ඇගේ දෛවය💐💐
♥️ජනේලයෙන් එපිට හාතපසම පැතිරී ඇත්තේ ඝන අන්ධකාරයකි.වේලාව රාත්‍රී අටත් පසු වී ඇත.මෙතෙක් වේලා මා කිවමින් උන් නවකතා පොත මේසය උඩ තබා රෑ කෑම සදහා පහළට ගියෙමි.මා යන විටත් අම්මාත් අප්පච්චීත් මල්ලීත් කෑම මේසයට පැමිණ සිටියෝය.

“දූ හැමදාම කෑම මේසෙට එන්න පරක්කු වෙනවා.වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනි.තේරුනාද?……”

“හරි අප්පච්චී……”

මම එහෙම කියාගෙනම කෑම මේසෙන් ඉද ගත්තා.

“දුව….අප්පච්චිට නේක්ස්ට් මන්ත් ඉන්දියා යන්න වෙලා තියනවා.මල්ලිත් එක්ක යනවලු.ඔයා ගිය අවුරුද්දෙත් ගියානෙ……”

“අප්පච්චිගේ බිස්නස් වැඩ වලට ඉන්දියා යනවනම් මොකටද අම්මි මෙයාව එක්කන් යන්නෙ?ඒ වැඩත් පාඩු කරයි මෙයා.මෙයාව තියලා අප්පච්චිට විතරක් යන්න කියන්න……”

“අනේ මේ ඔයා ඉන්නවද පනින්නෙ නැතුව.ඉරිසියාව තමයි ඔය……”

“අපෝ වැඩේමයි මෙයාට ඉරිසියා කරන්න……”

“දෙන්නම කට වහගන්නවද.කන්න ආවත් දෙන්නෙගෙ රණ්ඩු ඉවරයක් නෑ. හරියට පොඩි ළමයි වගේ……”😡

අප්පච්චී මටයි මල්ලිටයි දෙන්නටම සැර කරා.ඊට පස්සේ අපි හතර දෙනා නිශ්ශබ්දව කෑම කෑවා.ගිය අවුරුද්දේ අප්පච්චී ඉන්දියා යනකොට මාවත් එක්කන් ගියා.එහෙ ගිහින් අපි සති දෙකක් ඉදලයි ආවේ.අප්පච්චිගේ නෑදෑයෝ හැමෝම ඉන්දියාවේ.එහෙ ඉන්නැද්දී අපි හැමෝම එලියේ ඇවිදින්න යනවා.නැන්දගේ පුතායි දුවලා දෙන්නයි මායි.මුහුදු වෙරලේ,පාක් එකේ හැමතැනකම අපි ඇවිදිනවා.

“මොකද දුව කල්පනා කරන්නේ?ඔයා අප්සට් එකේද ඉන්නේ.අප්පච්චී මල්ලිව එක්කන් යන හින්දා……”

“අනේ නෑ අම්මා.මං ඉස්සෙල්ලා විහිලුවක් කරේ මල්ලිට……”

“හරි හරි.ඔයා දැන් නිදා ගන්නකො.ගුඩ් නයිට්……”

“ගුඩ් නයිට් අම්මී……”

මං කාමරේ ලයිට් එකත් නිවලා හොදට නිදා ගත්තා.නිදා ගන්න හැදුවා විතරයි ෆෝන් එකට මැසේජ් එකක් ආවා.ශික් මොන කරුමයක්ද දන්නෙ නෑ.මේ මහ රෑ වෙලා මැසේජ් එවන්නේ?….එහෙම හිත හිතාම මං ෆෝන් එක අතට අරන් බැලුවා ඒ මැසේජ් එක කාගෙන්ද කියලා.

“Maa lebu jivite sanasuma oba sathu ve. Sudhu oba monava karath ahithak na hithuve”

හිතුවා වගේම මැසේජ් එක ඇවිත් තිබුනේ හේමාල්ගෙන්.මට ආවේ පුදුම කේන්තියක්.😡😡ෆෝන් එක ඕෆ් කරන්න හිතුවත් එවලෙම වගේ කෝල් එකක් ආවා හේමාල්ගෙන්.ආන්සර් කරනවද නැද්ද කියලා හිතුවත් ආනසර් කරා හොදවයින් දෙකක් කියලා දෙනවා කියලා හිතුවා.

“හෙලෝ……”📲

“හෙලෝ….මොකද ඔච්චර සැර.ආ……”📲

“මේ….මිස්ට හේමාල් වංශනායක මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවද?මං කී සැරයක් තියනවද මගෙ පස්සෙන් එන්න එපා කියලා.සිංහල තේරෙන්නෙ නැද්ද තමුසෙට?……”📲🤬

“තමුං කාටද ඔය කතා කරන්නෙ?තමුසෙ තාම මේ හේමාල් වංශනායක කියන්නෙ කව්ද කියලා දන්නෙ නෑ…..”🤬

මට හේමාල් ගැන ආවේ පුදුම තරහක්. හිතාගෙන ඉන්නෙ කවුරු කියලද දන්නෙ නෑ.තාත්‍තගෙ හයිය අරගෙන වෙන්න ඇති මාව බය කරන්න හදන්නෙ.

“ඔව් මං හොදට දන්නවා තමුං කව්ද කියලා.වැදගත් දේශපාලකයෙක්ගේ නැහැදිච්ච අවලං පුතෙක්.තමුසෙලා වගේ මිනිස්සුත් එක්ක කතා කරලා මං මගේ කාලෙ නාස්ති කරගන්න කැමති නෑ……”📲🤬

ෆෝන් එකත් ඕෆ් කරලා මේසෙ උඩින් තිබ්බා.මගේ ජීවිතේ ගැන මට දැනුනේ ලොකු බයක්.ඉස්සරහට හේමාල්ව මට ලොකු ප්‍රශ්නයක් වෙයි මට හිතුණා.
හේමාල්ගේ තාත්තා අමාත්‍ය රවීන්ද්‍ර වංශනායක.රවීන්ද්‍ර වංශනායක කියන්නේ හොද කෙනෙක් වුනාට හේමාල් නම් හොද චරිතයක් තියන කෙනෙක් නෙවෙයි.නයිට් ක්ලබ් ගානෙ යන පාතාලයත් එක්ක සම්බන්දකම් තියන කෙනෙක් හේමාල්.දැන් සති ගානක ඉදන් හේමාල් මගේ ආදරේ ඉල්ලගෙන මගේ පස්සෙන් එනවා.ඒත් හේමාල්ගෙ චරිතෙ ගැන මං හොදින්ම දන්න හින්දා මං හේමාල්ගෙ යෝජනාව එකපාරින්ම ප්‍රතික්ෂේප කරා.ඒත් හේමාල් මගේ පස්සෙන් එන එක නතර කරේ නෑ.

මගේ නම ප්‍රීතිකා සින්ග්.මට අවුරුදු විසිතුනයි.මගේ අම්මා වත්සලා දිසානායක.මගේ තාත්තා උතුරු ඉන්දීය ජාතිකයෙක්.එයාගෙ නම විශාල් සින්ග්. ඉන්දියාවේ සංචාරයක් අතරතුර තමයි අම්මට තාත්තව මුණ ගැහිලා තියෙන්නේ.තාත්තා අම්මව මැරි කරාට පස්සේ දිගටම පදිංචි වෙලා තියෙන්නේ ලංකාවේ.මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට අවුරුදු විසි එකයි.එයාගෙ නම ශාරද් සින්ග්.
_________________________________

“දුව…..ඔයා කොහෙද යන්න හදන්නේ?…..”

“අනිද්දා රිතූගෙ බර්ත්ඩේ පාර්ටි එකනෙ අම්මා.හොද ඇදුමක් ගන්න ඕනි.මං ඉක්මනට එන්නම්කෝ……”

“හා පරිස්සමින් ගිහින් එන්න දුව.වැඩි වෙලා ගන්න එපා.ඔයාට තාම මේ කොළඹ පුරුදු නෑ……”

“හරි අම්මා.බායි……”

මම අම්මාගෙන් සමු අරන් කෙලින්ම ආවේ ලියාරා ඇදුම් ශොප් එකට.උඩ තට්ටුවට ගිහින් දම් පාටයි සුදු පාටයි මිශ්‍ර
ශල්වාර් ඇදුමක් තෝර ගත්තු මං බිල ගෙවලා ඇදුම් ශොප් එකෙන් එලියට ආවා.ඒ එලියට එද්දී මගෙ ඉස්සරහයින් කලු පාට බෙන්ස් කාර් එකක් නතර කරා. කාරෙකෙන් බැහැලා එලියට ආවේ හේමාල් වංශනායක.හේමාල්ව දකිද්දීත් මට එන්නේ පාලනය කර ගන්න බැරි දැඩි කේන්තියක්.දාගෙන හිටපු කලුපාට සන්ග්ලාස් එකත් ගලවලා අතට ගන්න ගමන් හේමාල් මං ලගට ආවේ හිනාවෙවී.

“හායි…ප්‍රීති කොහෙද යන්නෙ?……”

“ගෙදර යන්නෙ.ඇයි?……”

“යමු.මං ගිහින් දාන්නම්.මං යන්නෙත් ඒ පැත්තට තමයි…..”

“නෑ ඔන්නෑ.මට බස් එකේ යන්න පුලුවන්……”

එහෙම කියලා මං එතතින් යන්න හැදුවත් හේමාල් බලෙන් වගේ මගෙ අතකින් අල්ල ගත්තා.පාරෙ යන එන මිනිස්සුත් අපි දිහා බලන් යනවා.මට දැනුනේ පොලව පලාගෙන යන්න තරමෙ ලැජ්ජාවක්.

“මගෙ අත අතාරින්න හේමාල්.මේ පාරෙ මිනිස්සුත් යනවා.ඔයාට ලැජ්ජ නැද්ද?……”

මං ටිකක් උස් හඩින් එහෙම කිව්වමයි හේමාල් මගේ අත අතෑරියේ.ඒ ඇසිල්ලෙම මං එතනින් පැනලා ආවා.
_________________________________

රිතූගෙ බර්ත්ඩේ එක තිබුනේ ශ්‍රැන්ගිලා හොටෙල් එකේ.පාර්ටි එකට ගොඩාක් අයට ඉන්වයිට් කරලා තිබුනා.රෑ හතහමාරට විතර මං කාර් එකේ ඇවිත් හොටෙල් එක ලගින් බැස්සා.

“පාර්ටි එක ඉවර වුනු හැටියෙම ලොකු මහත්තයට කෝල් එකක් දෙන්න බේබි. එහෙනම් මං යන්නම්……”

“හරි විජේපාල අංකල්.මං කෝල් කරන්නම්……”

රිතූට ගත්තු තෑග්ගත් අරගෙන මං හොටෙල් එක ඇතුළට ගියා.මුලු හොටෙල් එකම ලස්සනට සරසලා තිබුනා.රිතූ හිටියේ එයාගෙ යාලුවො කට්ටියක් එක්ක එලියේ.මං ප්‍රසන්ට් එක රිතූට දීලා විශ් කරා.

“Wish your happy birthday rithuu…..”

“Thank you preethi…..”

“අශිනි මේ මගෙ යාලුවා ප්‍රීති.මෙයා නම් හින්දි ගර්ල් කෙනෙක්.හැබැයි අපිට වඩා සිංහල පුලුවන්……”😀

රිතූ එයාගෙ අනික් යාලුවන්ටත් මාව අදුන්වලා දුන්නා.ටිකක් වෙලා මං හොටෙල් එකේ එලියේ ඇවිද්දා.බල්බ් වැල් එල්ලලා හැම තැනකම හරිම ලස්සනයි.
හොටෙල් එකේ සේවකයෙක් ගෙනත් දුන්නු බීම වීදුරුවක් පානය කරපු මං ස්විම්පූල් එක පැත්‍තට ගියා.ඒ පැත්‍ත හරිම නිස්කලංකයි.පාර්ටි එකට තව ගොඩක් වෙලා තියන නිසා මං ටිකක් වෙලා ඒ හරියෙ ඇවිද්දා.

“මැඩම් ඔයා රිතූ මිස්ගෙ බර්ත්ඩේ පාර්ටි එකට ආපු ප්‍රීතිද?……”

හොටෙල් එකේ සේවකයෙක් මං ගාවට ඇවිත් මගෙන් එහෙම ඇහුවා.මං ඔව් කියලා කිව්වා.

“මැඩම් ඔයාට රිතූ මිස් පොඩ්ඩකට එන්න කිව්වා එයාට සාරි එක ඇදගන්න උදව් කරන්න……”

“ආ….රිතූ කොහෙද ඉන්නෙ……”

“මෙතනින් හැරිලා යන්න මිස්.අංක 23 රූම් එකේ……”

මම ඒ හොටෙල් සේවකයා කියපු විදියටම පඩිපෙල නැගලා රිතූ හිටපු කාමරේ හොයාගෙන ගියා.අංක 23 රූම් එකට ලගට ගිහින් මං දොරට තට්ටු කරා.
ඒත් රිතූ දොර ඇරියෙ නෑ.මං දොර තල්ලු කරා.ඒ දොර වහලා නෙවෙයි තිබුනේ.මං රූම් එක ඇතුළට ගියා.රිතූ හිටියේ නෑ.මං බාතෲම් එකේ දොරටත් තට්ටු කරා.

“රිතූ……රිතූ ඔයා කොහෙද?……”

ඒත් කවුරුවත් කතා කරේ නැහැ. එකපාරටම මං හිටපු ඒ කාමරේ දොර ලගින් අඩි සද්දයක් ඇහුනා.රිතූව බලාපොරොත්තුවෙන් හැරිලා දොර දිහා බලපු මට එතන හිටපු කෙනා දැකලා මාව ගැස්සුනා.දොරට අතක් තියාගෙන හිනාවෙවී මං දිහා බලන් හිටියේ වෙන කවුරුවත් නෙවෙයි හේමාල්.මගෙ පපුව වේගයෙන් ගැහෙන්න ගත්‍තා.මට හොදටම බය හිතුණා.

“කාවද හොයන්නේ?……”

හේමාල් මගෙන් එහෙම ඇහුවා.

“ම්….මේ….රිතූව හොයන්නෙ……”

“ආං රිතූ පල්ලෙහා ඉන්නවා……”

එහෙම කියපු හේමාල් මහ හයියෙන් දොර වහලා දාලා පියවරෙන් පියවර මං ලගට ආවා.මට හොදටම බය හිතුණා.කොයි තරම් බය වුනාද කියනවනම් ඒ ඒසී රූම් එක ඇතුලේ මට දාඩියත් දැම්මා.මං හිමිහිට පිටිපස්සට ගිහින් බිත්තියේ වැදිලා නතර වුනා.

“පින් සිද්ධ වෙයි හේමාල් මට යන්න දෙන්න.නැත්නම් මං කෑ ගහනවා……”😫

මං එහෙම කිව්වම හේමාල් මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්‍තා.

“ඇති තරම් කෑ ගහනවා.මොකද තමුං කොච්චර කෑ ගැහුවත් මේ බිත්ති හතරෙන් එහා කාටවත් මොකුත්ම ඇහෙන්නෙ නැහැ……”😡😡

එහෙම කියපු හේමාල් මාව එයා ගාවට ඇදලා අරගෙන උමතුවෙන් වගේ සිප ගත්තා.මං හයියෙන් කෑ ගැහුවා.ඒත් කාටවත් මගේ සද්දෙ ඇහුනෙ නෑ.හැකි තරම් වෙර යොදලා මං හේමාල්ව තල්ලු කරලා එතනින් පැන ගත්තා……..ඒත් මට වැඩි දුරක් යන්න ලැබුනෙ නෑ.ඇදගෙන හිටපු ශල්වාර් එකේ රෙද්දට මගෙ කකුල පැටලිලා මාව ඇදගෙන වැටිලා ඔලුව බිත්තියෙ වැදුනා.එකපාරටම වටපිටාවම අන්ධකාරයකින් වැහිලා ගියා වගෙයි මට දැනුනේ.නැගිටින්න හැදුවත් මාව එහෙම්මම බිමට ඇදගෙන වැටුනා.

ඊලග කොටසින් නැවත හමුවෙමු