චමත්කා මෙන්න ඔයාට ලස්සන චූටි පුතෙක්.මගේ සුභ පැතුම්……”🤱😘
ශලනි රෝස පාට පුලුන් බෝලයක් වගේ ඉන්න මගේ පුංචි පුතාව මගේ තුරුලෙන් තිබ්බා.මේ ලෝකෙ තියන ලොකුම වස්තුව මට ලැබුනා වගෙයි මට දැනුනේ. හර්ෂණ නිසා මං විදපු හැම දුකක්ම,හැම වේදනාවක්ම අමතක වෙලා ගියා මගේ පුතාගේ මුහුණ දකිද්දී.මං ටික වෙලාවක් ඒ මුහුණ දිහා බලන් හිටියා.ජීවිතයේ මින් පෙර කිසිදාක අත් නොවිදි තරම් සතුටක් මගේ හදවතට දැනුනා.දැන් මාත් අම්මා කෙනෙක්.මගේ රත්තරං පුතාව මං ඇස් දෙක වගේ බලා ගන්නවා.❤️🤱
“මයි කන්ග්‍රැජුලේශන් චමත්කා අක්කේ……”
හේෂාන් මල්ලි මං ලගට ඇවිත් මට සුභ පැතුවා.
“තැන්ක්‍යූ මල්ලී.ඔයාට දැන් සනීපද?……”
“ඔව් අක්කෙ.තුවාලෙට බෙහෙත් දාපු හින්දා ටික දවසක් යද්දී හොදටම අඩු වෙයි……”
“මටත් අනිද්දා දිහාට ගෙදර යන්න පුලුවන් වෙයි……”
“අක්කා දැන් මොකක්ද ගන්න තීරණේ?මං අක්කගෙන් එක ඉල්ලීමක් කරන්නද?…..”
මට තේරුනා හේෂාන් මල්ලි මගෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා.
“මොකක්ද මල්ලී?……”
“අක්කා ආපහු අපි ගාවට එන්න.මේ ඉල්ලීම කොයි තරම් සාදාරණද කියලා මට තේරෙන්නෙ නෑ අක්කෙ.ඒත් මේ දරුවට අම්මා වගේම තාත්‍තත් ඕනි නේද?අක්කා ආපහු අයියව මැරි කරොත් දරුවට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. අනුන්ගෙ දරුවෙකුට අම්මා කෙනෙක් වෙන එක අක්කට කරන්න පුලුවන් දෙයක්ද කියලා මං දන්නෑ.අක්කා කැමති තීරණයක් ගන්න……”
හේෂාන් මල්ලි කරපු ඉල්ලීම ගැන මං ගොඩාක් වෙලා කල්පනා කරා.ආපහු හර්ෂණ ලගට ගියොත් මගෙ දරුවට අම්මා වගේම තාත්තාවත් ලැබෙනවා. නිරාශාගෙ දරුවට අම්මාවත් ලැබෙනවා.
ඒත්…..හර්ෂණ කැමති වෙයිද මාව ආපහු මැරි කරන්න.එයා ආදරේ කරේ නිරාශාට. මං හින්දා ආපහු ඒ ගෙදර ප්‍රශ්න ඇති වෙයිද?නිරාශාගෙ දරුවා හින්දා මං මගේ දරුවගේ සතුට කැප කරා.දැන් මට පුලුවන් මගේ දරුවට අහිමි වෙච්ච ඒ පිය සෙනෙහස නැවත ලබා දෙන්න.
දින තුනකින් පස්සේ ශලනි මාවයි පුතාවයි ගෙදර එක්කන් ගියා.
“ශලනි…..කෝ හේෂාන් මල්ලි?……”
“හේෂාන් මල්ලි ගෙදර ගියා චමත්කා. ඔයාට කෝල් කරන්නම් කිව්වා…..”
ශලනි මාවයි පුතාවයි හොදට බලා ගත්තා.පුතාගෙ ඇදුම් හෝදන හැටි, පුතාව නාවන හැටි හැම දෙයක්ම ශලනි මට කියලා දුන්නා.
“දැන් ඔයා මොකක්ද ගන්න තීරණේ චමත්කා?මං නම් කියන්නේ ඔයාට හර්ෂණ ගාවට යන්න කියලා.දරුවෙකුට අම්මා වගේම තාත්තාවත් ඕනි.ඔයාට පුලුවන්නේ නිරාශාගෙ දරුවවත් බලා ගන්න……”
“මට නිරාශාගෙ දරුවයි මගෙ දරුවයි අතර කිසිම වෙනසක් නැහැ ශලනි.ඒ දරුවටත් අම්මා වෙන්න මට පුලුවන්…..”
මං එහෙම කිව්වම ශලනි මගෙ අත් දෙකම අල්ල ගත්තා.
“අම්මා නැති ඒ දරුවට ඔයා අම්මා වෙන්න ගත්තු තීරණේ ගොඩාක් හොදයි චමත්කා.ඔයාට ඇත්තටම පිං…..”
දරුවාට මාසයක් විතර වෙනකල් මං ශලනි ගාව හිටියා.නිතරම වගේ හේෂාන් මල්ලි මාත් එක්ක ටෙලි ෆෝන් එකෙන් කතා කරා.ඒ හැම වෙලාවකම හේෂාන් මල්ලි කියන්නේ ඉක්මනට එයාලා ගාවට එන්න කියලයි.
“චමත්කා…..හේෂාන් මල්ලි ලගම එනවලු මං පුතාව ලෑස්ති කෙරුවා.ඔයත් ලෑස්ති වෙන්න.තාම මාසයක් වුනා විතරයිනෙ. මහන්සි වෙලා වැඩ කරන්න යන්න එපා. ඔයාගෙ අස්වීමේ ලියුම මං ඩොක්ටර්ට දුන්නා.දැන් හැම දෙයක්ම හරි……”
“ඔයාට ගොඩාක් පිං ශලනි.සහෝදරියක් වගේ මෙච්චර කාලයක් මාව බලා ගත්තට.❤️🙏ඔයා කරපු උදව් කවදාවත් මට අමතක වෙන්නෙ නෑ……”
“උඹ මගේ හොදම යාලුවනේ චමත්කා. නිවාඩු තියන වෙලාවක මං එන්නම් ඔයාලව බලලා යන්න.මං ඔයාගෙයි පුතාගෙයි ඇදුම් බෑග් කාරෙකට දැම්මා. පරිස්සමින් යන්න චමත්කා.බුදු සරණයි……”🙏🙏
“බුදු සරණයි ශලනි……”🙏
“මල්ලි ඔයා හර්ෂණට මොකුත් කිව්වෙ නෑ නේද තාම?……”
“නෑ අක්කේ.කාටවත්ම කිසිම දෙයක් කිව්වේ නෑ.පුතාත් එක්ක ඔයාව දැක්කම හැමෝම පුදුම වෙයි……”
හවස හතර විතර වෙනකොට අපි ගේ ලගට ආවා.එලියේ පේන්න කවුරුවත්ම හිටියේ නැහැ.මිදුලේ පැත්තකට වෙන්න වනපු රෙදි වැලක රෝස පාට නැපි ගොඩාක් තිබුනා.එදා මං හර්ෂණගෙන් වෙන් වෙලා යද්දී තිබුනට වැඩිය අද ඒ ගෙදරින් මං ලොකු වෙනසක් දැක්කා.මේ ගෙදර මං ජීවත් වුනු අතීතය මට මතක් වුනා.ඒ අතීතයේ සිදු වුනු හැම සිදුවීමක්ම මගේ මනසේ චිත්‍රයක් සේ ඇදෙන්නට වුනා.මගේ පපුව ඩග් ඩග් ගාලා ගැහෙන්න වුනා.
“අක්කෙ මං කියන්නද වැඩක් ඔයා පුතාව මට දෙන්න.දීල හිමිහිට ගේ ඇතුලට යන්න.මං පුතාව මගේ කාමරේට එක්කන් යන්නම්……”
මං පුතාව හේෂාන් මල්ලිගේ අතට දීලා හිමිහිට ගේ ඇතුලට ගියා.සාලෙ කැබිනට් එක උඩ නිරාශාගෙ රාමු කරපු විශාල ප්‍රමාණයේ චායාරූපයකට සුදු මල් මාලයක් දාලා තිබුණා.මං ඒ චායාරූපය ලගට ගිහින් ටිකක් වෙලා ඒ දිහා බලන් හිටියා.
මගෙ පිටි පස්සෙන් හිමිහිට අඩි සද්දයක් ඇහුනා.ඒත් මං ඒ දිහා බැලුවෙ නැහැ. මගෙ හිත කිව්වෙම ඒ එන්නේ හර්ෂණ කියලයි.ඇදගෙන හිටපු ශල්වාර් එකේ රෙද්දෙන් මං මුහුණ වහ ගත්‍තා.😀😁
“මේ ඔයා කව්ද?ඇයි මේ විදියට හොරෙන් ගෙවල් ඇතුලට එන්නෙ?…..”😡
ඔව්.මං හිතුවා වගේම ඒ ආවේ හර්ෂණ. අහපු දේට උත්තරයක් නොදී මං නිරාශාගෙ ෆොටෝ එක දිහා බලන් හිටියා.
“මොකද ෆොටෝ එක දිහා බලන් තමුං භාවනා කරනවද?……”😡
ඉස්සර වගේ තමයි.හර්ෂණගේ කටේ සද්දෙ නම් අඩුවක් නෑ.මං කටහඩ වෙනස් කරලා හර්ෂණගෙන් ඇහුවා ඒ ෆොටෝ එකේ ඉන්නේ කව්ද කියලා.
“මේ මගේ නෝනා.එයා නැති වෙලා මාස එකහමාරක් විතර වෙනවා.ඔයා කව්ද? එයාගෙ යාලුවෙක්ද?……”
ඒ පාර නම් හර්ෂණගෙන් කටහඬ ටිකක් සන්සුන් වුනා.එතකොටම වගේ හර්ෂණගේ අම්මයි,තාත්තයි මගෙ නංගියි සාලෙට ආවා.ඒ හැමෝගෙම මුහුණු තිබුනේ මගේ දෙසට යොමු වෙලා.
“කව්ද පුතා මේ?……”
“දන්නෙ නෑ අම්මේ.ඇහුවට කියන්නෙ නෑ. නිරාශාගෙ ෆොටෝ එක දිහා බලන් ඉන්නවා……”
තව දුරටත් මේ අයගේ කුතුහලය අවුස්සන්න ඕනි නෑ කියලා හිතපු මං මුහුණ වහගෙන හිටපු රෙද්ද අයින් කරා.
“දෙයියනේ……”😱😱
මාව දැකපු ගමන් හැමෝම පුදුම වුනා.ඒ හැමෝම ඇස් ලොකු කරන් මං දිහා ඇසි පිය නොහෙලා බලාගෙන හිටියා.
“මගෙ අක්කේ?……”
නංගී ඇවිත් මාව බදා ගත්‍තා.ඒ ඇස් වලින් කදුලු හැලුනා.නංගී මාව තුරුල් කරගෙන හොදටම ඇඩුවා.😢😢
“අනේ මගේ අක්කේ ඔයා මෙච්චර දවසක් කොහෙද හිටියේ.දෙයියනේ අපි ඔයාව මොන තරම් හෙව්වද?ඇයි අක්කේ ඔයා අපිට කතා කරේ නැත්තේ……”😭😭
“අඩන්න එපා රත්තරං.මං දැන් ආවනේ. කෝ ඔය කදුලු පිහදාගන්න.අඩන්න එපා……”😭
“දුවේ….ඔයා….ඔයා කොහෙද හිටියේ මෙච්චර කාලයක්?……”
හර්ෂණගේ අම්මා මං ගාවට ඇවිත් මගේ මුහුණ අතගාලා ඇහුවා.ඒ ඇස් වලත් කදුලු පිරිලා තිබ්බා.මට වෙච්චි අසාදාරනේ ගැන එයාලා පසුතැවිලි වෙනවා ඇති.
“ම…මං හිටියේ නුවරඑළියේ මගෙ යාලුවෙක් ලග.මට ඕනි වුනේ මේ හැම දේකින්ම ඈත් වෙලා යන්න…..”😥😥
හැමෝම මාත් එක්ක කතා කරත් හර්ෂණ මාත් එක්ක කතා කරේ නැහැ. සමහර විට හර්ෂණට මට මුහුණ දෙන්න බැරුව ඇති.හර්ෂණ නිසා මං මොන තරම් කදුලු හැලුවද?😢😢
“මගෙ පුතා හින්දා ඔයාට සිද්ධ වුනේ ලොකු අසාදාරණයක් දුවේ.අපි හින්දා ඔයා මොන තරම් දුකක් විදින්න ඇත්ද?අපිට සමාවෙන්න දුවේ.මාත් ගොඩාක් වැරදි කරා.නිරාශායි හර්ෂණවයි ඈත් නොකර ඒ ආදරේට ආශිර්වාද කරා නම් අද කාටවත් දුක් විදින්න ලැබෙන්න වෙන්නෙ නෑ……”
හර්ෂණගේ අම්මා එයා කරපු වැරදි තේරුම් අරගෙන තිබුනා.ඒත් හර්ෂණගේ අම්මා නිසා අද කී දෙනෙකුගේ ජීවිත අසරණ වුනාද?
“දරුවා ලැබෙන්න ගිහින් නිරාශා දුව නැති වුනා.පව් අසරණ කෙල්ලට අම්මා කෙනෙක් නැති වුනා.ඔයා මේ වෙලාවෙ දෙවියො එව්වා වගේ දුවේ……”
මං දන්නවා හර්ෂණගේ අම්මා මගෙන් ඉල්ලන්න හදන ඉල්ලීම.
හර්ෂණගේ අම්මා මගේ අතින් අල්ලගෙන හර්ෂණගේ කාමරේට එක්කන් ගියා.ඒ කාමරේ ඇද උඩ රෝසම රෝස පාට චූටි දූ පොඩිත්තක් කටේ ඇගිල්ලක් ගහගෙන නිදාගෙන හිටියා.ඒ මුහුණ දකිද්දී මට හරිම ආසාවක් දැනුනා. මගෙ මුලු හිතම පිරිලා ගියා.හර්ෂණගේ අම්මා මාව ඒ කාමරේ තනි කරලා දාලා ගියා.මං හිමිහිට ඇද ලගට ගිහින් නෙට් එක අයින් කරලා චූටි දුවව වඩා ගත්තා.
දුවට තිබ්බේ නිරාශාගෙ පාට වුනාට ඒ ඇස් නහය කට නම් හර්ෂණගේ වගේමයි.මං හිමිහිට ඒ පුංචි කම්මුලක් සිප ගත්‍තා.ටික වෙලාවකින් දුව ඇහැරුනා.
“චමත්කා….දුව නැගිට්ටද?…..”
එහෙම අසමින් හර්ෂණ කාමරේට ආවා.
“ඔව් හර්ෂණ.දුවට බඩගිනි ඇති දැන්. මොනවද මෙයාට දෙන්නේ…..”
“ඩොක්ටර් ලියලා දීපු පිටි තමයි දෙන්නේ. පව්.මව්කිරි වල රස වත් කෙල්ල දන්නෙ නෑ……”
එහෙම කියමින් හර්ෂණ දුවගෙ ඔලුව අත ගෑවා.මට හරියට දුක හිතුණා.
“පොඩ්ඩක් ඉන්නකො.දුවගෙ කිරි බෝතලේ ඇති කුස්සියේ.මං හදාගෙන එන්නම්……”🍼
හර්ෂණ කාමරෙන් ගියාට පස්සේ මං දුවට කිරි දුන්නා.පව් අහිංසක කෙල්ල බඩගින්නෙ ඉදලද කොහෙද.😢
“චමත්කා…..ආ කිරි බෝතලේ.ඔයාට තේරෙනවද මේක පොවන්න?…..”
“අද ඉදලා දුවට පිටිකිරි ඕනි වෙන්නෙ නෑ හර්ෂණ.මගේ දෝණිට අම්මි කුක්කු බොන්න පුලුවන් හැමදාම.අපි යමුකො මල්ලියව බලන්න……”🤱😘
“චමත්කා ඔයා මොනවද මේ කියන්නේ. මට නම් ඔයා කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ……”
ඒකට මට උත්තරයක් දී ගන්න හම්බුනේ නැහැ.හේෂාන් මල්ලි පුතාවත් අරගෙන කාමරේට ආවා.
“අක්කෙ පුතා ටිකක් අඩනවා.මට නලෝගන්න තේරෙන්නේ නෑ……”
“මල්ලී…..කාගෙද ඔය ළමයා?…..”
හර්ෂණ පුදුම වෙලා පුතා දිහා බැලුවා.
හේෂාන් මල්ලි පුතාව ඇද උඩින් තියලා කාමරෙන් ගියා.
“හර්ෂණ…..මේ අපේ පුතා…..”
මං හර්ෂණට හැම දෙයක්ම කිව්වා.
“දෙයියනේ…..ඔයා කොහොමද චමත්කා මෙච්චර ලොකු දුකක් හංගගෙන හිටියේ.
ඔයා මට කිසිම දෙයක් කිව්වෙ නෑනෙ. තනියම හැම දෙයක්ම දරාගෙන දුක් වින්දා.මට සමාවෙන්න චමත්කා……”
“අපි ඒ අතීතය අමතක කරමු හර්ෂණ. අපි මේ දරුවො දෙන්නගෙ අනාගතේ ගැන හිතමු……”
“මොකක්ද පුතාගෙ නම?……”
“සුදර්ෂණ නිර්වාන්……”
“දුවගෙ නම මොකක්ද හර්ෂණ?……”
“චමත්කාරා සයුරංගි……”
චමත්කාරා……මගේ නම වගේමයි.අද ඉදන් දූගෙ අම්මා මම.
ඊට දින තුනකට පස්සේ හර්ෂණයි මායි නැවත විවාහ වුනා.හර්ෂණ මටයි දරුවො දෙන්නටයි ගොඩාක් ආදරේ කරා.
වසර හතකට පසු👇👇
“අම්මේ මල්ලි ගහනවා මට.මේ අතත් තුවාල කරා…..”
ගෙදර එකම යුද්ධයයි.අක්කගෙයි මල්ලිගෙයි රණ්ඩු බේරලා ඉවරයක් නෑ මට.
“හර්ෂණ මේ බලන්නකෝ පුතාගෙ වැඩේ මේ කෙල්ලට ගහන එකමයි.ඉවරයක් නෑ දෙන්නගෙ රණ්ඩු……”
පුතා හර්ෂණ වගේමයි.එන්නෙම රණ්ඩුවටමයි.ඒත් දුව නම් අහිංසකයි.
“මං වැඩිපුරම ආදරේ අම්මිට……”😘
දුව මගෙ බෙල්ල බදාගෙන කියනවා.මට කෙල්ල හරිම ආදරෙයි.❤️❤️
හර්ෂණයි මායි දුවයි පුතයි හරිම ආදරෙන් ජීවත් වුනා.දුවට කවදාවත්ම නිරාශා ගැන දැන ගන්න මං ඉඩ තිබ්බෙ නෑ.ඒක ලොකූ සැනසීමක් වුනා.😘❤️🌹
සමාප්තයි
සතියක් පුරා කොටස් වශයෙන් පලවූ වීණා නවකතාව අදින් අවසන් අතර කතාව පළ කිරීම සදහා සියලුම හිමිකම් ලබාදුන් නිලූ සදමිණි කතුවරියට විශේෂ ස්තූතිය. හෙට සිට කතුවරියගේ තවත් අලුත් නවකතාවකින් හමුවෙමු