😘”මේකයි අක්කෙ කරන්න ඕනි.ඔයා අයියට කියන්න ඔයාට එයාගෙන් ඩිවෝස් වෙන්න ඕනි කියලා.හැබැයි ඊට කලින් ඔයා ප්‍රෙග්නන්ට් කියලා අයියට කියන්න ඕනි.ඔයා කියන්න ඔයාට අවංකව ආදරේ කරන කෙනෙක් හම්බුනා කියලා……”
මට නම් තාම තේරුම් ගන්න බැහැ හිමාලි නංගි මොනවද මේ කරන්න යන්නේ කියලා
“මට තේරෙන්නෙ නෑ නංගි ඔයා මොනවද මේ කරන්න හදන්නේ කියලා……”
“අපි මුලින්ම මේකට හොද විශ්වාසවන්ත කෙනෙක් හොයා ගන්න ඕනි.ඒ කෙනා ඔයාට අවංකව ආදරේ කරනවා වගේ රගපාන්න ඕනි.ඔයා අයියගෙන් ඩිවෝස් වෙලා එයාව මැරි කරනවා වගේ ඉන්න. අයියා ඔයාට ඇත්තටම ආදරේ නම් කවදාවත් ඔයාට ඩිවෝස් වෙන්න ඉඩ දෙන්නෙ නෑ……”
මට දැනුයි තේරුනේ හිමාලි නංගි කරන්න හදන දේ.ඒත් මේ වැඩේ හරි යයිද?මට නම් බයයි වගේ.
“අනේ මන්දා නංගී.මේ වැඩේ හරි යයිද?මට නම් බයයි වගේ……”
“බය වෙන්න එපා අක්කෙ.හිතට ශක්තිය ගන්න.මේ වැඩේ අනිවාර්යයෙන්ම හරියනවා…….”
“හේමාල් ඔයා වැඩක්ද?……”
ආපු වෙලාවෙ ඉදන්ම ලැප් එකේම ඉන්න නිසා මං හේමාල්ගෙන් එහෙම ඇහුවා.
“ඔව් ඇයි පේන්නැද්ද?……”
“මට ඔයාට දෙයක් කියන්න තියනවා……”
“මොකක්ද?……”
“මෙ…මේ….ම….ම…..”
“ඉතිං කියනවා ම ම ගාන්නෙ නැතුව.මට වැඩ තියනවා……”😡
“මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා…….”
මං එහෙම කියලා හේමාල්ගෙ මුහුණ දිහා විශේෂයෙන් බැලුවා.හේමාල් ඇස් දෙක ලොකු කරන් මං දිහා බැලුවේ. සතුටක කිසිම සේයාවක් ඒ දෑස් වල තිබුනෙ නෑ.
“ඉතිං මට මොකද කියන්නේ?……”😡
දෙයියනේ මේ මනුස්සයට පිස්සු හැදීගෙනවත් එනවද?මේ වගේ සුභ ආරංචියක් කිව්වම වෙන මනුස්සයෙක් නම් කොයි තරම් සන්තෝශ වෙනවද?ඒත් හේමාල් මොන ජාතියේ කෙනෙක්ද කියලා මට හිතා ගන්න බැරි වුනා.
“ඇයි හේමාල් එහෙම අහන්නේ?ඔයාට කියන්නේ නැතුව මං වෙන කාට කියන්නද?ඔයානෙ දරුවගෙ තාත්තා……”
ලැප් එක පැත්තකින් තියලා හේමාල් මං ගාවට ආවා.මට බයත් හිතුණා.මං අඩියෙන් අඩිය පිටි පස්සට ගියා.ඒත් බිත්තියට හේත්තු වෙලා මාව නතර වුනා.
“මං උඹට කිව්වා ප්‍රීති මට දැන්ම ළමයි එපා කියලා.ඒත් උඹ කියන දේ ඇහුවෙ නෑනෙ.උඹට මං…….”🤬
දත්මිටි කාපු හේමාල් මට ගහන්න හැදුවා.ඒත් ගැහුවෙ නෑ.අත මිට මොලෝලා බිත්තියට හයියෙන් ගහලා කාමරෙන් ගියා.හේමාල් ගැන මට පුදුම විදියෙ කලකිරීමක් දැනුනෙ.තමන් තාත්තා කෙනෙක් වෙන්න ඉන්නවා කියලා දැන ගත්තමවත් මේ මනුස්සයගෙ හිත පොඩ්ඩක් වත් උණු වුනේ නැද්ද?😥මං කුසට අත තියාගෙන හොදටම ඇඩුවා.😭😭අනේ පුතේ ඔයාගෙ තාත්තා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.ඔයාට මං කිසිම නපුරක් වෙන්න දෙන්නෙ නෑ.
“අක්කෙ අයියා මොකද කිව්වේ?……”
පහුවදා උදේම හිමාලි නංගි මගෙන් ඒ ගැන ඇහුවා.
“වැඩක් නෑ නංගි.හේමාල්ට දරුවා එපාලු. අනේ මට නම් තේරෙන්නෙ නෑ මොනවා කර්න්නද කියලා.දරුවා ගැන මට බයයි නංගී.හේමාල් මගෙන් වෙන් වුනොත් මගෙ දරුවගේ අනාගතේට මොකද වෙන්නේ?……”😭😭
“අක්කෙ මං ඔයාට දෙයක් කියන්න මාත් එක්ක තරහ වෙන්නෙ නෑ නේද?……”
“අනේ නෑ නංගී.කවදාවත් මං ඔයත් එක්ක තරහ වෙන්නෙ නෑ.මේ විදියට ඔයාවත් මට හිටියේ නැත්නම් මට මොනවා වෙයිද දන්නෙ නැහැ……”😥😥
“අක්කෙ….ඔයා අයියගෙන් ඩිවෝස් වෙන්න……”
“දෙයියනේ…..මං කොහොමද නංගි ඒක කර්න්නෙ?මගෙ දරුවගෙ අනාගතේට මොකද වෙන්නෙ ඊට පස්සේ?……”
“ඔයා කසාද බැන්දට පස්සෙ එක දවසක් සතුටින් ජීවත් වුනාද?මේ මාස හයට අයියා ඔයාට එක දවසක් හොදින් කතා කරලා තියනවද?එයා ඔයාට ආදරේ නැත්නම් ඔයාව හරියට බලා ගන්නෙ නැත්නම් සැමියෙකුගෙන් ඉශ්ට වෙන්න ඕනි යුතුකම් එකක්වත් ඉශ්ට කරන්නෙ නැත්නම් ඔය හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට ජීවත් වෙලා වැඩක් තියනවද?…..”
හිමාලි නංගි කියන දේවල් වලත් ඇත්තක් තියනවා.හේමාල් කවදාවත් මට හොදින් කතා කරලා නැහැ.සැමියෙක් විදියට කවදාවත් මට ආදරෙන් සලකලා නැහැ.මාස හයක් තිස්සේ මං ඉවසපු ඉවසීම මේ ලෝකෙ කිසිම ගෑනියෙක් ඉවසන්න නැතුව ඇති.අද හැදෙයි හෙට හැදෙයි කියලා බලන් හිටියත් හේමාල් නම් කවදාවත් හැදෙන මනුස්සයෙක් නෙවෙයි.
“ඔයා කියන දේත් ඇත්ත තමයි නංගි. ගෑනියෙක් විදියට මගෙ අතින් හේමාල්ට ඉශ්ට වෙන්න ඕනි හැම යුතුකමක්ම ඉශ්ට කරනවා.ඒත් හේමාල් එක පාරක් හොදින් කතා කරලා නෑ.මට හේමාල්ගෙන් ඩිවෝස් වෙලා තනියම ජීවත් වෙන්න පුලුවන්.ඒත් මං කොහොමද දරුවෙක් එක්ක තනියම ජීවත් වෙන්නෙ?දරුවෙකුට අම්මා වගේම තාත්තවත් ඕනි නේද?……..”
“ඔයයි දරුවයි තනි වෙන්නෙ නෑ අක්කේ. ඔය දෙන්නවම හොදට බලා ගන්න පුලුවන් හොද කෙනෙක් ඔයාට ලැබෙයි. හැමදාම කෙනෙකුට දුක් විදින්න ලැබෙන්නෙ නැහැ.ඔයාගෙ ඉරණම්කාරයා වෙන කෙනෙක් වෙන්නත් පුලුවන්……”
“හේමාල්ගෙන් දික්කසාද වෙලා තවත් කසාදයක් කරගන්න මගෙ අදහසක් නෑ නංගී.ගිණි පෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියනවනේ. එක පාරක් වැටිච්චි වලේ ආපහු වැටෙන්න මං මොඩ නෑ නංගී……”
“අක්කෙ ඔයා මොනවද මේ කියන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න.මේ ලෝකෙ හැම පිරිමියම එක වගේ නෑ.හොද අය ඕන තරම් ඉන්නවා.හැම කෙනාම අපෙ අයියා වගේ නපුරු දරුණු නැහැ.එක පාරක් කසාද බැදලා ඩිවෝස් වෙලා ආපහු සැරයක් කසාද බැදලා දරුවොත් එක්ක සන්තෝශෙන් ජීවත් වෙන ගෑනු ඕන තරම් මේ ලෝකෙ ඉන්නවා.ඔයාටත් එහෙම කෙනෙක් මුණ ගැහෙයි අක්කෙ. එයා ඔයාවයි දරුවයි ගොඩක් ආදරෙන් බලා ගනියි…….”
හිමාලි නංගි මොන තරම් දේවල් කිව්වත් හේමාල්ගෙන් ඩිවෝස් වෙලා වෙන කෙනෙක්ව මැරි කරන්න මට හිත හදාගන්න බැහැ.හේමාල්ගෙන් විදපු දුක් වේදනා හිරි හැර මතක් වෙනකොට ආයෙත් වතවක් වෙන කසාදයක් ගැන හිතනවත් බැහැ.
“මං දන්නවා අක්කෙ ඔයා මොනවද කල්පනා කරන්නේ කියලා.ඔයා කිසිම දේකට බය වෙන්න එපා.එයා ඔයාගෙ දරුවට කිසිම වෙනසක් කරන්නෙ නැහැ. අපෙ අයියා වගේ නෙවෙයි එයා ඔයාට ගොඩාක් ආදරෙයි.ඔයාගෙ දරුවට එයා හොද තාත්තා කෙනෙක් වෙයි.ඔයාට කවදාවත් දුකක් දෙන එකක් නෑ……”
හිමාලි නංගි කා ගැනද මේ කියන්නේ.මට මේ මොකුත්ම තේරෙන්නෙ නෑ.කසාදෙ කැඩුණු, දරුවෙක් එක්ක තනි වුනු ගෑනියෙක්ව බාර ගන්නෙ මොන පිරිමියද?
“නංගි ඔයා කවුරු ගැනද ඔය කියන්නෙ. මට තේරෙන්නෙ ඔයා මොනවද කියන්නෙ කියලා…….”
“මං ඇත්තම කියන්නම්කො අක්කෙ. කෙනෙක් ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නෙ.ඔයා ප්‍රෙග්නන්ට් කියලා එයා දන්නවා.එයා ඔයාවයි දරුවවයි බාර ගන්න ලෑස්තියි. ඔය දෙන්නව කිසිම දුකක් නොදී එයා බලා ගනියි…….”
“ක….කව්ද ඒ……”
“කැලුම් අයියා……”
😱😱දෙයියනේ කැලුම් කියන්නේ හිමාලි මැරි කරන්න ඉන්න පැතූම්ගෙ අයියනේ. මට මතකයි එයා කීප වතාවක්ම මේ ගෙදරට ආවා.සමහර වෙලාවට කැලුම් මං දිහාම බලාගෙන ඉන්නවා.මාත් ඒක වැඩිය ගනන් ගත්තෙ නැහැ.කැලුම් කවදාවත් මට එහෙම දෙයක් ගැන කියලා නැහැ.මං පුදුම වුනා ඒ ගැන.
“හිමාලි….නංගි ඔයා මොනවද මේ කියන්නේ.කැලුම් කවදාවත්ම මට එහෙම දෙයක් ගැන කියලා නැහැ……”
“ඔව් අක්කෙ.ඔයාට කියලා නැතුව ඇති. ඒත් කැලුම් අයියා මට ඒ ගැන කිව්වා. ඔයාට ගැලපෙන්නෙ අපෙ අයියව නෙවෙයි කැලුම් අයියව.කැලුම් අයියා ඔයාට ගොඩාක් ආදරෙයි……”
ගෙදර බෙල් එක වදින සද්දෙ ඇහුනා. හිමාලි නංගි ගියා කව්ද ආවෙ කියලා බලන්න.ටික වෙලාවකින් හිමාලි නංගි ආපහු මං හිටපු කාමරේට ආවා.
“අක්කෙ කැලුම් අයියා ඇවිත් ඉන්නවා. ඇවිත් එක්ක කතා කරන්න.හැම දේකම විසදුමක් තියන්න ඕනි.ඔයාට හැමදාම දුක් විදින්න ලැබෙන්නෙ නෑ.එන්න……”
හිමාලි නංගි මගෙ අතින් අල්ලගෙන සාලෙට එක්කන් ගියා.
“අක්කෙ එහෙනම් ඔය දෙන්නා කතා කර කර ඉන්න.මං බොන්න මොනවහරි හදාගෙන එන්නම්…….”
මාවයි කැලුම්වයි එතන තනි කරලා දාලා හිමාලි නංගි කුස්සියට ගියා.මට හිමාලි ගැන පුදුමත් හිතුණා.මට එයා ගැන ඇති වුනේ කියා ගන්න බැරි තරම් සහෝදර සෙනෙහසක්.තමන්ගේ සහෝදරයා මොන වැරදි කරත් වෙන සහෝදරියක් නම් ගන්නේ සහෝදරයගෙ පැත්ත.ඒත් හිමාලි නංගී මගේ පැත්ත අරන් මට උදව් කරනවා.
“මොනවද ප්‍රීති කල්පනා කරන්නේ?……”
අප අතර වූ නිහැඩියාව බිදිමින් කැලුම් කතා කරා.
“මොකුත් නෑ කැලුම්.මේ……”
“ඔයාට හිමාලි නංගි මං ගැන මොනව හරි කිව්වද?මං කෙලින්ම ආවේ ඒ ගැන කතා කරන්න……”
“අනේ කැලුම් ඔයා ඒ ගැන නම් බලාපොරොත්තු තියාගන්න එපා.මං දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්.මොන තරම් හිරි හැර දුක් වේදනා වින්දත් හේමාල් මගෙ මහත්තයා……”😥😥
“මං දන්නවා ප්‍රීති ඔයාට තීරණයක් ගන්න අමාරු බව.ඔයා කොහොමටවත් හිතන්න එපා ඔයා මේ අසරණ වෙලා ඉන්න වෙලාවෙ මං ඔයාව කොටු කරගෙන තවත් අසරණ කරන්න හදනවා කියලා.ඔයා කොහොම හිතුවත් හේමාල් ඔයාගෙ සැමියා කියලා එයා කවදාවත් ඔයා එයාගෙ බිරිඳ කියලා හිතලා ආදරෙන් සලකලා තියනවද?……”
කැලුම් අහන දේවල් වලට කොහොම උත්තර දෙන්නද කියලා මට හිතා ගන්න බැහැ.ඒත් මං කොහොමද කැලුම්ව විශ්වාස කරන්නේ?
“මං දන්නවා ප්‍රීති ඔයාට මේ ගැන හිතා ගන්න අමාරුයි කියලා.මාව විශ්වාස කරන්න මං ඔයාට ඇත්තටම ආදරෙයි. මට ඔයාගෙ දරුවා වැඩි නෑ ප්‍රීති.හේමාල් උදුර ගත්තු ඔයාගෙ සතුට මට ඔයාට ආපහු දෙන්න පුලුවන්……”
“ඔයා හිතනවද කැලුම් ඔයා ගත්තු තීරණේ හරි කියලා.ඔයාගෙ දෙමව්පියෝ කවදාවත් කැමති වෙන්නෙ නෑ දරුවෙක් ලැබෙන්න ඉන්න දික්කසාද ගෑනියෙක්ව එයාලගෙ ලේලි කරගන්න.දුර හිතන්න කැලුම්.මං හින්දා මේ පව්ල් වල ප්‍රශ්න ඇති වෙනවට මං කැමති නෑ……”
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ඊලග කොටසින් නැවත හමුවෙමු