හෝ හඩ නංවමින් මුලු පරිසරයම දෙවනත් කරමින් ඇදහැලෙන මහා ධාරානිපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රිය වන විටදීවත් නොනවතින බව මට හැගී යයි.වත්තේ ඇති පොල් ගස් කොස් ගස් සියල්ලම මේ හමා යන සුළග නිසා ඇඹරී යයි.කොස් ගස ළග ඇති වතුසුද්ද ගසේ මල් සියල්ලම සුළග නිසා හැලී ඇත.අධික සුළග නිසා මුලු මිදුලම පාහේ කොල රොඩු වලින් පිරී තිබේ.වර්ෂාව එන්න එන්නම වැඩි වනවා මිස අඩු වන පාටක් නැත.ඒ නිසා මං ජනේලය වසා ඇදට පැමිණ රෙද්දත් පොරවාගෙන නිදා ගැනීමට සැරසුනෙමි.මුලු පළාතම දෙදරාගෙන එක්වරම මහා හඩින් ගැසූ අකුණ නිසා මම ඉතාමත් බියට පත් වුනෙමි.ඔරලෝසුවේ එලාම් එක තබා මම ඔලුවේ සිට හොදට පොරවාගෙන නිදා ගත්තෙමි.

🌧🌦️🌨️

පාන්දර හතරහමාරට විතර අවදි වූ මම කේතලය ලිපේ තබා වතුර උණු කර නිවසේ සැමට තේ සෑදුවෙමි.ඉන් පසුව උදේ ආහාරය සාදා මමද තේ බිව්වෙමි. බාප්පා නැගිටිනකොට උදේ අටත් පහුවන නිසා ඔහුගේ තේ එක තවත් ටිකක් ප්‍රමාද වී හදනවා යයි සිතූ මම පුංචිගේ සහ අක්කගේ තේ ඔවුන්ගේ කාමරය වෙත ගොස් දුන්නෙමි.

“ආ උඹ ඉන්නවද?මං හිතුවෙ ඊයෙ රෑ අර ගහපු අකුණ වැදුනෙ උඹට කියලා.චික් මළ වදේ අකුණක්වත් ගහලා මැරිලා යන්නෙ නෑනෙ.උදේ පාන්දරම දකින්න වුනානෙ කාලකණි මූණ…….”

පුංචිගේ ඒ කතා නොඇසුනු ගානට මං තේ දෙක මේසෙ උඩින් තියලා කුස්සියට ආවා.මේ ගෙදරදී මේ වගේ අසුභ කතා අහලා මට දැන් හොදට පුරුදුයි.ඇස් දෙකට උනපු කදුලු මං පිටි අත්ලෙන් පිස දමාගෙන කුස්සියට ආවා.වටේ පිටෙන්ම එලිය වැටී තිබෙන නිසා මං ඉදලත් අරගෙන මිදුලට බැස්සා.ඊයේ රෑ වැහැපු වැස්සට මුලු මිදුලම කොල රොඩු වලින් පිරිලා.මං මිදුලේ කොනක ඉදන් අතු ගාන්න පටන් ගත්තා.මුලු මිදුලම අතුගාලා අස් කරලා ඉවර වෙන්න පැය දෙකක් විතර ගියා.ඉදල තියෙන්න මං පිලිකන්න පැත්තට ගියා.

“අනේ අම්මේ මේ බලන්නකෝ අනේ….. ඉක්මනට එන්නකෝ……”

සුලේකා අක්කාගේ කෑ ගැහිල්ලට මාත් ඉදල තියලා ඒ පැත්තට දිව්වා.එවලෙම පුංචිත් දුවගෙන ආවා.

“මොකද ලමයො කෑ ගහන්නේ.මොකද වුනේ?……”

“බලන්නකෝ අම්මේ මේකි අතු ගාන්න ගිහින් මගෙ රෝස පැලේ කඩලා.මේකි නම් මේක කරලා තියෙන්නේ හිතලාමයි අම්මේ……”😥

සුලේකා අක්කා මාව පෙන්නලා කෑ ගහන්න ගත්තා.පුංචි තරහ දෑසින් මං දිහා බැලුවා.මං දන්නවා සුලේකා අක්කා මේ වැඩේ කරේ හිතලාමයි.පුංචිගෙන් මං ගුටි කනවා දකින්නයි එයාම හිතලා මල් පැලේ උදුරන්න ඇත්තේ.

“අනේ පුංචී අක්කා කියන්නේ බොරු.මං රෝස මල් පැලේ කැඩුවෙ නෑ පුංචි.අනේ ඇත්තමයි මං කියන්නේ.අනේ ගහන්න එපා පුංචී……”😭😭

මං උඩ පැන පැන කෑ ගගහා ඇඩුවා.ඒත් පුංචි මට හොදටම ගැහුවා.

“උඹ කියන්නේ මගෙ කෙල්ල බොරු කියනවා කියලද?තෝනෙ හැමදාම ඇත්‍ත කියන්නෙ.තෝ මේ ගෙදරට ආපු දවසෙ ඉදලම මේ ගෙදරට පුදුම මූසලකමක් වැදුනෙ……”

පුංචි ගහලා රිදුම් දෙන මගේ අතයි කකුලයි අත ගගා මං කුස්සිය පැත්තට ගියා මුහුණ හෝද ගන්න.අඩලා අඩලාම මුහුණත් ඉදිමිලා.අනේ…..😭මගෙ අම්මේ තාත්තේ ඉක්මනට මාව ඔයාලගේ ලෝකෙට එක්කන් යන්න.තවත් නම් මට බෑ මේ අපායෙ ඉන්න.මට ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නේ.😭😭😭

“මොනවද උඹ ඔතෙන්ට වෙලා කරන්නේ. ඇවිල්ලා ගේ අතුගාලා ඉවර වෙලා රෙදි ටික හෝදලා දාපන්.කනවා විතරයි කිසිම වැඩක් කරන්නෙ නෑ.අපිවම කන්න ආපු එකියක්…….”

මගේ කල්පනා දැහැන බිදිමින් පුංචී ඇවිත් මගෙ ඔලුවට හයියෙන් ටොක්කකුත් ඇනලා එහෙම කිව්වා.ඒ ඇනපු පාරට ඔලුව හෙල්ලුනා වගෙයි මට දැනුනේ.මං තවත් එතන නොරැදී කොස්ස අරගෙන ගේ අතුගාලා ඉවර වෙලා රෙදි ටිකත් හේදුවා.මේ ගෙදර ඉන්නේ මගේ බාප්පයි පුංචියි එයාලගේ දුවයි වුනාට මං මේ ගෙදර වැඩකාරි කිව්වොත් හරි.උදේ උදේ පාන්දර ඉදන් මහ රෑ වෙනකල් මේ ගෙදර හැම වැඩක්ම කෙරෙන්නේ මගේ අත් දෙකෙන්.සමහර දවස් වල මට උදේට කන්න හම්බවෙන්නෙත් එකොළහ පහුවෙලා.මෙයාලා හැමෝම මට සළකන්නේ තිරිසනෙක්ට වගේ.ටිකක් හරි සැනසීමක් තියෙන්නේ බාප්පගෙන් විතරයි.බාප්පා උදේම වැඩට ගියාම ආයෙ එන්නේ රෑ හතට විතර.

මගේ නම හිරුණි අනුරාධා අබේසූරිය.මගේ පව්ලෙ හිටියේ අම්මයි, තාත්තයි,මමයි විතරයි.මගේ තාත්තා විශ්වනාත් අබේසූරිය.තාත්‍තට ටී ෆැක්ට්‍රි එකක් තිබ්බා.ඒකෙ සේවකයෝ පනහක් විතර වැඩ කරා.අපිට සල්ලි වලින් අඩු පාඩුවක් තිබ්බේ නෑ.මගේ අම්මා මාලී ප්‍රසංගිකා අබේසූරිය.මගේ තාත්තට එක මල්ලි කෙනෙක් හිටියා.එයා වික්‍රම අබේසූරිය.මමයි,අම්මයි,තාත්තයි ජීවත් වුනේ හරිම සතුටින්.අපි අතර කවදාවත් ලොකුවට ප්‍රශ්න ඇති වුනේ නැහැ.මගේ වයස අවුරුදු දා හතයි.මං ඉගන ගන්න හරිම දක්ෂයි.ශිෂ්‍යත්වෙන් ලකුණු 198 ක් අරන් ලංකාවෙන් තුන් වෙනි තැනට ආවා. මං හැමදාම පන්තියේ පළවෙනියා.මගේ හීනෙ වුනේ කවදා හරි ඩොක්ටර් කෙනෙක් වෙන එක.මං ඒකට ගොඩාක් මහන්සි වුනා.

ඒත් එක දවසක්……😭😭එදා මහා නපුරු මූසල දවසක් වුනා.මං එතකොට හිටියේ ඉස්කෝලේ දහය වසරේ.උදෙන්ම මං ඉස්කෝලේ ගියා.අම්මයි තාත්තයි දෙන්නා ටී ෆැක්ට්‍රි එකට ගියා.එදා ටී ෆැක්ටි එකට අවුරුදු පහළව සම්පූර්ණ වීම නිමිත්තෙන් දානයක් දෙන්න සූදානම් කරලා තිබුනේ.කෑම ඉව්වෙත් ෆැක්ට්‍රියෙ මුලුතැන්ගෙයිමයි.උදේ එකොළහමාරට විතර ෆැක්ට්‍රි එකේ කුස්සියේ ගෑස් එක පුපුරලා ගිනි අරගෙන මගෙ අම්මයි, තාත්තයි තවත් සේවකයෝ හය දෙනෙකුයි අවසන් සුසුම් හෙලලා තිබුනා. ඒ ආරංචිය ලැබුනු හැටියේම ඉස්කෝලේ ඉදන් ෆැක්ට්‍රියට දිව්වේ පිස්සියෙක් වගේ. බලන්න බැරි තරමටම අම්මගෙයි, තාත්තගෙයි මිනී දෙක ගින්නෙන් පිළිස්සිලා තිබ්බා.එදා මං මොන තරම් අඩන්න ඇත්ද?මාව සනසන්න කවුරුවත් හිටියේ නැහැ.අම්මගෙයි තාත්‍තගෙයි අවසන් කටයුතු කරේ බාප්පයි පුංචියි දෙන්නා එකතු වෙලා.මගේ වගකීමත් ඒ දෙන්නා බාර ගත්තා.

බාප්පයි පුංචියි මාව හොදට බලා ගත්තා.ඒත් ටික කාලයයි.මාසයක් දෙකක් විතර යද්දී එයාලා මට වෙනස්කම් කරන්න පටන් ගත්තා.මට ඉස්කෝලෙට අවශ්‍ය පොත් පත් පවා එයාලා මට අරන් දුන්නෙ නෑ.ඒවා මං එයාලගෙන් ඉල්ල ගත්තේ දහ අතේ වැදුම් වැදලා.තාත්තගේ මරණෙන් පස්සේ ටී ෆැක්ට්‍රි එකේ අයිතිකාරයා වුනේ බාප්පා.මගේම තාත්‍තගේ සල්ලි වලින් එයාලා රජකරේ මාව ගෙදර වැඩකාරි කරලා.කොහොම හරි අමාරුවෙන් මං සාමාන්‍ය පෙළත් ලිව්වා.ඒ නවයක් බලාපොරොත්තුවෙන් හිටියත් මට ලැබුනේ ඒ හයයි,බී දෙකයි,සී එකයි.මං ඒක අහලා සන්තෝශ වුනත් පුංචි නම් ගොඩාක් තරහ ගත්තා.ඒ ලෙවල් කරලා කැම්පස් ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙන්න හීන මැව්වත් මට ඕලෙවල් වලින් පස්සේ ඉගන ගන්න එක පුංචි තහනම් කරා.මම ඒ ගෙදර වැඩකාරි වුනා.පුංචිගේ දුව සුලේකාට අවුරුදු විසි දෙකයි.එයා මාත් එක්ක පුදුම තරහකින්,වෛරයකින් ඉන්නේ.මං වගේ එයා ලස්සන නෑ.සුදුත් නෑ.සුලේකා අක්කව බලන්න කිහිප වතාවක්ම මනමාලයො ගෙදරට ආවා. ඒත් ඒ එක්කෙනෙක්වත් එයාට කැමති වුනේ නෑ.ඒ වෙනුවට එයාලා කැමති වුනේ මට.සුලේකා අක්කා මට වෛර කරන්න ඒකත් එක හේතුවක් වුනා.

“මේ කාලකණ්ණි කෙල්ල මේ ගෙදර ඉන්නකල් මගේ කෙල්ලට වැදගත් තැනකින් කසාදයක් කරගන්න හම්බවෙන්නෙ නෑ.එන හැම එකාම මගේ කෙල්ලට කැමති නෑ කියනවා……”

පුංචිගෙ වැඩේම අක්කට කසාදයක් හරියන්නෙ නැත්තෙ මං හින්දයි කියලා මට බනින එකමයි.

😭😭

“හිරුණී මෙහෙ වරෙන්…….”

පුංචිගේ කටහඩට මං ටක්ගාලා ඉක්මනට දුවගෙන ගියා.

“ඇ….ඇයි පුංචී……”

“තොට මං කී දවසක් කියලා තියනවද මට පුංචි කියලා කියන්න එපා තෝ මට ලොකු නෝනා කියලා කියපන්.ගෙදරට කවුරු හරි ඇවිල්ලා ඉන්න වෙලාවට විතරක් පුංචි කියලා කියපන්……”

“හා ලොකු නෝනා……”

“මේක හොදට අහගනින්.අපිට හැමදාම උඹව මේ ගෙදර තියාගෙන පිනට ගිල්ලව ගිල්ලව ඉන්න බෑ.උඹේ මහ එවුන් මැරෙනකොට අපිට උඹට වියදම් කරන්න කියලා දෙයක් දීලා ගියේ නෑනෙ.ඒ හින්දා ලෑස්ති වෙයන් තෝ මේ ගෙදරින් යන්න……”

දෙයියනේ පුංචි මොනවද මේ කියන්නේ. මට කාත් කවුරුවත් නෑ.මං කොහේ කියලා යන්නද?ඒත් මගෙ අම්මා,තාත්තා මං වෙනුවෙන් වියදම් කරන්න පුංචිලාට දෙයක් දුන්නෙ නෑ කියනකොට මට හරියට දුක හිතුණා.මගේ තාත්තගේ තේ කොළ කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම අයිති වුනේ බාප්පට.ඒ මදිද කියලා මට පුංචිගෙන් අහන්න හිතුණා.ඒත් මං සද්දෙ නැතුව හිටියා.

“අනේ…..😭😭ලොකු නෝනා මාව මේ ගෙදරින් පන්නන්න එපා.මට යන්න තැනක් නෑ.මං මේ ගෙදර හැම වැඩේම කරලා දෙනවනේ.අනේ නෝනා මාව මෙහෙන් එළවන්න එපා…….”😭😭🙏

මං අත් දෙක එකතු කරගෙන වැදලා එහෙම කිව්වා.මං ගොඩාක් අසරණ වුනා.මගේ කියලා කියන්න කාත් කවුරුවත් මේ ලෝකෙ නෑ.දෙයියනේ මං කොහේ කියලා යන්නද?

“මේ බොරුවට අඩන්නෙ නැතුව හිටපං. මේ ගෙවලුත් එක්ක මූසල වෙනවා.තෝව මෙහෙන් නිකන් පන්නන්නෙ නෑ.හෙට උඹව බලන්න මනමාලයෙක් එනවා.උඹ ඌට කැමති වෙයන්.ඊට පස්සෙ මෙහෙන් සදහටම තොලොංචි වෙලා පලයන්……”

දෙයියනේ පුංචි මොනවද මේ කියන්නේ. මාව කසාද බන්දලා දෙන්න හදන්නෙ ඇයි?මට තාම අවුරුදු දා හතයි.ඇයි මේ මිනිස්සු මට මෙහෙම කරන්නේ.අද මෙයාලා මේ තරම් සැප විදින්නේ මගේ අම්මටයි,තාත්‍තටයි අයිති දේපළ නිසා කියලා ඇයි හිතන්න බැරි.😢

“අනේ ලොකු නෝනා මට දැන්ම කසාද බදින්න බෑ.මට තාම අවුරුදු දහහතයි. අනේ මට පාඩුවෙ ඉන්න දෙන්න……”

“මොකක්…..උඹට මේ ගෙදර පාඩුවෙ ඉන්න දෙන්න.යකෝ තොට හැමදාම පිනට කන්න බොන්න දෙන්න මං උඹේ අම්මා නෙවෙයිනේ.හෙට එන මනමාලයට උඹ කැමති වෙන්නම ඕනි.නැත්නම් මං උඹ ගැන බලා ගන්නම්……”🤬🤬

එහෙම කියපු පුංචී මටත් ගස්සගෙනම කාමරේට ගියා.මට ඇඩෙන්න ආවා.තාම මට වයස අවුරුදු දහඅට සම්පූර්ණ වෙලත් නෑ.මං කොහොමද කසාද බදින්නේ.ඒ මනුස්සයා මොන ජාතියේ කෙනෙක්ද කියලාවත් මං දන්නෙ නෑ.

රෑට මං නොකාම තේ ටිකක් විතරක් බීලා නිදා ගත්තා.මං තරම් අසරණ වෙච්චි කවුරුවත් මේ ලෝකෙ නැතුව ඇති කියලා මට හිතුණා.

උදේ පාන්දර හතරට මං නැගිට්ටා.වෙනදා වගේම කේතලේ ලිපේ තියලා හැමෝටම තේ හැදුවා.

“හිරුණි උඹ කාමරේට ගිහින් මේ සාරිය ඇද ගනින්.අද උයන්න ඕනි නෑ.මං කෑම පිටින් ඕඩර් කරලයි තියෙන්නේ.අර මිනිස්සු හතාමාර වෙද්දී එයි.උඹ මං කියලා දීපු විදියටම හිටපන්.එකක්…..උඹ මේකට අකමැති වුනොත් මං උඹව ඉහේ ඉදන් හම ගහනවා.පල ගිහින් ඇද ගනින්…….”

අඩ අඩාම මං කාමරේට ගිහින් සාරිය ඇද ගත්තා.මගේ දෛවය පුංචී විසින් තීරණය කරලා ඉවරයි.මං එයාලගේ අතේ නැටවෙන රූකඩයක් වගේ වුනා.

උදේ හතයි හතලිහ වෙද්දී කට්ටිය ආවා. සාලෙට වෙලා කට්ටියම කතා කර කර ඉන්නවා මට කාමරේට ඇහුනා.සුලේකා අක්කා මගේ කාමරේට ආවා.

“ආං මනමාලයා ආවා.උඹ ඒ අය ඉස්සරහට ගිහින් එහෙම අඩන්න තියා ගන්න එපා.උඹ මේකට කැමති වෙයන්. උඹට රැජිනක් වගේ ඉන්න පුලුවන්. මනමාලයගේ අම්මා කිව්වා මගේ කසාදෙට අවශ්‍ය සේරම රත්තරං බඩු ටික එයාලා දෙන්නම් කියලා……”

එහෙම කියපු සුලේකා අක්කා මාව එක්කරගෙන සාලෙට ආවා.මං බිම බලාගෙනම ආවා.පුංචි හිනාවෙලා මං ගාවට ආවා.දැන් රගපාන්න ගනියි මෙතන කියලා මට හිතුණා.

“අනේ ලැජ්ජ වෙන්න එපා දුව.අනේ මෙයා මෙහෙම්මම තමයි හරිම ලැජ්ජකාරි පුංචි කාලෙ ඉදලා……”

පුංචි මනමාලයගේ අම්මට එහෙම කිව්වා.මං හිමිහිට මනමාලයා ලගට ගිහින් හෙප්පුව දික් කරා.එයා හිමිහිට පුටුවෙන් නැගිට්ටා.එතකොටයි මං එයාව හරියටම දැක්කේ.රැව්ල කොටටම කපපු කොන්ඩෙ ලස්සනට ජෙල් ගාලා හදපු එයා ඇදලා හිටියේ ලා නිල් පාට අත් දිග කමිසෙකුයි කලු පාට කලිසමකුයි.එයා මට වඩා උසයි.මං එයාටයි එයාගෙ අම්මටයි තාත්‍තටයි දණ ගහලා වැන්දා.

“අනේ හරිම සීදේවි දරුවෙක්.අපේ පුතාට හොදටම ගැලපෙනවා.දුවේ ඔය දෙන්නා එලියට ගිහින් පොඩ්ඩක් කතා බහ කරලා එන්නකෝ……”

එහෙම කිව්වේ මනමාලයගේ අම්මා. මනමලයා නැගිටලා එලියට ගියා.මාත් හිමිහිට ඒ පස්සෙන් ගිහින් එලියේ බංකුවෙන් වාඩිවුනා.එයත් මං ගාවින් වාඩිවුනා.

“ඔයාගෙ නම මොකක්ද?මම ප්‍රභාශ් එදිරිසිංහ……”

“ම….ම හිරුණි අනුරාධා අබේසූරිය……”

“ශා……ලස්සන නමක්නෙ…….”

“තැන්ක්‍යූ…….”

මං හිමිහිට එහෙම කිව්වා.

“ඇයි ඔයා දුකෙන් වගේ ඉන්නේ.බය වෙන්න එපා ඔයාට අවුරුදු දහඅට සම්පූර්ණ වුනාම තමයි අපි මැරි කරන්නෙ……”

“ඔ……ඔයාගෙ වයස කීයද?……”

“මට විසි හයයි.ඇයි?වයස වැඩියි වගේද?…….”

විසි හයයි කියන්නේ මට වැඩිය අවුරුදු අටක් වැඩිමහල්.ඒත් එයාට එච්චර වයසක් පෙනුනේ නැහැ.

“මං ඔයාගෙන් දෙයක් අහන්නද හිරුණි…..”

“ඒ මොකක්ද?……”

“ඔයා කැමතිද මාව මැරි කරන්න……”

දෙයියනේ මං මොනවද කියන්නේ.මං කැමති නෑ කිව්වොත් පුංචි මට දසවධ දෙයි.කැමතියි කියලා කිව්වොත් සමහර විට මට ඒ ගෙදර ටිකක් හරි සැනසීමකින් ඉන්න ලැබෙයි.ඒත් නොදන්න මනුස්සයෙක්ව කසාද බැදලා මං කොහොමද ජීවත් වෙන්නේ………………
……………..ඒත් අන්තිමට මං හිතා ගත්තා මේ අපායෙන් මට ගැළවෙන්න තියන හොදම ක්‍රමේ මේ කසාදෙට කැමති වෙන එක කියලා.

“ඇයි සද්දෙ නැතුව ඉන්නේ.අකමැති නම් කියන්න.ප්‍රශ්නයක් නෑ……”

උත්තරයක් දෙන්න මං පරක්කු වුනු හින්දා ප්‍රභාශ් එහෙම කිව්වා.

“න්…..නෑ මං කැමතියි…..”

Advertisment