හදවතේ ගින්දර💌
❤️🔥”තාත්තී….බබාත අම්මි ගැව්වා.මේ….මෙතන සිදෙනවා……”

මං පොඩි වැරැද්දකට පාරක් ගැහුවත් මේ කෙල්ල දුවගෙන ගිහින් ක්‍රිෂාන්ට කියනවා කට උල් කර කර.ක්‍රිෂාන්ගෙ වැඩේ දුවව හුරතල් කරන එකමයි. වැරැද්දක් කරත් කෙල්ලට සැර කරන්නෙ නැහැ.

“ආරාධ්‍යා මොකද මේ ළමයට ගහන්නේ……”😠

“බලන්නකො අනේ බත් කවන්න හැදුවට කන්නෙ නෑ.කටයි දෙකයි කන්නෙ. ඉල්ලන්නෙම කඩ චෝරු.ඔයා තමයි ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම අරන් දීලා මෙයාව හුරතල් කරන්නෙ……”😡

“ඕකට ඉතින් ගහලා හරියනවද?ළමයා ආසාවෙන් ඉල්ලන දෙයක් අරන් දුන්නම ඉවරයිනෙ……”😡

තාත්‍තටයි දුවටයි ඕනි එකක් කර ගන්න කියලා මං කුස්සියට ගිහින් පිගාන හෝදලා රාක්කෙන් තිබ්බා.දුවගෙ රෙදි ටික හෝදලා ඉවර වෙලා මාත් නාගත්තා.

“දෝණි…..කෝ එන්න මැණික……”

මං කතා කෙරුවා විතරයි කෙල්ල දුවගෙන ආවා.

“ඇයි අම්මී……”

“කෝ එන්න අපි දැන් නාමු……”

මං දුවව බාතෲම් එකට එක්කන් ගිහිල්ලා නෑව්වා.සමහර වෙලාවට කෙල්ල ඇල් වතුරෙන් නාන්න හරිම කම්මැලියි.බොහොම අමාරුවෙන් නාවගන්නේ.

“මත බෑ නාන්න අම්මි.සීතලයි.නාන්න බෑ අම්මී……”😭😭😭

ඒ පාර මේ කෙල්ල නාන්න බෑ කියලා අඩනවා.මාවත් තෙමනවා මෙතන අඩලා දගලලා.බැරිම තැන මං සැර කරලා පාරක් ගහලා බලෙන්ම නෑව්වා.කොච්චර කිව්වත් අහන්නෙ නෑ බලෙන්ම නෑව්ව හින්දා ගිරි යටින් කෑ ගහලා අඩන්න පටන් ගත්තා.😭😭

“නවත්තන්න දෝණි ඔය ඇඩිල්ල.දැන් නාලා ඉවරයිනෙ.මේ අලුත් චෝයි ඇදුමකුත් ඇන්දනේ……”

මොන තරම් කිව්වත් අහන්නෙ නෑ.එක දවසක් උණු වතුරෙන් නෑව්වම හැමදාම ඒක පුරුද්දකට තියා ගත්තා.කියන දේ අහන්නෙ නැති හින්දා මං කකුලට හිමින් පාරක් ගහලා සැරකලා.කාමරේට ගිහින් මුහුණත් පිහදැම්මා.හොද වෙලාවට ක්‍රිෂාන් ගෙදර නෑ.නැත්නම් දුව අඩන එකට බැනුම් අහන්න වෙන්නෙ මටයි. ටිකක් වෙලා යද්දී දොර ගාවින් ඇහුනා ක්‍රිෂාන් ආපු සද්දෙ.ක්‍රිෂාන් ආවා කියලා ඇහුනා විතරයි කෙල්ල දුවගෙන ගියා සාලෙට මං ගැහුවා කියලා කියන්න වෙන්න ඇති.

“ආරාධ්‍යා….මෙහෙ එන්න……”🤬

අපොයි අද නම් ක්‍රිෂාන්ට හොදටම කේන්ති ගිහින් වගේ.කෙල්ල කේලම කියලා වගේ ක්‍රිෂාන්ට.මං ගියා සාලෙට.

“ආ මෙහෙ එනවා ආරාධ්‍යා.බලනවා මේ ළමයගේ කකුළෙ පාර හිටලා තියන හැටි තමුසෙ ගහලා……”🤬🤬

මං දුවගෙ කකුල දිහා බැලුවා.මං හයියෙන් ගැහුවෙ නෑ.හිමින් ගැහුවෙ. කෙල්ල සුදු නිසා කකුලෙ යාන්තං පාර හිටලා.මට දුකත් හිතුණා පව් කෙල්ල.

“අනේ ක්‍රිෂාන් මං හයියෙන් ගැහුවෙ නෑ. මෙයා බාතෲම් එකේ ඉදන් යටි ගිරියෙන් කෑ ගහනවා නාන්න බෑ කියලා.අහල පහළ මිනිස්සුන්ට ඇහුනොත් මොකද හිතන්නේ…….”

“ඒ හින්දද ළමයව කන්න හදන්නේ. කවන්න ගියත් ළමයට ගහනවා.නාවන්න ගියත් ළමයට ගහනවා.ඒක තමා ළමයා ඔය තරම් මුරණ්ඩු වෙන්නෙ……”🤬😡

මට පුදුම කේන්තියක් ආවේ ක්‍රිෂාන්ගෙ වචන වලට😡😡ළමයට වැරැද්දකට පාරක් ගැහුවත් ක්‍රිෂාන්ට මමයි වැරදි.එයාගෙ වැඩේම මොන වැරැද්ද කරත් දුවව හුරතල් කරන එකනෙ.

“මේ ක්‍රිෂාන් ඔයාට මාවමනෙ කොයි වෙලේ බැලුවත් වැරදි.ඔයා හින්දා තමයි මෙයා මෙච්චර මුරණ්ඩු වෙන්නෙ.ඔයා මෙයාව හුරතල් කරනවා වැඩියි. වැරැද්දක් කරාම හුරතල් නොකර දෙකක් දීලා හදාගන්න ඕනි…….”🤬🤬

මං එහෙම කිව්වේ තරහින්මයි.ඒ පාර ක්‍රිෂාන් දුවව පැත්තකින් තියලා මං ගාවට ආවා.ඒ මුහුණේ තිබ්බේ පුදුම තරහවක්.

“මීට පස්සේ කෙල්ලට එක පාරක් හරි ගහලා තිබ්බොත් බලා ගන්නම්කො…….”🤬🤬

ක්‍රිෂාන් එහෙම කිව්වේ මගේ මුහුණට ඇගිල්ලකුත් දික් කරගෙනමයි.මට දැනුනේ කෝපයක්.

“ඇයි මොනවා බලා ගන්නද?……”

මං එහෙම ඇහුවා නෙවෙයි ඇහුනා.එක පාරටම ක්‍රිෂාන් මගෙ කම්මුලට පාරක් ගැහුවා.දෙයියනේ මට හොදටම බයත් හිතුනා.ඒ වගේම දුකත් හිතුණා.කසාද බැන්දට අදයි පළවෙනි වතාවට ක්‍රිෂාන් මට අත ඉස්සුවේ.මගෙ ඇස් වලින් කදුලු ගලාගෙන ගියා.කම්මුල හොදටම රිදුනා. දුව බයවෙලා වගේ මං දිහා බලාගෙන හිටියා.

“දෝණි ඔයා ගිහින් සෙල්ලම් කරන්න……”

එහෙම කියලා ක්‍රිෂාන් මගේ අතිනුත් ඇදගෙන කාමරේට ඇවිත් කාමරේ දොර වහලා දැම්මා.මට හිතා ගන්න බැරි වුනා මොකද මේ වෙන්නෙ කියලා.ඇසුත් වෛරයෙන් පුරවගෙන මං ගාවට ආපු ක්‍රිෂාන් මගේ අත් දෙකෙන් තද කරලා අල්ල ගත්තා.

“මං දැන් හොදටම දන්නවා ආරාධ්‍යා ඔයා ඇයි දුවට මෙහෙම කරන්නේ කියලා.මට දැන් ඒක හොදටම පැහැදිලියි……”

“ඔ….ඔයා මොනවද මේ කියන්නේ ක්‍රිෂාන්. මොනවද ඔයාට වෙලා තියෙන්නේ……”

“මට මොකුත් වෙලා නෑ ආරාධ්‍යා.ඔයා අර අහිංසකීට මෙහෙම සළකන්නේ මොකද කියලා මට දැන් තේරෙනවා.මොකද ,ඔයා මුල ඉදලාම ආසාවෙන් හිටියේ පුතෙකුට. ඒත් හම්බුනේ දුවෙක්.ඒකයි ඔයා දුවත් එක්ක මෙච්චර තරහ.ඔයාගෙ පොලිස් පාට් මේ අහිංසකීට පෙන්නන්න එපා ආරාධ්‍යා.හිතක් පපුවක් කියලා දෙයක් නැද්ද ඔයාට…….”🤬🤬

අනේ…….දෙයියනේ ක්‍රිෂාන් මොනවද මේ කියන්නේ.😱😱ඇයි ක්‍රිෂාන් මං ගැන මෙහෙම හිතන්නේ.මං හීනෙකින්වත් එහෙම හිතලා නෑ.මේ කෙල්ල මගෙ පණ. මං කවදාවත් කෙල්ලට වෙනස්කමක් කරලා නැහැ.ඒත්…..ක්‍රිෂාන් මට කරපු මේ චෝදනාව ගැන මට මොකුත් නොකියා ඉන්න බැරි වුනා.😥😥

“අනේ ක්‍රිෂාන් ඔයා මොනවද මේ කියන්නේ මං කවදාවත් තුන් හිතකින්වත් දුව ගැන එහෙම දෙයක් හිතලා නැහැ.මේ කෙල්ල මගෙ පණ.ඔයා දන්නෙ නැති වුනාට දරුවා බඩට ආපු දවසේ ඉදන් මං කොයි තරම් ආදරේකින්ද සතුටකින්ද හිටියේ.😭😭ඔ…ඔයා කියපු එකක් ඇත්ත ක්‍රිෂාන්.මං පුතෙකුට ආසාවෙන් හිටපු බව ඇත්ත.ඒත් දුවෙක් ඉපදුනා කියලා මගෙ හිතේ මේ දරුවා ගැන වෙනසක් නෑ.දුව උනත් පුතා වුනත් මේ දරුවා හැදුනෙ මගේ බඩේ.මං දුවට ගැහුවෙ තරහට නෙවෙයි ක්‍රිෂාන්. වැරැද්දක් කරාම පාරක් ගහලා හදා ගන්න ඕනි.දැන්ම තියා වැරැද්දකට දඩුවම් කරලා හදා ගත්තේ නැත්නම් ලොකු වෙනකොට මෙයාලා මීට වඩා ලොකු වැරදි කරන්නෙ.එතකොට මෙයාලව හරි මගට ගන්න බෑ ක්‍රිෂාන්.මගෙ හදවතේ දුව ගැන තියන වචන වලට පෙරලන්න බෑ.මං මේ දරුවට පණටත් වඩා ආදරෙයි ක්‍රිෂාන්.මං ගැන ඔහොම හිත්න්න එපා…….”😭😭

මං කොච්චර වෙලා බිම වැටිලා ඇඩුවද කියලා මං දන්නෙ නෑ.ක්‍රිෂාන් මට කරපු ඒ බරපතල චෝදනාව මට දරාගන්න බැරුව ගියා.ටිකක් වෙලා මං ලග හිටපු ක්‍රිෂාන් දොරත් ඇරගෙන එලියට ගියා. මං හොදටම ඇඩුවා.😭😭කවදාවත් නැති අමුතුම පාලුවක් තනිකමක් හදවතට දැනුනා.

“අම්මී…..ඔයා අඩනවද….තාත්ති ඔයාත ගැව්වද අම්මී……”

දුව ඇවිත් මගේ ඇස් වලින් පිටවුනු කදුලු එයාගෙ චූටි සිනිඳු අත් වලින් පිස දැම්මා. මං කෙල්ලව තුරුල් කරගෙන ඇඩුවා.පව් අහිංසකී මං ගැන දුක හිතිලා මට තුරුල් වෙලා හිටියා.

“අම්මි අඩන්න එපා තාත්ති හලිම නෝටි……”

“නෑ දෝණි තාත්ති නෝටි නෑ.තාත්ති හරිම හොදයි.මාත් දෝණිට ගොඩාක් ආදරෙයි. මං දෝණිත් එක්ක තරහ නෑ.ඔයා මගෙ ජීවිතේ මගෙ වස්තුවේ…….”😭😭

මං දෝණිව තුරුල් කරගෙන ඇඩුවා.ඇයි දෙයියනේ ක්‍රිෂාන්ට තේරුම් ගන්න බැරි මං දුවට ගැහුවේ තරහට නෙවෙයි කියලා.

රෑට මං දෝණිට කවලා නිදි කෙරෙව්වා. මං කෑවෙ නෑ.ක්‍රිෂාන් මාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නැහැ.ක්‍රිෂාන් කාමරේට ඇවිත් මං දිහා බැලුවා.ඒ මුහුණ දිහා බලන්න මට ශක්තියක් නෑ. මං අහක බලා ගත්තා.නිදා ගන්න හදද්දී ක්‍රිෂාන් මට කතා කරා.

“ආරාධ්‍යා……”

මං ලගට ඇවිත් මගේ මුහුණ එයාගෙ පැත්තට හරවගෙන ක්‍රිෂාන් මට කරත් ඇයි කියලා කියන්න බැරි වුනා.මගෙ ඇස් වලට කදුලු පිරුනා.

“මට සමාවෙන්න ආරාධ්‍යා මං ඉක්මන් වුනා වැඩියි.මට ඔයාව තේරුම් ගන්න බැරුව ගියා…….”

“ඒත් ක්‍රිෂාන්…..ඔ….ඔයා මට කරපු ඒ බරපතල චෝදනාව මගේ හිතින් ඈත් කරන්න අමාරුයි ක්‍රිෂාන්.අනේ….😭😭මං තුන් හිතකින්වත් කෙල්ලට කවදාවත් වරදක් කරන්න හිතෙන්නෙවත් නෑ……”😥😥

“මං දන්නවා ආරාධ්‍යා.දෝණිට තියන ආදරේ හින්දා ඔයාගෙ මව් සෙනෙහස මට තේරුම් ගන්න බැරුව ගියා.මට සමාවෙන්න……”😫

එහෙම කියපු ක්‍රිෂාන් එයා ගහපු මගේ කදුලු වැක්කෙරුනු කම්මුල දෝතින්ම අල්ලලා සිප ගත්තා.මං එහෙම්මම ක්‍රිෂාන්ගෙ පපුවට තුරුල් වුනා.

“පොලිස් නිළදාරිනියක්ට පහර දුන්නා කියලා මට හිරේ යන්න වෙයිද දන්නෙ නෑ……”😁😁

ක්‍රිෂාන් හදන්නේ දැන් මාව හිනා ගස්සන්න.

“ම්ම්…..එහෙම වෙන්නෙ නෑ.ගෙදරට ඩියුටි අදාළ නැහැනේ……”

“අම්මෝ එහෙනම් කමක් නෑ……”😁😀

වසර දෙකකට පසු 👇👇

දැන් මගේ දෝණිට අවුරුදු හයයි.එයා දැන් ඉස්කෝලේ එක වසරේ ඉගන ගන්නේ. ආයෙමත් මං පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක් වුනා.අක්කා එයාගෙ මල්ලිට පණටත් වඩා ආදරෙයි.ඉස්කෝලේ ඇරිලා ආපු වෙලාවෙ ඉදලා මල්ලි ගාවින් හෙල්ලෙන්නෙවත් නෑ.

“ආරාධ්‍යා……ඔයාට කියන්න සුභ ආරංචියක් තියනවා……”😀

“ඒ මොකක්ද ක්‍රිෂාන්…..”

“ලබන මාසෙ පස් වෙනිදා ඉදන් අපේ හොටෙල් එකේ අලුත්ම මැනේජර් මමයි. කලින් හිටපු කෙනා රට ගියානෙ……”

“වාව්…..මයි කන්ග්‍රැජුලේශන් ක්‍රිෂාන්……”

ජීවිතේ දුක් විදපු කාලෙ ඉවර වුනා කියලයි මට දැනුනේ.ක්‍රිෂාන්ගෙයි පුතාගෙයි දුවගෙයි ආදරේ මැද්දේ අපි හතර දෙනාම ජීවත් වුනේ හරිම සතුටින්. ජීවිතේ හරිම සුන්දරයි.ලස්සනයි.පුංචි පව්ල රත්තරං.❤️❤️❤️👨‍👨‍👧‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧‍👦

කොටස් වශයෙන් පලවූ හදවතේ ගින්දර නවකතාව අදින් අවසන් අතර කතාව පළ කිරීම සදහා සියලුම හිමිකම් ලබාදුන් නිලූ සදමිණි කතුවරියට විශේෂ ස්තූතිය. හෙට සිට කතුවරියගේ තවත් අලුත් නවකතාවකින් හමුවෙමුව👨‍👨‍👧‍👦❤️