කියා ගන්න බැරි තරම් දුකක් අසරණ කමකින් මගේ ජීවිතේ වෙලාගෙන තිබුනා.නිරාශාගෙ සතුට වෙනුවෙන් එයාගෙ දරුවට යුක්තිය ඉශ්ට කරන්න මං මගේ සතුට එහෙම් පිටින්ම කැප කරා.අඩලා අඩලාම මගේ ඇස් වල කදුලු වේලිලයි තිබ්බේ.
“චමත්කා….චමත්කා……”
හර්ෂණ කතා කරන සද්දෙට මං බැල්කනි එකේ ඉදන් ඉක්මනට කාමරේට ආවා.
“ඇයි හර්ෂණ මෙච්චර හයියෙන් කතා කරන්නේ?මගෙ කන් දෙක හොදට ඇහෙනවා……”
“තමුං කොහෙද උදේ මල්ලිත් එක්ක ගියේ……”😡
හර්ෂණ කොහොමද ඒක දැන ගත්තේ. සමහර විට නිරාශා කියන්න ඇති කියලා මට හිතුණා.
“මං ගියේ නිරාශාගෙ ගෙදර……”
“තමුසෙ මොකටද එහෙ ගියේ?……”😡
“මොකටද කියලා අහන්නේ?ඔයා මට ඇත්ත කියන්නෙ නැත්නම් ඒක මං නිරාශාගෙන් හරි අහගන්න ඕනි.ඔයා නොකිව්වට නිරාශා මට සම්පූර්ණ ඇත්ත කිව්වා……”🤬
හර්ෂණගේ අතේ සම්පූර්ණයෙන්ම වැරැද්ද තියාගෙන එයා මට මේ විදියට සැරෙන් කෑ ගහලා කතා කරන එකට මටත් තරහක් ආවා.😡😡
“මොනවද තමුංට නිරාශා කියපු ඇත්ත?……”🤬
හර්ෂණගේ ඒ වචන වල කිසිම අනුකම්පාවක් මනුස්සකමක් ගෑවිලාවත් තිබුනේ නැහැ.මං කොයි තරම් හොදින් මේ ප්‍රශ්නෙ විසදගන්න හැදුවත් හර්ෂණ එන්නෙ රණ්ඩුවටමයි.
“අම්මයි පුතයි දෙන්නා එකතු වෙලා ඒ අහිංසක කෙල්ලගෙ ජීවිතේ විනාශ කරලා දාපු හැටි මට මුල ඉදලා අන්තිම වෙනකන් කිව්වා.චී….හර්ෂණ මං හිතුවෙ නෑ ඔයා මේ තරම් පහත් මනුස්සයෙක් කියලා……”😢
“මොකක්ද උඹ කිව්වේ?……”👋
ලගට ආපු ගමන් හර්ෂණ අත දිගෑරලා මගෙ කම්මුලට ගැහුවා.ඒ ගහපු පාරට මාව ගිහින් මහ හයියෙන් දොරේ වැදිලයි නතර වුනේ.සේරම වැරදි හර්ෂණ කරලා අන්තිමට ගුටි කන්න සිද්ද වුනේ මටයි. රතු වෙලා රිදුනු කම්මුල අල්ලගෙන මං හර්ෂණ ලගටම ගියා.මගෙ ඇස් වලින් කදුලු ගලාගෙන ගියත් හර්ෂණ ඒවයේ කිසිම ගානක් වුනේ නැහැ.😭😭
“මේ හැම දෙයක්ම සිද්ද වුනේ ඔයාගෙ වරදින් හර්ෂණ.දැන්වත් ඇත්ත පිලිගන්න.නිරාශාට ලැබෙන්න ඉන්න දරුවා ඔයාගෙ.ඔය දෙන්නව ඈත් කරන්න ඔයාගෙ අම්මා මොන තරම් දේවල් කරාද කියලා ඔයා දන්නෑනෙ. නිරාශාගෙ අතේ කිසිම වැරැද්දක් නෑ හර්ෂණ.නිරාශා මේ තත්වෙට වැටුනේ ඔයයි ඔයාගෙ අම්මයි හින්දා……..”😢😢
හර්ෂණගෙයි නිරාශගෙයි සම්බන්දෙ කඩන්න,හර්ෂණව නිරාශගෙන් වෙන් කරන්න එයාගෙ අම්මා කරපු හැම දෙයක්ම මං මුල ඉදලා හර්ෂණට කිව්වා. ඒ හැම දෙයක්ම හර්ෂණ අහගෙන හිටියේ විමතිය රැදුණු දෑස් වලින්. හර්ෂණගේ අම්මා මේ වගේ දෙයක් කරා කිව්වම හර්ෂණ පුදුම වුනා වගේම ගොඩාක් කලකිරුනා.😫😫
“දෙයියනේ…..මේ හැම දෙයක්ම කරේ අම්මද?ඒ කියන්නේ නිරාශා නරක කෙනෙක් නෙවෙයිද?මාව නිරාශාගෙන් වෙන් කරන්න අම්මා මේ වගේ පහත් වැඩක් කරේ ඇයි?……”😢
හර්ෂණ එයාගෙ අම්මා කරපු දේවල් ගැන පුදුම විදියට දුක් වුනා.
“ඔව් හර්ෂණ.අම්මට ඕනි වුනේ මොන දෙයක් හරි කරලා නිරාශාව ඔයාගෙන් ඈත් කරන්න.නිරාශා පව්.ඒ අහිංසකී අද පුදුම දුකක් විදින්නේ ඔයා හින්දා.ඒ දරුවගේ තාත්තා ඔයා හර්ෂණ.නිරාශා මගෙන් එක ඉල්ලීමක් ඉල්ලුවා……”
“එ…..ඒ මොකක්ද චමත්කා?……”
“ම…..මං ළග තියන එයාගෙ සතුට එයා මගෙන් ඉල්ලුවා හර්ෂණ.ඒ ලැබෙන්න ඉන්න දරුවගෙ තාත්‍තව මං එයාට බාර දෙන්න පොරොන්දු වුනා හර්ෂණ…..”😭
මේ මුලු ජීවිත කාලෙටම මං කියපු අමාරුම වචන ටික ඒ ටික වෙන්න ඇති. හර්ෂණ මං දිහා බලන් හිටියේ පුදුම වෙලා.එයාට හිතා ගන්න බැරුව ඇති මං ගත්තු මේ තීරණේ ගැන.හර්ෂණ මං ලගට ඇවිත් බිමට යොමු වෙලා තිබුනු මගේ මුහුණ එයාගෙ මුහුණ දෙසට යොමු කරා.
“ඔ….ඔයා කොහොමද චමත්කා එහෙම තීරණයක් ගත්තේ……”
“මං මේ තීරණේ ගත්තේ ගොඩාක් හිතලා හර්ෂණ.ඔයා ආදරේ කරේ නිරාශාට.ඔය දෙන්නා මැද්දට ඇවිත් මං කරේ ලොකු වැරැද්දක්.මට සමාවෙන්න.මං ඔයාගෙන් නිරාශාව උදුරගෙන හිත හදාගෙන ජීවත් වුනත් මට බෑ ඒ ලැබෙන්න ඉන්න දරුවගෙන් එයාගෙ තාත්තව උදුරගන්න. මට බෑ හර්ෂණ ඒ දරුවට එච්චර ලොකු අසාදාරණයක් කරන්න.ඔයා…..ඔයා නිරාශාව මැරි කරන්න……”😭😭
මං එහෙම කිව්වා විතරයි හර්ෂණ මාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.මට මහා හයියෙන් ඇඩුනා.😭හර්ෂණ සෙමින් සෙමින් මගේ හිස පිරිමැද්දා.අනේ දෙයියනේ මං කොහොමද හර්ෂණගෙන් ඈත් වෙලා ජීවත් වෙන්නේ?😢මේ ආදරෙන් මේ උණුසුමෙන් ඈත් වෙලා මං කොහොමද හිත හදාගෙන ඉන්නේ?😭😭
“ඔයාට පුලුවන්ද චමත්කා මං නැතුව ඉන්න……”😢
“මේ වෙලාවෙ මට වඩා ඔයාව ඕනි නිරාශාට.මං කොහොම හරි හිත හදාගෙන තනියම ජීවත් වෙන්නම් හර්ෂණ.ඔයා නිරාශාව මැරි කරලා සතුටින් ජීවත් වෙන්න.දරුවා ලැබුනට පස්සේ හැම දෙයක්ම වෙනස් වෙයි…..”😫
සති කිහිපයකට පසු👇👇
මං හර්ෂණගෙන් දික්කසාද වුනා. උසාවියෙන් එලියට බහිද්දී මට දැනුනේ දැඩි හිස් බවක් එක්ක ලොකු වේදනාකාරී හැගීමක්.අදින් පස්සේ මගේ ජීවිතේ කොයි විදියට ගෙවෙයිද කියලා මට හිතා ගන්න බැරි වුනා.දෑසින් එලියට පනින්නට සූදානම් වුනු කදුලු මං ලේන්සුවකින් පිස දමා ගත්තා.😢හර්ෂණගේ අම්මා, හේෂාන් මල්ලී,හර්ෂණගේ තාත්තා මං දිහා බැලුවේ හරිම අනුකම්පාවෙන්.ඒ මුහුණු දකිද්දී මට වාවගන්න බැරුව ගියා.ටික වෙලාවකින් හර්ෂණයි නිරාශායි මං ලගට ආවා.මං ලගට ආපු නිරාශා ඒ උසාවි භූමියේදීම දණ ගහලා මගෙ කකුල් දෙක අල්ලලා මට වැන්දා.🙏
“ඔයාට ගොඩාක් පින් සිද්ද වෙනවා චමත්කා.මගෙ දරුවා වෙනුවෙන් මෙච්චර ලොකු පරිත්‍යාගයක් කරාට. ඔයාට කවදාවත් වරදින්නෙ නෑ.ඔයාට ගොඩාක් පිං……”😭🙏🙏
නිරාශා මගේ අත් දෙකම අල්ලගෙන එහෙම කිව්වා.
“චමත්කා……”
හර්ෂණ මං ලගට ආවා.ඒ මුහුණේ තිබුනු හැගීම් තේරුම් ගන්න මට අපහසු වුනේ නැහැ.
“ඔයා දැන් කොහෙද යන්නෙ චමත්කා?…..”
“මං ටිකක් දුර පලාතකට යනවා හර්ෂණ. මේ සිද්ද වෙච්චි දේවල් ගැන මං අම්මටයි අප්පච්චීටයි හිමිහිට කියන්නම්.ඔයාලා තුන් දෙනා සතුටින් ජීවත් වෙන්න.මං යනවා……”😭😭🙏
හදවතින්ම ආදරය කරලා මාස අටක යුග ජීවිතයට ආයුබෝවන් කියලා මං හර්ෂණගේ සෙවනෙන් සදහටම සමු ගත්තා.🙏🙏හර්ෂණත් එක්ක තිබුනු හැම මතකයක්ම හැම බැදීමක්ම මං ඒ නිවසේ තනි කරලා ආවා.හර්ෂණ මට අරන් දීපු රත්තරං බඩු,ඇදුම් පැලදුම්, උපන්දිනේට අරන් දීපු තෑගි,අනෙක් විවිධ වර්ගයේ බඩු ඔක්කොම මං හර්ෂණගේ නිවසේ දාලයි ආවේ……………හැම දෙයක්ම දාලා ආවත් එක දෙයක් මං අරන් ආවා. හර්ෂණගෙන් මට ලැබුනු ආදරේ සෙනෙහස මට ආයෙ කවමදාකවත් නොලැබුනත් ඒ දේ ඇති මට හර්ෂණව මතක් වෙන්න.හර්ෂණගෙන් වෙන් වෙන්න මං අමාරුවෙන් හරි හිත හදා ගත්තත් එයා නිසා හර්ෂණ හැමදාම මං ලගම ඉන්නවා වගේ මට දැනෙයි. හර්ෂණගෙන් මට ලැබුනු ඒ වස්තුව මට මහා මෙරකටත් වඩා වටිනවා.ඒ වස්තුව තමයි මගේ දරුවා….
මතු සම්බන්ධයයි……