බස්නාහිර පළාතේ ඇඳරි නීතිය පැනවූ අවස්ථාවේ ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර තිබේ.
රූගත කිරීම් කටයුතු සඳහා 14දෙනෙකුගෙන් යුත් පිරිසක් ගොස් ඇති අතර ඔවුන් සියලුදෙනාම නිරෝධනයට ලක් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඔවුන් මෙසේ නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුනට කොරෝනා පරීක්ෂණ ද සිදු කර ඇති බව වාර්තා වේ.
මෙසේ නිරෝධනයට ලක් කළ පිරිස අතර ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාද සිටින බව ආරංචි මාර්ග කියයි.