හදවතේ ගින්දර🌹🔥
❤️🔥හොස්පිටල් එකේ ඉදන් මාස තුනකට පස්සේ ක්‍රිෂාන්ව ගෙදර එක්කන් ආවා.ඇක්සිඩන්ට් එකෙන් වෙච්චි හානිය නිසා ක්‍රිෂාන්ට කිසිම කෙනෙක්ව අදුර ගන්න බැහැ.කතා කරගන්නත් බෑ.ඩොක්ටර් කියපු විදියට ක්‍රිෂාන් කෝමා තත්වෙට පත් වෙලයි ඉන්නෙ.සෑහෙන කාලයක් යයි ක්‍රිෂාන්ව සනීප කර ගන්න.කරදරයක් නොවී මගෙ ක්‍රිෂාන්ගෙ ජීවිතේ බේරුනානෙ මට ඒ ඇති.මං කොහොමහරි මහන්සි වෙලා ක්‍රිෂාන්ව සනීප කරගන්නවා.ක්‍රිෂාන්ට කතා කරන්නත් බෑ වගේම කකුළට වෙච්චි ඩැමේජ් එක නිසා එයාට සෑහෙන කාලයක් යනකල් ඇවිදගන්න අමාරු නිසා වීල් චෙයාර් එකක් පාවිච්චි කරනවා.

“දූ ඔයාට තනියම ක්‍රිෂාන් පුතාව බලාගන්න අමාරුයිනෙ.අපි ක්‍රිෂාන් පුතාව එක්කරගෙන අපේ ගෙදරට යමු.ඔයා ඉන්න තත්වෙත් එක්ක ඔයාට ක්‍රිෂාන්ව කාගෙ උදව්වක් නැතුව තනියම බලාගන්න බැහැ…….”

“අම්මා බය වෙන්න එපා මට තාම මාස පහයිනෙ.මට පුලුවන් ක්‍රිෂාන්ව බලා ගන්න.අම්මා ගෙදර යන්න කමක් නෑ මං තරහ නෑ.දරුවා ලැබුනට පස්සෙ අම්මා එන්නකො……”

මං අම්මට එහෙම කිව්වේ මට ක්‍රිෂාන්ව බලා ගන්න පුලුවන් නිසා.තව මාස තුනයි මට ඩියුටි යන්න තියෙන්නේ.අපේ ගෙදරට ගියොත් මට පොලීසියට යන්න තියන දුර වැඩියි.මෙහෙ ඉදන් ඒ තරම් දුරක් නෑ.අමිත් හොයලා දීපු ටිකක් වයසක ගෑනු කෙනයි එයාගෙ මහත්තයයි ඉන්නවා මං ගෙදර නැති වෙලාවට ක්‍රිෂාන්ව බලා ගන්න.ඒක මට ලොකු සහනයක්.

“දුව බය වෙන්න එපා මං ගෙදර ගිහින් ටික දවසකින් ආපහු එනවා.සිරිපාලයි යසෝමා යි ඉන්නවනෙ.ඔයාට හදිස්සියක් වුනොත් එයාලට කියන්න ටක් ගාලා මට කෝල් කරන්න කියලා.ඒ දෙන්නා ඉන්න නිසයි මං මේ බයක් නැතුව ගෙදර යන්නෙ.මං ගිහින් එන්නම් දුව. පරිස්සමින් ඉන්න.බුදු සරණයි…….”🙏🙏

“අම්මත් පරිස්සමින් යන්න.බුදු සරණයි……”🙏🙏

අම්මා ගියාට පස්සේ මං කුස්සියට ගියා. යද්දී යසෝමා නැන්දා උයනවා.

“ආ නෝනෙට බඩගිනියිද?ඉන්න මං ටග් ගාලා උයන්නම්.මේ බත නම් හරි……”

“අනේ නෑ නැන්දෙ.දැන්ම බඩගින්නක් නෑ. උයලා ඉවර වුනාම කියන්නකෝ……”

“හා නෝනෙ……”

“යසෝමා නැන්දෙ ඔයාලගෙ දරුවො එහෙම මොකද කරන්නෙ?……”

“පුතා නම් දොස්තර මහත්තයා කෙනෙක් නෝනෙ.දුව නම් බැදලා රට ගියානෙ.අපි තනි වුනා නෝනෙ.අපේ පුතාගෙ නෝනා කැමති නෑ මාවයි අපේ මහත්තයවයි ගෙදරට ගෙන්න ගන්නවත්…….”😢😢

එහෙම කියපු යසෝමා නැන්දා ඇදගෙන හිටපු චීත්තයේ පැත්තකින් කදුලු පිහ ගත්තා.පව් මට දුකත් හිතුණා.දරුවො හදලා උස් මහත් කරලා සමාජෙට වැදගත් පුරවැසියො කරපු අහිංසක දෙමව්පියෝ දෙන්නට අද ඒ දරුවෝ සළකන්නේ නෑ.😫

“යසෝමා නැන්දා දුක් වෙන්න එපා ඔයාලා දෙන්නට අපි ඉන්නවනෙ……”

එහෙම කියපු මං කාමරේට ආවා ක්‍රිෂාන්ව බලන්න.වීල් චෙයාර් එකේ ඉදගෙන ක්‍රිෂාන් ඔහේ බලාගෙන ඉන්නවා.මට ඒ මුහුණ දකිද්දී දැනුනේ වාවගන්න බැරි තරම් දුකක්.මං එහෙම්මම ක්‍රිෂාන් ගාවින් ඉද ගත්තා. ක්‍රිෂාන්ට අපි කියන දේවල් ඇහුනත් ඒවාට ප්‍රතිචාර දක්වන්න ක්‍රිෂාන්ට බැහැ.

“ක්‍රිෂාන්…..ඔයාට මාව ඇහෙනවා නේද රත්තරං…..මං ඔයාගෙ ආරාධ්‍යා.මේ අපේ දරුවා ඔයාට දැනෙනවා නේද එයා පයින් ගහනවා……”❤️❤️

මං ක්‍රිෂාන්ගෙ අත අල්ලගෙන මගේ බඩ උඩින් තියා ගත්තා.ක්‍රිෂාන් මගේ මුහුණ දිහා බලන් ඉන්නවා විතරයි.මං ක්‍රිෂාන්ගෙ මුහුණ අතගෑවා.

“මං ඔයාව ඉක්මනට සනීප කර ගන්නවා මගෙ රත්තරං……”

රෑට ක්‍රිෂාන්ට බත් කවලා ඉවර වෙලා සිරිපාල මාමගෙ උදව්වෙන් ක්‍රිෂාන්ව ඇද උඩින් තියා ගත්තා.ටික වෙලාවකින් ක්‍රිෂාන්ට නින්ද ගිහින් තිබුනා.

🌥️⛅🌤️

මට කන්න ආස හිතෙන හැම දෙයක්ම යසෝමා නැන්දා මට හදලා දුන්නා.පව් මට ක්‍රිෂාන්ගෙ අම්මව මතක් වුනා.ඒ අම්මා ජීවතුන් අතර හිටියා නම් කියලා හිතුණා. ක්‍රිෂාන්ට මෙහෙම දෙයක් නොවී එයා හොදින් හිටියා නම් අද මං ආස කරන හැම දෙයක්ම එයානෙ ගෙනත් දෙන්නෙ.

ක්‍රිෂාන්ව නාවන්න මට හැමදේකටම යසෝමා නැන්දයි සිරිපාල මාමයි උදව් කරනවා.දවස් තුන හතරකට සැරයක් අමිතුයි එයාගෙ නෝනා සෙව්වන්දියි ඇවිල්ලා ක්‍රිෂාන්ව බලලා යනවා.පොලිස් ස්ථානයේ අනික් නිලදාරිනුත් ඇවිත් ක්‍රිෂාන්ව බලලා යනවා.එයාලා අපිට ගොඩාක් උදව් කරනවා.

මාස තුනකට පසු👇

පොලිස් ස්ථානයෙන් දරුවා ලැබීමට නියමිත වූ මාස හයේ නිවාඩුව මට ලැබුනා.මං වෙනුවට තාවකාලිකව වෙනත් නිළදාරියෙක් එම වසමට අනියුක්ත කෙරුනා.හොස්පිටල් එකෙන් මට ඇඩ්මිට් වෙන්න දින දීලා තියෙන්නේ ලබන මාසෙ පහළව.හරියට තව දවස් එකොළහයි.දරුවා ලැබුනාට පස්සේ අම්මාත් ගෙදර එන්න පොරොන්දු වුනා.🤰🤰🤰

වෙනදාට වඩා ක්‍රිෂාන්ට දැන් සනීප ගතියක් පෙනුනා.එයා සමහර වචන ටිකෙන් ටික කියන්න උත්සහ කරනවා. ඒත් තාම ක්‍රිෂාන්ට හරියට කෙනෙක්ව අදුර ගන්න බැහැ.

රෑට ක්‍රිෂාන්ට කෑම කවලා ඉවර වෙලා මං නිදාගන්න හැදුවා.ක්‍රිෂාන්ට බොන්න ගෙනාපු උණු වතුර වීදුරුව මගෙ අතින් හැලුනා.යාන්තමට රස්නෙ තිබුනු හින්දා මට බය හිතුණා බඩට රස්ණෙ දැනෙයි කියලා.මගෙ බඩ උඩට වතුර හැලුනු වෙලවෙ ක්‍රිෂාන් එකපාරටම වීල් චෙයාර් එකෙ ඉදන් මං දිහාට අත දික් කෙරුවා බය වෙලා වගේ.දෙයියනේ😱😱ඒ කියන්නේ මාව පිච්චෙයි කියලා ක්‍රිෂාන්ට බයක් දැනුනද?මං ටක්ගාලා ක්‍රිෂාන් ලගට කිට්ටු වුනා.

“ක්‍රි…..ක්‍රිෂාන් ඔ….ඔයාට බය හිතුණද රත්තරං මාව පිච්චෙයි කියලා?මාව පිච්චුනේ නෑ ක්‍රිෂාන්.මේ බලන්න මායි අපේ පැටියයි දෙන්නම හොදින්.තව ටික දවසකින් අපේ පැටියා අපි ගාවට එනවා ක්‍රිෂාන්.ඔයාට සතුටුයි නේද මගෙ රත්තරං?…….”🤰😘

ක්‍රිෂාන් මං දිහා බලලා මොනවහරි කියන්න උත්සහ කරනවා ඒත් ඒක්ස් එයාට කියා ගන්න බැහැ.ඒත් මට හොදටම විශ්වාසයි තව අවුරුද්දක් යන්න කලින් ක්‍රිෂාන්ට හොදටම සනීප වෙනවා.ඒ විශ්වාසය මගේ හිතේ තදින්ම තිබුනා.

සමහර වෙලාවට මං ක්‍රිෂාන්ට එයාගෙයි මගෙයි පොටෝ එහෙම පෙන්නවා.එයා ගැනයි මං ගැනයි කියලා දෙනවා.ක්‍රිෂාන් මං කියලා දෙන දේවල් හොදට අහගෙන ඉන්නවා.

❤️❤️

එක දවසක් රෑ නිදා ගන්න ගියාම මගෙ ඇගට ලොකු අපහසුතාවයක් දැනුනා. කොන්ද ගොඩාක් රිදෙන්න ගත්තා.මට දැනුනා දරුවා ලැබෙන්න අමාරු විත්තිය. මං එහෙමම කොන්ද අල්ලගෙන කෑ ගැහුවා.මගේ කෑ ගැහිල්ලට ක්‍රිෂාන් බය වුනා.එයා බොහොම අමාරුවෙන් මං දිහාට අත දික් කරා.එහෙම අත දික් කරලා මොනවදෝ කියන්න හැදුවා.ඒත් එක්කම ක්‍රිෂාන්ගෙ ඇස් පියවෙනවා වගේ මං දැක්කා.

“අනේ……යසෝමා නැන්දේ ඉක්මනට එන්නකෝ.අනේ ක්‍රිෂාන් ඔයාට මොකද වුනේ.අයියො ආ…….”😢😭

🤱😘❤️

ආපහු මට සිහිය එනකොට මං හිටියේ හොස්පිටල් එකේ.බොහොම අමාරුවෙන් මං ඇස් ඇරියා.වටපිට බලනකොට මං ළග හිටියේ මගෙ අම්මයි,යසෝමා නැන්දයි.නර්ස්ලා දෙතුන් දෙනෙකුත් හිටියා.මං හිමිහිට මගේ කුසට අත තිබ්බා.
දෙයියනේ ඒ කියන්නේ මං දැන් අම්මා කෙනෙක්ද?😱😱😀😘🤱

“අ….අම්මේ කෝ මගෙ දරුවා…..”

“මං එහෙම කියනකොට නර්ස් කෙනෙක් රෝස පාට ලස්සන රෙද්දක තුරුල් කරගෙන මගේ පුංචි කිරිකැටියාව මගෙ තුරුලෙන් ගෙනත් තිබ්බා.අනේ ඒ මුහුණ දකිද්දී මට දැනුනේ කියලා නිම කරගන්න බැරි හැගීම් ගොන්නක්.ඒ රෝස පාට කම්මුල්,චූටි අතපය මට හිතුණා ඉඹගෙන ඉඹගෙන යන්න.🤱😘😘

“මගේ සුභ පැතුම් ආරාධ්‍යා මැඩම්.ඔයාට ලස්සනම ලස්සන දුවෙක්……”😘😘

මට හරියට සන්තෝශ හිතුණා.ක්‍රිෂාන් ආසාවෙන් හිටියේ දුවෙකුටනේ.අනේ එයත් මෙතන හිටියා නම්.එකපාරටම මට මතක් වුනා එදා මට අමාරු වෙද්දි ක්‍රිෂාන්ගෙ ඇස් පියවෙන හැටි.

“අනේ අම්මෙ ක්‍රිෂාන්ට මොකද වුනේ කෝ එයා.එවලෙ ක්‍රිෂාන්ගෙ ඇස් පියවෙනවා වගේ මං දැක්කා.අනේ මගෙ ක්‍රිෂාන්ට මොකද වුනේ අම්මේ……”😭😭

“අනේ දුවේ කලබල වෙන්න එපා.ක්‍රිෂාන්ට මොකුත් වුනේ නෑ.එයාව හොස්පිටල් එකට ඇඩ්මිට් කරා.කම්පනයක් විතරයි තියෙන්නේ.දැන් ක්‍රිෂාන්ව ගෙදර එක්කන් යනවා.ඔයාට තව දවස් දෙක තුනක් ඉන්න වෙයි……”

අම්මා එහෙම කිව්වමයි මගෙ හිතට සැනසිල්ලක් දැනුනේ.මාව ක්‍රිෂාන් ගාවට එක්කන් යන්න කිව්වත් එක්කන් ගියේ නෑ.

දවස් තුනකට පස්සේ මාවයි දුවවයි ගෙදර එක්කන් යන දවස උදා වුනා.රෝස පාට චූටි ගව්ම් පොඩිත්තක් මං දුවට ඇන්දෙව්වා.ඉක්මනටම ක්‍රිෂාන්ට දුවව පෙන්නන්න ඕනි.එයාට සතුටක් දැනෙයි දුවව දැක්කම.මං ඇද ඇද උඩ ඉදගෙන දුවට කිරි දුන්නා.🤱

ටික වෙලාවකින් මට දැනුනා දොරෙන් ඇතුළට කව්රු හරි ආවා කියලා.මං ඔලුව උස්සලා බැලුවා.

ඒ දොරෙන් ඇතුළට ආපු කෙනා දැකලා මගෙ ඇගේ ගිරිගඩු මතුවුනා.අනේ දෙයියනේ😱😱

සියලු හිමිකම් කතෘ සතුය