පතිනියකගේ විලාපය💓💞


💌”අක්කී ඔයා වැඩක්ද?…..”
“නෑ නංගෝ.ඇයි?…..”


නංගී මගේ කාමරයට පැමිණ ඇදෙන් වාඩි වුනාය.ඇගේ මුහුණේ ඇත්තේ ඉතා බැරෑරුම් ගතියකි.

“අක්කේ හර්ෂණ අයියා කතා කරේ නැද්ද ඔයාට……”

“ඊයෙ රෑ කෝල් කරා.ඇයි නංගී…..”

හර්ෂණ මට කතා කරාද කියලාම දැන ගන්න නෙවෙයි නංගිට උවමනාව තියෙන්නේ කියලා මට හිතුණා.මං ආපහු නංගිගෙන් ඇහුවා ඇයි කියලා.

“මං කෙලින්ම කියන්නමෝ අක්කෙ.මං ඊයෙ හවස දැක්කා හර්ෂණ අයියා කව්ද මන්දා ගර්ල් කෙනෙක් එක්ක පීට්සා හට් එකේ ඉදන් එලියට එනවා.ඒ ගර්ල් අපේ වයසෙ විතර කෙනෙක්……”

නංගී එහෙම කියනකොට මගෙ පපුව අසාමාන්‍ය විදියට ගැහෙන්න ගත්තා.ඒත් මට එදා හර්ෂණ කියපු කතාව මතක් වුනා.

“ආ…..ඒ හර්ෂණගේ නෑදෑ වෙන නංගී කෙනෙක්.මාත් දැක්කා දවසක් දෙන්නා බුක්ශොප් එකේ ඉදන් එලියට එනවා.මං හර්ෂණගෙන් ඇහුවා.ඒ ගර්ල් නෙක්ස් ඉයර් ඒලෙවල් කරන්නලු ඉන්නේ……”

“ඒත් අක්කේ ඒ ගර්ල් හරියට හැසිරුනේ හර්ෂණ අයියා එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් විදියට.ඒ කෙල්ලගෙ හිතේ නම් හර්ෂණ අයියා ගැන මොනවා හරි දෙයක් තියනවා.කෝකටත් ඔයා පරිස්සමින් අක්කෙ.මං කියන්නේ අපි හර්ෂණ අයියා ගැන තව ටිකක් හොයලා බැලුවා නම් හොදයි…….”

මට එහෙම කියලා නංගී කාමරෙන් ගියා. මගේ හිතට ලොකු බරක් පැටවුනා වගේ මට දැනුනා.එදා හර්ෂණ කිව්වෙ නම් ඒ ගර්ල් එයාගෙ නංගි කෙනෙක් වගේලු. හර්ෂණගේ හිතේ ඒ ගර්ල් ගැන මොනවා නැතත් ඒ ගර්ල්ගෙ හිතේ හර්ෂණ ගැන මොනව තියනවද දන්නෙ නෑනෙ.නංගී කිව්වා වගේ ඒ ගර්ල් ගැනයි හර්ෂණ ගැනයි ටිකක් හොයලා බලන්න ඕනි.

“ලොකු දූ ටිකක් මෙහාට එන්නකෝ……”

අම්මාගේ හඩින් මං සාලෙට ගියා.ඇවිත් හිටියේ හර්ෂණගේ මල්ලී හේෂාන්.

“ආ හේෂාන් මල්ලී ගොඩ කාලෙකින් මේ පැත්තේ?……”

“ලොකු දූ මේ හේෂාන් පුතා ඇවිත් ඉන්නේ වෙඩින් එකේ ෆී ශූට් එක කෙරෙන හැටි ඔයාගෙන් අහ ගන්න.එයාගෙ යාලුවෙක් ඉන්නවලු.එයා ෆොටෝ ටික හොද කොලිටියට ගහලා දෙන්නම්ලු……”

“ඔව් අක්කේ.අක්කා කැමති විදියක් කියන්න.අද අයියට එන්න විදියක් නෑ.ඒ හින්දා මං ආවේ.මගෙ යාලුවා රොහාන් හොදයි ෆෝටෝ ගන්න.මිනිහා ලස්සනට වැඩේ කරලා දෙයි……”

“එහෙනම් මල්ලි යාලුවට වැඩේ බාර දෙන්න.මං හර්ෂණට කියන්නම්……”

“හරි අක්කෙ එහෙනම් මං ගිහින් එන්නම්……”

හේෂාන් මල්ලී ඇවිත් තිබුනේ එයාගෙ කාර් එකේ.කාර් එකේ දොර ඇරලා වාඩි වෙන්න හදද්දී එයා අපේ ගෙදර උඩ තට්ටුව දිහා බලලා අත වනලා ෆ්ලයිං කිස්(පියාඹන හාදුවක්) දුන්නා.😁😀😉මං ඒක දැක්ක බවක් හේෂාන් මල්ලි දැක්කේ නෑ.අනිවාර්යයෙන්ම නංගි ඇති බැල්කනි එකේ.එහෙම හිත හිතාම මං හිමීට උඩ තට්ටුවට ගියා.යද්දී නංගී හිනාවෙවී හේෂාන් මල්ලි ගිය කාර් එක දිහා බලන් හිටියා.මං ටිකක් වෙලා නංගී දිහා බලන් හිටියා.කාර් එක වංගුවෙන් හරවලා නොපෙනී ගියාට පස්සේ නංගී හිනාවෙලා උඩ පැනලා පිටි පස්ස බැලුවා.මාව දැක්කා විතරයි මේකි යකෙක් දැක්කා වගේ බය වුනා.😱😱

“අ…..අක්….අක්කෙ මෙ….මේ……”

“මොකෝ මේ ගොත ගහන්නේ.යකෙක් දැක්කා වගේ බය වෙලා.මං බලන් හිටියේ සේරම.ඒක තමයි මේ ක්ලාස් ඇරිලා ගෙදර එන්න හැමදාම පරක්කු වෙන්නේ……”😠

මං නංගිට ටිකක් සැර කරා.මේකි බය වෙලා ඇස් දෙකේ කදුලු පුරව ගත්‍තා.😫

“අනේ අක්කේ මං වදින්නම්.අප්පච්චිට නම් කියන්න එපා……”😢🙏

“හ්ම්ම්.හරි මං අප්පච්චීට කියන්නේ නැහැ.මට ඇත්ත කියන්න.කී දවසක් හේෂාන්ව හම්බවෙන්න ගියාද?……”

“එ….ක දවසක් ගියා පීට්සා හට් එකට. දවස් දෙකක් පන්සල් ගියා.එච්චරයි……”

“මේ ගැන හර්ෂණ අයියා එහෙම දන්නවද?……”

නංගී නෑ කියන්න වගේ ඔලුව වැනුවා.

“නංගී මං ඔයාට එක අවවාදයක් දෙන්නම්.හැබැයි ඔය මොන තරම් දේවල් හිතේ තිබ්බත් ඒලෙවල් එහෙම අනා ගන්න බෑ තේරුනාද?එහෙම වුනොත් අප්පච්චිගේ ඔයාට සමාවක් ලැබෙනෙකක් නෑ…..”

“මං අනිවාර්යයෙන්ම ඒලෙවල් පාස් වෙනවා අක්කෙ.ඒකෙ කිසිම සැකයක් නෑ……”

“ඔයාලා යාලු වෙලා කොච්චර කල්ද දැන්?……”

“ම්…මාස හතරක් විතර……”

“අදරේ කරාට කමක් නෑ නංගී.හැබැයි ඒලෙවල් වලට මුල් තැන තේරුනාද?……”

“හරි මගෙ අක්කී……”😘😘

මගේ කම්මුලකුත් සිපගෙන නංගී එතනින් පැන ගියේ ගොඩක් සතුටකින් කියලා මට තේරුණා.අවුරුදු දහ අටක් වුනාම නංගිට තාම මේ සමාජය ගැන තේරුමක් නෑ.හේෂාන් මල්ලිත් එක්ක මේ ගැන කතා කරන්න ඕනි.

රෑට කෑම කාලා කාමරේට ඇවිත් නිදාගන්න හදනකොට හර්ෂණගෙන් කෝල් එකක් ආවා.

“හෙලෝ කව්ද කතා කරන්නේ……”😁📲

මට හිතුනා නොදන්නවා වගේ කතා කරලා හර්ෂණව අවුස්සන්න.🤣

“ඈ යකෝ කටහඩින්වත් අදුරන්න බැරිද මාව……”🤣📲

“ඈ බොල කටහඩින් අදුරගන්න උඹ ජෝතිපාලද?……”😂😁📲

“යකෝ…..තමන්ගෙ අනාගත ස්වාමි පුරුෂයාට කතා කරන්නේ ඔහොමද?…..”😁📲

“අනේ සොරි හර්ෂණ මං විහිලුවක් කරේ. ඔයාට තරහ ගියාද?……”😟📲

“තරහ ගියෙ නෑ.තරහ ආවා…..”😠📲

“අනේ සොරි හෂී…..”😘📲

“ආ දැන් මට ආදරේට කියන්නේ හෂී කියලද?……”😁📲

“හ්ම්ම්.ඔව් එහෙම හොදයිද?…..”😘📲

“හොදයි හොදයි සුදූ……”😁😁📲

“ඒක නෙවෙයි ඇයි කෝල් ගත්තේ මට……”😁📲

“තව දවස් දහයකින් අපි දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්.ඉතිං කතා කර ගන්න කොච්චර දේවල් තියනවද?…..”📲

“මේ….මල්ලි මොකුත් කිව්වද හෂී ඔයාට……”📲

“න්…නෑ චමෝ ඇයි…..”📲

“මල්ලි කෙල්ලෙක්ව යාලු කරගෙන…..”📲😁
“ඈ….යකෝ කව්ද මූත් එක්ක යාලු වුන වැස්සි?…..”😁😁📲

“මොකක්…..යකෝ ඒ කෙල්ල මගේ නංගී……”😁📲

“ශා…..මාරයිනෙ චමෝ.මාත් හිතුවා මූට කේල්ලෙක් නැත්නම් ඔයාලගෙ නංගිවවත් සෙට් කරන්න.දැන් ඉතිං ඒක අපි කරන්න ඕන්නෑ.ඉබේම වුනානෙ……”📲

“ඒක තමා.අද නංගි මට මේ ගැන කිව්වේ……”📲

“හරි චමෝ.මං හෙට ඔයාලගෙ ගෙදර එනවා.එතකොට අපි කතා කරමුකො. බායි.ගුඩ් නයිට්……”😘📲

“ගුඩ් නයිට්.බායි……”😘📲

එන්න එන්නම කසාදෙට දිනත් ලං වුනා. ගෙවල් දෙකේම හැමෝම හිටියේ ගොඩාක් කාර්‍යබහුල වෙලා.මේ අතර තුර කසාදෙට එන්න බැරි වෙන විදෙස් ගත වෙලා අපේ නෑදෑයෝ අපි දෙන්නට සුභ පතලා ගොඩාක් තෑගි බෝග එව්වා.

“දූ…..අර බණ්ඩාරවෙල ඉන්න ලොකු මාමයි නැන්දයි ලමයි දෙන්නයි දැන් මෙහෙ එන ගමන්ලු ඉන්නේ.දුර වැඩි හින්දා අදම එන එක පහසුයිලු……”

“ඒක හොදයි අම්මා.මං එයාලට කාමරයක් ලෑස්ති කරන්නම්……”

හවස පහයි කාලට විතර බණ්ඩාරවෙල මාමලා අපේ ගෙදරට ආවා.

“ආ මේ ඉන්නේ අපේ මනමාලී.ශා දූ තවත් ලස්සන වෙලානෙ.කෝ නංගී එහෙම…..”

නැන්දා මාව තුරුල් කරගෙනම් එහෙම ඇහුවා.

“නංගී කාමරේ පාඩම් කරනවා නැන්දේ. ලබන මාසෙනෙ ඒලෙවල්……”

“ලොකු දූ….ඔයා හෙට පාන්දරම අම්මයි, නංගියි එක්ක හොටෙල් එකට යන්න. පාන්දර එකට විතරම ගියාම ඇති……”

“හා අප්පච්චී.අප්පච්චි එන්නෙ කීයටද?……”

“මං ටිකක් පරක්කු වෙලා එන්නම් දුව.අර ගුණපාල මාමව එක්කක් එන්නත් යන්න ඕනිනෙ……”

මං බාතෲම් එකට ගිහින් හොදට නාගෙන වේලාසනම නිදා ගත්‍තා.හෙට මගේ ජීවිතේ වැදගත්ම දවස.අවුරුදු ගානක්ම පෙරුම් පුරලා උදා වෙන ආදරණීයම දවස.ඒ දවස එනකල් මං ඇගිලි ගැන ගැන බලාගෙන හිටියේ.මං වගේම හර්ෂණත් හෙට දවස උදා වෙනකල් ආදරයෙන් බලාගෙන ඇති.

මතු සම්බන්ධයයි……