පෑලියගොඩ මත්ස්‍ය වෙළදපලේ කොවිඩ් පොකුර පැය 5න් පැතිරීම අවම කල මෙහෙයුම පිලිබද මුහුණු පොතේ sසටහක් මේ විට හුවමාරු වෙමිනි තිබෙනවා. මේ එම සටහනයි

පෙර දින 2020.10.21 උදෑසනම ගම්පහ සේවා ස්ථානයට ගොඩ වූයේ සීදූවේ පැතිර යන කොවිඩ් 19 රෝගීන්ගේ ආශ්‍රිතයින් හදුනාගැනීම සදහා සහය වීමටයි.නමුත් සැලසුම් සියල්ල වෙනස් වූයේ 19.10.2020 දින පෑලියගොඩ මත්ස්‍ය වෙළදපලේ අහඹු ලෙස ලබාගත් pcr සාම්පල් 105න් 49ක්ම positive වීමත් සමගය.වහාම ක්‍රියාත්මක වූ වසංගත රෝග ඒකකයේ වසංගත වේද වෛද්‍ය තුමාගේ සහ ප්‍රජා වෛද්‍ය විශේෂද්‍යවරියන් දෙපලගේ තීරණය වූයේ අද දින කෙසේ හෝ මෙම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පල භූමියේ සිටින සියලුම දෙනා PCR පරීක්ෂණයට ලක් කල යුතු බවයි.ඒ වන විට ආසාධිත අයද ඔවුන් අතරේ සිටි නිසාවෙනි.තත්වය ඉතා බැරෑරුම්ය.


වසංගතවේද වෛද්‍ය තුමා හා දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා මා ඇතුලු මගේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමට පැවරූ ප්‍රථම රාජකාරිය වනුයේ හැකි ඉක්මනින් එම ස්ථානයට ගොස් ඒ වන විට එම ස්ථානයේ සිටින කොවිඩ් ආසාධිත පුද්ගලයින් සොයා ගන්නා ලෙසයි.


වහා ක්‍රියාත්මක වූ අප 4 දෙනා පෑලියගොඩට ගොස් ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා හා කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමිය ඇතුලු කණ්ඩායමක් පැමින ලහි ලහියේ ආසාධිතයන් සොයා යාම ආරම්භ කෙරින.ඒ වන විටත් සෞඛ්‍ය අංශ වලින් ලැබුනු උපදෙස් මත ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී පෑලියගොඩ මත්ස්‍ය වෙලදපල සීල් තැබීමට කටයුතු කර තිබින.ඒ වන විටත් 1000කට අධික ප්‍රමාණයක් එම ස්ථානයේ සිටින ලදී.


කඩිනමින් නිවේදනයක් ලබා දීමෙන් අනතුරුව ආසාධිත පුද්ගලයින් 22 ක් අදුනා ගැනීමට අපහට හැකියාව ලැබින.ඉතිරි අය නිවෙස් වෙල සිටින බවද දැනගත් නිසා එම ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් හරහා ඔවුන් රෝහල් ගත කරන ලදී.
මෙම ස්ථානයේ සිටි 22දෙනා වෙනත් කාමරයට රැගෙන ගොස් වෙන්කර තබා ඔවුන්ද රෝහල් ගත කිරීමට කටයුතු කරන ලදී.

මේ කටයුතු මෙපරිද්දෙන් සිදුවන විට අප දිස්ත්‍රික්කයේ PCR ලබා ගන්නා කණ්ඩායම් 10ක් මෙම ස්ථානයට පැමින සිටි අතර ඒ කටයුතු කිරීම සදහා අවශ්‍ය පහසුකම් පාලනාධිකාරිය හා සම්බන්ධ වී අප මැදිහත්ව සිදු කෙරිනි.සවස 4ට පමණ එම ස්ථානයේ සියලුම දෙනාගේ pcr ගැනීම ආරම්භ වී අවසාන පුද්ගලයාගේ pcr සාම්පලය ලබා ගැනීම අවසන් වනවිට රාත්‍රී 9 පසුවිය.

ඒ වන විට pcr 1200කට ආසන්න ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයකි.එම සියලුම දෙනා එම අවස්ථාවේම හමුදාවේ සහය ඇතිව ඔවුන්ගේ බස් රථ වලින් නිරෝධායන කදවුරු වලට යොමු කර ගැනීමට අපට හැකිවිය.විශාල ව්‍යසනයක් වීමට තිබූ සිද්ධියක් සාර්ථකව මැඩ පවත්වා ගැනීමට හා රෝගීන් පැතිර යාමට තිබූ ඉහල සම්භාවිතාව අවම කරගැනීමට හැකි වූයේ ඒ ආකාරයෙනි.


විශේෂම කරුණ නම් මනා සම්බන්ධීකරණයකින් යුතුව සෞඛ්‍ය අංශ පොලිසිය සහ හමුදාව කටයුතු කිරීම නිසා සිදුවීමට ගිය විශාල අනතුරකින් අපට මේ භූමිය බේරා ගැනීමට හැකිවීමයි.නැතිනම් අපගේ රටේත් කොවිඩ් 19 සමාජය තුලට පැතිරීම ඉතා සුලු කාලයකින් සිදු වීමට ඉඩ තිබිනි.


තවත් කරුණක් නම් අපගේ සෞඛ්‍ය අංශ ඉතා සහයෝගයෙන් කැපවීමෙන් වෙහෙස නොබලා කටයුතු කිරීම ඉතා අගයකොට සලකමි.වෛද්‍ය වරයාගේ සිට සුලු සේවකයා දක්වා සියලුම දෙනා ඉතාම කැපවීමකින් මේ කටයුත්තට දායක විය.ඒ සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි රාජකාරියට එහා ගිය සේවාවක් ජනතාවට ලබා දීම සම්බන්ධයෙන්.ඉතා ලොකු කතාවක් බොහොම කෙටි කරල ලිව්වේ.🙂


කෙසේ වෙතත් ඉදිරි කාලයේදී ඔබ නිවසින් පිටතට පැමිනේ නම් ඉතා කල්පනාකාරී වන්න.මන්දයත් ඊයේ වෙන් කල ආසාධිතයින්ගෙන් කිසිම අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් දක්නට නොලැබුණි.විවිධ උත්සව මගුල් ගෙවල් තියන්න හිතං ඉන්නවා ඒවා ටික කාලෙකට කල් දාන්න.මොකද දැන් බෝම්බෙ පුපුරන්න ඔන්න මෙන්න තියෙන කාලයක් මේක.අපි තවමත් හිතනවා මේක පාලනය කර ගන්න පුලුවන් වෙයි කියලා.

නමුත් ඒකට ඔයාලගේ සහයෝගය ඉතාම අවශ්‍යයයි.තවමත් සමහර අයගේ මාස්ක් 1 තියෙන්නෙ නිකටෙ.මීටරයක් තියා සෙන්ටිමීටරයක පරතරයක්වත් නෑ.ඉතිං රට හදන්න කලින් අඩුම ගානෙ තමුන් හැදිලා ඉන්න.එතකොට මේ ලෙඩේ මෙතනින් ඉවර කරගන්න පුලුවන්.සියලුම දෙනාට බුදුසරණයි දෙවි පිහිටයි.❤❤

Advertisment