කුලගෙයි වෛරය – 3 වන කොටස


❤️❤️”හෙලෝ කව්ද කතා කරන්නේ……”📞

“හිරුණි බේබි,මං මේ ලීලා නැන්දා කතා කරන්නේ……”📞

“ආනේ…..ලීලා නැන්දේ ඔයා ගොඩ කාලෙකින්නේ.කොහොමද මෙහෙ නම්බර් එක හොයා ගත්තේ……”📞

“බේබි,මං දැන් බේබිගෙ පුංචිලාගෙ ගෙදර වැඩ කරනවා.ඔය උයන,පිහන වැඩ ගෙවල් දොරවල් අස් පස් කරන වැඩ එහෙම……”📞

මට ලීලා නැන්දා ගැන දුක හිතුණා.ලීලා නැන්දා නැන්දා වැඩ කරේ ටී ෆැක්ට්‍රි එකේ ක්ලීනින් අංශයේ.අවුරුදු ගානක් එයා ඒකෙ වැඩ කරා.දැන් ලීලා නැන්දට අවුරුදු හැටක් විතර ඇති.පව් එයාට කාත් කවුරුවත් නෑ.අන්තිමට එයාට පුංචිගේ ගෙදර වැඩකාරි වෙන්න සිද්ද වුනා.

“ලීලා නැන්දේ එයාලා ඔයාට හොදට සළකනවද?……”📞

පුංචිගේ හැටි දන්න හින්දා මං එහෙම ඇහුවා.

“ඒ ගැන කියලා වැඩක් නෑ බේබි.අර සුලේකා බේබි යක්ෂනියක් වගේ.කොයි වෙලේ බැලුවත් මගෙ ඇගට කඩාගෙන පනින එකමයි වැඩේ……”📞

“එයාලා මටත් ඔය විදියටමයි සැලකුවෙ ලීලා නැන්දේ.මට හරියට කන්නවත් දුන්නෙ නැහැ.ගෙදර වත්තෙ පිටියෙ සේරම වැඩ ටික මං කරේ තනියෙන්මයි……”📞

“අනේ බේබි මං මේ හදිස්සියෙන්ම කතා කරේ මෙයාලා ඇයි මෙච්චර ඉක්මනට බේබිව කසාද බන්දාලා දුන්නේ.අනේ බේබි ඔයා තාම පුංචි දරුවෙක්නේ.බේබිට තිබ්බේ ඔය කසාදෙට අකමැති වෙන්න…….”📞

“මං මේ කසාදෙට අකමැති වුනා නම් පුංචි මාව මරලා දායි.එයා මට තර්ජනේ කරා කොහොම හරි මේකට කැමති වෙන්න කියලා.ඒ ගෙදර මං හිටියේ හරියට අපායක ඉන්නවා වගේ ලීලා නැන්දේ.මේ කසාදෙට කැමති වුනොත් මට ඒ අපායෙන් ගැලවෙන්න හරි පුලුවන්නේ……”📞

“දැන් මොනවා කරන්නද බේබි.ඔය මහත්තයත් එක්ක සන්තෝශෙන් ජීවත් වෙන්න බලන්න.ඉරනමේ හැටියටනෙ හැම දෙයක්ම වෙන්නෙ……”📞

“මට තේරෙන්නෙ නෑ ලීලා නැන්දේ.මට හිතෙනවා මං මේ ගත්තු තීරණේ වැරදිද කියලා.පුංචිගේ කරදර වදහිංසා වලින් බේරෙන්න මං මේ ගත්තු තීරණේ හරිද?…….”📞

“දැන් හැම දෙයක්ම සිද්ද වෙලා ඉවරයිනෙ බේබි.මේ අපි පතාගෙන ආපු දේවල්නෙ කියලා හිතලා හිත හදා ගන්න. ඔයාලා දෙන්නා සන්තෝශෙන් ඉන්න බේබි.මං දවසක එන්නම් බේබිව බලන්න.මං තියන්නම් බුදු සරණයි බේබි…….”📞🙏

“බුදු සරණයි ලීලා නැන්දේ……”📞🙏

මං රෑට කන්න මොනවා හරි හදන්න කුස්සියට ගියා.යද්දී ප්‍රභාශ්ගෙ අම්මා උයන්න හදනවා.

“ආ අම්මා උයන්න ගත්තද?මං මේ උයන්න හැදුවේ……”

“වැඩි දෙයක් උයන්න නෑනෙ දුවේ.මං මේ සම්බෝලයක් හදලා බිත්තර තැම්බුවා…….”

රෑ කෑම මේසෙට ඇරලා මං කාමරේට ගියා ප්‍රභාශ්ට කන්න කතා කරන්න ප්‍රභාශ් කාමරේ හිටියේ නැහැ.මං හැම තැනකම බැලුවා.

“ප්‍රභාශ්……ප්‍රභාශ්……”

මං සාලෙට ගිහින් අම්මගෙනුත් ඇහුවා ප්‍රභාශ් කෝ කියලා.

“පුතා ඔයාට කියලා නෙවෙයිද ගියේ දුවේ……”

ප්‍රභාශ්ගෙ තාත්තා මගෙන් එහෙම ඇහුවා.

“න්…නෑ තාත්තේ……”

“මං දැක්කා දුවේ පුතා දැන් ටිකකට කලින් කාරෙකේ එලියට යනවා.මං කතා කරන්න පුතා ගිහිල්ලා ඉවරයි……”

කවදාවත් ප්‍රභාශ් මාව නොකියා යන්නෙ නෑනෙ එහෙම.අනික දැන් ගොඩාක් රෑ වෙලා.මේ වෙලාවෙ ප්‍රභාශ් කොහෙද යන්නෙ??.

“දුවේ පුතා ආවම කෑම කයිනෙ.දුව ඇවිත් කෑම කාලා ඉන්න……”

ප්‍රභාශ්ගෙ අම්මා මට කෑම කාලා ඉන්න කිව්වත් ප්‍රභාශ් එනකල් මට කන්න හිතුනෙ නෑ.

“අම්මලා කෑම කන්න.මං ප්‍රභාශ් ආවම කන්නම්……”

අම්මයි තාත්තයි දෙන්නම කෑවා.මං සාලෙ පුටුවක වාඩි වෙලා ප්‍රභාශ් එනකල් බලාගෙන හිටියා.රෑ දහයත් පහු වුනා. ප්‍රභාශ් තාම ගෙදර ආවෙ නෑ.මට බයත් හිතුණා.ප්‍රභාශ්ට මොනව හරි කරදරයක්ද දන්නෙ නැහැ.අපි කෝල් කරත් ආන්සර් කරේ නැහැ.රෑ දහයමාර විතර වෙනකොට ප්‍රභාශ් ගෙදර ආවා.ඒ කෙලින් හිටගෙන ඉන්න බැරි තරමට බීලා.මං කවදාවත් දැකලා නෑ ප්‍රභාශ් ඒ තරම් බීලා ඉන්නවා.මට පුදුමත් හිතුණා මෙච්චර වෙරි වෙන්න බීලා ප්‍රභාශ් කොහොමද කාර් එක ඩ්‍රයිව් කරේ කියලා.

“පුතේ මේ මොකද මේ තරම් බීලා.උඹට මොකද වෙලා තියෙන්නේ.මේ ළමයා නොකා නොබී උඹ එනකල් බලාගෙන ඉන්නවා.උඹ මෙතන කෙලින් හිටගෙන ඉන්න බැරි තරමට බීලා……”

ප්‍රභාශ්ගෙ අම්මයි තාත්තයි ප්‍රභාශ්ට හොදටම බැන්නා.ප්‍රභාශ්ගෙ ඇස් හොදටම රතු වෙලයි තිබුනේ.මං එයා ගාවට ගියා.

“ප්‍රභාශ්…යමු කෑම කාලා ඉම්මු……”

“මට ඕ…න්නැ…ති කෑම එකක් නෑ…ත… තමුසෙ කනවා…….”

එහෙම කියලා ප්‍රභාශ් මාව තල්ලු කරා. මට බයත් හිතුණා.ප්‍රභාශ් කවදාවත් මට තමුසෙ කියලා කතා කරලා නෑ.එහෙම කියපු ප්‍රභාශ් වැනි වැනීම උඩ තට්ටුවට නැගලා කාමරේට ගියා.

“දුවේ ඔයාට හුගක් බඩගිනි ඇතිනෙ.ඔයා කාලා නිදා ගන්න.අපි දෙන්නා හෙට උදේට එයත් එක්ක කතා කරන්නම්……”

ප්‍රභාශ්ගෙ අම්මා එහෙම කිව්වත් මට කන්න හිතුණෙ නෑ.කුස්සියට ගිහින් වතුර වීදුරුවක් බීලා කාමරේට ආවා.මං කාමරේට එද්දී ප්‍රභාශ්ට හොදටම නින්ද ගිහින් තිබුනා.ඉවසන්න බැරි තරම් මත්පැන් ගදක් ආවේ ප්‍රභාශ් ලගින්.ඒ ගදට මට වමනෙ යන්න වගේ ආවා.මං සීට් එකක් එලාගෙන බිම නිදා ගත්තා.

🌄🌥️⛅🌤️🌞

පහුවදා උදේම මං නැගිට්ටා.ප්‍රභාශ් තවම නිදි.මං කුස්සියට ගිහින් ගෙදර හැමෝටම තේ හැදුවා.එවලෙ ප්‍රභාශ්ගෙ අම්මත් කුස්සියට ආවා.

“ආ දුවේ….කෝ පුතා ඇහැරිලාද?……”

“නෑ අම්මේ.ප්‍රභාශ් තවම නිදි…..”

“දුවත් එක්ක පුතා මොනවහරි දේකට රණ්ඩු වුනාද?……”

“න්….නෑ අම්මේ.ඇයි…….”

“නෑ දුවේ.පුතා කවදාවත් ඔය තරම් බොන්නෙ නෑ.ටිකක් විතර බොනවා තමයි.ඒත් දුවව කසාද බැන්දට පස්සේ ඔය ඊයෙ තමයි බීලා ඉන්නවා මං දැක්කේ…….”

මං තේ දෙක හදලා ප්‍රභාශ්ගෙ අම්මට දුන්නා.ප්‍රභාශ්ගෙ තේ එක අරන් මං කාමරේට ගියා.යද්දී ප්‍රභාශ් ඇහැරිලා හිටියේ.මං තේ එක මේසෙ උඩින් තියනකොටම ප්‍රභාශ් බාතෲම් එකේ ඉදන් එළියට ආවා.ඒ මුහුණේ හිනාවක් නම් ගෑවිලාවත් තිබුනෙ නෑ.

“ප්‍රභාශ්….මේ තේ එක බීලා ඉන්න……”

“ඔතනින් තියනවා මං පස්සෙ බොන්නම්……”

ප්‍රභාශ්ට මොනවා වෙලාද මන්දා.හරිම සැරෙන් මට කතා කරේ.ප්‍රභාශ්ගෙ මේ හදිසි වෙනස් වීම ගැන මට මොකුත්ම හිතා ගන්න බැරි වුනා.මං ප්‍රභාශ්ගෙ ලගට ගියා.

“ඔයාට මොකද වෙලා තියෙන්නේ ප්‍රභාශ්? ඇයි ඔයා ඊයෙ අර විදියට බීලා ආවෙ.ඇයි මට මේ තරම් සැරෙන් කතා කරන්නේ……”

බැරිම තැන මං ප්‍රභාශ්ගෙන් එහෙම ඇහුවා.

“මං බිව්වෙ මට ඕනි හින්දා.කරුණාකරලා මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා හිරුණි. මං තමුසෙට ලගදිම නිදහස දෙන්නම්.මං කාවවත් බලෙන් මං ගාව තියාගන්නෙ නෑ……”

දෙයියනේ ප්‍රභාශ් මේ මොනවද කියන්නේ.එයා මට නිදහස දෙනවා කියන්නේ මාව එයාගෙන් ඈත් කරවන්න හදනවා කියන එකද?😢😢

“අනේ ප්‍රභාශ් ඔයා හදන්නේ මාව ඔයාගෙන් ඈත් කරවන්නද?අනේ එහෙම කරන්න එපා.ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ?ඇයි මට මෙහෙම කරන්නේ? මං මොකක්ද ඔයාට කරපු වරද?……”😢

“වරද?…..වරදද?😡😡තමුං මාව මැරි කරේ මට තියන ආදරේකට නෙවෙයි. තමුසෙට පුංචි කරන වෙනස්කම් ඉවසන්න බැරි හින්දා.ඒ ගෙදර අය තමුන්ට සැලකුවේ තිරිසනෙක්ට වගේනෙ.එයාලගෙන් බේරෙන්න තමුං මාව කසාද බැන්දේ…….”🤬🤬

“අනේ ප්‍රභාශ් මං කියන දේ පොඩ්ඩක් අහන්න.මට ටික කාලයක් දෙන්න.මට පුලුවන් ඔයාට ආදරේ කරන්න.මට තාම මේ ජීවිතේ හුරු නෑ ප්‍රභාශ්……”😥😥

“නෑ හිරුණි.මං ඔයාට මේ දීපු කාලෙ හොදටම ඇති.මෙච්චර කාලයක් මං ඉවසුවා ඔයා අද මට ආදරෙයි කියයි නැත්නම් හෙට ආදරෙයි කියයි කියලා. ඒත් තමුසෙ මට කවදාවත් ආදරේ කරලා නෑ.තමුසෙ මගෙ ජීවිතේ කෑවා ඕයි. ශික්…..පොඩි කෙල්ලෙක්ව කසාද බැදලා මාත් කරගත්තු විනාශයක්.මං තමුන්ට ආදරේ කරා වැඩියි හිරුණි……”🤬😡

අනේ මගෙ ජීවිතේට මොනවද මේ සිද්ද වෙන්නේ.කසාද බැදලා මාස තුනයි.මට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා මං හිතුවෙ නෑ.මට හැම දෙයක්ම දැන් පැහැදිලියි.මං ඊයෙ හවස ලීලා නැන්දා එක්ක කතා කරපුවා ප්‍රභාශ් අහගෙන ඉදලා වගේ.අනේ😢😢 ප්‍රභාශ් මාව ඩිවෝස් කරයිද?එහෙම වුනොත් මට ආපහු වෙන්නෙ අර අපායට යන්න.දෙයියනේ පුංචි මාව මරයි.😭😭😭

කාලය මොන තරම් ගෙවිලා ගියත් ප්‍රභාශ්ගෙ හිතේ මං ගැන තිබ්බ තරහ අඩු වුනේ නැහැ.බිරිදකගෙන් වෙන්න ඕන හැම යුතුකමක්ම මං ප්‍රභාශ්ට ඉශ්ට කරා.මගෙ හිතේ දැන් ප්‍රභාශ් ගැන ආදරයක් ඇති වෙලා කියලා මට දැනුනා. මං ප්‍රභාශ්ට මොන තරම් ආදරෙන් ඉන්න හැදුවත් එයා මාව ගනන් ගත්තෙ නෑ.

දවසක් ප්‍රභාශ් වැඩට යන්න ලෑස්ති වෙලා මගේ අතට ෆයිල් එකක් දුන්නා.

“ආ මේකට සයින් කරලා තියනවා.ඔය තමුං බලාපොරොත්තු වෙච්චි දේ……”

මං ඒ ෆයිල් එක දිගෑරලා බැලුවා. දෙයියනේ ඩිවෝස් පේපර්😱😱මගෙ ඇගත් එක්ක සීතල වෙලා ගියා.මෙච්චර ඉක්මනට ප්‍රභාශ් මාව දික්කසාද කරයි කියලා මං හිතුවේ නෑ.මගෙ අත වෙව්ලුවා.මං අසරණ දෑසින් ප්‍රභාශ් දිහා බැලුවා.

“අනේ ඇයි ප්‍රභාශ් ඔයා මගෙ ආදරේ තේරුම් ගන්නෙ නැත්තේ.අනේ මාව ඔයාගෙන් ඈත් කරන්න එපා ප්‍රභාශ්.මං ඔයාට ගොඩාක් ආදරෙයි……”😢😢❤️

“අනේ තියාගන්නවා තමුසෙගෙ බොරු ආදරේ හිරුණි.තමුන්ව දික්කසාද කරන්න එපා කියන්නේ මට තියන ආදරේකට නෙවෙයි තමුසෙට ආයෙ තමුසෙගෙ පුංචි ගාවට යන්න වෙයි කියන බයට.තමුංට බෑ මාව රවට්ටන්න තවත්……”😡😡

“අනේ ප්‍රභාශ් මාව තේරුම් ගන්න.මං මුලදි මේ කසාදෙට කැමති වුනේ පුංචිගෙන් බේරෙන්න තමයි.ඒත් දැන් මං ඔයාට ආදරෙයි ප්‍රභාශ්.ඔයාම නේද කිව්වේ මට ටික කාලයක් දෙන්නම් කියලා……”

“ඔව් මං එහෙම කිව්වා තමයි.දැන් මාස හයක් ගෙවිලා ඉවරයි හිරුණි.ඒත් මං හිතුවේ තමුංගෙ හිතේ මං ගැන පුංචිම හරි ආදරයක් ඇති කියලා.එදා තමුං අර ලීලා නැන්දා කියන කෙනාට කෝල් කරලා කියපු දේවල් සේරම මං අහගෙනයි හිටියේ.තමුසෙට මගෙන් කිසිම සමාවක් නෑ හිරුණි……”

Advertisment