ඔරලෝසුවේ උදෑසන හත ලෙස වේලාව සටහන්ව ඇත. අවදිවන්නට සිතුනද ගතට දැනෙනා සීතල නිසා මම තව තවත් පොරෝනය තුලට ගුලි වූයෙමි.
“අම්මේ මේන් ඔයාගෙ ආදරණීය ලොකු දූ තාම නිදි.මාව තමයි ඔයා පාන්දරම ඇහැරවන්නේ.මෙයා හැමදාම හත අට වෙනකල් නිදි…..”
මගේ කාමරේට පැමිණ එලෙස මහ හඩින් කෑ ගැසුවේ මගේ ආදරණීය නංගී ය.ඇයට ඕනෑ දෙයක් කියා ගන්නට ඇර මං බිත්තිය පැත්තට හැරී දෑස් තද කරගෙන නිදා ගතිමි.නංගීගේ කෑ ගැහිල්ල නිසා අම්මාද කාමරේට එන හඩ මට ඇසුනි.
“අනේ ලොකු දුවේ ඔයා තාමත් නිදිද?මේ නංගි ඇහැරෙද්දී පාන්දර පහයි.ඔයා අටත් පහුවෙනකන් නිදියනවා හැමදාම. ගෑනු ළමයෙක් වුනාම ඔය වගේ කම්මැලි වෙලා බෑ තේරුනාද?කෝ දැන් නැගිටින්න……”
මා හට එලෙස බැන වැදී අම්මා කාමරෙන් පිටත්ව ගියාය.කම්මැලි කමෙන්ම නැගිට ගත් මං ඇද උඩම ඉද ගත්තෙමි.නංගී තවමත් මදෙස සිනා මුසු මුහුණින් බලා සිටියාය.මට ඇය ගැන කේන්තියක්ද දැනුනි.
“ඇද්ද අහ ගත්‍තා අම්මගෙන්.හූ….හූ…..”
මට ඇද කර නංගී කාමරෙන් දිව ගියාය. මං මුහුණ කට සෝදා දත් මැද සැහැල්ලු සායක් සහ ටී ෂර්ට් එකක් ඇදගෙන සාලෙට පැමිණ උදෑසන කෑම ගැනීමට මේසෙන් වාඩි වුනෙමි.
“ලොකූ….පුතේ ඊයෙත් අර ළමයගේ ගෙදරින් කෝල් කරලා අපේ තීරණේ ඇහුවා.ඔයා මොකද මේ ගැන කියන්නේ……”
“අම්මලා කැමතියි නම් මගෙත් අකමැත්තක් නෑ……”
“අපි කැමති හින්දා ඔයා කැමති වෙන්න එපා.ඔයා කැමතියිද කියන්නකෝ.ඔයා අකමැතියි නම් අපි බල කරන්නෙ නෑ……”
මම මදක් කල්පනා කරන්නට වීමි.දැනට මාස කිහිපයකට පෙර අප්පච්චිගේ පාසල් සමයේ මිතුරෙකු වූ නොයෙල් එදිරිමාන්න විසින් ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන හර්ෂණව මට යෝජනා කරනු ලැබුවේ ඉතාමත් ප්‍රීතියෙනි.එම යෝජනාවට අම්මා සේම අප්පච්චීත් ඉතාම සන්තෝශ විය.ඒ වන විටත් ප්‍රේම සම්බන්දතාවයක් නොතීබූ මට එම යෝජනාවට අකමැති වන්නට හේතුවක් නොතිබුණි.එහෙත් එක්වරම කැමැත්‍ත ප්‍රකාශ කිරීමට මට නොහැකිය.ඒ නිසා මම අප්පච්චීගෙන් ඒ ගැන සිතා බැලීමට යම් කිසි කාලයක් ලබා දෙන ලෙස ඉල්ලුවෙමි.හර්ෂණ මට වඩා වසර තුනක් වැඩිමහල්ය.ඔහු තම පියාට අයත් කර්මාන්තශාලාවක මැනේජර් වරයෙකු ලෙස කටයුතු කරයි.ඔහුගේ පියාට විවිධ වූ ව්‍යාපාර කිහිපයක්ම ඇත.හර්ෂණ ඉතා කඩවසම් දෙවරක් වුවද හැරී බැලීමට සිතෙනා පුද්ගලයෙකි.කිසිප වතාවක්ම ඔහු අප නිවසට පැමිණ මා සමග කතා බහ කර ඇත.කියන්නට තරම් වරදක් ඔහුගේ නැත.ඒ නිසා මම අම්මාටත් අප්පච්චීටත් එයට මගේ කැමැත්ත ප්‍රකාශ කරෙමි.
“එහෙනම් මං අදම නොයෙල්ට මේ ගැන කියන්නම්……”😀😀
මගේ තීරණේ ගැන අම්මාත් අප්පච්චීත් පසු වූයේ දැඩි සන්තෝශයකිනි.
මම මිදුලට ගොස් බංකුව මත වාඩි වූයෙමි.නංගීද මා ලගට පැමිණියාය.
“අම්මෝ…..තව ටික දවසකින් දෙයියනේ කියලා කනක් ඇහිලා ඉන්න පුලුවන්…..”😁😂🤣
“ඒ මොකද?…..”😠
මම නංගී දෙස රවා බැලුවෙමි.
“නෑ ඉතිං ඔයා මෙහෙන් ගියාම මට පාඩුවෙ ඉන්න පුලුවන්……”😁🤣
“ඉතිං දැනුත් පාඩුවෙ ඉන්න එකයි ඇත්තේ.මට මොකො……”😠😠
නංගී දෙස රවා බලා මං එලෙස කීවෙමි. මං දන්නවා නංගී එහෙම කියන්නේ මාව අවුස්සන්න කියලා.මට ඇත්තටම කේන්ති ගියා කියලා හිතලද මන්දා නංගී මාව බදාගත්තා.
“මං විහිලුවක් කරේ අක්කී.ඕකට ඉතිං ඔයා ඔය හැටි තරහ ගන්න එපා.සොරී……”😗
“මං දන්නවා මැණික ඔයා විහිලුවක් කරේ කියලා…..”
“මේ ඒක නෙවෙයි අක්කේ හර්ෂණ අයියගේ මල්ලිට ගර්ල් කෙනෙක් ඉන්නවද දන්නෙ නෑ නේද?……”😁😉😆
“ම්…ඒ මොකද ඔයා ඒ ගැන අහන්නේ……”
“නෑ ඉතිං…..එහෙම කෙනෙක් නැත්නම් මට පුලුවන්නේ ඒ පුලුවන්නේ ඒ පව්ලේ පොඩි ලේලි වෙන්න……”😁😆
ඒ අදහසත් නරක නෑ කියලා මට හිතුණා.ඒත් නංගී තාම ඉගන ගන්න වයසේ කෙනෙක්.දැන්ම තියා මේවා ඔලුවට දාගෙන ඉගෙනීම නැති කරගන්න දෙන්න බෑ.මං නංගීට අවවාද කරා.
“නංගී තාම ඔයා ඉගන ගන්න වයසේ කෙනෙක්.තව මාස කීයද බලන්න ඒලෙවල් වලට.දැන්ම තියා ආදරේක පැටලෙන්න හදන්න එපා.ඉස්සෙල්ලාම ඒලෙවල් ගොඩ දා ගන්න.ඊට පස්සේ හිමිහිට පුලුවන් ජීවිතේ අනික් දේවල් ගැන හිතන්න.මේ වයසෙදි පිස්සු නටලා ඉගෙනීම කඩාකප්පල් කරගන්න එපා. ඔයාට තාම ඒ දේවල් වලට වයස තියනවා…….”
“ඒක එච්චර හිතන්න එපා අක්කි.මං නිකන් විහිලුවට වගේ කිව්වේ.අනික ඔයා අපිත් එක්ක ඉන්නේ තව ටික කාලයයි.ඒ කාලෙ විහිලුවක් කරලා ජොලියෙ ඉන්න එපායැ…….”😊
“දුවේ ඔයා කැමති මොන විදියට අදින්නද?හැබැයි ඔයාට කැන්ඩියන් විදිය නම් ලස්සනයි……”
මං කැමැත්ත දීපු හර්ෂණලාගෙ පැත්තෙන් වෙඩින් එක ඉක්මන් කෙරුවා. මේ දවස් ටිකේම අම්මයි අප්පච්චියි ගොඩාක් කාර්‍ය බහුල වෙලයි හිටියේ. හොටෙල්ස් බුක් කරනවා,ඉන්වයිට් කරන නෑදෑයන්ගේ නම් ලිස්ට් හදනවා….වැඩ ගොඩායි.
“මාත් කැමතියි අම්මා කැන්ඩියන් විදියට අදින්න……”
“කී දෙනෙක්ට ඉන්වයිට් කරන්න තියනවද මාලනී……”
අප්පච්චීත් අපි ඉන්න තැනට ඇවිත් අම්මාගෙන් එහෙම ඇහුවා.
“තාම ලිස්ට් එක රෙඩි නෑ රංජිත්. කොහෙද ඉතිං පොඩි දූ මේකට උදව්වක් වත් කරන්නෙ නෑනෙ.
“නංගිට ඒලෙවල් ලගයිනෙ අම්මා.ඒකි මහන්සි වෙනවා විභාගෙ ගොඩ දා ගන්න……”
විවේකයෙන් ඉන්න වෙලාවට නවකතා කියවන එක මං පුරුද්දක් කරගෙනයි හිටියේ.නගරයේ තියන පුස්තකාලයේ සාමාජිකත්වයත් මට තිබුනා.දවස් හතරකට කලින් ගෙනල්ලා කියවපු පොත් දෙක අදින් ඉවර නිසා ඒක භාර දෙන්න මං පුස්තකාලයට ගියා.යනකොට කෝල් එකක් ආවා හර්ෂණගෙන්.📲
“හෙලෝ……”📲
“ගුඩ් මෝනිං චමත්කා……”📲
“ගුඩ් මෝනිං හර්ෂණ.කොහොමද ඉතිං?…..”📲
“වරදක් නෑ අද නම් දවසෙම වගේ ගෙදර ඉන්නේ.අම්මලා ඕන් වෙඩින් එකේ වැඩ වගයක් කර ගන්න තියනවා කියලා ගියා. ඔයා මොකද කරන්නේ……”📲
“මං මේ ලයිබ්‍රි එකට යනවා හර්ෂණ. පොත් දෙකක් තියනවා භාර දෙන්න……”📲
“ආහ්….ළමයා පොත් ගුල්ලියක්ද?…..”😊📲
“මොන ලමයද?…..”😁😁📲
“ඔයා තමයි ඉතිං……”📲
“ආ මමද?මං ළමේක් නෙවෙයි අවුරුදු විසි තුනක තරුණියක්…….”😁😂📲
“අම්මෝ හරි හරි.මං පස්සෙ ගන්නම් චමත්කා.බායි……”😗📲
“බායි……”📲
ඇමතුම විසන්ධි කරපු මං ලයිබ්‍රි එකට ගිහින් පොත් දෙකත් භාර දීලා තවත් පොත් දෙකක් තෝරගෙන එලියට ආවා.ඒ එද්දී පාරෙන් එහා පැත්තේ තියන බුක් ශොප් එකෙන් එලියට ආවේ හුරු පුරුදු රුවක්.හර්ෂණ??දැන් ටිකකට කලින් කෝල් කරද්දී හර්ෂණ කිව්වේ එයා ඉන්නේ ගෙදර කියලනේ.අනික මෙච්චර ඉක්මනට කොහොමද හර්ෂණ බුක් ශොප් එකට ආවේ?🤔🤔පාරෙ වාහන ගියත් මට හර්ෂණව හොදට පෙනුනා. ඒත් හර්ෂණට මාව පෙනුනේ නෑ.මං ටිකක් වෙලා බලන් හිටියා.එතකොටම බුක් ශොප් එකේ ඉදන් ගෑනු ලමේක් හර්ෂණ ලගටම ආවා.ඒ ගෑනු ළමයා හිටියේ හර්ෂණගේ ඇගේ එල්ලිලා වගේ. මිනිත්තු කිහිපයක් කතා කර කර හිටපු ඒ ගෑනු ළමයා හර්ෂණට අත වනලා එතනින් ගියා.
කව්ද ඒ හර්ෂණත් එක්ක කතා කර කර හිටපු ගෑනු ළමයා.අනික ඇයි හර්ෂණ මට බොරු කිව්වේ එයා ඉන්නේ ගෙදර කියලා😥😥මට ගෙදර ගිහිනුත් කල්පනා වුනේ ඒ ගැනමයි.බැරිම තැන මං කෝල් එකක් ගත්තා හර්ෂණට.
“හෙලෝ හර්ෂණ ඔයා ගෙදරද ඉන්නේ?……”📲
“ඔව් චමත්කා ඇයි?……”📲
ඒත් හර්ෂණගෙන් මේ ගැන ඇහුවත් එයා මට ඇත්‍ත කියන එකක් නෑ.සමහර විට ඒ හර්ෂණගේ කලින් ගර්ල් කෙනෙක්ද දන්නෙ නෑ.මට එක එක විකාර දේවල් මතක් වෙන්න පටන් ගත්තා.
“න්නෑ හර්ෂණ මං ලයිබ්‍රි එක ලගදී ඔයා වගේ කෙනෙක්ව දැක්කා තවත් ගර්ල් කෙනෙක් එක්ක ඉන්නවා…….”😫🤔
මං එහෙම කිව්වා විතරයි හර්ෂණ මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.😀
“අනේ මැට්ටී බය වුනාද?ඒ අපේ මහප්පගේ දුව.නෙක්ස්ට් ඉයර් ඒලෙවල් කරන්නේ.ඊයෙ ඉදන් කෝල් කරලා වද දෙනවා එයා කරන සබ්ජෙක්ට් වල පොත් තෝරන්න තේරෙන්නෙ නැහැලු.මට ඇවිත් තෝරලා දෙන්නලු.ඉතිං මං හදිස්සියෙන්ම ගිහින් තෝරලා දීලා ඉක්මනට ආවා……”📲
හර්ෂණ එහෙම කිව්වම තමයි මෙච්චර වෙලා මගේ හිතේ තියන බිය පහව ගියේ.
“ඇත්තද?ඒත් මං බැලුවා ඒ කව්ද කියලා?……”📲
“බය වෙන්න එපා චමෝ.මං ඔයාගෙ විතරයිනෙ…..
මතු සම්බන්ධයයි……