හේමාල් මට මොන තරම් දේවල් කියලා බැන්නත් මං එයාගෙ ජීවිතේ අවුල් කරා කියලා බනිද්දී නම් මට කට පියාගෙන ඉන්න බැරි වුනා.මොකද මේ හැම දෙයක්ම සිද්ද වුනේ හේමාල්ගෙ වරදින් නිසා.

“නෑ හේමාල් මේ හැම දෙයක්ම සිද්ද වුනේ ඔයාගෙ වරදින්.මම නෙවෙයි ඔයයි මගෙ ජීවිතේ විනාශ කරේ.මට ඔයාගෙ කරේ එල්ලෙන තැනට වැඩ සිද්ද කරේ ඔයයි……”😡😡

මං එහෙම කිව්වම හේමාල්ගෙ කේන්තිය තවත් වැඩි වුනා.යකෙක් වගේ දත් මිටි කාගෙන මං ගාවට ආපු හේමාල් කෙලින්ම මගේ මුහුණ දිහා බැලුවා.මට බය හිතුණා ආපහු මට ගුටි කන්න වෙයි කියලා.

“උඹ ඔහොම ඉන්නෙ තව ටික කාලයයි ප්‍රීති.ඉක්මනටම මං උඹව ඩිවෝස් කරනවා.බලාගෙන හිටපන්කෝ……”🤬

දෙයියනේ හේමාල් හදන්නේ මාව දික්කසාද කරන්නද?😱ඇයි මගෙ ජීවිතේටම මෙහෙම වෙන්නේ😭මං මොන වරදක් කරාටද හේමාල් මගෙන් මෙහෙම පලි ගන්නේ.මගෙ අතේ පුංචිම පුංචි වරදක් හරි තිබ්බනම් මට අමාරුවෙන් හරි හිත හදා ගන්න තිබුනා.

“ඇයි හේමාල් ඔයා මට මෙහෙම කරන්නේ?😭මං මොන වරදක් කරාටද. ඔයාගෙ හිතේ පුංචිම පුංචි හරි අනුකම්පාවක් ආදරයක් නැද්ද?අනේ මට මෙහෙම කරන්න එපා හේමාල්……”😭🙏

හේමාල්ගෙ අතේ එල්ලිලා මොන තරම් කදුලු හලලා මං එහෙම කිව්වත් හේමාල්ගෙ හිත උණු වුනේ නැහැ.😢😢

“නවත්‍ත ගනිං උඹේ ඔය ඇඩියාව.මගෙ හිතේ උඹ ගැන කිසිම ආදරයක් නෑ ප්‍රීති. ලෑස්ති වෙයං මං ඉක්මනට උඹව ඩිවෝස් කරලා දානවා……”🤬🤬

මනුස්සයෙකුට මේ තරම් දරුණු හිතක් පහල වුනේ කොහොමද කියලා මං කල්පනා කරා.මට අම්මවයි,අප්පච්චිවයි මතක් වුනා.එයාලා ගාව මං ජීවත් වුනේ මොන තරම් සන්තෝශෙන්ද?ඒත් අද මගෙ මුලු ජීවිතේම අමු සොහොන් පිට්ටනියක් වෙලා.දවසින් දවස හේමාල් මාව නොමරා මරනවා.මං හේමාල්ව කසාද බැන්දේ මොන තරම් බලාපොරොත්තු හිතේ තියාගෙනද?කොයි තරම් දඩබ්බරකම් කරත් ඒ හැම දෙයක්ම තේරුම් අරගෙන කාලයත් එක්ක හේමාල් වෙනස් වෙයි කියලා මට හිතුණා.ඒත්…..කාලය නම් ගෙවිලා ගියා. හේමාල් නම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.දික්කසාදෙකුත් අරගෙන මං කොහොමද දෙයියනේ ලෝකෙට මුහුණ දෙන්නේ?ආපහු අම්මයි අප්පච්චියි ගාවට ගිහින් කොහොමද ඒ අයට දුක් ගින්දර දෙන්නේ?මං දහ අතේ කල්පනා කරා.ඒත් මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වුනා.

ගෙදර බෙල් එක වදින සද්දෙ ඇහුණ හින්දා මං ගියා කව්ද ඇවිත් ඉන්නේ කියලා බලන්න.හේමාල්ගෙ වයස විතර මනුස්සයෙක් හිනාවීගෙන දොර ගාව හිටගෙන හිටියා.

“හිමාලි ගෙදර ඉන්නවද?……”

“හිමාලි නම් ඉන්නවා.ඔයා කව්ද……”

මං මීට කලින් මේ ගෙදරදී මේ කෙනාව දැකලා නැති නිසා එහෙම ඇහුවා.

“මං කැලුම් දිසානායක.හිමාලි මැරි කරන්න ඉන්නෙ මගෙ මල්ලිව.ඔයා හිමාලිගෙ නෑනා නේද?……”

ඒ කෙනා මගෙන් එහෙම ඇහුවා.

“ආ ඔව්.මං හේමාල්ගෙ වයිෆ්.එන්න ඇතුලට ඇවිත් වාඩි වෙන්න.මං නංගිට කතා කරන්නම්……”

එයාට වාඩි වෙන්න කියලා මං ගිහින් හිමාලි නංගිට පණිවිඩේ කිව්වා.හිමාලි නංගි මාත් එක්කම සාලෙට ආවා.

“ආනේ…..මේ කැලුම් අයියනේ.කාලෙකට පස්සේ අපිව මතක් වෙලා තියෙන්නේ. කෝ පැතුම් ආවේ නැද්ද?……”

“පැතුම්ට වැඩ නංගී.මං මේ එයාර්පෝර්ට් එකට යන ගමන් මෙහාට ආවේ.ලබන සතියෙ අම්මලා මෙහෙ එනවා.පණිවිඩේ කියන්න ආවේ……”

“මං බොන්න මොනවහරි හදාගෙන එන්නම් නංගී……”

මං කුස්සියට ආවා මොනවහරි බොන්න දෙයක් හදන්න.ඒ අතරේ මට ඇහුණා ඒ කැලුම් කියන කෙනා හිමාලි නංගිට මං ගැන මොනවද මන්දා කියනවා.

“ඔයාගෙ නෑනා හරිම අහිංසක පාටයි නේද?අයියා කොහෙන්ද හොයාගෙන තියෙන්නේ මෙච්චර ලස්සන ගර්ල් කෙනෙක්……”

“එයා හින්දි ගර්ල් කෙනෙක් කැලුම් අයියෙ.අම්මා ලංකාවේ.පව් එයා හරිම අහිංසකයි.කොහෙද අපේ අයියා ඒ කෙල්ලට පුදුම විදියට වද දෙන්නෙ.මටම පුදුමයි මේ අක්කා මේ දේවල් කොහොම ඉවසගෙන ඉන්නවද කියලා……”

ගෙදර හැමෝගෙම අනුකම්පාව,ආදරය මට නොඅඩුව ලැබෙනවා.ඒත් වැඩක් තියනවද හේමාල්ගෙ ආදරේ නැතුව.ඒ හිස්තැන කවදා සම්පූර්ණ වෙයිද කියලා මට හිතාගන්න බැරි වුනා.බීම වීදුරු දෙකක් හදපු මං ඒවා ට්‍රේ එකක දාගෙන ගිහින් දුන්නා.

“එහෙනම් හිමාලි නංගි මං ගිහින් එන්නම්.මං යනවා නංගී……”


හවස අම්මා කෝල් කරලා කිව්වා හේමාල්ටයි මටයි ගෙදර ඇවිත් යන්න කියලා.කසාද බැදලා මාස තුනක් ගෙව්නත් තාම මට අම්මලාව බලන්න යන්න බැරි වුනා.මට අම්මලාව බලන්න යන්නවත් හේමාල් අවසර දුන්නෙ නෑ. හේමාල් වැඩ ඇරිලා ආපු ගමන් හේමාල්ට කිව්වා.

“හේමාල් අද අපේ අම්මා කෝල් කරා.අපි දෙන්නට එහෙ එන්නලු.අනේ පින් සිද්ද වෙයි හේමාල් බෑ කියන්න නම් එපා.එක දවසකට අපි දෙන්නා ගිහින් එමු……”

මං එහෙම හේමාල් ඉස්සරහා බැගෑපත් වුනත් හේමාල් මගේ ඉල්ලීම ඉශ්ට කරනෙකක් නෑ කියලා මට හිතුණා.ඒ තරම් දරුණු හිතක් හේමාල්ට තිබුනේ.

“මට බැහැ.තමුසෙ ඕනි නම් හෙට ගිහින් එනවා.අම්මලා ඇහුවොත් මං කෝ කියලා මට වැඩ කියලා කියනවා…..”

හේමාල්ට එන්න බෑ කියලා කිව්වත් මට හරි ගිහින් එන්න කියපු හින්දා මට සතුටක් දැනුනා.

පහුවදා උදේම හේමාල් වැඩට ගියාට පස්සේ මං අම්මලාගෙ ගෙදර ගියා.

“ආනේ……ප්‍රීති මගෙ දුවේ ඔයාව දැකපු කල්……”

මාව දුටුව ගමන්ම අම්මා මාව වැලද ගත්තා.මගෙ ඇස් වලට කදුලු පිරුනා. අප්පච්චිටයි,මල්ලිටයි දෙන්නටම හරිම සතුටුයි මං ආව හින්දා.

“කෝ ප්‍රීති හේමාල් ආවෙ නැද්ද?…..”

“අ…මේ….අම්මේ හේමාල්ට මේ දවස් ටිකේම වැඩ.ඒ හින්දා නිවාඩු ගන්න අමාරුයි.මං හේමාල් එක්ක වෙනින් දවසක එන්නම්කෝ……”

හේමාල් මට මොන තරම් නපුරු කම් කරත් මං ඒ එකක්වත් අම්මලාට කිව්වෙ නෑ.ඒ හැම දෙයක්ම මං තනියම දරා ගත්තා.

“අයියෝ මොකක්ද හලෝ ඇමති කෙනෙකුගේ පුතෙකුට හදිස්සියකට නිවාඩුවක්වත් ගන්න බැරි නම් වැඩක් නෑනෙ……”

“කට වහ ගන්න පුතා.ඔයා හදන්නේ අක්කත් එක්ක රණ්ඩු වෙන්නද?මාස කීයකට පස්සෙද දුව ගෙදර ආවෙ…..”

අම්මා ඒ විදියට මල්ලිට සැර කරා.ඊට පස්සේ මල්ලි සද්දෙ නැතුව හිටියා.

අම්මලාගෙ ගෙදරට ආවට පස්සෙ මට දැනුනේ පුදුම විදියෙ සැහැල්ලුවක්. හේමාල් ගාව ඉන්නැද්දී මං විදපු දුක් කරදර වද හිංසා ඉවරයක් නැති බැනුම්….
ඒ හැම එකකින්ම මිදිලා මේ පරිසරයට ආවම වචන වලින් කියා ගන්න බැරි තරම් සැහැල්ලුවක් සතුටක් මට දැනුනා.
මේ ගෙදර ඒ කාලෙ අම්මයි තාත්තයි, මල්ලියි,මමයි ජීවත් වුනේ මොන තරම් සතුටකින්ද?අපි ජීවත් වුනේ හරියට එක ඉත්තක මල් වගේ.පුංචි පුංචි රණ්ඩු ඇරෙන්න කවදාවත් අපි හතර දෙනා අතරේ ලොකුවට රණ්ඩු සරුවල් ඇති වෙලා නෑ.පුංචි කාලේ කොයි තරම් නම් සුන්දර,ආදරණීය මතකයන් රැසක්ම මං එක්ක මේ ගෙදර තිබුනද?ඒ කාලෙ තිබුන ඒ ආදරණීය සතුට ආයෙ කවදාවත්ම මගේ ජීවිතේට ලගා වෙන එකක් නෑ.😢😢

“මොනවද දූ කල්පනා කරන්නේ?……”

“මො….මොකුත් නෑ අම්මා.මට අපේ පුංචි කාලෙ මතක් වුනා……”😫

“මං මේ දුවගෙන් අහන්නමයි හිටියේ. හේමාල් පුතා දුවට හොදට සළකනවද? ඔයා සතුටින් නේද ඉන්නෙ?……”

හේමාල් මට ආදරෙන් සළකන හැටි මුල ඉදලම අම්මාට කියන්න මට හිතුණා.ඒත් මං ඒ ගැන මොකුත්ම කිව්වේ නැහැ.තව ටිකක් ඉවසලා බලනවා කියලා හිතුණා.

“එහෙම කියන්න තරම් ලොකු වරදක් නෑ අම්මා.ඒත් හේමාල් ටිකක් නපුරුයි……”

මං එහෙම කිව්වම අම්මා හිනා වෙලා මගෙ ඔලුව අතගෑවා.

“ඔය හැම දෙයක්ම හරි යයි දුව.දරු පැටියෙක් හම්බුනාම ඔය චණ්ඩි පිරිමි ඉබේම මට්ටු වෙනවා……”

එහෙම හරි කමක් නෑ හේමාල් වෙනස් වෙනව නම්.ඒත් එහෙම වෙයි හිතන්න අමාරුයි.දෙමව්පියන්ටවත් බැරි වුන එකේ කොහොමද දරුවෙක් ලැබුනා කියලා වෙනස් වෙන්නේ.

හවස පහ විතර වෙනකොට මං ආපහු ගෙදර ආවා.🕔අම්මා ළග තරම් සැනසීමක් මේ ලෝකෙ කොහේවත් නෑ.
ගෙදරට යද්දී හිමාලි නංගි මැරි කරන්න ඉන්න කැලුම්ගේ අම්මලා ඇවිත් හිටියා.

“ආ…..මේ ඉන්නෙ අපේ ලේලි.මෙයාගෙ නම ප්‍රීති.දූ මේ ඉන්නෙ හිමාලි මැරි කරන්න ඉන්න කැලුම් පුතාගෙ අම්මයි, තාත්තයි,අයියයි……”

හේමාල්ගෙ අම්මා මාව ඒ අයට හදුන්වලා දීලා ඒ අයවත් මට හදුන්වලා දුන්නා.ඒ අතරේ එක් විශේෂ බවක් මං දැක්කා.ඒ කැලුම්(හිමාලිගේ මස්සිනා)ගේ ඇස් තිබ්බේ මං ගාවමයි.මං ඒ දිහා නොබලා දෑස බිමට හරව ගත්තා.

“ඔයාගෙ ලේලි නම් හරිම ලැජ්ජකාරියක් වගේ ප්‍රියංවදා……”

හිමාලි නංගිගේ නැන්දම්මා හේමාල්ගෙ අම්මට එහෙම කිව්වා.මං හිමිහිට හිනා වුනා.😀

“එයා එහෙම තමා මනෝරි.හරිම අහිංසකයි……”

“අනේ හොදයි.හරිම සීදේවි දරුවෙක්……”

ඒ අයට කතා කරගන්න ඉඩ දීලා මං කාමරේට ඇවිත් බාතෲම් එකට ගිහින් හොදට නා ගත්තා.

හිමාලි නංගිගේ නැන්දම්මලා එහෙම ගියේ රෑ නවයට විතර.🕘ඒ අය ඉදිරි පිටදී නම් හේමාල් මට හොදින් කතා කරා.ඒක මට ටිකක් හරි සැනසීමක් වුනා.

මේ විදියට සති කිහිපයක්ම ගෙවිලා ගියා.ඒත් හේමාල්ගෙ වධ හිංසා වල නම් අඩුවක් වුනේ නෑ.ජීවත් වෙන්න උවමනාවට ජීවත් වුනා මිසක් මට නම් මුලු සසරම කලකිරිලයි තිබ්බේ.මං තරම් මේ ලෝකෙ කිසිම ගෑනියෙක් ඉවසන්න නැතුව ඇති.හැමදාම මං දෙවියන්ගෙන් ඉල්ලුවේ හේමාල්ගෙ හිතේ මං ගැන ආදරයක් අනුකම්පාවක් ඇති වෙන්න කියලයි.😢🙏

හේමාල්ගෙ නිවසේ පහල තට්ටුවේ පියානෝ එකක් තියනවා.නිකන් ඉන්න වෙලාවට මං ඒ පියානෝ එක ප්ලේ කරනවා.ගෙදර හැමෝම තම තමන්ගේ වැඩ.හේමාලුත් ලැප් එකේ මොකක්ද මන්දා බිස්නස් වැඩක්.කම්මැලිකමක් දැනුනු හින්දා මං පහළට ගියා.පියානෝ එක ප්ලේ කරන ගමන් මං ලස්සන ගීතයක් �කිව්වා.ඒ ගීතයෙන් කියවෙන අර්ථය මගේ ජීවිතේට හුගාක්ම සමීපයි. සැමියාගේ කරදර,වධ හිංසා ඉවසා දරාගෙන ජීවත් වෙන බිරිදකගේ සිතුවිලි ඒ ගීතයෙන් කියවුනා.🎶🎶😢🎹

හදරාහූ මුඛයේහී ගිලුණා ලෙසේ අදුරූ විය ජීවිතේ මාගෙ ශෝකේ වෙලී
හදරාහූ මුඛයේහී ගිලුණා ලෙසේ…//🎵🎵

වැටුනා මුලාවේහි නැන හීන වෙමිනා
ගැලවීම නෑ නිසි කාලෙ ගෙවීලා
හැමදාම මේ ශෝක ගිනි ජාලෙ දැවිලා…..//
හිංසා වුනා මාගෙ කරුමේහි බලපා

හදරාහූ මුඛයේහී……//🎵🎵

හිමී ස්වාමි නැහැ ප්‍රේම අනුකම්පා හර්දේ…..//
පලි ගන්න සැරසේවි දේවාති සුරිදේ
සිරකාරි වීලානෙ නිසි කාලෙ මාගෙ
සැප ලෝකෙ හි සුන්වී ආශාවෙ…..🎵🎵

ස්ත්‍රීන්ට කිසිදා නොවේවා මෙ ශෝකේ……//
දුර නෑ අනේ මාව තනිවීය ලෝකේ…..//🎵🎵

හදරාහූ මුඛයේහී……//🎵🎵

නැවත හමුවෙමු යාලුවනේ

Advertisment