හදවතේ ගින්දර😘🌹
❤️🔥අපේ දුවට දැන් මාස තුනයි.තව මාස තුනකින් මට ආපහු ඩියුටි යන්න තියනවා.එතකොට දුවව බලාගන්න වෙන්නේ යසෝමා නැන්දට. ක්‍රිෂාන්ගෙ ඔලුවෙ තුවාලෙ දැන් හොදයි. ඒත් කකුල තාම සනීප නෑ.ඒ හින්දා ක්‍රිෂාන්ගෙ තවම ඇවිදින්න බෑ.යසෝමා නැන්දා හොයලා දීලා හොද සිංහල බෙහෙත් කරන තැනකින් දැන් ක්‍රිෂාන්ට වෙදකම් කරනවා.කසාය බොන්න බෙහෙත් තෙල් ගාන්න ක්‍රිෂාන් හරිම කම්මැලියි.මගේ කට හින්දා තමයි බෙහෙත් බොන්නෙ.වෙලාවකට පොඩි එකෙක් වගේ.

“නෝනේ…..නෝනෙ……”

“ආ ඇයි යසෝමා නැන්දේ?……”

“නෝනෙ මහත්තයගේ බෙහෙත් ටික ගේන්න මං වෙද මැදුරට යනවා……”

“හා නැන්දෙ.පොඩ්ඩක් ඉන්න මං සල්ලි දෙන්නම්……”

“එපා නෝනෙ.සල්ලි මං ගාව තියනවා……”

“හා එහෙනම්.පරිස්සමින් ගිහින් එන්න යසෝමා නැන්දේ……”

යසෝමා නැන්දා ක්‍රිෂාන්ගෙ බෙහෙත් ටික ගේන්න වෙද මැදුරට ගියා.මං ඊට පස්සේ කාමරේට ආවා.ක්‍රිෂාන් හිටියේ නිකන් මුහුණ බෙරි කරගෙන වගේ.මටත් හිනා යන්න ආවා එකපාරටම.

“මොකද ක්‍රිෂාන් මුහුණ අමුතු කරගෙන……”

මං නොදන්නවා වගේ එහෙම ඇහුවට්ත් මං දන්නවා ක්‍රිෂාන් එහෙම ඉන්නේ ඇයි කියලා.

“අනේ ආරාධ්‍යා ඔය බෙහෙත් බොන්නම ඕනිද?…….”

“නැතුව?බෙහෙත් බොන්නෙ නැතුව කොහොමද සනීප වෙන්නෙ.හැමදාම ඔය වීල් චෙයාර් එකට වෙලා ඉන්න බෑනෙ……”😠

“ඒ හින්දම බොනවා මිසක් මට නම් ඇති වෙලා තියෙන්නේ ආරාධ්‍යා.දැන් අවුරුද්දකටත් වැඩියිනෙ……”😫

පව් මට දුකත් හිතුණා ක්‍රිෂාන් ගැන.මං ක්‍රිෂාන්ගෙ ලගින් වාඩිවුනා.

“මං මේ හැම දෙයක්ම කරන්නේ ඔයා කලින් වගේ දෙපයින් නැගිටලා ඉන්නවා දකින්න.අපේ දුව ඇවිදින කාලෙ එන්න කලින් ඔයාගෙ කකුල මං කොහොම හරි සනීප කරගන්නවා ක්‍රිෂාන්…….”

මං දැඩි අදිශ්ඨානයෙන් එහෙම කිව්වේ ක්‍රිෂාන්ගෙ උරහිසට හේත්තු වෙන ගමන්. ඉස්සර කොහොම හොදට ඇවිදලා හිටපු මනුස්සයෙක්ද අද මෙහෙම රෝද පුටුවකට වෙලා ඉන්නේ.

“ආරාධ්‍යා අපි අද පන්සල් යමුද දුවවත් එක්කරගෙන……”

“ඔව් ක්‍රිෂාන් මාත් කල්පනා කරේ ඒකමයි. ගොඩ කාලෙකින් අපිට පන්සල් යන්නත් බැරි වුනානෙ.අපි යමු ටිකක් හවස් වෙලා පන්සල්……”

යසෝමා නැන්දා බෙහෙත් ටිකත් අරගෙන ආවා.කාලා ඉවරවෙලා මං ක්‍රිෂාන්ට බෙහෙත් ටික දුන්නා.ඒක බිව්වෙත් හරියට වහ බොනවා වගේ අප්පිරියාවෙන්.බෙහෙත් ටික බීලා ඉවර වුනාට පස්සේ මං ක්‍රිෂාන්ගෙ කකුලේ තෙල් ගෑවා.

“ඌයි රිදෙනවා ආරාධ්‍යා ඕක හිමින් ගාන්නකෝ……”😥

“පොඩි එකෙක් වගේ කෑ ගහන්න එපා ක්‍රිෂාන් බොරුවට.වෙද මහත්තයා කියපු විදියට තෙල් ගාන්න ඕන.අනිනවා ටොක්කක් කෑ ගැහුවොත් එහෙම……”

මං බෙහෙත් තෙල් ටික ගාලා ඉවර වෙලා දුවව නෑව්වා.නාවලා ඉවර වුනාට පස්සේ කිරි දීලා දුවව නිදි කෙරෙව්වා.ගෙදර බෙල් එක වැදෙන සද්දෙ ඇහුනු නිසා මං ගියා කව්ද කියලා බලන්න.ඇවිත් හිටියේ අමිතුයි එයාගෙ වයිෆ් සෙව්වන්දියි.

“ආනේ මේ අමිත්ලා එහෙමනේ.එන්න ගේ ඇතුළට……”

“කෝ මැඩම් ක්‍රිෂාන් නිදිද……”

“එන්න අමිත් ක්‍රිෂාන් නිදි නෑ.දැන් ටිකක් වෙලා තෙල් ගාලා කකුලේ……”

අමිතුයි සෙව්වන්දියි කාමරේට ආවා.

“ආ අමිත් එන්න.වාඩි වෙන්න දෙන්නම……”

අමිත්ටයි සෙව්වන්දිටයි වාඩි වෙන්න මං පුටු දෙකක් තිබ්බා.දෙන්නම ක්‍රිෂාන් එක්ක කතා කරන අතරේ මං කට්ටියටම බොන්න බීම හදාගෙන ඇවිත් දුන්නා.🍹🍹

“කොහොමද අමිත් ඔයාලගෙ අලුත් ඒ.එස්.පී?……”

මාත් ඇදේ පැත්තකින් වාඩි වෙන ගමන් අමිත්ගෙන් එහෙම ඇහුවා.

“අප්පෝ කියලා වැඩක් නෑ මැඩම්.ඉහළ ලොක්කන්ට පගාව දීලා ගත්තු ඒ.එස්.පී පට්ටමක්ද කොහෙද.මෙලෝ දෙයක් බෑ එයාට.පුටුවෙ වාඩි වෙලා ඉන්නවා විතරයි මැඩම් එයා……”

“තව මාස තුනයිනෙ අමිත්.ඊට පස්සේ මං එනවනේ……”

“දැන් සිංහල බෙහෙත් වලින් හොද ගුණයක් තියනවද ක්‍රිෂාන්……”

එහෙම ඇහුවේ අමිත්.

“සිංහල බෙහෙත් වලින් නම් ටිකක් හොදයි අමිත්.ඒත් එපා වෙනවා අප්පා බෙහෙත් බොන්න වුනාම……”

“එහෙම කියලා බෑ නේද මැඩම්.අඩු වෙන්න නම් බෙහෙත් බොන්නම ඕනි……”

“කියලා වැඩක් නෑ අමිත්.පොඩි එකෙක් වගේ බෙහෙත් ටික පොවාගන්න ගියාම…….”

ටික වෙලාවකින් දුව ඇහැරිලා ටිකක් විතර අඩන්න වුනා.මං ගිහින් දුවව වඩා ගත්තා.

“කෝ දෙන්න මැඩම් මං දුවව ගන්නම්…..”

සෙව්වන්දි දුවව වඩා ගත්තා.හොදටම පුරුදු කෙනෙක් වගේ සෙව්වන්දිගෙ අතට ගියාම දුව නැලවුනා.

🌹🌹🌹

හවස මායි දුවයි ක්‍රිෂානුයි කාර් එකේම පන්සල් ගියා.කාර් එක පාක් එකෙන් දාලා මං දුවව ක්‍රිෂාන්ගෙ අතට දුන්නා.ඊට පස්සේ මං වීල් චෙයාර් එක තල්ලු කරගෙන පන්සල් භූමියට ඇතුල් වුනා. පෝය දවසක් නොවුන නිසා වෙන්න ඇති පන්සලේ වැඩිය සෙනග හිටියේ නැහැ. පන්සලේ වැලි මලුවට ගිහින් මං වීල් චෙයාර් එක නතර කරා.මල් වට්ටි ටික ක්‍රිෂාන්ටත් අත ගස්සවලා බුදුන්ට පූජා කරා.පහන් වැටක්ම පත්තු කරා.ක්‍රිෂානුත් එයාට පුලුවන් විදියට පහන් පත්තු කරා.
පන්සලට ආවම දැනෙන්නෙ ලොකූ ශ්‍රද්ධාවක්.පන්සලේ වැලි මලුවට වෙලා සුළගේ ලෙල දෙන ඒ බෝපත් දෙස බලාගෙන ඉන්න එකත් හිතට ලොකූ සැනසීමක් වුනා.

කටේ ඇගිල්ලකුත් ගහගෙන නොතේරෙන භාශාවෙන් මොනවදෝ කිය කිය දුවත් ක්‍රිෂාන්ගෙ අතේ හුරතල් වෙවී හිටියා.

“පන්සලට ආවම හිතට ලොකූ සැනසීමක් දැනෙනවා නේද ක්‍රිෂාන්?……”

“ඔව් ආරාධ්‍යා කොච්චර වෙලාවක් පන්සලේ ගත කරත් ඇති වෙන්නෙ නැහැ……”

“ආරාධ්‍යා…….”

ක්‍රිෂානුයි මායි ගාවට මගේ නම කියාගෙන ආවේ කව්ද කියලා බලන්න මං පැත්තට හැරුනා.දෙයියනේ 😱සදෙව්.

“ආරාධ්‍යා ඔයාලා පන්සල් ආවද?……”

සදෙව් එක්ක තව ගෑනු කෙනෙකුත් හිටියා.එයා සදෙව්ගෙ වයිෆ් වෙන්න ඇති.

“ඔව් සදෙව්.මේ ඉන්නෙ මගෙ මහත්තයා ක්‍රිෂාන්.මේ මගේ දුව.ක්‍රිෂාන් මේ ඉන්නෙ සදෙව්……”

මං දෙන්නට දෙන්නා ඒ විදියට අදුන්වලා දුන්නා.

“ආරාධ්‍යා මේ ඉන්නෙ මගෙ වයිෆ් නිරාශා. දුවට මාස කීයද දැන්?……”

“දැන් මාස තුනයි……”

ක්‍රිෂාන්ගෙ අතේ හිටපු දුවව නිරාශා වඩා ගත්තා.නිරාශාව අදුරන්නේ නැති හින්දද මන්දා දුව ටිකක් මූණ අමුතු කරගත්තා.

“දුවගෙ නම මොකක්ද ආරාධ්‍යා……”

එහෙම ඇහුවේ නිරාශා.

“කුශී අනුරාග්‍යා…….”

දුවව ටිකක් වෙලා හුරතක් කරලා නිරාශා දූව මට දුන්නා.

“එහෙනම් අපි යනවා ආරාධ්‍යා.අපි යන්නම් ක්‍රිෂාන්……”

පැය දෙකක් විතර පන්සලේ ගත කරපු අපි තුන්දෙනා රෑ වෙලා ගෙදර ආවා.

මාස පහකට පසු👇👇👇

දැන් ක්‍රිෂාන්ට හොදට ඇවිදින්න පුලුවන්. වෙද මැදුරේ තෙල් බෙහෙත් වලින් ක්‍රිෂාන්ට සනීප වුනා.දුවන්න හයියෙන් යන්න බැරි වුනාට දැන් ක්‍රිෂාන්ට ආපහු වැඩට යන්න පුලුවන් වුනා.මාත් ආයෙ ඩියුටි යන්න පටන් ගත්තා.තාම ක්‍රිෂාන්ට බයික් එක පදින්න අමාරු හින්දා මං ඩියුටි යද්දී ක්‍රිෂාන්ව හොටෙල් එක ගාවින් බස්සලා එනවා.

දුව නම් ක්‍රිෂාන් වගේමයි.වෙලාවකට හරිම පණ්ඩිතයි.මං ඩියුටි ඕෆ් වෙලා ගෙදර යනකල් බලාගෙන ඉන්නවා.දණ ගාගෙන ඇවිත් එලියට යනවට දොර ළග වැටක් යහලනෙ තියෙන්නේ.ඒකෙ එල්ලිලා මායි ක්‍රිෂානුයි එනකල් දුව බලාගෙන ඉන්නවා.ආපු ගමන් වඩාගන්න ඕනි.නැත්නම් අඩනවා. කොච්චර කරදර කරත් ක්‍රිෂාන්ගෙයි
මගෙයි පණ අපේ දෝණි.❤️❤️❤️

කාලය වේගයෙන් ගෙවිලා ගියා.දැන් දුවට අවුරුදු හතරයි.හරිම දග මල්ලක් එයා දැන්නම්.👧👧

අවසාන කොටසින් හමුවෙමු