උදෑසන හතයි දාසයට යෙදුණු සුභ මොහොතින් පෝරුවේ චාරිත්ර කෙරුනා. අපේ විවාහය සදහා සුබ පතන්න විශාල නෑදෑයන් පිරිසක් හිතවතුන් වගේම මිතුරු මිතුරියන් රැසක්ම පැමිණ සිටියා. ඒ සියල්ලන්ගේම මුහුණු වල තිබුනේ උතුරා යන තරමේ සන්තෝශයක්.
විවාහයේ දෙවෙනි මනාලිය ලෙස මගේ නංගීත්,දෙවෙනි මනාලයා ලෙස හර්ෂණගේ මල්ලීත් සිටියා.නංගීත් හේෂාන් මල්ලීත් අපි දෙන්නා දිහා බලලා මොන මොනවදෝ කියලා හිනා වෙනවා.
“හෂී….අර බලන්නකෝ අර කපල් එක…..”
මං හර්ෂණට නංගිවයි මල්ලිවයි පෙන්නුවා.
“මරු කපල් එක උන් දෙන්නා.දෙන්නා හොදට මැච් වෙනවා චමත්කා……”
විවාහයට පැමිණි සියලූම දෙනා අපි දෙදෙනාට සුභ පැතුම් එක් කලා.🤝🤝
සවස හතර පමණ වන විට උත්සවයේ වැඩ කටයුතු අවසන් වුනා.
“හෂී…..ඉක්මනට එන්නකෝ අනේ.දැන් ඔයා පැය කීයක් බාතෲම් එකට වෙලා ඉන්නවද?……”
හෂී බාතෲම් එකේ ඉදන් එලියට එන්න පරක්කු නිසා මං කෑ ගහලා දොරට තට්ටු කරා.විනාඩි පහක් විතර යනකොට හෂී දොර ඇරගෙන එලියට ආවා.
“මොනවද අනේ ඔච්චර වෙලා ඕක ඇතුළට වෙලා කරේ.මං කී සැරයක් දොරට තට්ටු කරාද?……”
“යකෝ අනික් එවුන් යන වැඩේටම තමයි මාත් මේකට ගියේ.යනවා ගිහින් හොදට නා ගන්නවා.අවුරුද්දකින් විතර නාලා නෑ වගේ කෑ ගහනවා……”😁😁🤣
“මෝඩයා…..”🤣😂
මං බාතෲම් එකට ගිහින් හොදට නා ගත්තා.මුලු දවස තිස්සෙම දාඩිය පිටින් එකම ඇදුමට හිර වෙලා ඉදලා නාගෙන ඉවර වුනාට පස්සේ තමයි සැහැල්ලුවක් දැනුනේ.මං කාමරේට එද්දී හර්ෂණ කාමරේ හිටියේ නැහැ.බැල්කනියට වෙලා කාටදෝ මන්දා කෝල් කර කර හිටියේ.මං හිමිහිට පිටි පස්සෙන් ගිහින් හර්ෂණගේ උරහිසට හේත්තු වුනා.
“මං පස්සෙ ගන්නම් මචං…..”
එහෙම කියලා හර්ෂණ ෆෝන් එක කට් කරා.
“කව්ද හෂී කෝල් කරේ?…..”
“යාලුවෙක් මැණික.උන් මාව ජෝක් එකට අරන්.විහිලු කරනවා……”
“ඔයාට ඉන්නේ මාර යාලුවෝ තමයු හෂී. මතකද අපි හොටෙල් එකට එන්න හදද්දී කියපුවා……”😁🤣😂
මං එහෙම කිව්වේ තරහින් නම් නෙවෙයි. හරිම ආදරණීය බවකින්.
“යමුද කන්න.මට නම් බඩගිනියි…..”
“ඔයා යන්න හෂී.මං ඔලුව පිහදාගෙන එන්නම්.තාම කොන්ඩෙ තෙතයි…..”
හෂී පල්ලෙහාට ගියා.මං ටවල් එකෙන් ඔලුව පිහදාගෙන පල්ලෙහාට යන්න හැදුවා.ඒත් එක්කම හෂීගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.එවලෙයි මං දැක්කේ හෂී ෆෝන් එක කාමරේ දාලා ගිහින් කියලා.මං බැලුවා කාගෙන්ද ඒ මැසේජ් එක කියලා.
‘oya dannavada harshana,ada man hitiye mona tharam dukakinda kiyala.oya vena kenekta ayithi vuna kiyla danunama mata daraa ganna baha.mata oyata vadagat deyak kiyanna tiyanava.puluvan taram ikmanata mava meet venna.man oyage nirasha’
දෙයියනේ කව්ද මේ නිරාශා කියන්නේ?මං ෆෝන් එකත් අරගෙන එහෙම්ම ඇද උඩින් වාඩි වුනා.මගේ මුලු ඇගම වෙව්ලන්න වුනා.මේක කවුරු හරි හර්ෂණගේ යාලුවෙක් හරි කරපු විහිලුවක්ද?මට එහෙමත් හිතුණා.ඒත් එක්කම එකපාරටම මට මතක් වුනේ එදා මං ලයිබ්රි එකට ගිහින් එන ගමන් බුක් ශොප් එක ලගදී හර්ෂණත් එක්ක හිටපු ගෑනු ළමයව.ඒ ගෑනු ළමයා හර්ෂණත් එක්ක ඉන්නවා නංගීත් දැකලා තිබුනනේ.මට බයක් වගේම සැකයකුත් හිතට දැනුනා.මං හර්ෂණගේ ෆෝන් එකේ ෆොටෝ ගැලරිය චෙක් කරලා බැලුවා.අපේ වෙඩින් එකේ ගත්තු ෆොටොයි තවත් ෆොටෝ පනහක් විතර ෆෝන් එකේ තිබුනා.ඒත් ඒ නිරාශා කියන ගෑනු ළමයගේ එක ෆොටෝ එකක්වත් තිබ්බේ නැහැ………කොයි තරම් කාලයක් ගෙවුනද කියලා මට දැනුනේ නැහැ.කෑම කන්න මං පල්ලෙහාට ගිය නැති හින්දා හර්ෂණ ආපහු කාමරේට ආවා.
“ඔයා ඇයි තාම පරක්කු චමත්කා.කන්නෙ නැද්ද අද?……”
එහෙම කියමින් හර්ෂණ මගේ ලගට ආවා.හර්ෂණ දැක්කා මගෙ අතේ එයාගෙ ෆෝන් එක තියනවා.ඒක දැකලා හර්ෂණගේ මුහුණ අමුතු වුනා.මං උවමනාවෙන්ම හර්ෂණගේ මුහුණ දිහා බැලුවා.ඒ ඇස් මගෙන් මොනවා හරි දෙයක් හංගන්න හදනවා කියලා මට තේරුණා.මං ඒ ගැන හර්ෂණගේ ඇහුවා.
“මට ඇත්ත කියන්න හර්ෂණ.කව්ද මේ නිරාශා කියන්නේ?මොකක්ද මේ මැසේජ් එකේ තේරුම?……”😫
“කෝ දෙනවා ෆෝන් එක මෙහාට…..”
එහෙම කියලා හර්ෂණ ෆෝන් එක මගෙ අතින් උදුරලා ගත්තා.හර්ෂණ මගෙන් මොනවහරි දෙයක් හංගනවා කියලා මට හොදටම තේරුණා.මට හිතට බයක් දැනුනා ඒ නිරාශා කියන ගෑනු කෙනා මගෙන් හර්ෂණව උදුර ගනියි කියලා.
“ඔයා සද්දෙ නැතුව ඉන්න එකෙන් මගෙ සැකය තවත් වැඩි වෙනවා හර්ෂණ.පින් සිද්ද වෙයි මට කියන්න කවුද මේ නිරාශා……”
“මේ අහන්න චමත්කා මේක කවුරු හරි යාලුවෙක් අපිව කොටවන්න කරපු වැඩක් වෙන්න ඇති.ඔයා නිකන් බොරුවට මාව සැක කරන්න එපා……”
හර්ෂණ එහෙම කිව්වත් මගේ හිතේ තිබුනු බර අඩු වුනේ නැහැ.එදා රාත්රියම මං ගෙව්වේ කදුලු කැට හිතේ හිර කරගෙනයි.යුවතියක් තමන්ගේ මංගල රාත්රියේදී ඉන්නේ කෙතරම් සතුටින්ද?ඒත් මං හිටියේ ගිනි ගොඩක් මැද්දේ.මගේ හිත මත පැටවිලා දරා ගත නොහැකි තරම් වූ බරක්.
හර්ෂණගේ අම්මයි තාත්තයි මල්ලියි අපි දෙන්නව ඉතාමත් හොදින් සතුටින් පිලි ගත්තා.අපේ වෙඩින් ෆොටෝ එක ලොකුවට රාමු කරලා සාලෙ එල්ලලා තිබුනා.හර්ෂණගේ කාමරේ අපි දෙන්නා වෙනුවෙන් ලස්සනට සකස් කරලා තිබ්බා.
“චමත්කා….මට තව දවස් තුනකින් ආපහු වැඩට යන්න තියනවා.ඔයාට කම්මැලි නෑනෙ තනියම ඉන්න.අම්මත් ඉන්නවනේ……”
“අනේ එහෙම කම්මැලි කමක් නෑ හර්ෂණ.අපි රෑට කොහේ හරි යමුද?ටව්න් එකේ මියුසිකල් ෂෝ එකක් තියනවා.අපි දෙන්නා යමුකෝ ඒක බලන්න……”
“හ්ම්ම්.හා යමුකෝ.කාලෙකින් ගියෙත් නෑ මියුසිකල් ෂෝ එකක් බලන්න……”
හර්ෂණයි මායි දෙන්නා එදා රෑ ගියා ටව්න් එකේ තිබ්බ ඒ මියුසිකල් ෂෝ එක බලන්න.අපි දෙන්නා අයිස් ක්රීම් කප් දෙකක් කකාම ඒ මියුසිකල් ෂෝ එක බැලුවා.ගොඩාක් සෙනග ඇවිත් හිටියා ඒ ග්රවුන්ඩ් එකට.රෑ එකොළහ විතර වෙනකල් අපි දෙන්නා ඒ මියුසිකල් ෂෝ එක බැලුවා.
“හර්ෂණ අපි දැන් යමුද මට නම් නිදිමතත් එක්ක……”
“හා යමු එහෙනම්.මටත් දැන් නිදි මතයි වගේ……”
හර්ෂණයි මායි කාර් එක ළගට එනකොටම වගේ කව්දෝ මන්දා ගෑනු ලමේක් හර්ෂණගේ නම කියාගෙන අපි ලගට දුවගෙන ආවා.වෙලාව රෑ එකොළහමාර වුනත් පාරේ විදුලි පහන් කණු වල එලියෙන් මට ඒ ගෑනු ළමයගේ මුහුණ හොදට පෙනුනා.😱දෙයියනේ මේ අර එදා බුක් ශොප් එක ලග හිටපු ගෑනු ලමයා නේද?😱😱
“ඇයි හර්ෂණ ඔයා මේ විදියට මාව මගාරින්න හදන්නේ?ඔයා මෙයා හින්දා මාව අමතක කරන්නද හදන්නේ?ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ හර්ෂණ……”
ඒ ගෑනු ළමයා හර්ෂණගෙන් එහෙම අහපු විදියට මට හොදටම බයත් හිතුණා.හැබැයි හර්ෂණ හිටියේ නම් හොදටම කලබල වෙලයි.
“කව්ද හර්ෂණ මේ කෙල්ල?ඇයි ඔයා කතා කරන්නෙ නැත්තේ.මොනවද මෙයා මේ අහන්නේ?……”
බැරිම තැන මං හර්ෂණගෙන් එහෙම ඇහුවා.
“මේ නිරාශා තමුසෙ දැන් මෙතනින් යනවා යන්න.මට තමුසෙත් එක්ක කතා කරන්න දෙයක් නෑ……”😡😡
කෝපයෙන් හර්ෂණ එසේ කිව්වත් නිරාශා එතනින් ගියේ නැහැ.
“ඔව් දැන් ඔයාට මගෙන් වැඩක් නැතුව ඇති හර්ෂණ.මගෙ ජීවිතේ විනාශ කරලා ඔයා හදන්නේ මාව පාරට ඇදලා දාන්නද?……”😥
දෙයියනේ😱😱මොනවද මේ නිරාශා කියන්නේ??හර්ෂණ එයාගෙ ජීවිතේ විනාශ කරා කියලා.නෑ හර්ෂණ එහෙම කෙනෙක් නෙවෙයි.මට තව දුරටත් නිරාශා හර්ෂණට ඒ විදියට චෝදනා කරනවා අහගෙන ඉන්න බැරි වුනා.
“මේ තමුං කව්ද මගෙ මහත්තයට මේ විදියට මේ විදියට කතා කරන්නේ?මගෙ හර්ෂණ ඔය තමුසෙ කියනව ජරා මිනිහෙක් නෙවෙයි……”🤬🤬
ඒත් මගේ ඒ වචන වලට නිරාශා බය වුනේ නැහැ.එයාගෙ මුහුණේ තිබුනේ ලොකු උපහාසාත්මක බවක්.
“මේ ඔයා කව්ද කියන්න මං දන්නෙ නෑ නෝනා.ඒත් ඔයාගෙ මහත්තයා මහ ජරාම ජරා මනුස්සයෙක්.ඒක ඔප්පු කරන්න මං ලග ඕන තරම් ශාක්කි තියනවා.මෙයා හින්දා මං අම්මා කෙනෙක් වෙන්න යන්නේ……”😭😭
එහෙම කියලා ඒ ගෑනු ළමයා හයියෙන් අඩන්න පටන් ගත්තා.මගෙ ඇග පුරාවටම කරන්ට් එක වැදුනා වගේ දැනුනා.අනේ දෙවියනේ මේ මොනවද සිද්ද වෙන්නේ.හර්ෂණ දෑතින්ම ඔලුව බදාගෙන අහක බලන් හිටියා.මහ මූසල දිගු නිහැඬියාවකින් කාලය ගෙව්නා.
“නිරාශා තමුං හදන්නේ මාව නැති කරලා දාන්නද?එක එකා එක්ක අවලමේ ගිහිල්ලා ළමයි හදාගෙන දැන් එනවද ඒ පව් මගේ කරපිටින් දාන්න…..”🤬
හර්ෂණ සද්දෙ නැතුව හිටියේ නෑ.ඒත් නිරාශා බඩත් අල්ලගෙන හර්ෂණ ඉස්සරහ වැද වැටීගෙන ඇඩුවා.නිරාශා අඩන හැටි දැකලා මට දුකකුත් දැනුනා. ඒත් නිරාශා ඉස්සරහ හර්ෂණව අසරණ කරන්න මට බැහැ.වෙන්නෙ මොනවද කියලා මට හරි හැටි මට හිතාගන්න බැරි වුනත් මං හර්ෂණ වෙනුවෙන් කතා කරා.
“අපි යමු හර්ෂණ ගෙදර.මේ තමුංට මං හොදින් කියන්නේ නිරාශා,එක එකාත් එක්ක වටේ ගිහිල්ලා ලමයි හදාගෙන එන්න එපා මගේ මහත්තයගේ ඇගේ එල්ලෙන්න.මගෙ මහත්තයා එහෙම කෙනෙක් නෙවෙයි.අපි යමු හර්ෂණ……”
මං හර්ෂණත් එක්ක කාර් එකට නැග්ගා.
ගෙදරට එනකල්ම අපි අතරේ තිබුනේ නිහැඩියාවක්.කාමරේට ආපු ගමන්ම මං ඇදට වැටිලා නිදා ගත්තා.හෙට හර්ෂණත් එක්ක කතා කරනවා කියලා හිතා ගත්තා.
පහුවදා උදෙන්ම මං නැගිටලා ගෙදර හැමෝටම තේ හදලා දුන්නා.☕☕
“ගුඩ් මෝනිං අක්කේ.අද අක්කද තේ හැදුවේ…….”
හේෂාන් මල්ලිත් කුස්සියට ආවේ තේ එක හොයාගෙනමයි.
“ගුඩ් මෝනිං මල්ලී.අද වැඩට යන්නෙ නැද්ද?…..”
“අද නිවාඩුවක් දැම්මා අක්කේ.පොඩි ගමනක් යන්න තියනවා…..”
එතකොටයි මට මතක් වුනේ අද නංගිට ක්ලාස් නැහැ කියලා.
“මල්ලිත් එක්ක මං මේ ගැන කතා කරන්නමයි හිටියේ.නංගි නම් මට මේ ගැන කිව්වා……”
“මං දන්නවා අක්කේ අක්කා අහන්න හදන දේ.අද මං යන්නෙත් අක්කලාගෙ අම්මයි තාත්තයි එක්ක චාරුකා ගැන කතා කරන්න……”
“ඒක හොදයි මල්ලී.නංගිට ලබන සතියේ ඒලෙවල් එක්සෑම් පටන් ගන්නවා.එයාව හොදට බලා ගන්න.පණ්ඩිතකම් කියෙව්වට එයාට තාම මේ සමාජෙ ගැන තේරුමක් නැහැ…….”
හේෂාන් මල්ලිට මං එහෙම කියලා හර්ෂණගේ තේ එකත් අරගෙන කාමරේට ගියා.යද්දී හර්ෂණ ඇහැරිලයි හිටියේ.මං තේ එක හර්ෂණගේ අතට දීලා ඇද උඩින් ඉද ගත්තා.
“හර්ෂණ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි…..”
“කියන්න චමත්කා……”
“මොනවද අර නිරාශා කියපු දේවක් වල තේරුම?ඔයා මට ඇත්ත කියන්න හර්ෂණ……”
“මේ උදේ පාන්දර මගේ ඔලුව අවුස්සන්නෙ නැතුව ඉන්නවද චමත්කා……”😡
හර්ෂණ හදන්නේ ප්රශ්නෙන් පිට පනින්න. ඒත් මට මේ ප්රශ්නෙ අද විසදගන්න ඕනි. නිරාශාගෙන් හර්ෂණට එල්ල වෙලා තියෙන්නේ සුලු පටු චෝදනාවක් නෙවෙයි.නිරාශාට ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තා ඇත්තටම හර්ෂණද?
මතු සම්බන්ධයයි……