6 කොටස😘
❤️ඇගේ දෛවය❤️
💐පියානෝ එක වහලා කාමරේට යන්න හදනකොටම හේමාල් පඩිපෙළ උඩ ඉදන් මං දිහා බලන් ඉන්නවා.ඒ බලන් හිටපු විදියට මට බයත් හිතුණා.වෙනසක් නොපෙන්වා මං කාමරේට ගියා.

“ප්‍රීති…..මට පෙනඩෝල් දෙකක් ගෙනත් දෙනවකෝ……”

ඇයි මේ හදිස්සියෙන්ම හේමාල් පෙනඩෝල් ඉල්ලන්න්නේ.උණ හැදිලාවත්ද?නළලට අත තියලා බලන්න හිතෙනවා.ඒකටත් මට බැනුම් අහන්න වෙයි.ඒත් මං හේමාල්ගෙන් ඇහුවා.

“ඇ….ඇයි හේමාල්?ඔයාට සනීප නැද්ද?…..”

“ඔලුව රිදෙනවා අප්පා.මුලු ඇගම කැක්කුමයි……”🤒

මං හේමාල්ගෙ නළලට අත තියලා බැලුවා.දෙයියනේ ඔලුව ගිනි කබලක් වගේ රස්නෙයි.මං ඉක්මනට පෙනඩෝල් පෙති දෙකක් එක්ක වතුර වීදුරුවක් ගෙනත් දුන්නා.

“ආ හේමාල් මේක බීලා ඉන්න.අඩුවක් නොවුනොත් අපි බෙහෙත් ගේන්න යමු……”

රෑට කෑම කන්නවත් හේමාල් ආවේ නැහැ.මං කෑම එකක් බෙදලා කාමරේට අරන් ගියා.හේමාල් කෙදිරි ගගා නිදාගෙන හිටියා.මං ඔලුවට අත තියලා බැලුවා. තාම උණ අඩුවක් නෑ.වෙව්ලනවත් එක්ක.මට බයත් හිතුණා.මං හේමාල්ට කතා කෙරුවා.

“හේමාල්….හේමාල් නැගිටින්න……”

බොහොම අමාරුවෙන් කෙදිරි ගගා හේමාල් නැගිට්ටා.

“අපි බෙහෙත් ටිකක් ගේන්න යමු හේමාල්.ඔයාට හොදටම උණ වැඩි වෙලා. තවත් අමාරු වෙයි……”

“එපා…ටිකක් වෙලා යද්දී අඩු වෙයි……”

හේමාල් එහෙම කිව්වත් මට නම් බලන් ඉන්න බැහැ.උණ වැඩි කමට හේමාල්ව වෙව්ලන්න ගත්‍තා.ඇසුත් රතු වෙලා.පව්. මට මොන වද දුන්නත් නපුරු කම් කරත් මට හේමාල් ගැන දුක හිතුණා.උණ වැඩි හින්දා කට තිත්ත හින්දා හේමාල්ට මං බත් එක දුන්නෙ නෑ.බොහොම අමාරුවෙන් බෙහෙත් ගන්න එක්කන් ගියා.හේමාල්ට කාර් එක ඩ්‍රයිව් කරන්න අමාරු නිසා ඩ්‍රයිවර් එක්කයි ගියේ. කාරෙකේ යද්දීත් හේමාල් හොදටම කෙදිරි ගෑවා.හොස්පිටල් එකේ මිදුලෙන් කාරෙක නැවැත්තුවම මං බොහොම අමාරුවෙන් හේමාල්ව අල්ලගෙන ඩොක්ටර් ගාවට එක්කන් ගියා.

“ආ….මිස්ට හේමාල් මොකද වුනේ?……”

“ඩොක්ටර් අද දවල් ඉදන් හේමාල්ට හොදටම උණ ගත්තා.පෙනඩෝල් බිව්වත් අඩුවක් නෑ……”

හේමාල් වෙනුවට උත්තර දුන්නේ මමයි.
ඩොක්ටර් හේමාල්ව චෙක් කරලා බැලුවා.

“බය වෙන්න දෙයක් නෑ මිසිස් වංශනායක.මේක වෛර්ස් උණක්.මං මේ ලියපු බෙහෙත් ටික ගන්න.ටික දවසක් යනකොට හරි යයි……”

ඩොක්ටර් ලියලා දීපු බෙහෙත් ටිකත් අරගෙන කාර් එකේ ගෙදර ආවා.

“හේමාල් මේ කෑම ටික කාලා බෙහෙත් ටික බොමු…..”

“මට දැන් කන්න බෑ ප්‍රීති……”

“විකාර කතා කරන්න එපා හේමාල්.උණ අඩු වෙන්නෙ කොහොමද බෙහෙත් නොබී.මෙන්න මෙහෙ ඉද ගන්න……”

බලෙන්ම වගේ බත් කටවල් තුන හතරක් කවලා බොහොම අමාරුවෙන් බෙහෙත් ටික බොන්න දුන්නා.පොඩි ළමයින්ට බෙහෙත් පොවන්න මීට වඩා ලේසියි. ඔලුවට ඕඩිකොලෝන් ටිකක් දාලා ඉවර වෙලා හේමාල් වැඩ කරන තැන බොස්ට කතා කරලා දවස් දෙකක නිවාඩු අනුමත කරවගත්තා.


උදේ නැග්ටිද්දී නම් හේමාල්ගෙ උණ ටිකක් අඩු වෙලා තිබ්බා.මං කුස්සියට ගිහින් කිරි එකක් හදාගෙන එද්දී හේමාල් ඇහැරිලා හිටිය.

“දැන් අඩුයිද හේමාල්?මේක බීලා ඉන්න. මං ඊයෙ ඔයගෙ බොස්ට කතා කරලා දවස් දෙකකට නිවාඩු දා ගත්තා.හොදටම සනීප වෙනකල් යන්න එපා……”

“ප්‍රීති……”

“ඇයි හේමාල්?…….”

“හොද වැඩේ නේද මූට?…….”

“කාටද?……”

“මට…….”

“ඒ ඇයී?……”

මං ඇහුවේ පුදුම වෙලා වගේ.හේමාල් මොනවද මේ කියන්නේ කියලා මට තේරුනේ නැහැ.

“නෑ ඉතිං.ඔයාට මං මොන තරම් කරදර කරාද.මොන තරම් දුක් වේදනා දුන්නද?
ඉතිං මට මෙහෙම වෙච්චි එක ගැන ඔයා සතුටින් නේද ඉන්නෙ?……”

මට කේන්ති ආවා හේමාල් ඒ අහපු කතාවට.මට දුක් දීලා එය සතුටු වුනාට මට බෑ ඒ වගේ තිරිසන් විදියට සතුටු වෙන්න.

“අනේ මේ හේමාල් මගෙ යකා අවුස්සන්න එපා……”😡😡

ඊට පස්සේ හේමාල් මගෙන් මොකුත් ඇහුවේ නැහැ.එයාගෙ පාඩුවෙ එයා හිටියා.

දවස් තුන හතරක් ගියාට පස්සේ හේමාල්ට හොදටම අඩු වුනා.හැබැයි ඊට පස්සේ මාව අසනීප වුනා.ඒත් මං ඒ ගැන හේමාල්ට මොකුත් කිව්වේ නැහැ.වෙනදා වගේ හේමාල් මට ගහන්න ආවේ නැහැ. ඒත් මගෙ හිත රිද්දන එකේ අඩුවක් වුනේ නෑ.කොයි වෙලේ බැලුවත් මට බැන ගත්තු ගමන්මයි.

“මම නම් හිතුවේ අයියා අසනීප වුන වෙලාවෙ අක්කා සාත්තු කරපු හැටි දැකලවත් එයාගෙ හිත වෙනස් වෙයි කියලා.මේ යකා නම් කවදාවත් හැදෙන මනුස්සයෙක් නෙවෙයි……”

හිමාලි නංගිත් හේමාල් ගැන හොදටම කලකිරිලයි හිටියේ.

“අක්කා උදේට කෑවෙ නෑ නේද තාම?…..”

“කන්න බෑ නංගී.අප්පිරියයි ඇගට පණ නෑ වගේ.මටත් උණ හැදෙන්නද මන්දා……”

“අනේ අක්කේ එහෙනම් අපි බෙහෙත් ටිකක් ගේන්න යමු.අයියට වගේ ඔයාටත් අමාරු වෙයි උණ හැදිලා……”

“ඕන්නෑ නංගි.මේක නිකන් අඩුවෙලා යයි……”

ටිකක් වෙලා යද්දී අඩු වෙයි කියලා හිතුවත් දවල් වෙද්දී අසනීපෙ තවත් වැඩි වුනා.බඩගිනි හින්දා මොනව හරි කන්න හැදුවත් කාගන්න බැරි වුනා.පුදුම අප්පිරියාවක් දැනුනේ.ඇගට දැනුනු අපහසුතාවය වැඩි වුනු හින්දා මං ටිකක් නිදා ගත්තා.ආපහු මට ඇහැරුනේ හවස හයට විතර.🕕

මොන කරුමයක්ද දන්නෙ නැහැ.මුලු ඇගම පණ නෑ.හරි අමාරුයි.එහෙම හිතපු මං කුස්සියට ගිහින් දෙහි ගෙඩියක් හදාගෙන බිව්වා.ඒක බිව්වට පස්සෙ නම් කටේ තිබුනු සෙවල ගතිය ටිකක් විතර අඩු වුනා.

හේමාල් ආවට පස්සෙ බෙහෙත් ගේන්න යන්න හිතුවත් මං සද්දෙ නැතුව හිටියා. මං මොන දේ කිව්වත් හේමාල්ගෙ වැඩේ මගෙ නැති වැරදි හොයාගෙන මට කෑ ගහන එකනෙ.

“මොකද මේ සනීප නැද්ද?……”

හේමාල් ආපු ගමන්ම මගෙන් එහෙම ඇහුවා.ඒ වචන වල කිසිම අනුකම්පාවක් ගෑවිලාවත් තිබුනෙ නෑ.තවත් ඉවසගන්න බැරිම තැන මං හේමාල්ට කිව්වා මාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් යන්න කියලා.

“ඇයි ඕකට මං එනකල්ම හිටියේ?නංගිත් එක්ක යන්න තිබුනෙ නැද්ද?……”😡

ඒ අහපු දේට නම් මට ආවෙ පුදුම තරහක්.මහ පුදුම මනුස්සයෙක්. තමන්ගෙ ගෑනිට අසනීපයක් වුනාම බලන්න දන්නෙ නෑ.මට මහ පුදුම අසරණකමක් දැනුනා.එන්න එන්නම වැඩි වුනු අමාරුව හින්දා මාව මැරිලා යයි කියලා මට හිතුණා.🤕🤒ඒත් හේමාල්ගෙ නපුරු කම් වලට මං සද්දෙ නැතුව හිටියේ නැහැ.මාව මෙතන මැරුනත් හේමාල්ට කිසිම දුකක් දැනෙන එකක් නෑ.

“හේමාල්….මං ඔයාගෙ කසාද ගෑනි. නංගිත් එක්ක බෙහෙත් ගේන්න යන්න ඕනිද කසාද මිනිහා ඉන්නැද්දී……”😡😡

“මේ අහපං ප්‍රීති…..උඹ මාව කසාද බැන්දේ උඹේ උවමනාවට මිසක් මගෙ උවමනාවට නෙවෙයි.උඹේ ලෙඩ ගැන උඹම බලා ගනිං…….”🤬🤬

දෙයියනේ මේ නම් මනුස්සයෙක් නෙවෙයි තිරිසනෙක් කියලා මට හිතුණා.කිසිම අනුකම්පාවක් ආදරයක් නැති මිනිහෙක්. අම්මලා ගාව හිටියා නම් මං අද කොයි තරම් සතුටින්ද?ඒත් අද මගේ ජීවිතේ කුණාටුවකට අහු වෙලා වගේ.

“අක්කේ…..අක්කේ…..”

හිමාලි නංගි මට කතා කරගෙනම කාමරේට ආවා.ඇදෙන් නැගිටලා යන්න හැදුවත් එකපාරටම වටේටම කලුවර කඩන් වැටුනා වගේ ඇවිත් මුලු ඇගම පණ නැති වෙලා මාව වැටෙන්න ගියා.ඒත් හිමාලි නංගි මාව වැටෙන්න නොදී අල්ල ගත්තා.

“අක්කේ ඔයාට මොකද වුනේ?අනේ කතා කරන්නකෝ?අයියේ……”😫

මගේ මුහුණට වතුරින් තෙත් කරන ගමන් හිමාලි නංගි හේමාල්ට හයියෙන් කතා කරා.හේමාලුත් දුවගෙන ආවා.මං හිමිහිට ඇස් ඇරලා ඇදෙන් වාඩි වුනා.

“ඇයි මොකද වුනේ?……”

“අනේ අයියේ අක්කට එකපාරටම කලන්තෙට වගේ ආවා.උදේ ඉදන්ම අක්කා අසනීප ගතියෙන් හිටියේ……”

“අනේ නංගි මාව ඩොක්ටර් ගාවට එක්කන් යන්න.මට හරිම අමාරුයි……”🤕

හිමාලි නංගි මාව ඩොක්ටර් ගාවට එක්කන් ආවා.හේමාල් මාත් එක්ක ආවෙ නෑ.මං අසනීප වුනා කියලා හේමාල්ට ගානක් නෑ.ඩොක්ටර් මාව චෙක් කරා.

“ඇයි…..මිසිස් වංශනායක මිස්ට හේමාල් ආවෙ නැත්තේ?……”

“අ….මේ….හේමාල් අද යාලුවෙක්ගෙ පාර්ටි එකකට ගියා.තාම ආවෙ නෑ…..”

මං ඩොක්ටර්ට ඒ විදියෙ බොරුවක් කිව්වා.

“මගේ සුභ පැතුම් මිසිස් වංශනායක.🤝 ඔයා ප්‍රෙග්නන්ට්……”

“අනේ….මගේ සුභ පැතුම් අක්කේ……”🤝

හිමාලි නංගිත් හිටියේ ගොඩාක් සතුටින්. මට කියා ගන්න බැරි තරම් සතුටක් දැනුනා.අනේ දැන් වත් හේමාල් වෙනස් වුනොත්.අනේ දෙයියනේ මේ දරුවා නිසාවත් හේමාල්ගෙ හිත වෙනස් කරලා දෙන්න.🙏🙏

“අක්කෙ ඔයා අදම මේ ගැන අයියට කියන්න.මේ හින්දා වත් අයියා වෙනස් වුනොත් ලොකු දෙයක්.නැත්නම්…. නැත්නම් ඔයා තීරණයක් ගන්න අක්කෙ……”

“ඒ කිව්වේ නංගි?මට තේරුනෙ නෑ ඔයා කියන දේ……”

“මං ඒ ගැන පස්සෙ කියන්නම්.ඔයා දැන් ගිහින් නිදා ගන්න……”

හිමාලි නංගි මට කියන්න හදලා නොකියා හිටියේ මොකක්ද කියලා මට හිතා ගන්න අපහසු වුනා.ඒ ගැන මං වැඩි දුර අහන්න ගියේ නෑ.ඒත් මට එකපාරටම මතක් වුනේ දවසක් මට හේමාල් කියපු දෙයක්.මට කවදාවත් සතුටින් ජීවත් වෙන්න දෙන්නෙ නෑ කිව්වා වගේම මං සතුටු වෙන හැම දෙයක්ම හේමාල් මගෙන් උදුර ගන්නවා කියලා කිව්වා.දෙයියනේ…..හේමාල් මගෙ දරුවත් මගෙන් උදුර ගනියිද?මං ප්‍රෙග්නන්ට් කියලා හේමාල්ට දැන්ම දැන ගන්න ඉඩ තියන්න හොද නෑ.

“හිමාලි නංගී……”

“ඇයි අක්කේ.මං හිතුවේ ඔයා කාමරේට ගියා කියලා……”

“නංගී….මං ප්‍රෙග්නන්ට් කියලා හේමාල්ට දැන්ම කියන්න එපා……”

“ඒ ඇයි අක්කේ?මේක හැමදාම අයියගෙන් හංගගෙන ඉන්න බැරි වෙයිනෙ……”

“නෑ නංගී.මට තව ටික කාලයක් මේ ගැන හංගගෙන ඉන්න ඕනි.මට බයයි හේමාල් මගෙත් එක්ක තියන තරහට දරුවගෙන් පලි ගනියි කියලා……”

“හා අක්කේ මං කාටවත් කියන්නේ නෑ. හැබැයි ඔයා පරිස්සමින්……”

දවස් තුන හතරක් ගෙවිලා ගියත් මං හේමාල්ට මොකුත්ම කිව්වේ නැහැ.ඒත් හේමාල්ට මං ගැන සැක හිතිලද මන්දා මාත් එක්ක කතා කරේ හරිම අමුතු විදියට.

ඇදුමක් ගන්න කියලා හිතාගෙන මං කබඩ් එක අදිද්දී ඒ ඇදුම් ගොඩ අස්සෙ තිබිලා ෆයිල් එකක් බිමට වැටුනා.මං ඒ ෆයිල් එක අතට අරන් බැලුවා මොකක්ද කියලා.දෙයියනේ මේ ඩිවෝස් පේපර්නෙ.
මගෙ ඇගට දාඩියත් දාගෙන ආවා.ඒ කියන්නේ හේමාල් මගෙන් දික්කසාද වෙන්න ගත්තු තීරණේ වෙනසක් වෙලා නැද්ද?😥මගෙ ඇස් වලට කදුලු පිරුනා.
අනේ මගෙ දරුවට තාත්තා කෙනෙක් නැති වෙයිද?😭😭මං ඒ ෆයිල් එක ආපහු තිබ්බ තැනින් තියන්න හදනකොටම අහම්බෙන් වගේ ඒකෙ තිබ්බ දිනේ බැලුවා.ඒ දිනේ තිබ්බේ අගෝස්තු විස්ස. අද නොවැම්බර් දහයනෙ.දැන් මාස දෙකහමාර‍කටත් වැඩියිනෙ.හේමාල් මට මේ මොකුත් කලින් කිව්වෙ නැහැනේ.ඒ ෆයිල් එක තිබ්බ තැනින්ම තියලා මං කල්පනා කරා.

“මොනවද අක්කේ කල්පනා කරන්නේ? අයියා මොනව හරි කිව්වද?……”

“නෑ නංගී.මං මේ කල්පනා කරේ……”

ඒ ඩිවෝස් පේපර් ගැන මං හිමාලි නංගිට කිව්වා.එයත් ටිකක් කලබල වුනා.

“අයියා ඔයාට ඒ ගැන මොකුත්ම කිව්වෙ නැද්ද අක්කෙ?……”

“නෑ නංගී.හේමාල් මගෙන් ඩිවෝස් වෙන්න ඕනි කිව්වේ අපි මැරි කරලා මාසයක් යන්නත් කලිනුයි.ඒත් හේමාල් මට ඒ ඩිවෝස් පේපර් ඇයි දුන්නෙ නැත්තේ මාස දෙකහමාර‍කටත් වැඩීනෙ……”

“ඔයාට හිතෙන්නෙ නැද්ද අක්කෙ අයියා ඔයාට ආදරේ කරන්න හදනවා කියලා.ඒ හින්දා වෙන්න ඇති ඔය ඩිවෝස් පේපර් ඔයාට නොපෙන්නුවේ……”

“මට නම් හිතෙන්නෙ නෑ නංගී……”

මං එහෙම කිව්වම හිමාලි නංගී ටිකක් වෙලා කල්පනා කෙරුවා.ඊට පස්සේ මං ගාවට ඇවිත් වාඩිවුනා.

“අක්කෙ මං කියන්නද වැඩක්.අයියගෙ හිතේ ඔයා ගැන ආදරයක් තියනවද නැද්ද කියලා අපි එයාගෙ කටින්ම කියවෙන විදියෙ වැඩක් කරමු…….”

ඊලග කොටසින් නැවත හමුවෙමු

Advertisment