට එනකල්ම මං දැක්කෙ නෑ.

“මොකුත් නෑ හේමාල්……”

“මට නංගි කිව්වා කැලුම්ගෙ යෝජනාව ගැන.ඔයා මොකක්ද ගත්තු තීරණේ?…….”

මට හිතුණා හිමාලි නංගි හේමාල්ට ඒ ගැන කියන්න ඇති කියලා.මං සද්දෙ නැතුව බිම බලා ගත්තා.

“මොකද සද්දෙ නැතුව ඉන්නේ?මේ අහනවා ප්‍රීති.තමුං කැලුම්ගෙ යෝජනාවට කැමති වෙනවා.මං ඉක්මනට තමුංට ඩිවෝස් එක දෙන්නම්. කැලුම් තමුසෙට හොදට සලකයි.ඌ දරුවට හොද තාත්තා කෙනෙක් වෙයි. කොහොමත් ඌ අනුන්ගෙ දුක ඉක්මනට තේරුම් ගන්නවා…….”

“හේමාල්…..ඔයා දන්නවද ඔයා මේ මොනවද කියන්නෙ කියලා.දෙයියනේ😱 ඔයා කොහොමද මාවයි ඔයාගෙ දරුවවයි තවත් මිනිහෙකුට බාර දෙන්නෙ.ඔයා මනුස්සයෙක්ද හේමාල්……”😭😭

“මේ ප්‍රීති.මට උඹත් එක්ක වෙන කිසිම කතාවක් නෑ.උඹ කැලුම්ව මැරි කරපන්. මට උඹෙන් ඉක්මනට ඩිවෝස් වෙන්න ඕනි……”🤬🤬

හේමාල්ට මාව මේ තරම්ම පේන්න බැරි ඇයි කියලා මට හිතා ගන්න අපහසු වුනා.

“මට කියන්න හේමාල් ඇයි ඔයා මට මෙහෙම සලකන්නේ?😭😭මට ආදරේ නොකලට කමක් නැහැ.ඒත් ඔයාට පුලුවන්ද මේ දරුවව අමතක කරන්න. කතා කරන්න හේමාල්…ඔයාගෙ ලෙයින් ඉපදෙන්න ඉන්න දරුවව ඔයාට මෙහෙම ඔයාගෙ ජීවිතෙන් අයින් කරන්න පුලුවන්ද?…..”😭😭

“නවත්ත ගනින් ප්‍රීති උඹේ ඔය ඇඩියාව. උඹේ කදුලු වලට බෑ මගෙ හිත වෙනස් කරන්න.මට උඹේ දරුවගෙන් වැඩක් නෑ. කරුණාකරලා මගේ ජීවිතෙන් ඈත් වෙයන්.උඹ මගෙන් ඩිවෝස් වෙන්න බැහැයි කිව්වොත් එහෙම මේ දරුවට මේ ලෝකෙ එලිය දකින්න මං ඉඩ තියන්නෙ නැහැ.අන්න ඒක හොදට මතක තියා ගනින්……”🤬🤬

තව දුරටත් හේමාල් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා මට තේරුණා. අමාරුවෙන් හරි මං තීරණය කරා හේමාල්ගෙන් ඩිවෝස් වෙන්න.ඒත් තීරණය කරපු තරම් ඉක්මනට හිත හදා ගන්න මට බැහැ.


දවසින් දවස ගෙව්නේ මගෙ ජීවිතේ ගැන තව තවත් කලකිරීමෙන්.දරුවෙක් ලැබෙන්න නොහිටියා නම් මං මෙලහකටත් ජීවිතේ නැති කරගෙන ඉවරයි.දවසට වතාවක් දෙවතාවක්ම කැලුම් මට ෆෝන් එකෙන් කතා කරනවා. හැම වෙලේම මං ගැන හොයලා බලනවා. සතියකට දෙතුන් පාරක්ම ඇවිත් මාව බලලා යනවා.ඒ එන්නේ මට දාහක් විතර කෑම ජාති උස්සගෙන.මාව ක්ලීනින් එක්කන් යන්නෙත් කැලුම්.අනේ මේ රත්තරං ගතිගුණ හේමාල්ටත් පිහිටලා තිබ්බනම්…….මේ හැම දෙයක්ම දැකලත් නොදැක්ක ගානට හේමාල් ඉන්නේ.මට හේමාල්ව තේරුම් ගන්න බැහැ.

දරුවා ගැන හිතලා කැලුම්ගෙ යෝජනාවට කැමති වුනත් මගෙ හිතෙන් හේමාල්ව අයින් කරන්න මට හිත හදාගන්න අමාරුයි.

තවත් කොටසකින් නැතුව හමුවෙමු