ඇගේ දෛවය❤️
🌸මට වැරදුනේ නැහැ.මේ එයා තමයි.මට ඒ මුහුණ හොදට මතකයි.එදා රිතූගෙ බර්ත්ඩේ පාර්ටි එක දවසෙදි මට බොරු කියලා මාව හේමාල් හිටපු රූම් එකට යැව්වෙ මේ වේටර් තමයි.මාව දැකලා ඒ මිනිහා බය වුනා.
“මෙ….මේ ඔයා හේමාල්ව මැරි කරාද?…..”
මෙයාට විශ්වාස කරන්න බැරුව ඇති මං හේමාල්ව මැරි කරා කිව්වම.
“ඔව් මං හේමාල්ව මැරි කරා.මගෙ ජීවිතේ විනාශ කරන්න තමුං නේද එදා හේමාල්ට උදව් කරේ.ලැජ්ජ නැද්ද. තමුසෙට හොදක් නම් සිද්ද වෙන්නෙ නෑ. තමුසෙට අම්මා කෙනෙක් නංගී කෙනෙක් නැද්ද?……”😠😠
ඒ මනුස්සයා මං කියපු දේවල් වලට හොදටම බය වුනා.එක වචනයක් වත් කතා කරේ නැහැ.තවත් මෙතන හිටියොත් මට ඇඩෙනවා.ඒ නිසා මං එතනින් දුවලා ආවා.
හේමාල්ගෙ යාලුවො දෙන්නා ආපහු ගියේ රෑ හතට විතර.කෙලින් හිටගෙන ඉන්න බැරි තරමටම හේමාල් ඩ්‍රින්ක් අරගෙනයි හිටියේ.වැනි වැනී හේමාල් කාමරේට ආපු හේමාල්ව දකිද්දී මට බයත් හිතුණා.
“මො….ක….ද ඇයි මීට කලින් බීපු මිනිහෙක්ව දැකලා නැද්ද?……”
වැනි වැනීම මං ගාවට හේමාල් මගෙන් එහෙම ඇහුවා.ඉවසගන්න බැරි තරම් මත්පැන් ගදක් හේමාල් ගාවින් ආවේ.මං අහක බලාගෙන නහය වහ ගත්තා.
“ත….තමුසෙ අර මනෝජ්ට මො…. මොනවද කි….කිව්වේ…..”
එහෙනම් අර මිනිහගෙ නම මනෝජ් වෙන්න ඇති.ඌ මං කියපු සේරම හේමාල්ට කියන්න ඇති.මට බය හිතුණා.
“ම….මං මොකුත් කි…කිව්වෙ නෑ හේමාල්……”😫
“බො….රු කියන්න එපා යකෝ……”😡
එහෙම කියපු හේමාල් මගෙ කොන්ඩෙන් ඇදලා අල්ල ගත්තා.මට හොදටම බය හිතුණා.බයටම කෑ ගැස්සුනා.😭
“අනේ හේමාල් මගෙ කොන්ඩෙ අතාරින්න.ආව්…..අනේ රිදෙනවා.😭😭අම්මේ……”😭😢
මං කෑ ගහපු නිසාද මන්දා හේමාල් මගෙ කොන්ඩෙ අතෑරලා මාව තල්ලු කරා.බීලා හිටපු නිසාද මන්දා මට තරම් හේමාල්ට ශක්තියක් තිබ්බෙ නැහැ.මං කෑ ගහපු සද්දෙට හේමාල්ගෙ අම්මා කාමරේට දුවගෙන ආවා.
“මොකද මේ සද්දෙ.ඇයි කෑ ගහන්නේ?…..”
හේමාල්ගෙ අම්මා දකින්න ඇති මගෙ ඇස් වල තිබුනු කදුලු.😢😢
“හේමාල් මොකද තමුංට වෙලා තියෙන්නේ?බීලා බීලා මෙලෝ සිහියක් නැතුව මේ ළමයට ගහන්නේ.මං එකක් කියන්නම් තමුංට.මේ ළමයා උඹේ කසාද ගෑනි වුනාට උඹෙන් ගුටි කන්න නෙවෙයි මේ ගෙදර ඉන්නෙ……”🤬
හේමාල්ගෙ අම්මා හේමාල්ට හොදටම බැන්නා.මට බය හිතුණා ඒකටත් මට හේමාල්ගෙන් බැනුම් අහන්න වෙයි කියලා.
“දැන් මොකුත් කියලා වැඩක් නෑනෙ අම්මෙ.බීලා ඉන්න මනුස්සයෙකුට මෙලෝ සිහියක් නෑනෙ.අම්මා තවත් හේමාල්ට බැන්නොත් ඒකටත් මට ගුටි කන්නයි වෙන්නෙ.අපි හෙට උදෙට කතා කරමු අම්මෙ…….”😥
එහෙම කියලා මං හේමාල්ගෙ අම්මව කාමරෙන් යවා ගත්තා.බීලා කියෝ කියෝ හිටපු හේමාල් ඇදට වැටිලා හොදටම නිදා �ගත්තා.😴😴
කසාද බැදලා මාස දෙකක් ගෙවිලා ගියත් හේමාල්ගෙන් මට එල්ල වෙන හිරිහැර තාඩන පීඩන අඩු වුනේ නැහැ. වෙලාවකට මට හිතුණා ජීවිතේ නැති කර ගන්න.ඒ තරමටම මට හේමාල් මේ කසාද ජීවිතේ තිත්ත කරවලයි තිබ්බේ.
මොන දේ වෙනස් වුනත් හේමාල් නම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියලා මට හිතුණා.හේමාල්ගෙන් ගුටි නොකාපු බැනුම් අහපු නැති දවසක් නැති තරම්. මගෙ නම ප්‍රීති වුනාට මගේ ජීවිතේ කිසිම ප්‍රීතියක් තිබුනෙ නෑ.කසාද ජීවිතේ මට අමු සොහොනක් වෙලයි තිබ්බේ. මනුස්සයෙකුට මේ තරම් දරුණු,නපුරු හිතක් කොහොමද උරුම වුනේ කියලා මට හැම වෙලේම හිතුණා.
“අක්කේ ඔයා වැඩක්ද?……”
එහෙම අසමින් හේමාල්ගෙ නංගි මං ගාවට ආවා.
“නෑ නංගී.ඇයි?……”
“හවස අපි පන්සල් යමුද?ඔයා පන්සල් ගිහින් ඇතිනෙ?……”
“අනේ ඔව් නංගි.අපේ අම්මා බුද්ධාගමෙනෙ.මං පන්සල් ගිහින් තියනවා.අපි යමු හවස……”
කතා කර ගත්තු විදියට හේමාල්ගෙ නංගියි මායි හවස පන්සල් යන්න ලෑස්ති වුනා.යන්න හදනකොටම හේමාල් ගෙදර ආවා.
“ප්‍රීති…..තමුසෙ කොහෙද යන්න හදන්නෙ?……”😡
“නංගි පන්සල් යන්න කතා කරා හේමාල්. මේ යන්න හදන්නේ……”
“මං තමුසෙට කිව්වා නේද මගෙන් අහන්නෙ නැතුව මේ ගෙදරින් එලියට එක අඩියක් වත් තියෙන්න එපා කියලා…..”🤬
“ඒක මහ පුදුම කතාවක්නෙ හේමාල්.මං මේ හිරකාරියක් නෙවෙයි.ඔයාට පිස්සුද? මං යන්නෙ පන්සල්.එහෙ යන්නත් ඔයාගෙන් විශේෂ අවසරයක් ගන්න ඕනිද?……”😡😡
හිතට දැනුනු දැඩි කෝපයත් එක්කම මං හේමාල්ගෙන් එහෙම ඇහුවා.මේ තරම් දුක් කරදර විදගෙනත් මට බෑ හැමදේටම කට පියාගෙන ඉන්න.සද්දෙ නැතුව ඉන්න ඉන්න තව මොනවා සිද්ද වෙයිද දන්නෙ නැහැ.
“අක්කෙ හරි.දැන් යමු……”
එහෙම කියාගෙනම හේමාල්ගෙ නංගි මං ලගට ආවා.මං හේමාල්ව ගනං ගන්නෙ නැතුව නංගිත් එක්ක වාහනේට නැග්ගා. මං දැක්කා හේමාල්ගෙ මුහුණ කේන්තියෙන් පිරිලා තියනවා.
පන්සලට ඇවිත් මායි හිමාලි නංගියි මල් පූජා කරලා පහන් පත්තු කරා.පන්සලට ආවට පස්සෙ දැනුනේ කියා ගන්න බැරි තරම් සැහැල්ලුවක්.ගෙදර ඉන්නේ මං හිරකාරියක් වගේ.හිර ගෙදරින් මිදිලා ආවා වගේ කියලා හිතුණා.පැය දෙක තුනක්ම පන්සලේ ඉදලා අපි ආපහු ගෙදර එද්දී රෑ අටහමාර විතර වුනා.
“ප්‍රීති…..මොකද මෙච්චර පරක්කු වුනේ?……”
“පන්සල් ගියේ.වෙලාව යනවා දැනුනෙ නෑ……”
කැත්තට පොල්ල වගේ මාත් හේමාල් එක්ක එකට එකම කිව්වා.
“මීට පස්සෙ මට නොකියා කොහේ හරි ගියොත් උඹව හම ගහනවා දැනගනිං……”😡
“මං එක සැරේකුත් කිව්වා හේමාල්.මං හිරකාරියක් නෙවෙයි.ඇයි මට මෙහෙම සලකන්නේ?…..”😡😭
මට ඇඩෙන්න ආවා.ආසාවට එකම එක වතාවක් හේමාල් මට ආදරෙ කතා කරලා නැහැ.මේක නම් මං ගිය ආත්මෙක කරපු පවක් කියලා මට හිතුණා.සැමියෙකුගෙන් තමන්ගෙ බිරිදට ලැබෙන්න ඕනි ආදරේ රැකවරණය ආරක්ෂාව කිසිම දෙයක් මට හේමාල්ගෙන් ලැබුනේ නැහැ.එයාගෙ ඕනෑ එපාකම් ආසාවල් ඉශ්ට කරගන්න විතරයි මාව ඕන වුනේ.මීට වඩා සැපයි මැරිලා ගියා නම් කියලා මට දහස් වතාවක් විතර හිතිලා ඇති.
“උඹ මගේ ජීවිතේ කෑවා ප්‍රීති.මට උඹව පේන්න බෑ.උඹ සතුටු වෙන හැම දෙයක්ම මං උඹෙන් උදුර ගන්නවා…..”🤬🤬