කුලගෙයි වෛරය😘❤️
🌹🌹🌹මාව දික්කසාද කරන්න ප්‍රභාශ් ගත්තු තීරණය වෙනස් කරපු නිසා මගේ හිතට සැනසීමක් දැනුනා.ඒ නිසා මං සතුටින් ජීවත් වුනා.ඒත් වෙනදා වගේ ප්‍රභාශ් මට ලං වුනේ නෑ කියලා මට දැනුනා.ප්‍රභාශ්ගෙ අම්මා නම් කිව්වේ තව ටික කාලයක් යද්දී හැම දෙයක්ම හරි යයි කියලා.ඉතිං මං ඉවසාගෙන ජීවිත් වුනා.

“හිරුණී…..දුවේ ඔයා වැඩක්ද?……”

“නෑ අම්මේ ඇයි……”

“දුවේ මං ආරාමෙට යනවා ලබන මාසෙනෙ මගේ අම්මගෙ දානෙ.ඒ ගැන ටිකක් කතා කරන්න ඕනි……”

“හා අම්මේ.පරිස්සමින් ගිහින් එන්න……”

ප්‍රභාශ්ගෙ අම්මා ආරාමෙට ගියාට පස්සේ මං එලියට බැහැලා මිදුල අතු ගෑවා. දවල් වෙද්දී අව්ව වැටෙන නිසා ඉක්මනින් මුලු මිදුලම අතුගාලා දැම්මා.කොල රොඩු ටික පුච්චලා දාලා ඉවර වුනාම මට දැනුනේ ලොකු මහන්සියක්.ඇගට පන නෑ වගේ දැනුනා.එකපාරටම කැරකිල්ලට වගේ ඇවිත් මුලු පලාතම කලුවරට වගේ පෙනුනා.මං එහෙම්මම බිත්තිය අල්ලගෙන බිමට පාත්වුනා.

මුහුණට දැනුනු සීතල ගතියත් එක්ක මං හිමිහිට ඇස් ඇරියා.ප්‍රභාශ්ගෙ අම්මා මං ගාවින් හිටියා.

“දුවේ ඔයාට මොකද වුනේ?කෝ නැගිටින්න දරුවො.ඔයාට මොකද වුනේ එකපාරටම?……”

“අ….නේ අම්මේ මට එකපාරටම කලන්තෙට වගේ ආවා.ඇගට පන නෑ වගේ……”

“හොද වෙලාවට මං ආවෙ.මං ගේට්ටුවෙන් එද්දිම දැක්කා ඔයා මෙතන වැටිලා ඉන්නවා.බය වෙච්චි පාරට මං ටක් ගාලා දුවගෙන ඇවිත් වතුර ටිකක් මූණට ඉස්සේ……”

“අම්මා ආවෙ නැත්නම් මං කීය වෙනකන් මෙතන ඉදීද දන්නෙ නෑ……”

“දැන් අඩුයිද දුවේ?කෝ නැගිටින්නකො අපි යමු ඩොක්ටර් ගාවට……”

“ඕනෙ නෑ අම්මේ.මේක ටිකක් වෙලා යද්දී අඩු වෙලා යයි.දැන් අමාරුවක් නෑ…….”

“නෑ දුවේ අපි කෝකටත් ඩොක්ටර් ගාවට ගිහින් බලමු.මට හිතෙන විදියට……”

ප්‍රභාශ්ගෙ අම්මා ඉතිරි ටික නොකියා හිටියා.මට බයකුත් දැනුනා මට මොකක් හරි ලෙඩක්ද කියලා.මෙච්චර කාලෙකට මට එහෙම නරක දරුණු ලෙඩක් හැදිලා නෑ.ඒත් සති දෙක තුනක ඉදන් මගේ ඇගේ අමුතු වෙනසක් මට දැනුනා.කන්න ගියත් පුදුම අප්පිරියාවක් දැනුනේ.ඒත් මං ඒක එච්චර ගනන් ගත්තෙ නෑ.ප්‍රභාශ්ගෙ අම්මා මට නොකියා නැවැත්තුවේ මට මොකක් හරි නරක ලෙඩක් ඇති කියලා මට හිතුණා.

පැය බාගෙකට විතර පස්සේ මායි ප්‍රභාශ්ගෙ අම්මයි ඩොක්ටර් ගාවට ආවා.

“මොකක්ද නම……”👩‍⚕️

“හිරුණි අනුරාධා එදිරිසිංහ……”👩‍

“වයස……”👩‍⚕️

“අවුරුදු දහඅටයි……”👩

“දහ අටයි?????……”👩‍⚕️

මං වයස කිව්වම ඩොක්ටර් මං දිහා බැලුවේ ලොකු පුදුමෙකින් වගේ.සමහර විට මං මෙච්චර අඩු වයසකින් බැන්ද නිසා වෙන්න ඇති.ඒත් ඉතිං මං බැන්දේ අවුරුදු දහඅට සම්පූර්ණ වුනාමනෙ.

“ඔව් ඩොක්ටර්……”👩

“මැරි කරලා කොච්චර කල්ද දැන්……”👩‍⚕️

“දැන් මාස අටක් වෙනවා ඩොක්ටර්……”👩

“හ්ම්ම්.මේ තුන්ඩුව අරන් අංක හතේ කාමරේට යන්න……”👩‍⚕️

ඩොක්ටර් දීපු තුණ්ඩුවත් අරන් මං ඒ කාමරේට ආවා.මාව පරීක්ෂා කරපු ඒ නර්ස් මට ටිකක් වෙලා එලියෙන් ඉන්න කිව්වා.පැය බාගෙකට විතර පස්සේ ඒ මෙඩිකල් ටෙස්ට් එකේ රිපෝට් එක මට දුන්නා.

“යමු දුවේ අපි ඩොක්ටර්ට කියලා රිපෝට් එක බලා ගම්මු……”

මං ප්‍රභාශ්ගෙ අම්මත් එක්ක ඩොක්ටර් හිටපු රූම් එකට ආවා.ඒ රිපෝට් එක ඩොක්ටර්ගෙ අතට දුන්නා.ඩොක්ටර් මට පුටුවෙන් වාඩි වෙන්න කිව්වා.

“මගේ සුභ පැතුම්.🤝🤝ඔයා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ……”👩‍⚕️

අනේ……මට සතුටක් වගේම බයකුත් දැනුනා.අනේ මං අම්මා කෙනෙක් වෙන්නද යන්නේ.

“ඔයාට තාම වයස දහඅටයිනේ.මේ කාලෙදි ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි.කෑම බීම ගැන වගේම බර වැඩ මහන්සි වෙලා වැඩ කරන්න හොද නෑ. මහත්තයටත් මේ ගැන කියන්න.මාසයක් ගානෙ හොස්පිටල් එකේ ක්ලීනින් එකට එන්න ඕනි තේරුනාද?එතනින් ඔයාට අවශ්‍ය කරන උපදෙස් වැඩි විස්තරත් එක්ක ලැබෙයි…….”👩‍⚕️

ප්‍රභාශ්ගෙ අම්මා හිටියේ කියා ගන්න බැරි තරම් ලොකු සතුටකින්.ගෙදර ආවට පස්සේ මට ලොකූ බත් පිගානක් ගෙනල්ලා කැව්වා.මට අප්පිරියාවක් දැනුනත් අම්මාගෙ පෙරැත්තය නිසාම ලුණු මිරිසක් හදාගෙන බත් ටිකක් කෑවා.

“කන්න අප්පිරියයි කියලා නොකා ඉන්න හදන්න එපා දුවේ.මේ කාලෙදි දෙන්නෙකුට ඇති වෙන්න කෑම කන්න ඕනි.ඔයාට කන්න ආස ඕනම දෙයක් තියනවනම් මට කියන්න දුවේ.මං හදලා දෙන්නම්…….”

ප්‍රභාශ්ගෙ අම්මා මාව ගොඩාක් පරිස්සම් කරා.මට මගේ අම්මා මතක් වුනා.අනේ අද මගෙ අම්මා හිටියා නම් කොච්චර හොදද?😫😫

හවස හයට විතර ප්‍රභාශ් වැඩ ඇරිලා ගෙදර ආවා.එයාගෙ මූඩ් එක නම් හොදයි.මේක අහලා ප්‍රභාශ් සතුටු වෙයි. එතකොට වෙනදා වගේම මට ආදරේ කරයි.

“මොකද මේ හොර ගල අහුලන්නේ……”

“න්….නෑ ප්‍රභාශ් මොකුත් නෑ……”

“මොකුත් නැත්නම් කමක් නෑ.මොනවද මේ බෙහෙත්?……”

මට වමනෙ යනවට ඩොක්ටර් දීපු බෙහෙත් කවරෙ පෙන්නලා ප්‍රභාශ් මගෙන් එහෙම ඇහුවා.මං සද්දෙ නොකර හිටියා.

“ඇයි කටේ පිට්ටුද කතා නොකර ඉන්නේ……”

ඒ වචන වල අනුකම්පාවක් නම් ගෑවිලාවත් නෑ කියලා මට හිතුණා.මගෙ හිත දුකින් බර වුනා.😫

“ඔ….ය බෙහෙත් මේ ම…මට මේ අසනීප වෙලා දවල් බෙහෙත් ගන්න ගියා ඩොක්ටර් ගාවට……”

“මොකක්???ඔයාට මොකක්ද වුනු අසනීපෙ හිරුණි.මට ඔයා එහෙම එකක් කිව්වෙ නෑනෙ.අනික ඔයා ඊයෙ එහෙම හොදට හිටියනේ……”

ප්‍රභාශ් මං ගාවට ආවෙ ලොකු සැකේකින් වගේ.

“ඇත්ත කියනවා හිරුණි.ආයෙ තමුං මට බොරු කරන්න හදනවා නේද?මොකක්ද තමුසෙට තියන අසනීපෙ?…..”😡😡

“න්….නෑ ප්‍රභාශ් අසනීපයක් නෑ.මේ….ම්…..”

“එහෙනම් මොකක්ද?……”

“ම….මං අම්මා කෙනෙක් වෙන්න යන්නෙ ප්‍රභාශ්……”

මං බිම බලාගෙනම එහෙම කිව්වා.මං හිමිහිට ප්‍රභාශ්ගෙ මුහුණ දිහා බැලුවා.ඒ ඇස් සතුටින් දිලිසුනා.හිමිහිට මං ගාවට ආපු ප්‍රභාශ් මාව එයාගෙ තුරුලෙ හිර කර ගත්තා.වචනයෙන් නොකිව්වට මට තේරුණා ප්‍රභාශ් හිටියේ ගොඩාක් සන්තෝශෙන් කියලා.ප්‍රභාශ් හිමිහිට මාව දෝතින්ම අරන් ඇදෙන් තියලා මගෙ කුස සිප ගත්තා.

“මීට පස්සේ මං කවදාවත් ඔයාට රිද්දන්නෙ නෑ හිරුණි.මට සමාවෙන්න ඔයා මං හින්දා ගොඩාක් දුක් වින්දා…..”

“එතකොට ඩිවෝස් වෙන්න ඕනි වෙන්නෙ නැද්ද?……”😁😁

මං එහෙම ඇහුවේ විහිලුවට වගේ.

“ඒ මොකටද ඩිවෝස් වෙන්නේ.දැන් අම්මයි බබායි දෙන්නම මගේ…..”

“මට බයයි ප්‍රභාශ්…..”

“ඒ ඇයි හිරුණි…..”

“දරුවා ලැබෙන්න ගිහින් මාව මැරුනොත්…..”

“අසුබ කතා කියන්න එපා රත්තරං.ඔයාට මොකුත් වෙන්නෙ නෑ.මං ඔයත් එක්කම ඉන්නවනේ……”

මතු සම්බන්ධයි

Advertisment