මං ප්‍රභාශ්ට ආදරේ කරන්න හදනකොටම ප්‍රභාශ් මගෙන් ඈත් වෙලා යන්න හදනවා.මගෙ හිතේ එයා වෙනුවෙන් තියන ආදරේ ගැන මොන තරම් තේරුම් කරලා දෙන්න හැදුවත් ප්‍රභාශ් ඒක තේරුම් ගත්තේ නැහැ.ප්‍රභාශ් හිතුවෙම මං එයාට බොරුවක් කරන්න හදනවා කියලයි.ප්‍රභාශ්ව කසාද බැදලා මාස කීයද මට එයත් එක්ක සතුටින් ඉන්න ලැබුනේ.මගේ ජීවිතේ ආපහු පරණ තත්වෙටම ඇදගෙන වැටුනා.මං කොච්චර උත්සහ කරත් ප්‍රභාශ් මගෙන් දික්කසාද වෙන්න ගත්තු තීරණයේ වෙනසක් කරලා තිබුනේ නැහැ.ප්‍රභාශ් මාව දික්කසාද කරොත් මං කොහේ කියලා යන්නද?ආපහු නම් බෑ මට අර අපායට යන්න.ඊට වඩා හොදයි කෝච්චියට පැනලා මැරෙනවා.

ඇදෙන් නැගිටලා ගිහින් මං ප්‍රභාශ් දීපු ඩිවෝස් පේපර් එක අතට ගත්‍තා.මට දැනුනේ දරාගන්න බැරි තරම් දුකක්.මං ටක් ගාලා කබඩ් එකේ ලාච්චුව ඇරලා බැලුවා.ලාච්චුවේ තිබුනා ලියුමක්.මං ඒක කියවලා බැලුවා.ඒ ලියුමේ තිබුනේ උසාවි යන්න තියන දවස ගැන.හරියටම තව දවස් පහයි තිබුනේ.හිත හිතා ඉන්න වෙලාවක් තිබුනේ නෑ.මං ඒ ලියුමයි ඩිවෝස් පේපර් ටිකයි අරගෙන කුස්සියට ගිහින් ඒ ටික ලිපට දාලා පිච්චුවා.නෙතින් වෑහෙන කදුලුත් පිස දමාගෙන මං ප්‍රභාශ්ගෙ අම්මව හොයාගෙන කාමරේට ගියා.

“අම්මේ……”

“ඇයි දුවේ.මොකද මේ ඇස් වල කදුලු.දුව අඩනවා නේද?…….”

මං ප්‍රභාශ්ගෙ අම්මට හැම දෙයක්ම කිව්වා.කිසිම දෙයක් හැංගුවේ නැහැ.මං කියපු හැම දෙයක්ම ප්‍රභාශ්ගෙ අම්මා අහගෙන හිටියා.

“අනේ ඇයි දුවේ ඔයා අපිට මෙහෙම දෙයක් කලින් නොකිව්වේ?මේ වහලෙ යට මේ තරම් දෙයක් සිද්ද වෙලත් අපි දන්නෙ නෑනෙ.දැන් පුතා මේ අරන් තියන තීරණේ වෙනසක් කරන්නෙම නැද්ද?…….”

“නෑ අම්මේ.😭😭ප්‍රභාශ් හිතන්නෙම මං එයාට බොරු කරනවා කියලා.එයාව කසාද බදිද්දී මගේ හිතේ එයා ගැන ආදරයක් තිබුනෙ නැති බව ඇත්ත අම්මේ.මට ආදරේ ගැන,කසාද ජීවිතේ ගැන අත්දැකීම් නැහැ.ඒත් මං දැන් ප්‍රභාශ්ට ආදරෙයි අම්මෙ……”😭😭

“දුව බය නැතුව ඉන්නකො.මං පුතත් එක්ක කතා කරන්නම්.ඔයාට තනි වෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ.අපේ පුතා වුනත් කරලා තියෙන්නේ වැරැද්දක් නම් අපි එයාගෙ පැත්ත ගන්නෙ නැහැ……”

ප්‍රභාශ්ගෙ අම්මයි,තාත්තයි මගේ පැත්තේ හිටපු එක ගැන මට ලොකු සැනසීමක් වුනා.මං තනි වෙලා නෑ කියලා මට දැනුනා.

වෙනදා වගේ අද නම් ප්‍රභාශ් බීලා නෙවෙයි ගෙදර ආවෙ.හොද සිහියෙන් ගෙදර ආපු නිසා අම්මට ප්‍රභාශ් එක්ක කතා කරන්න පුලුවන් වෙයි.අම්මා ප්‍රභාශ්ගෙ තාත්තටත් මේ ගැන කිව්වා.

“හිරුණී…..මෙහාට එනවා……”😡

“ඇ….ඇයි ප්‍රභාශ්…….”

“කෝ මේ ලාච්චුවේ තිබ්බ ලියුම?කෝ ඩිවෝස් පේපර්?……”😡

“මං ඒ ටික පිච්චුවා…….”

මං එහෙම කිව්වා විතරයි ප්‍රභාශ් මං ලගට ඇවිත් මගෙ කම්මුල හරහා පාරක් ගැහුවා.ඒ වැදිච්ච පාරට මාව දොරේ හැප්පිලා වැටුනා.එතකොටම ප්‍රභාශ්ගෙ අම්මයි,තාත්තයි දෙන්නම කාමරේට ආවා.ඒ දෙන්නා ආවේ නැත්නම් මට තවත් ප්‍රභාශ්ගෙන් ගුටි කන්නයි වෙන්නේ.

“මොකද පුතේ උඹට මේ වෙලා තියෙන්නේ?මේ කෙල්ලව මරන්නද හදන්නේ?……”😠

ප්‍රභාශ්ගෙ අම්මා ඇවිත් ප්‍රභාශ්ව වැලැක්කුවා.

“සිද්ද වෙච්චි දේවල් අම්මලා දන්නෙ නෑනෙ.කිසිම දෙයක් නොදැන කෑ ගහන්න එපා.මට හිරුණිත් එක්ක තව දුරටත් එකට ජීවත් වෙන්න බැහැ……”

“කට වහ ගන්නවා ප්‍රභාශ්.වෙලා තියෙන හැම දෙයක්ම අපි හොදට දන්නවා.මේ කෙල්ල කසාද බැදලා වගකීමක් බාර ගත්‍තට තාම පුංචි කෙල්ලක්.මේ වයසට මේ දරුවට මේ කසාදෙ මේ වගකීම් බර වැඩියි.බදින්න කලින් මේ දරුවට ඒ ගෙදරදී සිද්ද වෙච්චි හිරිහැර අපි හොදට දන්නවා.පොඩ්ඩක් සාදාරණව මේ දරුවගෙ පැත්තෙනුත් හිතලා බලනවා ප්‍රභාශ්…….”

ප්‍රභාශ්ගෙ තාත්තා ප්‍රභාශ්ට මොන විදියට තේරුම් කරලා දෙන්න හැදුවත් ප්‍රභාශ් එයාගෙ තීරණේ වෙනස් කරන්න ලෑස්ති වුනේ නෑ.

“පොඩ්ඩක් මනුස්සයෙක් වගේ හිතලා බලන්න පුතේ.ආදරේ කියන දේ එකපාරටම කෙනෙක්ගෙ හිතේ ඇති වෙන්නෙ නෑ.මාත් පිළි ගන්නවා මේ දරුවා මුලදි ඔයාට ආදරේ කරේ නැතුව ඇති.ඒත් කාලයක් යද්දී මේ දරුවගේ හිතේ ඔයා වෙනුවෙන් ආදරයක් ඇති වෙලයි තියෙන්නේ.ඇයි ඔයා ඒක තේරුම් ගන්නෙ නැත්තෙ පුතේ…….”

ප්‍රභාශ්ගෙ අම්මත් ප්‍රභාශ්ට ගොඩාක් දේවල් කිව්වා.ඒත් ප්‍රභාශ් එයාගෙ තීරණේ වෙනස් කරේ නෑ.

ප්‍රභාශ් බාතෲම් එකට ගියාට පස්සේ එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා. මං බැලුවා කාගෙන්ද කෝල් එක කියලා. දෙයියනේ මේ නම්බර් එක සුලේකා අක්කගෙනේ.සුලේකා අක්කා මොකටද ප්‍රභාශ්ට කෝල් කරන්නේ.මගෙ පපුව ගැහෙන්න වුනා.මට බයත් හිතුණා.මං කෝල් එක ආන්සර් කරලා කතා නොකර හිටියා.

📲📲…….

“හෙලෝ ප්‍රභාශ් මං කියපු දේවල් ඇත්ත නේද?…..ඇයි ඔයා කතා කරන්නෙ නැත්තේ.හිරුණි ලග ඉන්නවද?…..”📲📲

මට බය හිතුණා සුලේකා අක්කා කියන දේවල් අහගෙන ඉදලා.එයා මොනවද මේ කරන්න හදන්නේ.

“කමක් නෑ ප්‍රවීන්.මං මේවා කියන්නේ ඔයා වෙනුවෙන්.සුලේකා ඔය කසාදෙට කැමති වුනේ අපේ අම්මගේ බල කිරිල්ලට මිසක් ඔයාට ඇති ආදරේකට නෙවෙයි කියලා මං ඔයාට කිව්වනේ. ඔයාට මේ තරම් ආදරේ කරන මාව අතෑරලා ඔයා ආදරයක් නැති හිරුණිව මැරි කරා.ඔයා ඉක්මනට හිරුණිගෙන් ඩිවෝස් වෙන්න.අපි මැරි කරලා රට යමු……”📲📲

මගෙ ඇග පුරාම විදුලියක් පැතිරුනා වගේ මට දැනුනා.මට තව දුරටත් කට පියාගෙන ඉන්න බැරි වුනා.

“මං ප්‍රභාශ් නෙවෙයි සුලේකා අක්කේ මං හිරුණි කතා කරන්නේ.චික්….තමුසෙට හෙන ගහනවා අනුන්ගෙ පව්ල් කඩන්න හදනවට.ප්‍රභාශ් කියන්නේ මගෙ කසාද මිනිහා.උඹට මේ ලෝකෙ වෙන මිනිහෙක් හිටියෙම නැද්ද මගෙ මිනිහව අල්ල ගන්න හදන්නේ…….”📲📲

කවදාවත් කාටවත් හයියෙන් කතා කරලා බැනලා නැති මං සුලේකා අක්කට ඒ විදියට කතා කරපු එක ගැන මටම පුදුම හිතුණා.කෝල් එක කට් කරපු මං ඇද උඩ ඉදගෙන අත් දෙකෙන්ම මුහුණ වහගෙන හයියෙන් ඇඩුවා.දෙයියනේ එහෙනම් ප්‍රභාශ්ගෙ හිත වෙනස් කරලා තියෙන්නේ සුලේකා අක්කද?එයා හදන්නේ මාව ප්‍රභාශ්ගෙන් වෙන් කරන්නද?😢😢

“මොකද මේ අඩන්නේ?කව්ද කෝල් කරේ. කතා කරනවා හිරුණි මං තමුසෙගෙන් අහන්නේ……”

“සුලේකා අක්කා කතා කරේ.ඒ ගෑනිට ඕනි මාව ඔයාගෙන් වෙන් කරන්න.අනෙ ඇයි ප්‍රභාශ් මාව තේරුම් ගන්න බැරි?……”

“මේ අහනවා හිරුණි.මං ආදරේ කරේ තමුසෙට මිසක් සුලේකාට නෙවෙයි.ඒත් තමුසෙ මාව රැවැට්ටුවා.තමුසෙගෙ ඔය කදුලු වලට අපෙ අම්මයි,තාත්තයි රැවටුනාට මං රැවටෙන්නෙ නෑ.ඔව් මං තමුසෙව ඩිවෝස් කරලා සුලේකාව මැරි කරනවා.ආදරයක් නැති ගෑනියෙක්ගෙන් මට ඇති වැඩක් නෑ……”🤬🤬

මං සුලේකා අක්කට සිය දහස් වාරයක් ශාප කරා.ප්‍රභාශ් වෙනස් වෙන්න හේතුව සුලේකා අක්කයි කියලා දැන ගත්තු මොහොතේ පටන් මං හැසිරුනේ පිස්සියක් වගේ.තව දුරටත් ජීවත් වෙලා පලක් නෑ කියලා හිතපු මං ප්‍රභාශ්ගෙ අම්මා මට තෑගි කරපු සාරියකුත් අරගෙන මං ගබඩා කාමරේට ගියේ ජීවිතේ අන්තිම තීන්දුව ගන්න.සාරිය බාල්කෙ ගැට ගහලා බෙල්ලෙ ගැට ගහ ගත්තු මං ජීවිතේ අන්තිම පාරට හොදටම ඇඩුවා.😭😭 ‘අම්මේ….තාත්තේ….මං ඔයාලා දෙන්නා ගාවට එනවා.ඔයාලගෙ දුව ඔයාලා ගාවට එනවා……’😭😭
ඒත් මට ඒක කියලා ඉවර කරන්න ලැබුනේ නැහැ.කොහෙදෝ මන්දා ඉදන් දුවගෙන ආපු ප්‍රභාශ් මාව බිමට ඇදලා අරගෙන මට කම්මුල් පාරවල් කිහිපයක් එක පිට එක ගහගෙන ගියා.මගේ කටට දැනුනු ලේ රසයත් එක්කම මට සිහිය නැති වුනා.

ආපහු මට සිහිය එද්දී මං හිටියේ කාමරේ ඇද උඩ.ප්‍රභාශ් මගේ ලගම හිටියා.මං අමාරුවෙන් ඇදෙන් නැගිටලා ඉද ගත්‍තා. දරා ගන්න බැරි වේදනාවක් කම්මුලෙන් දැනුනේ.

“තමුන්ට මොලේ හොද නැති වීගෙන එනවද හිරුණි මැරෙන්න හැදුවේ……”

“ඔයා මගේ ආදරේ තේරුම් ගන්නෙ නැත්නම් මාව තේරුම් ගන්නෙ නැත්නම් මං ජීවත් වෙලා වැඩක් නෑනෙ ප්‍රභාශ්…….”😭😭

ඊට පස්සෙ ප්‍රභාශ් මාත් එක්ක එක වචනයක් වත් කතා කරේ නැහැ.මං අඩ අඩාම නිදා ගත්‍තා.ඒත් මට නින්ද ගියේ නෑ.මං නිකන් ඇස්දෙක පියාගෙන හිටියා විතරයි.ප්‍රභාශ් නිදාගෙන නෑ කියලා මට තේරුනා.මං නිදාගෙන කියලා හිතපු ප්‍රභාශ් මගේ පැත්තට හැරිලා එයා ගහපු මගේ කම්මුල සිප ගත්තා.ඊට පස්සේ මගෙ ඔලුව අත ගාලා මට සීට් එක පෙරෙව්වා.දෙයියනේ ඒ කියන්නේ ප්‍රභාශ් මාව තේරුම් ගත්‍තද?මගෙ ආදරේ එයා තේරුම් ගත්තද?

වෙනදා වගේ උදේ පාන්දරම ඇහැරුනු මං ප්‍රභාශ්ට තේ එක හදලා කාමරේට ගෙනාවා.

“ප්‍රභාශ් මේ තේ එක බොන්නෙ……”

වෙනදා වගේ ප්‍රභාශ්ගෙ මුහුණේ සැර ගතියක් පෙනුනේ නැහැ.ප්‍රභාශ් තේ එක බිව්වා.

“හිරුණි…..මං තීරණයක් ගත්තා.මං ඔයාගෙන් ඩිවෝස් වෙන්නෙ නෑ.ඒත් ඔයා හින්දා කැඩිච්ච මගේ හිත හදා ගන්න මට ලේසි වෙන්නෙ නෑ……”

මට දැනුනේ පුදුම සන්තෝශයක්.මං ප්‍රභාශ්ට ගොඩාක් ආදරෙයි.මං එයා වෙනුවෙන් හැම යුතුකමක්ම ඉශ්ඨ කරනවා.එතකොට එයාගෙ හිත හැදෙයි.

Advertisment