පැය දින සති ගනන් ගෙවිලා ගියේ නොදැනීම වගෙයි.එදා මං උසාවියෙන් එලියට ඇවිත් නුවරඑළිය බස් රථයකට ගොඩවෙලා රාගලින් බහිද්දී හවස හයත් පහුවෙලා තිබුනා.පාසල් කාලේ මගේ හොදම මිතුරියක් වුනු ශලනි පදිංචි වෙලා ඉන්නේ නුවරඑළිය රාගල ප්‍රදේශයෙයි.ශලනි නුවරඑළිය සාත්තු නිවාසයක නර්ස් කෙනෙක්.කීප වතාවක්ම මට නුවරඑළි එන්න කියලා ශලනි කිව්වා.ඒත් යන්න ලැබුනේ නෑ. මට සිද්ද වෙච්චි හැම දෙයක්ම මං ශලනිත් එක්ක කිව්වා.ශාලනි මට පොරොන්දු වුනා උදව් කරන්න.

“මං ඔයා ගැන අපේ ලොකු ඩොක්ටර්ට කිව්වා.ඔයා නර්සින් කෝස් එකකුත් කරලා තියන හින්දා ඩොක්ටර් ඔයාට ජොබ් එක දෙයි චමත්කා.ඒ ගැන බය වෙන්න එපා……”

මට ශලනි පොරොන්දු වුනා එයා වැඩ කරන නර්සින් හෝම් එකේ සාත්තු සේවිකාවක් විදියට රස්සාවක් අරන් දෙන්න.නර්සින් පාඨමාලාවක් හදාරලා තියන හින්දා මට ඒ ජොබ් එක ගන්න එක අමාරු වුනේ නැහැ.දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්ට මේ වගේ රැකියාවක් ලබා ගන්න එක හරිම අමාරුයි.ඒත් ශලනිගේ ඉල්ලීම නිසා එයාව ඩොක්ටර් අදුරන නිසාත් මට ජොබ් එක ලැබුනා.ඒ විතරක් නෙවෙයි මට ශලනිගේ ගෙදර නැවතිලා ඉන්න පවා අවස්තාව ලැබුනා.

“මේ මොකද කෙල්ල කල්පනා කරන්නේ……”

එකපාරටම මාව ගැස්සුනේ ශලනිගේ කටහඬට.මං හිටියේ ඉස්තෝප්පුවේ බැම්මේ වාඩිවෙලා.ශලනිත් ඇවිත් මං ගාවින් වාඩිවුනා.

“මොකුත් නෑ ශලනි.ඔයා මට උදව් නොකරා නම් මට මෙලහකට මොනවා වෙලාද දන්නෙ නෑ.ඔයාට ගොඩාක් පිං මේ කරන උදව් වලට……”🙏

“පිස්සු කෙල්ල.ඔයා මගේ හොදම යාලුවනේ.ඉස්කෝලේ යන කාලෙදි ඔයා මට කොයි තරම් උදව් කරලා තියනවද? ඒවත් එක්ක බලද්දී මං කරන මේ උදව් මොනවද?….මේ ඒක නෙවෙයි මං අසංකටත් කිව්වා ඔයා ගැන……”

අසංක යනු ශලනිගේ ආදරණීය සැමියාය. ඔහු එංගලන්තයේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි. සෑම වසරකම අප්‍රේල් මස හා දෙසැම්බර් මාස වලදී ඔහු ලංකාවට පැමිණ නැවැත විදේශ ගත වෙයි.ශලනිට සහ අසංකට පුතෙක් සිටී.ඔහු පෙර පාසල් වයසේය.

“ඉතිං අසංක මොකද කිව්වේ ශලනි?……”

“අසංක මට ගොඩාක් හොද කිව්වා ඔයාට පිහිට වෙච්චි එක ගැන.ඔයාව හොදට බලා ගන්නත් කිව්වා…ඔයාට හෙට ඉදන් රස්සාවට යන්න තියන හින්දා අද කලින්ම නිදා ගන්න……”

💐💐💐

පහුවදා උදේම මං ශලනිත් එක්ක ඒ සාත්තු නිවාසෙට ගියා.නුවරඑළියේ ලොකු කදු ගැටයක් උඩ ඉතාමත් රමණීය අන්දමින් පිහිටා තිබූ ඒ සාත්තු නිවාසය දුටු ගමනින්ම මගේ සිත ඇදිලා ගියා. හරියට ඒක ධනවත් සුද්දෙකුගේ ලොකු වතු බංගලාවක් වගේ.හරිම ලස්සනයි.ඒ සාත්තු නිවාසය වටේටම ලස්සනට මල් වවලා තිබුනා.

ශලනි මාවත් එක්කරගෙන ඩොක්ටර් ලගට ගියා.මගේ අධ්‍යාපන සහතික අනෙකුත් සහතික සියල්ලම ඩොක්ටර් පරීක්ෂා කරා.මට බයත් හිතුණා මං ප්‍රෙග්නන්ට් නිසා ඩොක්ටර් මගෙන් කසාද සහතිකයත් ඉල්ලයි කියලා.එත් ශලනි ඩොක්ටර්ව පව්ද්ගලිකවම අදුරන නිසා මං ගැන ඩොක්ටර්ට කියලා තිබුනා.ඒ නිසා ඩොක්ටර් මගෙන් ඒ ගැන මොකුත්ම ඇහුවේ නැහැ.ඒක මට ලොකු සහනයක් වුනා.

“එහෙනම් ශලනි මං මෙයාව මෙහෙ අලුත්ම සාත්තු සේවිකාවක් විදියා බදව ගන්නවා.හැබැයි මාස දෙකක් විතර පුහුණු වෙන්න වෙයි.කරන්න තියන හැම දෙයක්ම මෙයාට කියලා දෙන්න……”

“ඕකේ.තැක්ක්යූ ඩොක්ටර්……”

කරන්න තියන හැම වැඩක්ම මට ශලනි කියලා දුන්නා.රෝහලේ අනෙකුත් හෙදියන් සියල්ලක්ම මං එක්ක හොදට හිතවත් වුනා.මාත් එක්ක රෝහලේ හෙදියන් පහලොස් දෙනෙක් වැඩ කරා.

“මෙහෙ කවුරුහරි ඔයාගෙ හස්බන්ඩ් ගැන ඇහුවොත් එයා රට ගියා කියන්න. ඇත්ත විස්තරේ කාටවත් කියන්න එපා. ඒත් ඔයා බය වෙන්න එපා චමත්කා මෙහෙ කවුරුවත් අනුන්ගේ දේවල් එහෙම හොයන්නෙ නැහැ……”

ශලනි කියලා දීපු විදියටම මං වැඩ කරා. කරන්න තිබුනු හැම වැඩක්ම මං ඉක්මනට ඉගන ගත්තා.හැමෝගෙම සහයෝගය මට ලැබුනා.මට කරන්න අමාරු වැඩ ලැබුනේ නැහැ.

වැඩ ඉවර කරලා හවස පහ🕔 විතර වෙනකොට මං ශලනිත් එක්කම ගෙදර ආවා.

මාස තුනකට පසු👇👇

දැන් මගේ කුසට මාස පහකුත් වුනා.මට ගොඩාක් වෙලාවට හර්ෂණව මතක් වෙනවා.අනේ හර්ෂණ මං ගාව හිටියා නම් අද මං මොන තරම් සතුටකින්ද ඉන්නේ.මගේ සතුට සැනසුම හැම දෙයක්ම නිරාශායි එයාගෙ දරුවයි වෙනුවෙන් කැප කරා.අනුන්ගේ දරුවෙකුගේ සතුට වෙනුවෙන් මට අද මගේ දරුවගේ සතුට,අනාගතය කැප කරන්න සිද්ද වුනා.😥

මට හර්ෂණව වගේම මගේ අම්මයි, තාත්තයි,නංගියි මතක් වුනා.මං නුවරඑළියට ඇවිත් ඊට පහුවෙනිදාම අම්මලාට වෙච්චි හැම දෙයක්ම කිව්වා. අම්මා මට සෑහෙන දොස් කිව්වා කිසිම දෙයක් එයාලට නොකියපු එක ගැන.
හර්ෂණ මට කරපු දේවල් ගැන අම්මයි තාත්තයි එයාට හොදටම බැන්නා.ඒත් මට දරුවෙක් ලැබෙන්න ඉන්න බව අම්මටයි තාත්තටයි කිව්වෙ නැහැ. එයාලට තවත් දුක් දෙන්න මට බැහැ.

මට නිකමට වගේ හිතුණා හර්ෂණගේ මල්ලිට කෝල් කරලා බලන්න.

“හෙලෝ…..මේ හේෂාන් ද කතා කරන්නේ……”📲

“ඔව්.කව්ද ඔයා……”📲

“මල්ලි….ම….මං චමත්කා……”📲

“අනේ චමත්කා අක්කේ ඔයා කොහේද ඉන්නේ?ගියා ගියාමයි ඇයි ඔයා අපිට කෝල් කරේවත් නැත්තේ?……”📲

“මට සමාවෙන්න මල්ලී.ඔයාලව අමතක කරා නෙවෙයි.මට හිත හදාගන්නයි ඕනි වුනේ?කොහොමද දැන් ඔයාලට?අපේ නංගී මොකද කියන්නේ?……”📲

“අපේ අයියා ඔයාට කරපු අසාදාරනේ හින්දා ඔයාගෙ අම්මයි තාත්තයි අපේ අයියට සෑහෙන දොස් කියලා බැන්නා.ඒ දෙන්නා කවදාවත් මට චාරුකාව දෙන්නෙ නෑ කියලා කිව්වා අක්කේ…….”📲

මට ඉවෙන් වගේ දැනුනා මේ සිද්ද වෙච්චි දේ හින්දා මගේ නංගිගෙයි හේෂාන් මල්ලිගෙයි ආදරේට මේ වගේ තත්වයක් උදා වෙලා ඇති කියලා.දෙයියනේ මං හින්දා මගේ නංගිගෙ ආදරේ එයාට අහිමි වෙයිද?මට දැනුනේ කියා ගන්න බැරි තරම් දුකක්.😫😫

“දැන් ඔයාලා මොකද කරන්නේ මල්ලී. අපේ අම්මයි තාත්තයි එයාලගේ තීරණේ වෙනස් කරන්නෙ නැද්ද?……”📲

“අපි ගොඩාක් උත්සහ කරා.ඒත් එයාලා කවදාවත් අපිට එකතු වෙන්න දෙන්නෙ නැහැ.ඒ හින්දා චාරුකායි මායි ඊයෙ…..මේ…..ඊයේ හොරෙන්ම මැරි කරා…….”📲

අම්මගෙයි තාත්තගෙයි හිත් වලට දීපු ගින්දර නිසා මට දුකක් ඇති වුනත් හේෂාන් මල්ලියි මගේ නංගියි එයාලගෙ ආදරේ ජය ගත්තු එක ගැන මට සතුටු හිතුණා.

“දැන් ඔය දෙන්නා ඉන්නෙ කොහෙද මල්ලී?……”📲

“ඕන දෙයක් වෙන්න කියලා හිතාගෙන මං චාරුකාවත් එක්කරගෙන අපේ ගෙදරටම ආවා අක්කෙ.අපෙ අම්මලාගෙන් නම් අවුලක් වුනේ නැහැ. ඒත් චාරුකාගෙ අම්මයි තාත්තයි නම් මට සෑහෙන බැන්නා……”📲

“එයාලා මොන දේ කිව්වත් ඉවසන්න මල්ලී.මගෙ නංගිට කවදාවත් දුකක් දෙන්න එපා.එයාව හොදට බලා ගන්න…..”📲

“මං අක්කට පොරොන්දු වෙනවා කවදාවත් චාරුකාට දුකක් දෙන්නෙ නෑ……”📲

හර්ෂණ ගැන අහන්න හිතුණත් මට ඒ ගැන අහන්න හිතුනේ නැහැ.දැන් හර්ෂණව අයිති නිරාශාටනෙ.ඉතිං මං සද්දෙ නැතුව හිටියා.

“මං දන්නවා අක්කට ඕනි අයියා ගැන දැන ගන්න නේද?……”📲

හේෂාන් මල්ලී මගේ හිතේ තිබුනු දේ ඒ විදියටම කියපු එක ගැන මං පුදුම වුනේ නැහැ.මොකද මං හර්ෂණට කොයි තරම් ආදරේ කරාද කියලා හේෂාන් මල්ලි දන්නවා.

“හර්ෂණ හොදින් ඉන්නවා නේද මල්ලී…..”📲

“ඔව් අක්කේ.කියන්න තරම් වරදක් නෑ. මං අක්කට පස්සෙ ගන්නම් අක්කෙ.බුදු සරණයි……”🙏📲

“බුදු සරණයි මල්ලී……”🙏📲

හර්ෂණයි එයාගෙ අම්මයි කරපු දේවල් නිසා හැමෝගෙම ජීවිත කනපිට හැරිලා කියලා මට හිතුණා.මං හින්දා මගේ අම්මයි අප්පච්චියි මොන තරම් දුකක් උහුලනවා ඇත්ද?නංගී නිසා එයාලා තවත් දුක් විදිනවා ඇති.😢😢දරුවො විදියට නංගිටයි මටයි දෙන්නටම දෙමව්පියෝ දෙන්නට සතුටක් දෙන්න බැරි වුනා.

කාලය හිමිහිට ගෙවිලා ගියා.මට දරුවා ලැබෙන්න දින ලංවෙන්න ලංවෙන්න හර්ෂණ ගැන මතකය වැඩියෙන් දැනෙන්නට වුනා.අනේ හර්ෂණ මං ලග හිටියනම් කියලා හිතුණා.සමහර විට දැන් නිරාශාට දරුවා ලැබිලා ඇති.දුවෙක්ද පුතෙක්ද දන්නෙ නැහැ.හර්ෂණ ගොඩාක් සතුටින් ඇති.එයාගෙ ආදරේ එයාට ලැබුනනේ.හර්ෂණට ඒ සතුට ලබා දෙන්න මං මගේ මුලු ජීවිතේම කැප කරා. මගේ ජීවිතේ විතරක් නෙවෙයි මගෙ දරුවගෙ ජීවිතෙත් කැපකරා.මගේ දරුවා කවදා හරි මගේ තාත්තා කෝ කියලා ඇහුවොත් එදාට මං මොනවද කියන්නේ?


“චමත්කා මිසී…..ඇක්සිඩන්ට් වෙච්චි ලෙඩෙක් ඉන්නවා.එයාට සුදර්මා මිසී බෙහෙත් දැම්මා.මිසී පොඩ්ඩක් ගිහින් බලලා විස්තර ලියා ගන්නවද?……”

ඩොක්ටර් නාලනීගෙ ඉල්ලීම පරිදි මං වාට්ටුවට ගියා ඒ මනුස්සයගේ විස්තර ටික ලියා ගන්න.ඒ මනුස්සයා හිටියේ අනික් පැත්තට හැරිලා.ඇක්සිඩන්ට් වුනා කිව්වට ලොකු අමාරුවක් තිබිලා නෑ.

“එක්ස්කියුස් මී පොඩ්ඩක් මේ පැත්තට හැරිලා ඔයාගෙ විස්තර ටික කියනවද?……”

මං එහෙම කිව්වා විතරයි ඒ මනුස්සයා මං ඉන්න පැත්තට හැරුනා.😱
දෙයියනේ😱😱 හේෂාන් මල්ලී….😱

මාව දැක්කා විතරයි හේෂාන් මල්ලි පුදුම වුනා.මට ආපහු හැරිලා යන්නත් බෑ.

“අ….අක්කේ ඔයා.මෙ…මෙහේ….මෙ……”

“මල්ලි මේ……”

දෙයියනේ මං කොහොමද දැන් හේෂාන් මල්ලිට ඇත්ත කියන්නේ.මේ දරුවා හර්ෂණගේ නෙවෙයි කියලා කිව්වොත් හේෂාන් මල්ලි මං ගැන වැරදියට හිතයි. ඒත් ඇත්ත කිව්වොත් මොන වගේ තත්වයක් ඉස්සරහට උදා වෙයිද?😢😢

“මට කියන්න අක්කේ.ඔයාට මොකද වුනේ?ඔයා මෙහෙ ඉන්න බවක් අපිට කිව්වෙ නෑනෙ.මේ දරුවා….මේ……”

මට බොරු කියන්න උවමනාවක් නැහැ. මං හේෂාන් මල්ලිට ඇත්‍තම කිව්වා.ඒ මේ ගැන කාටවත්ම,විශේෂයෙන් හර්ෂණට නොකියන පොරොන්දුව පිට.

“මට ඔයා ගැන පුදුමයි අක්කෙ.ඔය වගේ තමන්ගේ සතුට කැප කරලා අනික් අයගේ සතුට ගැන හිතන මිනිස්සු දැන් කාලෙ අඩුයි අක්කේ.ඔයාට තියෙන්නේ මහ පුදුම හදවතක්.ඔයාගෙ හිත හයියයි……”

“නිරාශාට කොහොමද මල්ලි දැන්?දරුවා ලැබුනද මල්ලි?……”

මං එහෙම ඇහුවම හේෂාන් මල්ලිගේ මුහුණ වෙනස් වුනා.ඒ මුහුණ දුකින් බර වුනා.ඒ දුක ඇතුලේ මහා දිග කතාවක් ඇති කියලා මට හිතුණා.

“ඇයි මල්ලී මොකද වුනේ?ඇයි ඔයා කල්පනා කරන්නේ?……”

“නි…..නිරාශා දරුවා ලැබෙන්න ගිහින් නැතිවුනා අක්කේ.අක්කා ඉන්න තත්වෙත් එක්ක මට මේක අක්කට කියා ගන්න බැරි වුනා අක්කේ.නිරාශා නැති වෙලා හෙටට සතියක් වෙනවා……”😥😥

අනේ දෙයියනේ මොනවද මේ සිද්ධ වෙලා තියෙන්නේ?මට ලොකු දුකක් ඇති වුනා නිරාශාට වෙච්චි දේ අහලා.

“එතකොට මල්ලි නිරාශාගෙ දරුවා?……”

“දුවෙක් හම්බවුනේ අක්කේ.පව් අහිංසක කෙල්ලට අම්මව නැතිවුනා.අයියට තේරෙන්නෙ නෑ කෙල්ලව බලා ගන්න. පුලුවන් විදියට කෙල්ලව මගෙ අම්මයි චාරුකායි බලා ගන්නවා.දරුවට මව්කිරි ටික දී ගන්නවත් නිරාශාට බැරිවුනා……”

අනේ….පව් අහිංසක දරුවා.මට ඇති වුනේ වචන වලින් පිට කරගන්න බැරි තරම් දුකක්.මට හොදටම ඇඩුනා.😭😭ඒත් එක්කම කොන්ද පැත්තෙන් කැක්කුමක් දැනුනා.

“ආහ්….අනේ….ආ……”

“අක්කේ ඇයි ඔයාට ඉන්න මං නර්ස්ට කතා කරන්නම්……”

මතු සම්බන්ධයයි……

Advertisment