ඇගේ දෛවය❤️🌹
🎀”ප්‍රීතී….මොනවද පුතේ ඔය හැටි කල්පනා කරන්නේ.රිතූගෙ බර්ත්ඩේ එකට ගිහින් ආපු වෙලේ ඉදන් ඔයා හරිම අමුතුයි……”

එසේ කියාගෙන අම්මා පැමිණ මා අසළ ඉද ගත්තාය.

“ම්….මොකුත් නෑ අම්මා.ඔලුව ටිකක් රිදෙනවා…..”

“ටිකක් හාන්සි වෙලා ඉන්න.එතකොට හරි යයි……”

අම්මා මගේ ඔලුව අතගාලා එතනින් ගියා.මගෙ ඇස් දෙකම කදුලු වලින් තෙමිලා ගියා.කියාගන්න බැරි තරම් අසරණකමක් මට දැනුනේ.😫කවදා වෙනකන් මේ දේවල් මෙහෙම හංගගෙන ඉන්නද කියලා හිතුණා.අම්මා ඇවිත් සැරින් සැරේ මගෙ හිසට අත තියලා උණද කියලා බලලා ගියා.😭දෙයියනේ මං කොහොමද අම්මට කටක් ඇරලා කියන්නේ හේමාල් මගේ ජීවිතේ විනාශ කරා කියලා.😭😭පණ වගේ ආරක්ෂා කරන තමන්ගෙ දුවට ඒ වගේ අපරාධයක් වුනා කියලා අම්මා දැනගත්තොත් ඒක ඒ හිතට දරා ගන්න බැරි වෙයි.

“ප්‍රීතී…..දූ අන්න රිතූ දුව ඇවිල්ලා ඉන්නවා.එන්න පල්ලෙහාට.තාමත් ඔලුව රිදෙනවද?……”

අම්මා ඇවිත් එහෙම කියද්දී මං ඉක්මනට කදුලු පිහදාගෙන ඇදෙන් නැගිට්ටා.දෙයියනේ රිතූ ඇවිත් ඉන්නේ මොනවහරි දැනගෙනද?මගෙ හිත බියෙන් වෙව්ලලා ගියා.ඒත් මං ඒ බව අම්මට නොපෙන්වා ඉක්මනට පල්ලෙහාට ගියා.

“ආ ප්‍රීති මං මේ අපේ ආන්ටිලාගෙ ගෙදරට යන ගමන් නිකන් හිතුණා ඔයාවත් බලලා යන්න……”

“වාඩි වෙන්න රිතූ.අපි මොනව හරි බීලා ඉමු…..”

“එපා ප්‍රීති මං එන ගමන් බීලා ආවෙ. ආන්ටි මං අපේ සන්ද්‍යා ආන්ටිලාගෙ දිහා යනවා.ඉක්මනට එනවනේ ඒ හින්දා ප්‍රීතිවත් එක්කන් යන්නද?……”

රිතූ අපෙ අම්මගෙන් එහෙම ඇහුවා.

“හා කමක් නෑ රිතූ දුව.මෙයත් මේ කම්මැලිකමේනෙ ඉන්නෙ.දෙන්නත් එක්ක ගිහින් එන්න……”

“තැන්ක්‍යූ ආන්ටි……”

අම්මා හා කියපු හින්දා මං ඉක්මනට වෙන ඇදුමක් ඇදගෙන රිතූගෙ කාර් එකට ගොඩ වුනා.මගේ හිත කිව්වෙම රිතූට උවමනාව තියෙන්නේ මාව එයාගෙ ආන්ටිගේ ගෙදර එක්කන් යන්න නෙවෙයි කියලයි.

“මට ඇත්ත කියන්න ප්‍රීති මොකද ඊයෙ වුනේ?ඇයි ඔයා පාර්ටි එකට නොකා නොබීම ආපහු ගියේ.මට කිව්වෙත් නෑ යනවා කියලා……”

පාරෙ අයිනක කාර් එක නතර කරලා රිතූ මගෙන් එහෙම ඇහුවා.මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බැරි වුනා.😥මගෙ ඇස් දෙකට කදුලු පිරුනා.ඒ බව රිතූ දකින්න ඇති.මට රිතූගෙන් ඒ බව හංගන්න ඕනි වුනේ නැහැ.අඩන්නෙ නෑ කියලා හිතුවත් මට ඉකි ගැහුනා.රිතූ මං දිහා බලන් හිටියේ පුදුම වෙලා වගේ.

“ප්‍රීතී….ඔයාට මොකද වුනේ?ඇයි මේ අඩන්නේ.මට කියන්න……”

මං රිතූව බදාගෙන හොදටම ඇඩුවා.😭රිතූ මාව සනසන්න උත්සහ කරා.ඒත් මගේ කදුලු නතර වුනේ නැහැ.😥😭

“මට කියන්න ප්‍රීති මොකද සිද්ද වුනේ.මං දැක්කා ඊයෙ හොටෙල් එකට හේමාල් ඇවිත් ඉන්නවා.එයා ඔයාට මොකුත් කිව්වද?……”

තව දුරටත් රිතූගෙන් මොනවා හංගන්නද කියලා මට හිතුණා.මං රිතූගෙ පපුවට තුරුල් වෙලා සිද්ධ වෙච්ච හැම දෙයක්ම කිව්වා.

“මයි ගෝඩ්…..😱😱දෙයියනේ මෙච්චර දෙයක් සිද්ධ වෙලත් මං දන්නෙ නෑනෙ. ප්‍රීති…..මං හිතුවෙ හේමාල් ඔයාට මොනවා හරි කියලා වෙන්න ඇති ඔයා මටත් නොකියා ගියේ කියලා…..”

මට සිද්ද වෙච්චි දේ අහලා රිතූ ගොඩාක් දුක් වුනා.😫

“මට තේරෙන්නෙ නෑ රිතූ මං මොනවා කරන්නද කියලා.මගෙ මුලු ජීවිතේම විනාශ වුනා රිතූ😢වෙලාවකට හිතෙනවා මං මැරිලා ගියා නම් මීට වඩා හොදයි කියලා.😭😭අම්මා මේ ගැන දැන ගත්තොත් පපුව පැලිලා මැරෙයි…..”😭😭

“හේමාල් කියන්නේ හොද මනුස්සයෙක් නෙවෙයි කියලා හැමෝම දන්නවා ප්‍රීති. හේමාල් ඔයාගෙ පස්සෙන් එනවා කියපු මුල් දවසෙම මං ඔයාට කිව්වා උගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා.ඒත් මට නිකමට වගේ හිතුණා මෙහෙම දෙයක් සිද්ද වෙයි කියලා.දැන් ඔයා මොකද කරන්නෙ ප්‍රීති……”

“මට තේරෙන්නෙ නෑ රිතූ.😭මං හරිම අසරණයි.මට මේ දේවල් දරා ගන්න බෑ දෙයියනේ.මට කියන්න රිතූ මං මොකද කරන්න ඕනි?……”😭😭

මං අඩ අඩාම එහෙම ඇහුවම රිතූ ටිකක් වෙලා කල්පනා කරා.පාරෙ යන වාහනේකට පැනලා හරි ජීවිතේ නැති කරගන්න මට හිතුණා.ඒ තරමටම මට ජීවිතේ එපා වෙලයි තිබුනේ.

“මං දෙයක් කියන්න….ඔයා ඒ දේ කරනවද?……”

රිතූ මගෙ අත් දෙකම අල්ලගෙන එහෙම ඇහුවා.

“කියන්න රිතූ මං මොනවද කරන්න ඕනි……”

“ඔයා මේ ගැන ඔයාගෙ අම්මටයි, තාත්තටයි කියන්න ප්‍රීති.මාත් උදව් කරන්නම්.කවදා වෙනකල් ඔයා මේ දේවල් හංගගෙන ඉන්නද?හේමාල් ඔයාට දිගටම කරදර කරන්න පටන් ගත්තොත් එහෙම.උන්ට ගෑනු ළමයින්ගෙ ජීවිත සෙල්ලම් බඩු වගේ……”😡

රිතූ එහෙම කිව්වත් මං කොහොමද දෙයියනේ මේවා අම්මටයි අප්පච්චිටයි කියන්නේ.😫ඒ දෙන්නා මොන තරම් දුක් වෙයිද?වංශනායක ඇමතිලාත් එක්ක හැප්පෙන්න අපිට පුලුවන්ද?😢

“මොනවද කල්පනා කරන්නෙ ප්‍රීති?ඔයා මං කියපු දේ කරන්න.ඌ ඔයාගෙ ජීවිතේ විනාශ කරා වගේම ඔයාගෙ ජීවිතේ ඌ බාරගන්නත් ඕනි.ඔයා කිසිම දේකට බය වෙන්න එපා.මං ඔයත් එක්කම ඉන්නවා. තව කල්දාන්න ඕන්නෑ.යමු දැන් අපි ඔයාලගෙ ගෙදර……”

වාහනේ එහෙම්ම හරවගෙන රිතූ අපේ ගෙදරට ආවා.මං රිතූව නැවැත්තුවේ නැහැ.ඕන දෙයක් වෙච්චාවෙ කියලා සද්දෙ නැතුව හිටියා.ගෙදරට යද්දී අප්පච්චිත් ඇවිත් හිටියා.මායි රිතුයි දෙන්නම ගේ ඇතුළට ගියා.මං හිටියේ හරියට රූකඩයක් වගේ.

“ආ…..ඔය දෙන්නා ආවද?මං හිතුවෙ තව පරක්කු වෙයි කියලා.රිතූ දුව ඔයා කෑම ටිකක් කාලම යන්න……”

අපෙ අම්මා රිතූට එහෙම කිව්වා.රිතූ සාලෙ පුටුවක් උඩින් වාඩි වුනා.

“මට ආන්ටිටයි අංකල්ටයි දෙයක් කියන්න තියනවා.මේ දේ අහලා ඔය දෙන්නා කලබල වෙන්න එපා……”

“මොකක්ද රිතූ දුව ඔයා කියන්න හදන්නේ?මොකක් හරි ප්‍රශ්නයක්ද?……”

අම්මගෙ හඩේ තිබුනේ කලබලකාරී බවක්.ඒත් රිතූ සිද්ධ වෙච්චි හැම දෙයක්ම අම්මටයි අප්පච්චිටයි කිව්වා. ඒක අහලා අම්මා හොදටම කලබල වුනා.

“ප්‍රීති….දෙයියනේ මොනවද දුවේ ඔයා මේ කර ගත්තේ?😠😫කව්ද හේමාල් කියන්නේ.අනේ දෙයියනේ මගෙ අහිංසක කෙල්ල.අපි හැදුවේ මොන තරම් පරිස්සම් කරලද?මොන තරම් ආදරෙන්ද?……”😭😭

අම්මා මාව බදාගෙන සෑහෙන වෙලා ඇඩුවා.අම්මගෙ කදුලු දැකලා මටත් හොදටම ඇඩුනා.😢😥

“දැන් අඩලා වැඩක් නෑනෙ ආන්ටි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඉස්සරහට මොනවද කරන්න පුලුවන් කියලා.මටත් හරිම දුකයි ප්‍රීතිට මේ සිද්ධ වෙච්චි දේ ගැන…..”

“මට කියන්න දුවේ කව්ද හේමාල් කියන්නේ?……”😢

“ආන්ටි….හේමාල් කියන්නේ රවීන්ද්‍ර වංශනායක ඇමතිගේ පුතා…..”

ඒක ඇහුවම අම්මා තවත් හොදටම ඇඩුවා.😭😭අම්මා කෙනෙක් මෙහෙම අඩද්දී මොන දරුවටද ඒක ඉවසන්න පුලුවන්?😢මෙච්චර වෙලා හැම දෙයක්ම නිහඬව අහගෙන හිටපු අප්පච්චී කතා කරා.

“මං ඔහේට කොච්චර කිව්වද වත්සලා දුවව මේ ගමන යවන්න එපා කියලා.ඒත් ඔහේ මං කියපු එක දෙයක්වත් ගනන් ගත්තෙ නැහැ.😡අන්තිමට සිද්ද වුනේ අපි මලක් වගේ හදපු අහිංසක කෙල්ල අර කොහෙවත් යන වනචරයෙකුට බිලි වුන එකයි.🤬මං කට ගෙවෙනකං තමුසෙට කිව්වා ඔය හෝටල් වල රෑ තියන ඔය වගේ පාර්ටි වලට මේ ගෑනු ලමයින්ව තනියම යවන්න හොද නෑ කියලා.🤬දැන් බලනවා සිද්ද වෙලා තියන දේ……”🤬🤬

අප්පච්චී අම්මට හොදටම දොස් කියලා බැන්නා.අම්මා අප්පච්චිට මොකුත් කිව්වෙ නැහැ.ඒ හැම දෙයක්ම අහගෙන අම්මා හොදටම ඇඩුවා.අඩලා අඩලම මගෙ ඇස් වල කදුලු වේලිලයි තිබුනෙ.

“අනේ දැන් අපි මොකද කරන්නෙ විශාල්……”😥

අම්මා අප්පච්චිගෙන් එහෙම ඇහුවා.

“දැන්ද තමුං මගෙන් අහන්නෙ මොකද කරන්න ඕනි කියලා.මං කියපු දේ අහලා මේ කෙල්ලව ඔය පාර්ටි එකට යවන්නෙ නැතුව හිටියනං අද මේ අහිංසකීට මේ අපරාදෙ වෙන්නෙ නෑ……”🤬🤬

“අප්පච්චී ඔයාලා මං හින්දා අඩන්න එපා. මං කොහේ හරි යන්නං.මං මෙහෙ ඉදලා ඔයාලට ලැජ්ජ කරන්නෙ නෑ……”😢😢

මං අප්පච්චිට එහෙම කිව්වා.

“මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඉන්නවා ප්‍රීති.ලෑස්ති වෙනවා දැන් ගමනක් යන්න. තමුනුත් ලෑස්ති වෙනවා වත්සලා……”🤬🤬

ඒ කොහෙද කියලා කිව්වෙ නැතත් මට හිතුණා අප්පච්චී ඒ යන්න හදන්නේ රවීන්ද්‍ර වංශනායක ඇමතිගේ ගෙදරට කියලා.

“අප්පච්චී කොහෙද යන්න හදන්නේ.අනේ හේමාල්ගෙ ගෙදරට නම් යන්න බැහැ. මට බයයි අප්පච්චී……”😭😭

“මේ ප්‍රීති…..කෑ ගහන්නැතුව ගිහිල්ලා දෙන්නත් එක්ක ගිහින් නගිනවා වාහනේට.ඔය ළමයා දැන් ගෙදර යන්න……”

අප්පච්චී රිතූට එහෙම කිව්වා.ඊට පස්සේ රිතූ මටත් කියලා ගෙදර ගියා.මායි අම්මයි ගිහින් කාරෙකට නැග්ගා. කාරෙකේ යනකල් අප්පච්චී එන්ස් වචනයක්වත් කතා කරේ නැහැ.පැය එකහමාරකට විතර පස්සේ අප්පච්චී කාරෙක රවීන්ද්‍ර වංශනායක ඇමතිගේ නිවස අසලින් නතර කරා.වාහනේ හෝන් හඩට සිකිරියුටි කෙනෙක් ඇවිත් ගේට් එක ඇරියා.

“මහත්තයලා කාව හම්බෙන්නද?……”

“ඇමතිතුමා ගෙදර ඉන්නවද?…..”

අප්පච්චී ඒ සිකිරියුටිගෙන් ඇහුවා.

“ඔව් සර්.ඇමතිතුමා දැන් ආවෙ.සර්ලා කව්ද?ඇමතිතුමා දන්නවද සර්ලා එනවා කියලා……”

“නෑ අපි හදිස්සියෙන්ම ආවේ.මං ඇමතිතුමාව හොදට අදුරනවා……”

ඇමතිතුමාව අදුරනවා කිව්වම ඒ සිකිරියුටි වාහනේ ඇතුළට ගන්න දුන්නා. කාර් එක පැත්තකින් නවත්තලා අප්පච්චියි අම්මයි මායි ගේ ලගටම ගියා. මගේ පපුව ඩග් ඩග් ගෑවා.දෙයියනේ අපි කියන දේවල් ඇමතිතුමායි එයාගෙ නෝනයි විශ්වාස කරයිද?😫

“ඇමතිතුමාව හම්බෙන්නද ආවෙ?……”

ගේ ඇතුලෙ ඉදන් ආපු ගෑනු කෙනෙක් බොහොම කරුණාවෙන් අප්පච්චිගෙන් එහෙම ඇහුවා.දැක්ක ගමන්ම මට තේරුනා ඒ හේමාල්ගෙ අම්මා කියලා.

“ඔව් මැඩම්.ඇමතිතුමා ගෙදර ඉන්නවද?……”

“ඔව් ඉන්නවා.ඔයාලා ඇවිත් ඇතුලෙන් වාඩි වෙන්නකෝ.මං ඇමතිතුමාට කතා කරන්නම්…….”

ඊට පස්සේ මායි අප්පච්චියි අම්මයි ගිහින් ගේ ඇතුලෙන් වාඩි වුනා.මං වටපිට බැලුවා.මාලිගාවක් වගේ තට්ටු තුනේ ගෙයක්.පුදුම ලස්සනක් තිබ්බේ. ටික වෙලාවකින් රවීන්ද්‍ර වංශනායක ඇමතිතුමා ඇවිත් අපි ඉස්සර පුටුවෙන් වාඩි වුනා.ඇමතිතුමාගෙ නෝනත් ලගින් වාඩිවුනා.

“ඔයාලා කව්ද?මං මීට කලින් දැකලා නම් නෑ……”

“ඇමතිතුමා මං විශාල්.මේ මගෙ නෝනා වත්සලා.මේ මගේ දුව ප්‍රීතිකා……”

“රාජකාරී වැඩක් නම් මගෙ ඔෆිස් එකට එන්න තිබ්බේ……”

ඇමතිතුමා ඉතාම සුහදශීලීව එහෙම කිව්වා.

“ඩැඩී…මං පොඩ්ඩකට එලියට යනවා……”

එහෙම කියාගෙන හේමාල් අපි ඉන්න පැත්තට ආවා.මාව දැක්කා විතරයි හේමාල් ගැස්සුනා.බයත් වුනා.

“ඩැ….ඩැඩී මේ කව්ද?……”

දන්නෙ නෑ වගේ හේමාල් එහෙම අහනවත් එක්කම අප්පච්චී පුටුවෙන් නැගීට්ටා.

“ආ මිස්ට හේමාල් අපි දෙන්නව අදුරන්නෙ නැති වුනාට මෙයාව නම් හොදට දන්නවා ඇති නේද?……”😠

මාව පෙන්නලා අප්පච්චී එහෙම අහනනකොට හේමාල් හොදටම කලබල වුනා.මට බයත් හිතුණා.

“මං දන්නෙ නෑ.කව්ද මේ?……”

හේමාල් එහෙම කිව්වම මං පුදුම වුනේ නෑ.මාව හොදටම අසරණ වුනා.හේමාල් මෙහෙම කියයි කියලා මට හිතුණා.

“දන්නෙ නෑ??ඉන්නවා දන්නෙ නැති දේවල් මං කියලා දෙන්නයි ආවේ. ඇමතිතුමා…..ඔයාගෙ පුතාගෙ අතින් මගෙ මේ අහිංසක කෙල්ලට සිද්ද වෙච්චි අපරාධෙට සාදාරණයක් ඉශ්ට කරලා දෙන්න.එහෙම නොකරොත් මං මේක ලේසියෙන් අතාරින්නෙ නෑ……”🤬🤬

“මොකක්….මොනවද ඔයාලා මේ කියවන්නේ.පිස්සුද ඔහේලට?මගෙ පුතා එහෙම කෙනෙක් නෙවෙයි……”😠

ඇමතිතුමාගෙ නෝනා අප්පච්චී කියපු දේවක් විශ්වාස කරේ නෑ.හේමාල් හිටියේ හොදටම බය වෙලා.

“අපි බොරු නෙවෙයි කියන්නේ මැඩම්. බොරු නම් අහන්න මෙයාගෙන්.මෙයා මගෙ අහිංසක දුවගෙ ජීවිතේ විනාශ කරා.අපිට ඒවා ඔප්පු කරන්න ශාක්සි තියනවා.මගෙ දුවට සාදාරණයක් ඉශ්ට කරන්න.නැත්නම් ඇමතිතුමාගෙ පුතාගෙ කැරැට්ටුව අපි ලෝකෙටම කියන්නම්……”😡😡

අම්මා එහෙම කියද්දී නම් ඇමතිතුමාගෙ නෝනා ටිකක් විතර බය වුනා.

“හේමාල්….මොනවද මේ මිනිස්සු කියන කතා.ඇත්තද මේවා?කතා කරනවා……”🤬

ඇමතිතුමා හේමාල්ගෙන් එහෙම අහද්දී හේමාල්ට කියාගන්න දෙයක් හම්බුනේ නෑ.හේමාල් කතා නොකර බිම බලාගෙන හිටියා.

“කතා කරනවා හේමාල් මං තමුංගෙන් ප්‍රශ්නයක් ඇහුවා.උත්තර දෙනවා. තමුංගෙ අතින් මේ ගෑනු ළමයට වරදක් වුනාද?……”🤬🤬

“ඔ….ඔව් ඩැඩී……”

හේමාල් එහෙම කිව්වා විතරයි රවීන්ද්‍ර වංශනායක ඇමතිතුමා අත දිගෑරලා හේමාල්ට කම්මුල් පාරක් ගැහුවා.

ඊලග කොටසින් හෙට හමුවෙමු