නෑ හර්ෂණ මට අද ඔයත් එක්ක මේ ප්‍රශ්නෙ විසදගන්නම ඕනි.මේ ගැන කතා නොකර සද්දෙ නැතුව හිටියා කියලා මේක විසදෙන්නෙ නෑ.කරුණාකරලා මට ඇත්ත කියන්න හර්ෂණ කව්ද ඒ නිරාශා කියන්නේ?ඔයා එදා නම් කිව්වේ ඒ කෙල්ල ඔයාගෙ බාප්පගෙ දුව කියලා. ඔයා මට බොරු කිව්වෙ හර්ෂණ……”😠
මගෙ හිත පුරාම පැතිරිලා ගියේ හර්ෂණ මට බොරු කියලා මාව රැවැට්ටුවා කියන හැගීමයි.දෙයියනේ කසාද බැදලා එක දවසක් අපිට සන්තෝශෙන් ඉන්න ලැබුනද?😥😥
“මේ අහන්න චමත්කා….ඒ කෙල්ල කියන්නේ බොරු……”
“ඔයා කියන්න හදන්නේ හර්ෂණ ඔයාගෙයි ඒ කෙල්ලගෙයි අතර කිසිම සම්බන්දයක් තිබුනෙ නෑ කියලද?……”
“ඔව් චමත්කා මං ඒ කෙල්ලව ආශ්‍රය කරේ යාලුවෙක් හැටියට විතරයි…..”
මට හර්ෂණ කියන දේවල් සත පහකට විශ්වාස නැහැ.යාලුවෙක් හැටියට විතරක් ආශ්‍රය කරලා මේ වගේ බරපතල චෝදනාවක් ඒල්ල වෙන්නෙ නෑ.හර්ෂණ මට ඇත්‍ත කියන්නේ නැහැ.
“මට බොරු කියන්න හදන්න එපා හර්ෂණ ඔයයි ඒ කෙල්ලයි අතරෙ සම්බන්දයක් තිබිල තියනවා.නැත්නම් කවදාවත් කෙල්ලෙක් හේතුවක් නැතුව ඔය වගේ බොරු චෝදනාවක් කරන්නෙ නෑ……”😠
“දැන් එතකොට තමුසෙට මට වඩා අරකිව ලොකු වුනාද?……”🤬
මගේ කොන්ඩෙන් අල්ලලා ඇදලා හර්ෂණ මගෙන් එහෙම ඇහුවේ හිත පුරා වෛරය ගලාගෙන යද්දී.
“ආව්…මගෙ කොන්ඩෙ අතාරිනවා හර්ෂණ…….මට නිරාශාව ලොකු වුනා නෙවෙයි.මට හොදට තේරෙනවා නිරාශා ඔයාට එල්ල කරන චෝදනාව සම්පූර්ණයෙන්ම බොරු නෙවෙයි…..”😢
මං කෑගහලා එහෙම කියද්දියි හර්ෂණ මගෙ කොන්ඩෙ අතෑරියේ.පුටුවක් උඩ වාඩි වෙලා අත් දෙකම ඔලුවෙ තියාගෙන හර්ෂණ කල්පනා කරා.මං දන්නවා මට ඇත්ත නොකිව්වට හර්ෂණ මේකට වැරදිකාරයා තමයි.දෙයියනේ හර්ෂණ නිරාශාගෙ බඩේ ඉන්න දරුවගෙ තාත්තා කියලා ඔප්පු වුනොත් මට හර්ෂණව අහිමි වෙයිද?😭😭මං ඇදෙන් නැගිටලා හර්ෂණ ලගට ගියා.කෑ ගහලා මේ ප්‍රශ්නෙ විසදගන්න බැහැ.මං හර්ෂණගෙන් හොදින් කරුණාවෙන් මේ ගැන ඇහුවා.
“අපි දෙන්නා රණ්ඩු වුනා කියලා මේ ප්‍රශ්නෙ විසදගන්න බෑ හර්ෂණ.මට ඇත්ත කියන්න.අපි දෙන්නම එකතු වෙලා මේක කොහොම හරි විසදගමු……”
කිසිම දෙයක් නොකියා මාවත් පැත්තකට තල්ලු කරලා හර්ෂණ කාමරෙන් ගියා.ඒ බිම වැටිලා ටයිල් පොලවේ ඉදන් මං හොදටම ඇඩුවා.😭😭අනේ ඇයි හර්ෂණ මට මෙහෙම කරන්නේ?මං හර්ෂණට මේ තරම් ආදරේ කරේ මේ තරම් දුකක් උහුලගන්නද?
දවස් දෙකකට පස්සේ හර්ෂණ ආපහු වැඩට ගියා.ඒ විශාල ගෙදර හිටියේ මමයි හර්ෂණගේ අම්මයි,වැඩකාර ගෑනු කෙනයි විතරයි.මට මහා ලොකූ අසරණකමක් දැනුනා.හර්ෂණව කසාද බැදලා එයත් එක්ක ගෙවන ඉදිරි ජීවිතේ ගැන මං කොයි තරම් හීන දැක්කද?ඒත් අද ඒ හීන සේරම හීනයක්ම විතරක් වෙලා.කවදාවත් ඒවා සැබෑ නොවන තරමටම මගෙන් දුර ඈතට ඇදීලා ගිහිල්ලා.
“අක්කේ මොකද මේ බර කල්පනාවක…..”
හේෂාන් මල්ලි මං ගාවටම එනකල් මං දැක්කෙ නැහැ.
“මේ….මොකුත් නැහැ මල්ලි.අද මල්ලිට නිවාඩුද?……”
“ඔව් අක්කෙ දවස් හතරක්ම නිවාඩුයි. ෆැක්ට්‍රියෙ කට්ටියම ට්‍රිප් එකක් ගියානෙ……”
“අපරාදෙනෙ ඇයි ඔයා නොගියෙ…..”
“උන් යන්නෙ අක්කෙ පොලොන්නරු, අනුරාධපුරයේ පැත්තේ.මං මාස දෙකකට කලිනුත් එහෙ ගියා අපේ ස්කූල් ටීම් එකත් එක්ක.ආයෙ යන්න කම්මැලියි……”
“මට අහන්නත් බැරි වුනා මල්ලී.අපේ ගෙදරින් නංගී ගැන මොකද කිව්වේ……”
“කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ අක්කේ. අක්කගෙ අම්මයි තාත්තයි මාව ඒ ෆැමිලි එකේ පොඩි බෑනා කරගන්න කැමැත්ත දීලා ඉවරයි……”😀😀
“මගේ සුභ පැතුම් මල්ලී….ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනි……”
හර්ෂණ මට මේ වගේ දුකක් දුන්නට හේෂාන් මල්ලි කවදාවත් මගේ නංගිට මේ වගේ දුකක් දෙන එකක් නෑ කියලා මට හිතුණා.
“අක්කෙ මං අක්කගෙන් දෙයක් අහන්න හිටියේ.අයියා අක්කට මොනව හරි කිව්වද?……”
“න්….නෑ මල්ලී.ඇයි?……”
“අක්කා නෑ කිව්වට මං දන්නවා ඊයෙ අක්කා අයියත් එක්ක මේ ගැන කතා කරනවා මට ඇහුනා.පව්ලෙ ප්‍රශ්නයක්නෙ කියලා හිතලා මං මේකට අත නොදැම්මෙ.ඒත් මට හිතෙනවා අපෙ අයියා කරන්නෙ ලොකු වැරැද්දක් කියලා……”
මට හේෂාන් මල්ලිව මගේ නංගි තරමටම විශ්වාසයි.නිරාශා ගැන හේෂාන් මල්ලි මොනවහරි දන්නවා ඇති කියලා මට හිතුණා.කාටවත්ම නොකියන පොරොන්දුව පිට මං හේෂාන් මල්ලිගෙන් මේ ගැන ඇහුවා.
“මං අක්කට ඇත්තම කියන්නම්.නිරාශා කියන්නේ අපෙ අයියගෙ කලින් ගර්ල් ෆෙන්ඩ්.ඒ දෙන්නා ගොඩාක් ආදරෙන් හිටියේ.ඒත් අපේ අම්මයි තාත්තයි නිරාශාට කැමති නෑ…….”
“ඒ ඇයි නිරාශා නරක කෙනෙක්ද?……”
“නෑ අක්කෙ නිරාශා එහෙම නරක කෙනෙක් නෙවෙයි.නිරාශා දුප්පත් හින්දයි අපේ ගෙදරින් එයාට අකමැති. අම්මයි තාත්තයි කොයි තරම් කිව්වත් අයියා නිරාශාව අමතක කරේ නෑ. අන්තිමට අම්මයි තාත්තයි තීරණේ කරා අයියට ගැලපෙන තැනකින් කසාදයක් බන්දලා දෙන්න.ඔයාව අයියට යෝජනා කරාම අයියා මුලින්ම මේකට කැමති වුනේ නෑ.අන්තිමටයි කැමති වුනේ.ඒත් ඒ අම්මා කරපු දෙයක් හින්දා……”
“එ….අ….අම්මා මොකද කරේ…..”
“අම්මා නිරාශාව හොයාගෙන එයාලගේ ගෙදරටම ගියා.ගිහිල්ලා නිරාශාට සල්ලි දීලා කිව්වා කොහොම හරි හර්ෂණගේ ජීවිතෙන් ඈත් වෙන්න කියලා.ඒත් නිරාශා බැහැම කිව්වා.අම්මා නිරාශාට තර්ජනේ කරා හර්ෂණව මැරුවත් නිරාශාට කසාද බන්දලා දෙන්නෙ නෑ කියලා.අන්තිමට නිරාශා කැමති වුනා අම්මා කියපු දේ කරන්න.අම්මා අදුරන අපේ අයියගේ වයසෙම කෙනෙක් එක්ක නිරාශා අපෙ අයියට පේන්න එහෙ මෙහෙ ගියා.ඒ දෙන්නා අතර සම්බන්දයක් තියනවා කියලා අපෙ අයියට දැනෙන්න ඉඩ ඇරියා.ඒ ඔක්කොම අපෙ අම්මගෙ ප්ලෑන්.පස්සෙ තමයි අයියා නිරාශාව අමතක කරලා ඔයාව මැරි කරන්න කැමති වුනේ……”
අනේ දෙවියනේ මොනවද මේ සිද්ද වෙලා තියෙන්නේ.මෙයාලා හැමෝම එකතු වෙලා මගේ ජීවිතේ විනාශ කරලා දැම්මා නේද?නිරාශාගෙන් හර්ෂණව උදුරගෙන මට බන්දලා දීලා නිරාශාගෙ ජීවිතෙත් විනාශ කරලා.මටත් නොදැනීම මගේ ඇස් වලින් කදුලු ගලාගෙන ගිහිල්ලා ඒ කදුලු මහ පොලව මත පතිත වුනා.😭😭
“එතකොට නිරාශාට ලැබෙන්න ඉන්න දරුවගෙ තාත්තා හර්ෂණද?……”
මං එහෙම ඇහුවා විතරයි හේෂාන් මල්ලි ඔලුවෙ අත ගහගත්තා.
“ඇ…..ඇයි මල්ලී?මොකද වුනේ?……”
“ඒ කියන්නේ අපි හිතුවටත් වඩා ප්‍රශ්නෙ දුර දිග ගිහිල්ලා.නිරාශා ප්‍රෙග්නන්ට් කියලා අක්කා කොහොමද දන්නේ?……”
එදා මියුසිකල් ෂෝ එකට ගිහින් එන ගමන් සිද්ද වෙච්චි හැම දෙයක්ම මං හේෂාන් මල්ලිට කිව්වා.
“ශික්…..මං හිතුවෙ නෑ අපේ අයියා මේ වගේ වැඩක් කරයි කියලා……”
“මල්ලි ඔයා දන්නවද නිරාශාගෙ ගෙවල් කොහෙද තියෙන්නේ කියලා?……”
“ඔව් අක්කෙ ඇයි?……”
“අපි දෙන්නා නිරාශාගෙ ගෙදර යමු.මට නිරාශාත් එක්ක කතා කරන්න ඕනි……”
මතු සම්බන්ධයයි……