කුලගෙයි වෛරය🌹🌹
😘😘❤️”ඔයා මොනවද සුලේකා අක්කේ මේ කියන්න හදන්නේ.පින් සිද්ද වෙයි ඔයා මෙහෙන් යන්න.ඔයා තමයි ප්‍රභාශ්ගෙ මේ වෙනස් වීමට වග කියන්න ඕනි.ඔයාට හිතක් පපුවක් කියලා දෙයක් තියනවද මේ අහිංසක දරුවගෙන් එයාගෙ තාත්තව උදුර ගත්තේ……”😢😢
හැඩුම පාලනය කරගෙන මං එහෙම ඇහුවේ ප්‍රභාශ්ගෙ මේ වෙනස් වීමට වග කියන්න ඕනි සුලේකා අක්කා කියලා මට තදින්ම දැනුනු නිසයි.ඒත් මං කියපු දේවල් අහලා සුලේකා අක්කා කලබල වුනේවත් කේන්ති ගත්තේවත් නෑ. එයාගෙ මුහුණේ තිබුනේ ලොකු දුකක සේයාවක්.
“ඔයා බැන්නට මං තරහ නෑ නංගී.මුල ඉදන්ම මං ඔයාට සෑහෙන කරදර කරා. ඒත් මං කවදාවත් ප්‍රභාශ්ව ඔයාලගෙන් උදුරගන්න හැදුවෙ නෑ.වෙච්ච කිසිම දෙයක් ඔයා තාම දන්නෙ නෑ නංගී.මං ප්‍රභාශ්ට කොයි තරම් කිව්වද මට මේ විදියට ඔයාට දුක් දෙන්න බෑ කියලා.ඒත් සිද්ද වෙලා තියන දේවල් වෙනස් කරන්න මටවත් ප්‍රභාශ්ටවත් පුලුවන් කමක් තිබ්බේ නැහැ…….”
මට තාමත් පැහැදිලි නෑ සුලේකා අක්කා මොනවද මේ කියන්නේ කියලා.එයා කියන්න හදන්නේ ප්‍රභාශ් බලෙන්ම එයාගෙ පස්සෙන් ආවා කියලද.නෑ… කව්දාවත් ප්‍රභාශ් එහෙම කරන්නෙ නෑ. මට ඒක හොදටම විශ්වාසයි.
“දැන් එතකොට ඔයා කියන්න හදන්නේ ප්‍රභාශ් ඔයාගෙ පස්සෙන් බලෙන්ම ආවා කියලද?…….”
“නෑ නංගී.ප්‍ර…..ප්‍රභාශ්ට කැන්සර් එකක්…….”
අනේ….නෑ එහෙම වෙන්න විදියක් නෑ. ප්‍රභාශ් මට කවදාවත් එහෙම දෙයක් කියලා නෑ.ප්‍රභාශ්ට ඒ විදියෙ අසනීපයක් තිබ්බෙ නෑ කියලා මට හොදටම විශ්වාසයි.අනේ දෙයියනේ මොනවද මේ සිද්ද වෙන්නේ.😭😭
“ඔයා මොනවද කියන්නේ සුලේකා අක්කේ.ප්‍රභාශ්ට කවදාවත් ඒ විදියෙ අසනීපයක් තිබ්බේ නෑ.ඒක මට හොදටම විශ්වාසයි.ඔයා බොරු නේද කියන්නේ මගෙ ප්‍රභාශ්ව මගෙන් උදුර ගන්න……”😢
“නෑ හිරුණි.අසනීපෙ ගැන එයා දැන ගන්නකොට ගොඩාක් පරක්කුයි.ඒ කාලෙ තමයි ඔයාට දුව ලැබෙන්න හිටියේ. ප්‍රභාශ්ට ඕනි වුනේ ඔයාට ඇත්ත නොකියා ඔයාගෙන් ඈත් වෙන්න.මේ ඇත්ත ඔයාට දරා ගන්න බෑ කියලා ප්‍රභාශ් දැනගෙන හිටියා……”
මට තාම විශ්වාස නෑ සුලේකා අක්කා කියන මේ කතාව.අනේ දෙයියනේ මගෙ ප්‍රභාශ්ට මොකුත් කරදරයක් නම් වෙන්න එපා.🙏🙏
“හිරුණී…ප්‍රභාශ් දැන් ඉන්නේ නවලෝක හොස්පිටල් එකේ.එයාගෙ තත්වෙ ගොඩාක් නරකයි.අපි දැන් යමු දුවත් එක්කම ප්‍රභාශ්ව බලන්න.ඔයාට මාව සැකයි නම් අපි ඔයාලගෙ වාහනේකම යමු……”
මායි,දෝණියි,සුලේකා අක්කයි අපේ වෑන් එකේ නවලෝක හොස්පිටල් එකට ආවා. සුලේකා අක්කගේ පිටු පසින්ම මං දුවව වඩාගෙන ගියේ දැඩි සත්කාර ඒකකයට.
දැඩි සත්කාර ඒකකයේ මැෂින් අතරින් මගේ ප්‍රභාශ් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිලා හිටියා.මෙතරම් වෙලා පාලනය කරගෙන හිටපු කදුලු කැට මගේ නෙත් වලින් කඩාගෙන හැලුනා.
ප්‍රභාශ්ගෙ ඔලුවේ කෙස් ගොඩාක් තිබුනෙම නෑ.ඇගත් ගොඩාක් දුර්වල වෙලා තිබුනා.මං හොදටම ඇඩුවා.😭😭
“දැන් අඩන්න එපා හිරුණි.ජීවිතේ කියන්නෙ මේකට තමයි.ඔයා තනි වුනා කියලා හිතන්න එපා.ප්‍රභාශ් මේ ගැන ඔයාට කියන්න ගොඩාක් උත්සහ කරා. එයාට ඒ ගැන ඔයාට කියා ගන්න තරම් ශක්තියක් තොබුනෙ නෑ.හිත හදා ගන්න හිරුණි……”
සුලේකා අක්කා මොන තරම් දේවල් කිව්වත් මට හිත හදාගන්න බැරි වුනා. දෙයියනේ ප්‍රභාශ් හැම දුකක්ම කරදරයක්ම හිතේ හංගගෙන තනියම වේදනා විදලා.අනේ ප්‍රභාශ් මාවයි දුවවයි දාලා යන්න එපා රත්තරං.😭😭🙏🙏
මගේ ජීවිතේට සතුට යලි ලගා නොවන තරමටම ඈත් වෙලා ගියා.එදා ඒ විදියට මං ප්‍රභාශ් ලගට වෙලා මොන තරම් ඇඩුවද?හරියටම……හරියටම ඊට දින තුනකට පස්සේ ප්‍රභාශ් මාවයි දුවවයි දාලා සදහටම මේ ලෝකෙන් සමු අරන් ගියා.
ප්‍රභාශ්ගෙ මරණෙන් පස්සේ මං ජීවත් වුනේ මලමිනියක් වගේ.මගේ තනි නොතනියට සහෝදරියක් වගේ මගේ සුලේකා අක්කා රැදිලා හිටියා.ප්‍රභාශ්ගෙ අම්මයි,තාත්තයි දෙන්නම මානසිකව ගොඩාක් වැටිලයි හිටියේ.😭😭
මගේ දරුවා නොහිටියා නම් මෙලහකත් මං ප්‍රභාශ් ගිය ලෝකෙටම ගිහින්.ඒ තරම්ම මට දුකක් දැනුනා.හිත හදාගන්න අමාරු වුනා.දුවට දැන් අවුරුද්දකුත් වුනා. පව් අහිංසක කෙල්ලට තාත්තව අහිමි වුනා.කාමරේ සුදු මල මාලයක් දාලා තියන ප්‍රභාශ්ගෙ රාමු කරපු ෆොටෝ එක දිහාට අත දික් කරලා දුව තාත්තා තාත්තා කියනකොට මට දැනෙන්නේ වාවගන්න බැරි තරම් දුකක්.
“හිරුණී…..නංගි මං ගෙදර යන්න කියලා බැලුවේ.හදිස්සියක් වුනොත් බය වෙන්නෙ නැතුව මට කතා කරන්න……”
“හා අක්කෙ.පරිස්සමට යන්න.මේ වෙලාවෙ මගෙයි දුවගෙයි තනි කරන්නෙ නැතුව ලගින් හිටියට ඔයාට පිං අක්කෙ……”😢🙏🙏
“ඒ ගැන හිතන්න එපා අක්කෙ.අපෙ අම්මයි,තාත්තයි වුනත් එයාලගෙ අතින් වෙච්චි වැරදි දැන් තේරුම් අරගෙනයි ඉන්නේ.ඒ දෙන්නා ලබන මාසෙ ලංකාවෙන් යනවා.ඔයාගෙ අම්මගෙයි, තාත්තගෙයි දේවල් ආපහු ඔයාගෙ නමට පවරලා තියෙන්නේ.ටී ෆැක්ට්‍රි එක දැන් තියෙන්නේ ඔයාගෙ නමට.අපේ ගේ විකුණලා තියෙන්නේ දැන්.මාත් අම්මලාත් එක්කම රට යනවා.ඔයාලට බුදු සරණයි නංගී……”🙏🙏
වසර පහලවකට පසු👇👇
අද වෙනකොට ලංකාවේ තියන හොදම තේ කර්මාන්තශාලා පහ අතර අපේ කර්මාන්තශාලාවත් තියනවා.ප්‍රභාශ්ගෙ මරණෙන් පස්සේ මං දුවත් එක්ක තනියම මේ ජීවන සටනට මුහුණ දුන්නා. ප්‍රභාශ්ගෙ අම්මයි,තාත්තයි මට ආපහු විවාහයක් කරලා දෙන්න හැදුවත් මං ඒ වෙනකොටත් තීරණය කරලා ඉවරයි ප්‍රභාශ් ඇර මං වෙන පිරිමියෙක්ව ජීවිතේට ලං කරගන්නෙ නෑ කියලා.අද මගේ දුව කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක එකොළහ වසරේ ඉගෙනුම ලබනවා.
ජීවිතේ ගොඩාක් තැන් වලදී මතක් වෙනවා අනේ ප්‍රභාශ් හිටියා නම් කියලා. අවුරුද්දකට වතාවක් මායි දුවයි පන්සලට දානයක් දෙනවා ප්‍රභාශ්ට පිං දීලා.
🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️නිමි ❤️
සතියක් පුරා කොටස් වශයෙන් පලවූ වීණා නවකතාව අදින් අවසන් අතර කතාව පළ කිරීම සදහා සියලුම හිමිකම් ලබාදුන් නිලූ සදමිණි කතුවරියට විශේෂ ස්තූතිය. හෙට සිට කතුවරියගේ තවත් අලුත් නවකතාවකින් හමුවෙමු