පතිනියකගේ විලාපය💕🌹
💌ඊට පහුවෙනිදා උදේ හර්ෂණ වැඩට ගියාට පස්සේ මායි හේෂාන් මල්ලියි නිරාශාගෙ ගෙදර ගියා.හේෂාන් මල්ලි නිරාශාගෙ ගෙවල් දන්න නිසා අපිට ඒ ගෙදර හොයා ගන්න එක අපහසු වුනේ නැහැ.

“මේ තියෙන්නේ අක්කේ නිරාශාගෙ ගෙදර…..”

බ්ලොක් ගලින් හදපු කපරාදු නොකරපු හදාගෙන එන ගෙයක් නිරාශාට තිබුනේ. ඒ ගෙදර මිදුලේ තැනින් තැන ලස්සන මල් වර්ග වවලා තිබුනා.හේෂාන් මල්ලි ගේ දොරකඩටම ගිහින් කතා කරා.ටික වෙලාවකින් දොරත් ඇරගෙන එලියට ආවේ නිරාශා.එදා මියුසිකල් ෂෝ එක දවසේ රෑ දැක්කට වඩා අද නිරාශාගෙන් ලොකු වෙනසක් මට පෙනුනා.නිරාශා මාව දැකපු ගමන්ම බය වුනා.

“මේ….නෝනා මෙහේ……”

“නිරාශා මේ අපෙ අයියගෙ වයිෆ් චමත්කා……”

හේෂාන් මල්ලි මාව නිරාශාට අදුන්වලා දුන්නා.

“එන්න නෝනා ගේ ඇතුලට.එන්න හේෂාන් මහත්තයා ගේ ඇතුලට……”

මායි හේෂාන් මල්ලියි දෙන්නම ගේ ඇතුළට ගිහින් ඉද ගත්තා.මේ ගෙදර නිරාශා තනියමද ඉන්නේ.මං වටපිට බැලුවත් ගේ ඇතුලෙ වෙන කවුරුවත් ඉන්න බවක් පෙනුනේ නැහැ.

“නිරාශා මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි.අපි චුට්ටක් එලියට යමුද?……”

“කමක් නෑ නෝනා ඕනිම දෙයක් මෙතනදී කතා කරමු.ගේ ඇතුලේ වෙන කව්රුවත් නෑ.අම්මා වැඩට ගිහින්……”

කොතනින් පටන් ගන්නද කොහොම කතා කරන්නද කියලා මට හිතා ගන්න බැරි වුනා.නිරාශාගෙ මුහුණ බයකින් වගේම දුකකිනුත් පිරිලා තිබුනා.මේ ප්‍රශ්නෙ කොහොම කතා කරලා විසද ගත්තත් අන්තිමට මට හරි නිරාශාට හරි තනි වෙලා හූල්ලන්න සිද්ද වෙනවා. මොහොතක් අපි තිදෙනා අතරේ පැවතුනේ දැඩි නිශ්ශබ්දතාවක්.අන්තිමට මං කතා කරා.

“මං මේ ගැන හර්ෂණගෙන් කීප සැරයක්ම ඇහුවා.ඒත් මට හර්ෂණ ඇත්ත කියන්නෙ නැහැ නිරාශා.ඇත්ත හංගගෙන ඉදලා අපිට මේ ප්‍රශ්නෙ කවදාවත් විසද ගන්න ලැබෙන්නෙ නෑ.ඒ හින්දා මං මේ හදිස්සියෙ හේෂාන් මල්ලිත් එක්ක ඔයාව හොයාගෙන ආවෙ මේ ප්‍රශ්නෙ කොහොම හරි විසදගන්න.මට ඇත්ත කියන්න නිරාශා.හර්ෂණ කියන්නෙ එක දෙයයි.ඒ ඔයාට ලැබෙන්න ඉන්න දරුවා එයාගෙ නෙවෙයිලු.මට කියන්න ඒක ඇත්තද?……”

බොහොම අමාරුවෙන් මං එහෙම ඇහුවා.ඒත් මං බලාපොරොත්තු වෙච්ච කේන්තිය,වෛරය නිරාශාගෙ මුහුණෙන් පෙනුනේ නැහැ.ඒ වෙනුවට නිරාශාගෙ මුහුණෙ තිබුනෙ පුදුම අසරණකමකුත් එක්ක දරා ගන්න අපහසු දුකක්.😥😫

“මට ඔයාගෙන් හංගන්න කිසිම දෙයක් නෑ චමත්කා නෝනා.මේ ලැබෙන්න ඉන්න දරුවගෙ තාත්තා හර්ෂණ තමයි.වෙන කෙනෙක්ගෙ අතින් අමාරුවෙ වැටිලා ඒකට හර්ෂණව ගාවන්න තරම් මං පව්කාර නෑ නෝනා.හර්ෂණ මාව අවිශ්වාස කරන්න එකම හේතුව එයාගෙ අම්මා අපේ සම්බන්දෙ නතර කරන්න කරපු දේවල්……”😭😭

මට නිරාශා ගැන ඇති වුනේ ලොකු අනුකම්පාවක්.

“මං ඒ ගැන චමත්කා අක්කට කියලා තියෙන්නේ නිරාශා……”

හේෂාන් මල්ලි නිරාශාට එහෙම කිව්වා.

“මං මහා පුදුම පව්කාර ගෑනියෙක් නෝනා.හර්ෂණ නරක කෙනෙක් නෙවෙයි.එයා මට මහා පුදුම විදියට ආදරේ කරේ.මේ හැම විනාශයක්ම සිද්ද වුනේ හර්ෂණගේ අම්මා නිසයි……”😭😭

මට හර්ෂණගේ අම්මා ගැන ඇතිවුනේ පුදුම විදියෙ කලකිරීමක්.එයාගෙ සල්ලි,බලය තණ්හාව හින්දා අද නිරාශාට තාත්තෙක් නැති දරුවෙකුට අම්මා කෙනෙක් වෙන්න සිද්ධ වෙලා.

“දැන් මාස කීයද නිරාශා.මේ ගැන ඔයාගෙ අම්මා දන්නවද?……”

“දැන් මාස දෙකයි නෝනා.මේ ගැන අම්මා දන්නවා.එදා අම්මා නොසෑහෙන්න ඇඩුවා.මට දුක මං හින්දා මගෙ අම්මා හරියට දුක් විදිනවා.මේ ගැන හර්ෂණගේ අම්මලා දැන ගත්තොත් මගෙ දරුවගෙ ජීවිතේ මගෙන් උදුර ගනියි කියලා මට බයයි නෝනා.ඒ හින්දා අපි සද්දෙ නැතුව ඉන්නවා……”😭😭

මොන දේ වුනත් නිරාශා එයාට ලැබෙන්න ඉන්න දරුවට ගොඩාක් ආදරේ කරා. තාත්තව අහිමි දරුවෙක් වුනත් දරුවා ගැන නිරාශාගෙ හදවතේ තියන මව් සෙනෙහසේ අඩුවක් නම් නෑ.ඒත් මට නිරාශා කියපු දෙයක් ගැන අමුත්තක් දැනුනා.නිරාශා කිව්වේ එයාගෙ කුසට තාම මාස දෙකයි කියලනේ.හර්ෂණයි මායි විවාහ වෙලා දැන් මාස හයකටත් කිට්ටුයිනෙ……..🤔🤔🤔

“ඇයි නිරාශා ඔයා හර්ෂණ මාව කසාද බැන්දා කියලා දැන දැනත් එයත් එක්ක සම්බනදකම් තියාගත්තේ.දැන දැනම ඔයා අමාරුවෙ වැටිලා ඇයි මෙච්චර මෝඩ වුනේ?……”

“මට හර්ෂණව අමතක කරන්න බෑ නෝනා.මං එයාට පණටත් වඩා ආදරෙයි. ඒත් මං එදා හර්ෂණට කිව්වා අපි මේ කරන්නෙ වැරැද්දක් කියලා.ඒත් හර්ෂණ මං කියපු දේවල් ඇහුවෙ නැහැ.හැගීම් වලට වහල් වෙලා මං කරගත්තේ ලොකු වැරැද්දක් කියලා මට දැන් තේරෙනවා……”

ප්‍රශ්නෙ විසදගන්න කියලා නිරාශාව හොයාගෙන ආවත් ඒක තවත් දිග්ගැස්සුනා මිසක් විසදුනේ නැහැ. කරන්නෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරි වුනා.

“චමත්කා නෝනා😭😭🙏🙏……”

නිරාශා අත් දෙක එකතු කරගෙන මගේ දෙපා පාමුල වැද වැටුනා.මගෙ පපුව හෝස් ගාලා පත්තු වුනා.මගේ ඇස් වලින් වැටුනු කදුලු නිරාශාගෙ හිස මත පතිත වුනා.😢😢

“මට සමාවෙන්න නෝනා.නෝනාට උප උපන් ජාති ජාතිත් පින් සිද්ධ වෙනවා.මං ගැන නෙවෙයි මගෙ බඩේ ඉන්න මේ දරුවා ගැන හිතලා මට හර්ෂණව දෙන්න.මගෙ දරුවගෙ තාත්තව මට දෙන්න නෝනා……”😭🙏

දෙයියනේ මං කොහොමද නිරාශාගෙ ඒ ඉල්ලීම ඉශ්ඨ කරන්නේ.මගෙ පපුව පැලිලා යනවා වගේ මට දැනුනා.මං හර්ෂණට ආදරෙයි.මං හර්ෂණගේ නීත්‍යානුකූල බිරිඳ.ඒත් හර්ෂණ මුල ඉදලාම ආදරේ කරලා තියෙන්නේ නිරාශාට.හර්ෂණගේ අම්මගේ වැරදි නිසා හර්ෂණට නිරාශාව එපා වුනත් ඒ දෙන්නගේ මැද්දට ඇවිත් මං වැරදිකාරියක් වුනා කියන හැගීම මට ඇති වුනා.අන්සතු වස්තුවක් උදුරගෙන නොදැනුවත්කමින් හරි මං කරලා තියෙන්නේ වැරැද්දක් කියලා මට දැනුනා.

නිරාශා තාමත් මගේ දෙපා මුල වැද වැටිලා කදුලු හලනවා.😭😭මගෙ මුලු ආත්මයම මගේම දෙපා මුලම කඩාගෙන වැටුනා වගේම වගේ මට දැනුනා.මං කොහොමද දෙයියනේ නිරාශාගෙන් හර්ෂණව උදුරගෙන ඒ බඩේ ඉන්න අහිංසක දරු පැටියගෙ ජීවිතේ විනාශ කරලා දාන්නේ.😢😢මට බෑ ඒ අපරාධෙ කරන්න.බොහොම අමාරුවෙන් හරි මං තීරණයක් ගත්තා නිරාශාගෙ ජීවිතේ එයාගෙ ආදරේ එයාට දෙන්න.😥😥

මං පාත් වෙලා නිරාශාව දෑතින්ම අල්ලලා නැගිට්ටෙව්වා.ඒ දෑස් කදුලින්ම සේදිලා බොදවෙලා තිබුනා.මං නිරාශාව මගේ පපුවට තුරුල් කර ගත්තා.

“අ….අඩන්න එපා නිරාශා.මං….මං ඔයාගෙ හර්ෂණව ඔයාට ආපහු බාර දෙනවා.මේ දරුවගෙ තාත්තව මං උදුර ගන්නෙ නෑ.මට ටික දවසක් දෙන්න.හැම දෙයක්ම මං හරි ගස්සන්නම්.😢😢

බොහොම අමාරුවෙන් හරි මං ඒ වචන ටික නිරාශා ඉස්සරහදි පිට කර ගත්තා. ඊට පස්සේ මං ගෙදර ආවේ දැඩි හිස් බවකින්.හේෂාන් මල්ලි මාත් එක්ක කතා කරේවත් නැහැ.එයාට වුනත් හර්ෂණ කරපු දෙවල ගැන කේන්තියක් ඇති.

මතු සම්බන්ධයයි……

Advertisment