දොරෙන් ඇතුළට ආපු කෙනා දැකලා මට මගේ ඇස් අදහගන්න බැරිවුනා.මං ආයෙමත් හොදට බැලුවා. මට වැරදුනේ නෑ.ක්‍රිෂාන්ව වීල් චෙයාර් එකේ තියාගෙන අමිත් ඒක තල්ලු කරගෙන අපි ගාවට ආවා.ක්‍රිෂාන් මං දිහා හොදට හිනා වෙලා බලන් හිටියා.මට තාමත් මේ මොනවද වෙන්නෙ කියලා අදහගන්න බෑ.දෙයියනේ😱ඒ කියන්නේ මගේ ක්‍රිෂාන්ට සනීප වෙලාද?එයාට දැන් අනික් අයව අදුර ගන්න පුලුවන්ද?මට කතා කරගන්න කටට වචන ආවෙ නෑ.
“දුවේ දැන් ක්‍රිෂාන්ට සනීපයි.එයාට දැන් අනික් අයව හොදට අදුරගන්න පුලුවන්. දෙයියනේ කියලා ඉක්මනට ඇවිදගන්න පුලුවන් වෙයි……”
මට දැනුනේ පුදුම සතුටක්.මට තාම බර වැඩ කරලා මහන්සි වෙන්න හොද නෑනෙ.නැත්නම් මං සන්තොශෙට උඩ පැන පැන නටනවා.😀😀
අමිත් ක්‍රිෂාන්ව වීල් චෙයාර් එකෙන්ම මං ගාවට එක්කන් ආවා.ක්‍රිෂාන්ගෙ ඇස් තිබුනේ දුවගෙ දිහාවට.මට හරියට සන්තෝශ හිතුණා.දුවගෙ වාසනාවට ක්‍රිෂාන්ට සනීප වුනා.මං දුවව ක්‍රිෂාන්ගෙ අතට දුන්නා.
“මාස ගානක දේවල් ඇතිනෙ මැඩම්ට ක්‍රිෂාන් එක්ක කතා කරගන්න.අපි එහෙනම් එලියට යමු නේද?……”
එහෙම කිව්වේ අමිත්.ඊට පස්සේ හැමෝම එලියට ගියා.ක්‍රිෂාන් හරිම ආසාවෙන් සන්තෝශෙන් දුවව තුරුල් කරගෙන හිටියා.ඒ ඇස් වලින් හරිම අපූරුවට පිය සෙනෙහස පෙනුනා.මං හරිම ආසාවෙන් ඒ දෙස බලාගෙන හිටියා.
“ඔයා බලාපොරොත්තුවෙන් හිටියා වගේම දුවෙක්ම ලැබුනා ක්‍රිෂාන්. බලන්නකෝ තාත්තිගේ අතේ සනීපෙට ඉන්න අපූරුව……”😘😘
“අනේ ආරාධ්‍යා මෙයාව හම්බවෙන්න ඉන්නකොට ඔයාව මට බලාගන්න බැරි වුනානෙ.මාවත් බලාගන්න වුනේ ඔයාටනේ……”
ක්‍රිෂාන්ට මං ගැන දුක හිතිලා තිබුනා.
“ඒ ගැන දුක් වෙන්න එපා ක්‍රිෂාන්.ඔයාට සනීප වුනානෙ.මං උදේ හවා දෙයියන්ගෙන් ඉල්ලුවේ ඔයාව සනීප කරලා දෙන්න කියලයි……”
“දරුවෙකුත් බඩේ තියාගෙන ඔයා මං නිසා මොන තරම් දුකක් විදින්න ඇත්ද. මගෙ වාසනාවට ඔයා මගේ බිරිඳ වුනේ……”
“අපි ඉක්මනට ඔයාගෙ කකුලත් සනීප කරගම්මු ක්‍රිෂාන්.මට හොදටම විශ්වාසයි ඔයාට ඉක්මනට ඇවිදින්න පුලුවන් වෙනවා…….”
“ඩොක්ටර් කිව්වෙත් ඔයා සෑහෙන මහන්සි වුනා කියලා මං හින්දා……”
උදේ දහයාමාරට විතර මාවයි දුවවයි ගෙදර එක්කන් ආවා.අපේ කාමරේ ගොඩාක් ලස්සනට පිළිවෙලට හදලා තිබුනා.ඇදට අලුත් බෙඩ්ශීට්,කොට්ට උර, කාමරේට අලුත් දොර රෙදි එහෙම දාලා තිබුනා.මුලු කාමරේම හරිම සුවදයි.හරිම ලස්සනයි.😀😘
මං දුවව ඇද උඩින් තිබ්බා.එද්දී ටිකක් වැස්සා.දැන් නම් හොදටම වැස්ස. සීතලටද මන්දා දුව හොදටම නිදි.මං දුව දිහා බලාගෙන හිටියා.❤️😘
“අම්මා හිටියා නම් මොන තරම් සන්තෝශ වෙයිද?……”
දෙයියනේ ක්‍රිෂාන් කොහොමද දැන ගත්තේ එයාගෙ අම්මා මැරුණා කියලා. ක්‍රිෂාන්ට එයාගෙ අම්මගෙ මරණෙ ගැන කියන්නේ කොහොමද කියලා මං දාහඅතේ කල්පනා කරමිනුයි හිටියේ.
“ක්‍රිෂාන්…..ඔයාට කව්ද ඒ ගැන කිව්වෙ?……”
“මට අමිත් සේරම විස්තරේ කිව්වා ආරාධ්‍යා.මට ඒ දුක දරා ගන්න බැරිවුනා. ටිකක් හරි දුක නිවා ගත්තේ දුවව දැක්කට පස්සේ.මට තියන දුක මට මගෙ අම්මගෙ අවසන් කටයුතු වලටවත් ඉන්න බැරිවුනානෙ.ඒ මුහුණ අවසන් පාරටවත් බලන්න මට වාසනාව නැතුව ගියා……”😢😢
ක්‍රිෂාන් දුක්බරව එහෙම කියද්දී ඒකට මට උත්තරයක් දෙන්න බැරිවුනා.දුව ඇහැරිලා යාන්තමට අඩන්න පටන් ගත්තා.😥
“කෝ මගෙ බට්ටි ඇහැරුනාද මැණික. තාත්තිට ඔයාව අරන් තාම ඇවිදින්න බෑනෙ ඉතිං.තාත්තිට ඌවා වෙලානෙ……”
ක්‍රිෂාන් දෝණිව අතට අරන් හුරතල් කරන්න පටන් ගත්තා.ටික වෙලාවකින් දුව නැළවෙන්න පටන් ගත්තා.
“ආරාධ්‍යා එදා ඔයා කොහොමද දැන ගත්තේ මාව ඇක්සිඩන්ට් වුනා කියලා……”
“මට අමිත් කෝල් කරලා කිව්වේ. ඇක්සිඩන්ට් වුනේ ඔයා කියලා මට කිව්වෙ හොස්පිටල් එකට ගියාට පස්සෙයි……”
“ඔයා මං වෙනුවෙන් කොයි තරම් ලොකු පරිත්‍යාගයක්ද කරේ ආරාධ්‍යා.ඔයා අර ඉන්දියාවේ වැඩමුලුවට ගියෙත් නෑනෙ මං හින්දා……”
“මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ ක්‍රිෂාන්……”
“මට යාන්තමට වගේ මතකයි ඔයා මාත් එක්ක කතා කරනවා වගේ මං අසනීප වෙලා ඉන්නැද්දී.ඒත් මට හරියටම මතක නෑ ඒක චායාවක් වගේ……”
“එතකොට ක්‍රිෂාන් ඔයාට හරියටම මතකය ආවෙ මං දුවව හම්බෙන්න හොස්පිටල් එකේ ඇඩ්මිට් වුනාට පස්සෙද?……”
“ඔව් ආරාධ්‍යා.එදා මං බයික් එකේ වැඩට යද්දී වෑන් එකේ මාව හැප්පෙනවා විතරයි මතක.එතනින් එහාට මොනවා වුනාද දන්නෙ නැහැ…….”
මේ විදියට මාසයක් විතර ගෙව්නා.අම්මා අපි ගාව ඉන්න හින්දා අපිට හරිම පහසුයි.අමිත්,සිල්වා ඇතුලු පොලිස් ඩිපාට්මන්ට් එකේ හැමෝම ඇවිත් මාවයි දුවවයි ක්‍රිෂාන්වයි බලලා ගියා.ක්‍රිෂාන්ගෙ හොටෙල් එකේ වැඩ කරන යාලුවොත් ආවා අපිව බලන්න.දැන් නම් මට සාමාන්‍යයෙන් වැඩ ටික කරගන්න පුලුවන්.ක්‍රිෂාන් නම් දවස ගෙවන්නේ දූත් එක්කමයි.එයාගෙ වැඩේම දුවත් එක්ක කියෝන එකමයි.😀😆
“ක්‍රිෂාන්….මොනවද අපේ කෙල්ල කියන්නේ……”
මං ක්‍රිෂාන්ගෙන් එහෙම ඇහුවා.ඒ පාර ක්‍රිෂාන් හිනා වෙලා මං දිහා බැලුවා.
“බලන්නකෝ ආරාධ්‍යා කෙල්ල ඉල්ලන දේවල්……”
“දෙන්න පුලුවන් දෙයක් නම් දෙන්න ක්‍රිෂාන්……”
“කෙල්ල කියනවා එයාට මල්ලි කෙනෙක් ගෙනත් දෙන්නලු.පාලුයිලු තනියම ඉන්න……”😁😂😀
“මොකක්…..මෙච්චර දෙයක් වෙලත් තාම විසේ ගිහින් නෑ නේද?……”😁😁
මං එහෙම ඇහුවේ තරහින් නෙවෙයි. හරිම ආදරණීය විදියටයි.