කුලගෙයි වෛරය❤️😘
🌹🌹🌹ප්‍රභාශ් මට වෙනදා වගේම ආදරේ කරා.පරණ හැම දෙයක්ම අමතක කරලා අපි හරිම සන්තෝශෙන් ජීවත් වුනා.අලුත් අමුත්තාව පිලි ගන්න ගෙදර හැමෝම මග බලාගෙනයි හිටියේ.ප්‍රභාශ් මාව මලක් වගේ පරිස්සමට බලා ගත්තා. මං කන්න ආස කරන හැම දෙයක්ම මට ගෙනවිත් දුන්නා.

“හිරුණී……කෝ මේ හිරුණී…….”

“ඇයි ප්‍රභාශ් නිකන් බොරුවට බෙරිහන් දෙන්නේ.මං ගියේ ඔයාට තේ හදන්නනේ…….”

“ආ….මට පුලුවන් තේ එක තනියම හදා ගන්න.ඔයා හැම තිස්සෙම ඔය පඩිපෙළ බහින්න නගින්න තියාගන්න එපා.ඔයාට මහන්සියිනෙ…….”

“අනේ මට නිකන් වැඩක් නොකර ඉදලා පුරුද්දක් නෑ ප්‍රභාශ්……”

“ආ එහෙනම් ගේ වටේට දුවනවා…..”

මට ප්‍රභාශ් ගැන තවත් ආදරේ හිතුණා. එයා මාව ගොඩාක් හොදට රැක බලා ගන්නවා.

මට කාමරේ ඉදලම කම්මැලි හිතුණා.ඒ හින්දා මං සාලෙට ගිහින් ටීවි එක �දා ගන්නවා කියලා හිතලා කාමරෙන් එලියට ඇවිල්ලා පඩිපෙළ බැස්සා. එතකොට මට මතක් වුනා ඊයෙ මං මහ මහා හිටපු බබාගෙ චූටි ඇදුමෙ තව ටිකක් ඉතුරුයිනෙ.ඒක මහන්න ඕනි කියලා.ඉතිං මං ආපහු පඩිපෙළ නැගලා කාමරේට එන්න ආවා.කාමරේ ලගට එනකොට මට ප්‍රභාශ් ෆෝන් එකෙන් කාට හරි සද්දෙන් කතා කරනවා ඇහුනා. බිත්තිය ලගට වෙලා මං අහගෙන හිටියා ප්‍රභාශ් කාටද මේ බනින්නෙ කියලා.

“ඇත්තටම ඔයාට ලැජ්ජාවක් කියලා නැද්ද සුලේකා.කසාද බැදපු මිනිහෙක්ගෙ පස්සෙන් එන්නේ.මං ඔයාට කැමති නෑ සුලේකා.ප්ලීස් ඒක තේරුම් ගන්න……”📲

දෙයියනේ සුලේකා අක්කා ප්‍රභාශ්ගෙ පස්සෙන් එන එක නවත්තලා නැද්ද?අනේ ප්‍රභාශ්ගෙ හිත නම් වෙනස් වෙන්න එපා.මං ඒ ගෙදර ඉන්නකල් එයාලා මට දස වද දුන්නා.ඒ අපායෙන් මිදිලා ආවට පස්සේ දැන් මගෙ පව්ල කඩන්න හදනවා.කිසිම හැදියාවක් මහ ජරා කෙල්ලෙක්.

මං තවත් අහගෙන හිටියා.සුලේකා අක්කා කියන දේවල් මට ඇහුනේ නැතත් ප්‍රභාශ් කියන දේවල් මට හොදට ඇහුනා.

“මේ සුලේකා ඔයා මොන වගේ කෙනෙක්ද කියලා මං හොදට දන්නවා.අම්මයි දුවයි දෙන්නා එකතු වෙලා හිරුණිට දීපු දස වද ගැන මං හොදට දන්නවා.දැන් ඒ කෙල්ල මෙහෙ සන්තෝශෙන් ඉන්නවා දැක්කම තමුන්ගෙ ඇහේ කටු අනිනවා වගේ ඇති නේද?…….”😡📲

සුලේකා අක්කා ගැන මට දැනුනේ පුදුම තරහක්.මට තව දුරටත් බිත්තිය ලගට වෙලා ඉන්න බැරි වුනා.මං කෙලින්ම කාමරේට ගිහින් ප්‍රභාශ්ගෙ අතින් ෆෝන් එක ඇදලා ගත්තා.📱

“මේ සුලේකා අක්කේ මං හිරුණි.මම මේ තමුසෙට කියන අන්තිම පාර. කරුණාකරලා මගෙ මනුස්සයගෙ ජීවිතෙන් ඈත් වෙලා ඉන්නවා.ලැජ්ජ නැද්ද යකෝ උඹට අනුන්ගෙ මිනිස්සු අල්ල ගන්න.මේ ලෝකෙ වෙන මිනිස්සු ඉදිද්දී උඹට අල්ල ගන්න ඕනි වුනේ මගේ මිනිහවද?තොට හෙනම ගහන්න ඕනි අනුන්ගෙ පව්ල් කඩනවට…….”🤬📲

උමතුවෙන් වගේ එහෙම කියාගෙන කියාගෙන ගිහින් කෝල් එක කට් කරලා ෆෝන් එක පැත්තකට දාලා ඇදේ ඉදගෙන කල්පනා කරන්න පටන් ගත්තා.මට හොදටම බය හිතුණා සුලේකා අක්කා ප්‍රභාශ්ව මගෙන් උදුර ගනියි කියලා. ප්‍රභාශ් මගේ ලගින්ම වාඩිවෙලා මාව එයාගෙ උරහිසට හේත්තු කර ගත්‍තා.

“ඔයා බය වෙන්න එපා හිරුණි කාටවත්ම බෑ මාව ඔයාගෙන් උදුර ගන්න.ඔයා ඔය විදියට කේන්ති අරන් කලබල වෙන්න එපා.ඒක ඔයාට හොද නෑ.සුලේකාට කරන්න පුලුවන් දෙයක් නෑ.ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.මාව අයිති ඔයාට විතරමයි…….”

ප්‍රභාශ් එහෙම කිව්වත් මගේ හිතේ තියන බය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියේ නැහැ.සුලේකා අක්කා මගෙයි ප්‍රභාශ්ගෙයි පව්ල් ජීවිතේ විනාශ කරලා දායි කියන බය මගෙ හිතේ හැම වෙලේම හොල්මන් කරන්න පටන් ගත්‍තා.ඒත් ප්‍රභාශ් හැම වෙලේම උත්සහ කරේ මගේ හිතේ තියන බය නැති කරලා දාන්නයි.

🤰🤰🤰

“දුවේ ඔයා දැන් හොද කල්පනාවෙන් ඉන්න ඕනි.තව කී දවසද තියෙන්නේ.ඔයා දැන් විවේකයෙන් ඉන්න……”

ප්‍රභාශ්ගෙ අම්මා මං ගැන හොද කල්පනාවෙන් හිටියා.දරුවා ලැබෙන්න මට තව දින තියෙන්නේ සතියයි.මේ දවස් වෙල ප්‍රභාශුත් නිතරම කෝල් කරලා මගෙන් සැප දුක් අහනවා.රස්සාවට ගියත් ප්‍රභාශ් මං ගැන සෙවිල්ලෙන් හිටියේ.

උදේ කෑම කාලා ඉවර වුනාට පස්සේ මට හිතුණා එලියට වෙලා පොඩ්ඩක් තණකොල තියන මිදුලේ ඇවිදින්න.ඒක කකුල් වලට හරිම සනීපයක් විදියටයි දැනුනේ.මං එහෙම ටිකක් වෙලා ඇවිද්දා. විනාඩි දහයක් විතර යද්දී මගෙ ඇගට අමුත්තක් දැනුනා.කොන්ද පැත්තක් හරියට රිදෙන්න ගත්තා.මං ප්‍රභාශ්ගෙ අම්මට කතා කරා.

“ඇයි දුවේ ඔයාට අමාරුද?කෝ එන්න.අපි හොස්පිටල් යමු.මැණිකා…..ඉක්මනට ප්‍රභාශ් පුතාට කෝල් එකක් දීලා කියන්න හිරුණි දුවට අමාරු වෙලා හොස්පිටල් එක්කන් යනවා කියන්න……”

ප්‍රභාශ්ගෙ අම්මා වෑන් එකේම මාව හොස්පිටල් එකට එක්කන් ආවා.දැනුනු වේදනාවට මං මහ හයියෙන් කෑ ගහලා ඇඩුවා.😭😭

😘❤️

මට සිහිය එනකොට මගේ ලග හිටියේ ප්‍රභාශ්ගෙ අම්මයි,ප්‍රභාශුයි.මං අමාරුවෙන් ඇස් ඇරලා වටපිට බැලුවා.
ප්‍රභාශ් මගෙ නලල සිපගෙන මට සුභ පැතුවා.

“මගේ සුභ පැතුම් මැණික.අපිට දුවෙක් ලැබුනා…….”😘

මුලු ලෝකෙම මට ලැබුනා වගෙයි මට දැනුනේ.අනේ…..මාත් දැන් අම්මා කෙනෙක් නේද?කෝ මගෙ චූටි කෙල්ල?

“ප්‍රභාශ්…..කෝ අපේ දෝණි……”

එතකොටම නර්ස් කෙනෙක් රෙද්දක ඔතාගෙන තුරුල් කරගෙන ගෙනාපු මගේ චූටි පැටික්කිව මගේ තුරුලෙන් තිබ්බා.අනේ ඒ රෝස පාට කම්මුල්,චූටි අත පය….මට හරිම ආස හිතුණා.

“ඔයා වගේම හුරතල් කෙල්ලෙක්.අනේ බලන්නකෝ මෙයා රෝස පාටයි…..”😘😘

ප්‍රභාශ් දුවව වඩාගෙන හුරතල් කරන්න පටන් ගත්‍තා.ප්‍රභාශ්ගෙ අම්මාත් හිටියේ හරිම සන්තෝශෙන්.

දවස් තුනකට පස්සේ මායි දුවයි ගෙදර ආවා.අපි හිටපු කාමරේ ප්‍රභාශ් ලස්සනට සරසලා තිබ්බා.හැම දෙයක්ම රෝස පාටින් තමයි සරසලා තිබ්බේ.මට ලොකු සතුටක් දැනුනා.😀😀

“හිරුණි…..දුවට දාන්න නමක් හිතුවද?…….”

“කාලයක් තිස්සේ මගෙ හිතේ ආස කරපු නමක් තියනවා ඒක දාමුද?……”

“ඒ මොකක්ද?…….”

“සුභා හිරුශ්මි……”

“ලස්සනයි ඒ නම දාමු දෝණිට…….”

චූටි දෝණි හින්දා අපි හැමෝම හිටියේ ගොඩාක් සතුටින්.ප්‍රභාශ් වැඩ ඇරිලා ආපු ගමන්ම කරන්නේ දුවව වඩාගෙන හුරතල් කරන එකයි.එයාගෙ මුලු ලෝක්ම වුනේ මාවයි දුවවයි.එයා දුවට පණ වගේ ආදරේ කරා.ප්‍රභාශ් ගෙදර එද්දී හවස හය විතර වෙනවනේ.ඉතිං ඒ වෙලාව පහුවුනොත් එහෙම දුව අත පය විසික් කර කර නොතේරෙන භාශාවෙන් සද්දෙ කරනවා.ප්‍රභාශ් ඇවිල්ලා එයාව වඩා ගන්නකන් කියෝනවා.

දවසක් මං දෝණිට කිරි දීලා වේලුනු ඇදුම් වගයක් නවලා අල්මාරියට දැම්මා.ටික වෙලාවකින් ප්‍රභාශුත් වැඩ ඇරිලා ගෙදර ආවා.

“ආ ප්‍රභාශ් ඔයා ආවද?ඕං මෙච්චර වෙලා දුව අඩ අඩා සද්දෙ කර කර හිටියේ ඔයා පරක්කු හින්දා……”

මං කියපු දේවල් ඇහුනෙ නෑ වගේ ප්‍රභාශ් පුටුව උඩින් ඉදගෙන සපත්තු ගලවන්න පටන් ගත්තා.දුව ඇහැරිලා අඩන්න ගත්තු හින්දා මං හිතුවා ප්‍රභාශ් දුවව වඩා ගනියි කියලා.ඒත් ප්‍රභාශ් දුව අඩන එක ඇහුනෙ නෑ වගේ ඉදලා බාතෲම් එකට ගියා ටවල් එකත් අරන්.මං ගිහින් දුවව වඩා ගත්‍තා.

“තාත්තිට මහන්සි ඇතිනෙ මැණික ඒකයි ඔයාව වඩා ගත්තෙ නැත්තේ…….”

මං දුවව වඩාගෙන කාමරේ ටිකක් ඇවිද්දා.ටිකක් වෙලා යද්දී දුව නැලවුනා.

“හිරුණි…..මට තේ එකක් හදාගෙන එන්නකෝ.හරිම මහන්සියි අප්පා අද නම්…….”

මං දුවව ඇදෙන් තියලා ප්‍රභාශ්ට තේ එකක් හදන්න කුස්සියට ගියා.තේ එක හදාගෙන ආපහු කාමරේට එද්දී දුව හොදටම අඩනවා.මං බැලුවා ප්‍රභාශ් කොහෙද කියලා.ප්‍රභාශ් බැල්කනියට වෙලා කාටද මන්දා කෝල් කරනවා.ඇයි දෙයියනේ ලමයා මේ තරම් හයියෙන් අඩද්දීවත් ප්‍රභාශ්ට ලොකු වුනේ කෝල් එකද?

මං දුවව වඩා ගත්‍තා.ටික වෙලාවකින් ප්‍රභාශ් ඇවිත් තේ එක අතට ගත්තා.

“අනේ ප්‍රභාශ් ඔයාට ඔච්චරටම ඇහුනෙ නැද්ද දුව අඩනවා.බලන්නකෝ මෙයා තෙමාගෙනත් එක්ක.මම දැනුයි නැපිය මාරු කරේ……”

“මට ළමයි හුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැ හිරුණි.මල වදේ.ගෙදර ආපු වෙලාවෙ ඉදන් බෙරිහන් දෙනවා. පොඩ්ඩක්වත් සැනසීමෙ ඉන්න නෑ…….”

මට ප්‍රභාශ්ගෙ කතාවට පුදුමත් හිතුණා. එයා කවදාවත් දුවට මේ විදියට කතා කරලා නැහැ.දුව අඩනවට ප්‍රභාශ් පොඩ්ඩක්වත් කැමති නෑ.එයා පැය ගානක් වුනත් දුවව අතේ තියාගෙන නලවයි.

“ඔයා ඇයි ප්‍රභාශ් මේ විදියට කතා කරන්නේ?මේ ඔයාගෙ දරුවා.ඔයාට දුව ගැන පොඩ්ඩක්වත් කැක්කුමක් නැද්ද?……”

“මගේ දරුවා…..කව්ද දන්නේ මගේද එහෙම නැත්නම් වෙන කාගෙ හරිද කියලා……”

දෙයියනේ මේ කතා කරන්නේ ප්‍රභාශ්මද? මොන හිතකින්ද ප්‍රභාශ් මේ වගේ අපරාධ කතා කියන්නේ?😢

“ඔයාට පිස්සු හැදීගෙන එනවද ප්‍රභාශ්? මේ ඔයාගෙ දුව.මෙයාගෙ තාත්තා ඔයා. හෙන ගහන කතා කියන්න එපා ප්‍රභාශ්……”😡

“මේ හිරුණි කට පරිස්සම් කරගෙන ඉන්නවා තේරුනාද?මට බෑ අනුන්ගෙ ලමයින්ට තාත්තා වෙන්න.මර විසේ ගහලා අවුරුදු දහ අට වෙද්දිම මගෙ කරේ එල්ලුනා.ඉතිං එහෙම එකියෙකුට බැරිද අනුන්ගෙ ලමේක් පෙන්නලා මගෙ අනුකම්පාව දිනා ගන්න…….”

“දෙයියන්ගෙ නාමෙට ඔය කතාව නතර කරන්න ප්‍රභාශ්.ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ.ඔයා…..ඔයා කොහොමද ප්‍රභාශ් ඔයාගෙ ලෙයින් උපන්න දරුවට මෙහෙම කතා කියන්නේ…….”

මගේ ජීවිතේ සැනසීම ආපහු හොරු අරගෙන ගියා වගේ මට දැනුනා. ප්‍රභාශ්ගෙ ගතු ගුණ එන්න එන්නම වෙනස් වුනා.එයාට මාවයි දුවවයි පෙන්නන්න බැරි වුනා.ප්‍රභාශ්ගෙ අම්මයි තාත්තයි මොන තරම් අවවාද කරත් ප්‍රභාශ් වෙනස් වුනේ නෑ.ප්‍රභාශ්ගෙ කරදර ඉවසන්න බැරුව මං දුවත් එක්ක පහල කාමරේක හිටියා.මට හිතා ගන්න බැරි වුනා ප්‍රභාශ් මේ විදියට හදිස්සියෙන්ම වෙනස් වුනේ ඇයි කියලා.
එකපාරටම මට සුලේකා අක්කව මතක් වුනා.දවසක් මට සුලේකා අක්කා කෝල් කරලා තර්ජනේ කරා ප්‍රභාශ්ව මගෙන් කොහොම හරි වෙන් කරනවා කියලා.
එහෙනම් ප්‍රභාශ්ගෙ හදිසි වෙනස් වීමට හේතුව සුලේකා අක්කද?ඒ ගැන මට හිතා ගන්න බැරි වුනා.

දුවට දැන් මාස දහයයි.එයා හැම තිස්සෙම ප්‍රභාශ්ව දකිනකොට ඒ දිහාට අත දික් කර කර අඩනවා.මට ඒක වාවගන්න බැහැ.මට දුව ගැන හරිම දුකයි.තාත්තා ඉදලත් එයාට ජීවත් වෙන්න සිද්ද වෙන්නේ තාත්තා නැති ගානටයි.

දවල් මං දුවට කෑම කවලා ඉවර වෙලා කාමරේ අතු ගෑවා.ගෙදර වැඩට ඉන්න මැණිකා කාමරේට දුවගෙන ඇවිත් මට කිව්වා සුලේකා කියලා කෙනෙක් මාව හම්බෙන්න ඇවිත් ඉන්නවා කියලා.

මං දුවවත් වඩාගෙන සාලෙට ගියා. සුලේකා අක්කා සාලෙ පුටුවක් උඩ වාඩි වෙලා හිටියා.

“ඇයි සුලේකා අක්කා මෙහෙ ආවේ…….”

“හිරුණි ඔයා මට ඇති තරම් බනින්න.මං ඔයත් එක්ක තරහ නෑ.ඒත් ඔයා තව දුරටත් මේ දරුවත් එක්ක දුක් විදිනවා බලන් ඉන්න බැරි හින්දයි මං මේ ගමන ආවේ……..”