වංශනායක ඇමතිතුමා ගහපු කම්මුල් පාරට හේමාල්ව කැරකිලා ගිහින් පුටු සෙටිය උඩට වැටුනා.
“ඩැඩී….ඇයි ඩැඩී ඔයා මේ කොහෙවත් යන කෙල්ලෙක් හින්දා මට අත ඉස්සුවේ……”
ඒ කම්මුල් පාර කාගෙනම හේමාල් වංශනායක ඇමතිගෙන් එහෙම ඇහුවා. හැබැයි ඒ අහපු කතාවට අප්පච්චිට නම් කේන්ති ගියා.හේමාල්ට බනින්න වෙන්න ඇති අප්පච්චී කට අරින්න හදනකොටම ඇමතිතුමා හේමාල්ට බැන්නා.
“වැරැද්ද උඹම කරලා එන්න එපා හේමාල් මාත් එක්ක කට ගහගෙන.උඹ අපේ පව්ලෙ නම්බුව කෑවා.දැන් කරන්න තියෙන්නේ එක දෙයයි උඹ මේ කෙල්ලව කසාද බදින්න ඕනි……”
මාව කසාද බදින්න කියලා ඇමතිතුමා හේමාල්ට කියද්දී හේමාල් බය වුනා.මං දන්නවා හේමාල් මට ආදරේ කරේ බොරුවට.හේමාල්ව මට කසාද බදින්න සිද්ද වුනොත් ඉදිරි ජීවිත කාලෙත් මට ගෙවන්න සිද්ද වෙන්නේ දුකින් තමයි.
“ඩැඩී…..තව පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්නකෝ.මං කොහොමද මේ තර්ට්ක්ලාස් කෙල්ලව මැරි කරන්නේ……”
හේමාල් කියපු ඒ කතාවට මටත් කේන්ති ගියා.මේ දේවල් හේමාල්ට හිතන්න තිබ්බේ මීට කලින්.
“ඇයි උඹට මේ කෙල්ලත් එක්ක බුදිය ගන්නකොට මතක් වුනේ මේකි තර්ට්ක්ලාස් කියලා.උඹට ඒ දේවල් හිතන්න තිබ්බේ මීට කලින් හේමාල්…..”🤬🤬
“චී….පුතා අපි හිතුවෙ නෑ ඔයා මෙහෙම දෙයක් කරයි කියලා.ඔයාටත් නංගි කෙනෙක් ඉන්නවා නේද?ඇයි මේ විදියට තවත් ගෑනු ළමේක්ගෙ ජීවිතේට දුක් දුන්නේ.අපෙයි වැරැද්ද ඔයා පුංචි කාලෙ ඉදන් ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම අරන් දීලා ඔයාව නරක් කරා……”
හේමාල්ගෙ අම්මත් හේමාල් කරපු දේවල් ගැන පසුතැවුනා.මෙච්චර වෙලා නිහඬව හිටපු අප්පච්චිත් කතා කරා.
“ඇමතිතුමා,පුලුවන් තරම් ඉක්මනට මගේ දුවගෙයි ඇමතිතුමාගෙ පුතාගෙයි කසාදෙ කරන්න.මගෙ දුවට සාදාරණයක් ඉශ්ට වෙනවා දකින්නයි මට ඕනි……”
“ඒකට බය වෙන්න මිස්ට විශාල්.ඔයාගෙ දුවගෙයි මගෙ පුතාගෙයි කසාදෙ මේ මාසෙ ඇතුළට සිද්ද වෙනවා……”
“තැන්ක්‍යූ ඇමතිතුමා මගෙ දුවට සාදාරණයක් ඉශ්ට කරාට.අපි එහෙනම් ගිහින් එන්නම්……”🙏🙏
“හොදයි.ගිහින් එන්න……”🙏🙏
අපි ගෙදර එනකොට ගොඩාක් හවස් වුනා.බාතෲම් එකට ගිහින් හොදට නා ගත්තු මං රෑට කෑම කාලා කාමරේට ගිහින් රිතූට කෝල් එකක් ගත්‍තා.
“හෙලෝ රිතූ…..මං ප්‍රීති…….”📲
“ප්‍රීති….මං ඔයාට ගන්න හැදුවෙ රෑ වෙලා. මොකද වුනේ දවල්?හේමාල්ගෙ ගෙදරින් මොකුත් ප්‍රශ්නයක් වුනාද?……”📲
“නෑ රිතූ.හේමාල් නපුරු කෙනෙක් වුනාට එයාගෙ ඇමතිතුමයි එයාගෙ නෝනයි හරිම හොදයි……”📲
සිද්ධ වුනු හැම දෙයක්ම මං රිතූට කිව්වා. මේ ප්‍රශ්නෙ අම්මටයි,තාත්තටයි කියන්න රිතූ මට ගොඩාක් උදව් කරා.
“මං කිව්වෙ ප්‍රීති.හේමාල්ගෙ අම්මයි තාත්තයි ඔයාට අසාදාරණයක් කරන්නෙ නෑ කියලා.හේමාල් මොකද කියන්නෙ?……”📲
“මට බය ඒ ගැන තමයි ප්‍රීති.හේමාල් කවදාවත් මට සතුටින් ඉන්න දෙන එකක් නෑ.මට ඒ ජීවිතේ අපායක් වෙයි කියලා හිතෙනවා රිතූ…….”📲
“උඹ දැන් වුනත් සතුටින් නෙවෙයිනෙ බං ඉන්නෙ.ඒත් උඹට ටික කාලයක් ඉවසන්න වෙනවා ප්‍රීති.මට නම් හිතෙන්නෙ කාලයක් යද්දී හේමාල් වෙනස් වෙයි.උඹට පුලුවන් හේමාල්ව හදාගන්න……”📲
“අනේ මන්දා රිතූ.එන හැටියකට මුහුණ දෙනවා.කවදා හරි මටත් සතුටින් ඉන්න පුලුවන් දවසක් එයිනෙ.මං තියන්නම් රිතූ.ගුඩ් නයිට්.බුදු සරණයි……”📲🙏
“ගුඩ් නයිට්.බුදු සරණයි……”📲🙏
🌥️⛅🌤️
“දුක් වෙන්න එපා දුවේ.හැම දෙයක්ම හොදින් විසදෙයි.මේවා අපි පතාගෙන ආපු හැටිනෙ.හැම දේම සිද්ධ වෙන්නෙ දෛවයේ හැටියටනෙ……”
වෙච්චි දේවල් ගැන මං දුකින් ඇති කියලා හිතපු අම්මා මගේ හිත හදන්න උත්සහ කරා.ඒත් මට බය හිතුණේ හේමාල් එක්ක ගත කරන ඉදිරි ජීවිතේ ගැනයි.
“මට බයයි අම්මා.හේමාල් මට මොන විදියකට සලකයිද දන්නෙ නෑ.එයා මාත් එක්ක ඉන්නෙ තරහින්……”😥
“තරහ වෙන්න ඕනි එයා නෙවෙයි ඔයයි. ඔයා බය වෙන්න එපා දුවේ.හේමාල්ගෙ අම්මයි තාත්තයි ඔයාට උදව් කරයි.ඒ දෙන්නා ඔයාගෙ පැත්තෙනේ.හිතට ධෛර්යය ගන්න……”
තව ගොඩාක් දේවල් කියලා මගෙ හිත හදපු අම්මා කාමරෙන් ගියා.ඉස්සර මං ජීවත් වුනේ මොනතරම් සතුටින්ද?ඒත් මගේ ජීවිතේ සතුට හේමාල් සම්පූර්ණයෙන්ම උදුර ගත්තා කියලා මට හිතුණා.ෆෝන් එක රින්ග් වෙන සද්දෙට මං බැලුවා කව්ද කතා කරන්නෙ කියලා. හේමාල් කතා කරන්නේ.මට බනින්න තර්ජනේ කරන්න වෙන්න ඇති.හැම වැරැද්දක්ම එයා කරලා මං මොකටද බැනුම් අහන්නේ.මේ හැම දෙයක්ම සිද්ද වුනේ එයාගෙ වරදින්නේ.
“හෙලෝ……”📲
“ආ මැඩම්…..කොහොමද ඉතිං?හොදින් ඉන්නවද?……”📲
“නෑ.ඇයි අහන්නේ?…….”📲
“ඩැඩීට කේලම් කියලා මට ගස්සවලා තමුං හරි සන්තෝශෙන් නේද ඇත්‍තේ. මාව කසාද බැදලා සතුටින් ජීවත් වෙන්න තමුං හීන දකිනවනම් ඒවා හීන විතරමයි.මං මුලු ජීවිත කාලෙටම තමුංගෙන් පලි ගන්නවා……”📲🤬
මං හිතුවා හරියටම හරි.මට කවදාවත් හේමාල්ව කසාද බැදලා සතුටින් ජීවත් වෙලා ඉන්න ලැබෙන්නෙ නැහැ.ඒත් හේමාල් කියපු දේවල් වලට බය වුන බවක් මං පෙන්නුවේ නෑ.
“මේ හැම දෙයක්ම වුනේ තමුංගෙ වරදින් හේමාල්.මගෙ ජීවිතෙන් පලි ගන්න තමුසෙට තවත් දෙයක් ඉතුරු වෙලා නැහැ.මට එක දෙයයි තාම තේරුම් ගන්න බැරි……”📲
“ඒ මොකක්ද තමුසෙට තේරුම් ගන්න බැරි?……”📲
“අච්චර වැදගත් ගුණ යහපත් අම්මෙකුගෙයි තාත්‍තා කෙනෙකුගෙයි එකම පුතා මේ තරම් අවලං පහත් තිරිසනෙක් වුනේ කොහොමද කියලා…….”📲
“ප්‍රීතී……උඹ දන්නවද කාටද ඔය කතා කරන්නෙ කියලා.තව ටික දවසයිනෙ උඹ ඔහොම ඉන්නෙ.ඊට පස්සෙ මං උඹට පෙන්නන්නම්කො මගෙ හැටි.උඹට මුලු ජීවිත කාලෙටම අඩන්නයි වෙන්නේ……”📲🤬
තව දුරටත් හේමාල් කියන හිතක් පපුවක් නැති කතා අහගෙන ඉන්න බැරි නිසා මං ෆෝන් එක කට් කරා.
මට කවදාවත් හේමාල්ව වෙනස් කරගන්න බැරි වෙයිද?දෙයියනේ මනුස්සයෙකුට පුලුවන්ද මේ තරම් දරුණු වෙන්න?හේමාල්ට හිතක් පපුවක් කියලා දෙයක් නැද්ද?😢😢
“ප්‍රීතී……දුවේ…….”
“ඇයි අම්මේ……”
“දුව….වංශනායක ඇමතිතුමා අප්පච්චිට දවල් කෝල් කරලා.කසාදෙට දින හරිලු. එයාලා නැකත් එහෙම බලලා.අපි කතෝලික වුනාට එයාලා බුද්ධාගමේනෙ. ඒ හැටියට චාරිත්‍ර ටික කරමු.වැඩි දවසක් නෑ.ලබන සතියෙ සදුදා.තව දවස් පහයි……”
“එතකොට අම්මේ වෙඩින් එක ගන්නෙ කොහෙද?නෑදෑයො මහ ගොඩකට ඉන්වයිට් කරලා ලොකුවට උත්සවයක් ගන්න මගෙ හීනයක් නෑ අම්මා……”
“ඔව් පුතේ.අප්පච්චිත් වංශනායක ඇමතිතුමාට ඒ ගැන කියලා.ලගම නෑදෑයො කිහිප දෙනෙක්ට විතරක් ඉන්වයිට් කරලා හිල්ටන් එකේ පොඩියට වෙඩින් එක ගම්මු කියලා වංශනායක ඇමතිතුමාත් කියලා තියෙන්නේ……”
💐💐💐💐💐
දවසින් දවස ගෙවිලා ගිහින් හේමාල්ගෙයි මගෙයි කසාදෙ දවසත් උදා වුනා.අපේ වෙඩින් එකේ දෙවෙනි මනාලයෝ මනාලියෝ කවුරුවත් හිටියේ නැහැ.හිල්ටන් එකේ තමයි වෙඩින් එක ගත්තේ.මගේ පැත්තෙන් සාක්කියට අත්සන් කරේ මගේ පාසලේ විදුහල්පතිතුමා වන සරත් පෙරේරා මහතායි.හේමාල්ගේ පාර්ශවයෙන් සාක්ශියට අත්සන් කරේ අමාත්‍ය නාරද ගුණවර්ධන ඇමතිතුමායි.ලගම නෑදෑයෝ කිහිප දෙනෙක්ට ඇරෙන්න වැඩි පිරිසකට විවාහය සදහා ආරාධනා කරේ නැහැ.එක දවසින්ම කසාදෙ හැම වැඩක්ම අවසන් කරා.කසාදයට පැමිණ සිටි අමුත්තන් ඉදිරිපිටදී නම් හේමාල් ගොඩාක් ලස්සනට රගපෑවා.ඒ හැමෝම හිතුවේ අපි දෙන්නා ගොඩාක් ආදරෙන් ඉන්න ජෝඩුවක් කියලා.ඒත් ඇත්ත දන්නේ මමනෙ.
කසාදෙන් පස්සේ මායි හේමාලුයි පදිංචි වුනේ හේමාල්ගේ දෙමව්පියෝ එක්ක ඒ ගෙදරමයි.ඒක මට ලොකු සහනයක් වුනා.
“දුවේ අද ඉදන් ඔයා පව්ලේ ලේලි.පිට තැනක් කියලා හිතන්න එපා.මේක ඔයාගෙම ගෙදර කියලා හිතන්න……”
මාවයි හේමාල්වයි පිලි අරගෙන හේමාල්ගෙ අම්මා එහෙම කිව්වා.මං හේමාල්ගෙ අම්මටයි තාත්තටයි දණ ගහලා වැන්දා.🙏🙏
හේමාලුයි මමයි ඉන්න කාමරේ තිබුනේ උඩ තට්ටුවේ.කාමරේට ගිහින් ඇදුම් බෑග් එක පැත්තකින් තියලා ඇදෙන් වාඩිවුනා.
ටික වෙලාවකට පස්සේ නිවසේ මෙහෙකාරිය ඇවිත් කෑම කන්න එන්න කිව්වා.ඒ වෙලාවෙ හේමාල් හිටියේ බාතෲම් එකේ.මට දැනුනේ දැඩි හිස් බවක්.අද ඉදන් අලුත් ජීවිතයක්.අලුත් පවුලක්.ඒ පව්ල ඇතුලේ මට මොන වගේ තැනක් උදා වෙයිද කියලා මට හිතා ගන්න බැරි වුනා.
“මොනවද තමුං කල්පනා කරන්නේ?……”
හේමාල් ලගට ඇවිල්ලා කතා කරනකම් මං දැක්කේ නැහැ.මාව එකපාරටම ගැස්සුනා.මං හිටියේ ලොකු කල්පනාවක.
“මොකුත් නෑ හේමාල්.යමු කෑම කන්න. ඔයාට බඩගිනි ඇතිනේ……”
“මට ඇති බඩගින්නක් නෑ.තමුසෙ ඕනි නම් ගිහින් කනවා……”
හේමාල් මට එහෙම කිව්වත් මට විතරක් ගිහින් තනියම කන්න බැරි නිසා මං කෑවෙ නෑ.
හවස් වෙලා හේමාල්ගෙ යාලුවො දෙන්නෙක් ගෙදර ආවා.හේමාල් බනියි කියලා හිතලා මං ඉස්සරහට ගියේ නැහැ.
“මගෙ යාලුවො දෙන්නෙක් ඇවිත් ඉන්නවා.තමුසෙ එහෙම එන්න එපා. උවමනාවක් වුනොත් විතරක් මං කතා කරන්නම් එතකොට එනවා……”
එහෙම කියලා හේමාල් පල්ලෙහාට ගියා. මං විතරක් කාමරේ තනි වුනා.මට මගේ ජීවිතේ ගැන කියා ගන්න බැරි තරම් කලකිරීමක් දැනුනා.කසාද බැන්ද අලුත දෙන්නෙකුට මොන තරම් දේවල් තියනවද කතා කරන්න.ඒත් හේමාල් මට එක වචනයක්වත් ආදරෙන් කතා කරලා නැහැ.කාත් කවුරුවත් නැති ලෝකෙක මං තනි වෙලා කියලා මට දැනුනා.මීට පස්සේ කවදාවත් හේමාල් නිසා මං අඩන්නේ නෑ කියලා හිතුවත් මටත් නොදැනීම මගේ ඇස් වලින් කදුලු ගලාගෙන ගියා.
“අක්කෙ ඔයා අඩනවා නේද?……”
එහෙම අහගෙන හේමාල්ගේ නංගී මගේ ලගට ආවා.මං කදුලු පිහදාගත්තා.
“න්….නෑ…නංගී මං මේ…….”
“මං දන්නවා අක්කේ ඔයා ඉන්නේ ගොඩාක් දුකින් කියලා.අපෙ අයියා ගැන මට නම් පුදුම කේන්තියක් තියෙන්නේ. ඇයි ඔයා දවල්ට කෑවෙ නැත්තේ?……”
“හේමාලුත් කෑවෙ නැති හින්දා මටත් කන්න බෑ කියලා හිතුණා නංගී……”
“විකාර නැතුව මෙන්න මෙහෙ එන්න අක්කේ.අයියා එයාගෙ යාලුවො දෙන්නත් එක්ක අරෙහෙ හොදට කාලා බීලා ජොලි කරනවා.ඔයා මෙතන බඩගින්නෙ ඉන්නවා…….”
හිමාලි නංගි මාව බලෙන්ම කුස්සියට ඇදගෙන ගිහින් බත් පිගානක්ම බෙදලා දුන්නා.
“ඔක්කොම කන්න අක්කෙ.නිකන් බොරුවට නොකා ඉන්න එපා……”
ඒ වගේ පුංචි තරවටුවකුත් කරලා හිමාලි නංගි කුස්සියෙන් ගියා.බත් එක කාලා පිගාන හෝදලා රාක්කෙන් තියලා ආපහු එන්න හදනකොටම කුස්සියෙ දොර පැත්තෙන් කවුරු හරි ආවා.
“එක්ස්කියුස් මී මට වීදුරුවක් දෙන්න පුලුවන්ද?…….”
ඒ කෙනා කව්ද කියලා බලන්න මං පිටි පස්ස හැරුණා.දෙයියනේ😱😱.ඒ කෙනාව දැකලා මං වගේම මාවත් දැකලා ඒ කෙනා ගැස්සුනා.මට වැරදුනේ නෑ.මේ එයාම තමයි.
ඊලග කොටසින් නැවත හමුවෙමු යාලුවනේ