හදවතේ ගින්දර🔥
❤️🔥ඩොක්ටර් කියපු දේ අහලා මට දැනුනේ කියලා නිම කරගෙන බැරි තරම් ලොකු සතුටක්.😀අනේ මේ සුභ ආරංචිය අහන්න ක්‍රිෂාන්ට සිහිය තිබුනානම් කොයිතරම් හොදද?මං කුසට අත තියා ගත්තා.🤰මං දන්නවා ක්‍රිෂාන්ට කරදරයක් නොවී මං ළග හිටියා නම් එයා මේ සුභ ආරංචිය අහලා පුදුම විදියට සන්තෝශ වෙයි.මටත් වඩා දරුවෙක් ගැන බලාපොරොත්තුවෙන් ආසාවෙන් හිටියේ ක්‍රිෂාන්.අද අපේ ඒ ආදරණීය බලාපොරොත්තුව විවාහ වෙලා මාස හිටියා හතරකුත් සම්පූර්ණ වෙන්න කලින් අපි ගාවට ඇවිත්.මට එකපාරටම මතක් වුනේ ක්‍රිෂාන්ට මේ අනතුර වෙන්න දින කිහිපයකට කලින් මං ළගට වෙලා ආදරයෙන් කතා කරපු දේවලුයි.

“මැණික…..මට නම් ඕනි ඔයා වගේම මූණ තියන දුවෙක්……”😘

“මම නම් ආස මුලින්ම පුතෙක් ලැබෙනවනම් ක්‍රිෂාන්……”😘

“එහෙනම් දුවයි පුතයි.ටුවින්ස්ලා…..”😘😘

“දුවේ…ආරාධ්‍යා……”

අතීත මතකයන්ගෙන් මං ඈත් වෙලා බැලුවේ අම්මගේ කටහඩට.අම්මා මං දිහා හිනාවෙලා මගේ ඔලුව අත ගාලා පුටුවකින් වාඩි වුනා.

“අම්මා ඩොක්ටර් එක්ක කතා කරාද?……”

“ඔව් දුව.ඩොක්ටර් කිව්වා ඔයා ගොඩාක් දුර්වලයිලු.හොදට කෑම බීම ගන්න කිව්වා.සතුටින් ඉන්න බලන්න දුවේ.ඔයා ඉන්න මේ තත්වෙත් එක්ක ඔයාට දුක් විදින්න හොද නෑ…….”

“මගෙ ක්‍රිෂාන්ට මෙහෙම වෙලා තියෙද්දී මං කොහොමද අම්මා සතුටින් ඉන්නේ…..”😢😢

“දෙයියන්ගෙ පිහිටෙන් ක්‍රිෂාන්ට ඉක්මනට සනීප වෙයි දුව.ඔයාට ලැබෙන්න ඉන්න මේ දරුවගෙ වාසනාවෙන් ක්‍රිෂාන්ට ඉක්මනට සිහිය එයි……”😫

මං ඩොක්ටර්ගෙන් අවසර අරගෙන ක්‍රිෂාන්ව බලන්න ගියා.එදා හිටියා වගේමයි.ක්‍රිෂාන්ගෙ කිසිම වෙනසක් වෙලා නැහැ.මගෙ ඇස් වලින් කදුලු ගලාගෙන ගියා😭😭.මං එහෙම්ම්ම පාත් වෙලා ක්‍රිෂාන්ගෙ අතක් හෙමිහිට අල්ල ගත්තා.😭😭

“අනේ මගේ රත්තරනේ පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න.ක්‍රිෂාන් අද ඔයාගෙයි මගෙයි බලාපොරොත්තුව අපි දෙන්න ගාවට ඇවිත් මට ඉන්නේ.ඔයාට දැනෙනවද රත්තරං……”😭😭😭

තවත් මට කතා කරගන්න බැරි වුනා. මගෙ ඇස් වලින් කදුලු වැටුනා.අම්මා මාව දෑතින්ම අල්ලලා නැගිට්ටෙව්වා.

“අඩන්න එපා දුවේ.ඔයාට ඔහොම කෑ ගහලා අඩන්න හොද නෑ.ක්‍රිෂාන්ට ඉක්මනට සිහිය එයි.අපි යමු දුවේ එලියට……”😫

අම්මයි මායි දැඩි සත්කාර ඒකකයෙන් එලියට ආවා.

දින දෙකකට පසු👇

ක්‍රිෂාන්ගෙ තත්වෙ කිසිම වෙනසක් වුනේ නැහැ.මේ දවස් ටිකේම මං ගෙදරට වඩා හිටියේ හොස්පිටල් එකේ.දවසෙන් වැඩි හරියක්ම කරේ අඩන එක.දැඩි සත්කාර ඒකකයේ දොර ලග මං හිටගෙන හිටියා. එතකොටම වගේ ඩොක්ටර් මං ගාවට ආවා.

“අනේ ඩොක්ටර් මගෙ මහත්තයගෙ තත්වෙ කොහොමද දැන්?……”😢

“අපිට ඒ ගැන දැන්ම දෙයක් කියන්න අමාරුයි මිසිස් ආරාධ්‍යා.අපිට……”

ඩොක්ටර්ට ඊට වඩා දෙයක් කියාගන්න ලැබුනේ නැහැ.දැඩි සත්කාර ඒකකයේ දොරත් ඇරගෙන නර්ස් කෙනෙක් කලබලෙන් ඩොක්ටර් ගාවට දුවගෙන ආවා.

“ඩොක්ටර්……”

“ඇයි ඇයි නර්ස් මොකද වුනේ……”

“ඩොක්ටර් අර ඇක්සිඩන්ට් වෙච්චි පේෂන්ට්….ක්‍රිෂාන් ශාමේන්ද්‍ර…..”

එහෙම කියපු ඒ නර්ස් මන් දිහා බලලා ආපහු ඩොක්ටර් දිහා බලලා බිම බලා ගත්‍තා.ඊට පස්සේ ඩොක්ටරුයි ඒ නර්ස් ටිකක් එහාට ගියා.මගේ හිත හොදටම කලබල වුනා.අනේ මගෙ ක්‍රිෂාන්ට මොකක් හරි…………අනේ එහෙම වෙන්න නම් එපා🙏🙏😭😭මං ඩොක්ටර් ගාවට යන්න හදනකොටම ඩොක්ටර් ඒ නර්ස් එක්කම මං ගාවට ආවා.ඒ දෙන්නගෙම මුහුණු වල තිබ්බේ දැඩි ශෝකාකාරි බවක්.ඩොක්ටර් මං ගාවට ඇවිත් මගෙ පිටට තට්ටු කරා.

“අයැම් වෙරි සොරි ආරාධ්‍යා…….”

“ඩො….ක්….ට මෙ….ක්‍රි…..ෂා….න්ට……”😭

“හිත හදාගන්න මිසිස් ආරාධ්‍යා.ක්‍රිෂාන් අපි හැමෝමව දාලා ගිහින් ඉවරයි…..”😢😢

මගෙ ඇගට අකුණක් ගැහුවා වගේ මට දැනුනා.මං එහෙම්මම පිස්සියක් වගේ දැඩි සත්කාර ඒකකයේ දොරත් ඇරගෙන ක්‍රිෂාන් ගාවට දිව්වා.😭😭මගෙ ක්‍රිෂාන්ගෙ ඇගට සම්බන්ද කරලා තිබුනු සේරම මැෂින්ස් අක්‍රීය වෙලා.දෙයියනේ ක්‍රිෂාන් මාව දාලා ගිහින්ද?නෑ එහෙම වෙන්න විදියක් නෑ.ක්‍රිෂාන්ට බෑ මාව තනි කරලා යන්න.මං ක්‍රිෂාන්ට ලං වෙලා මාව දාලා යන්න එපා කියලා කෑ ගහලා ඇඩුවා.😭😭😢

“අනේ මාව දාලා යන්න එපා ක්‍රිෂාන්.ඔයාට පුලුවන්ද මාවයි දරුවවයි දාලා යන්න?තව ටික කාලෙකින් ඔයා තාත්තා කෙනෙක් ක්‍රිෂාන්.ඔයා අපිව තනි කරලා ගියොත් මේ දරුවට තාත්තා කෙනෙක් කෝ ක්‍රිෂාන්.අනේ මාව තනි කරලා යන්න එපා ක්‍රිෂාන්…..ක්‍රිෂාන්……”😭😭🙏😭

මං දන්නෙ නෑ මං කොච්චර වෙලාවක් ක්‍රිෂාන් ගාවට වෙලා ඇඩුවද කියලා.😭😢
ඒත් එකපාරටම……ක්‍රිෂාන්ට සම්බන්ද කරලා තිබුනු මැෂින්ස් සක්‍රීය වෙන්න පටන් ගත්තා.ඒත් එක්කම ක්‍රිෂාන්ගෙ අතේ ඇගිලි හෙලවෙන්න ගත්තා.මං කෑ ගහලා ඩොක්ටර්ට කතා කරා.ඩොක්ටර් ඉක්මනට දුවගෙන ආවා.

“මිසිස් ආරාධ්‍යා ඔයා පොඩ්ඩක් එලියට යන්න…..”

දැඩි සත්කාර ඒකකයේ දොර ලගට වෙලා මං දෙවියන්ගෙන් ඉල්ලුවේ මගේ ක්‍රිෂාන්ට කිසිම කරදරයක් වෙන්න එපා කියලයි.🙏🙏

පැයකට විතර පස්සේ ඩොක්ටර් එලියට ආවා.

“අනේ….ඩොක්ටර් ක්‍රිෂාන්ට මොකද වුනේ?අනේ එයාව සනීප වෙයි නේද?…..”😭🙏

“ඇක්සිඩන්ට් එක වුන දවසෙ ඉදන් බැලුවම අදයි ක්‍රිෂාන්ගෙ තත්වෙ වෙනසක් සිද්ද වුනේ.අපි එයාට අවශ්‍ය ප්‍රතිකාර දීලයි තියෙන්නේ……”

“අනේ මට කියන්න ඩොක්ටර් ක්‍රිෂාන්ව බේර ගන්න පුලුවන් නේද?……”😢

“ඔව්.අනිවාර්යයෙන්ම පුලුවන්……”😀

දෙයියනේ මට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්.මං ඩොක්ටර්ට නොසෑහෙන්න ස්තූති වන්ත වුනා.🙏🙏 මට ලැබෙන්න ඉන්න දරුවා ගොඩාක් වාසනාවන්තයි.🤰❤️😘

❤️❤️

මරණයට ඔන්න මෙන්න හිටපු ක්‍රිෂාන් දැන් ටික ටික සුව අතට පත් වුනා.මගෙ හිතට දැන් නම් සැහැල්ලු බවක් දැනුනා. සිහිය ආවත් ක්‍රිෂාන්ට කතා කරන්න කෙනෙක්ව අදුර ගන්න පුලුවන් තරම් සිහියක් තිබුනෙ නෑ.ඩොක්ටර් කිව්වේ මේ ගතිය මගෑරෙන්න ටික කාලයක් යයි කියලා.මේ අතර තුර හදිස්සියෙන්ම ක්‍රිෂාන්ගෙ අම්මා පපුවෙ කැක්කුමක් හැදිලා මැරුණා.මරණෙ වැඩ කටයුතු වලට අමිත්,සිල්වා ඇතුලු පොලිස් ස්ටේෂන් එකේ හිටපු හැම නිළදාරියෙක්ම උදව් උපකාර කරා.තමන්ගේ අම්මගේ අවසන් කටයුතු වලට සහභාගී වෙන්න තරම් වාතාවරණයක් ක්‍රිෂාන්ට තිබුනේ නෑ.

ඇක්සිඩන්ට් එක වෙලා මාස දෙකක් විතර වුනා.දැන් නම් ක්‍රිෂාන්ගෙ තත්වෙ ටිකක් විතර හොදයි.මං ඩියුටි ගිහින් හැම දවසකම ක්‍රිෂාන්ව බලන්න යනවා.
දවසක් මං පොලිස් ස්ටේෂන් එකේ ඉන්නැද්දී ඩොක්ටර් කෝල් කරා හොස්පිටල් එකට එන්න කියලා.මං ඉක්මනට ගියා හොස්පිටල් එකට.

“ඇයි ඩොක්ටර් මට හදිස්සියෙන්ම එන්න කිව්වේ?ක්‍රිෂාන්ගෙ තත්වෙ කොහොමද දැන්?……”

“මේ වගේ දරුණු විදියට ඇක්සිඩන්ට් එකක් වෙලා ජීවිතේ බේරුනු එක ලොකු දේව හාස්කමක් වගෙයි මට දැනෙන්නෙ මැඩම්.කියන්න කණගාටුයි මැඩම් ක්‍රිෂාන්ගෙ ජීවිතේ බේරුනත් මේ වෙනකොට එයාගෙ මතකය එයාගෙන් සෑහෙන දුර ගිහින් තියෙන්නේ.එයාව කෝමා තත්වෙට පත් වෙලා.සෑහෙන කාලයක් යයි ක්‍රිෂාන්ව යතා තත්වෙට පත් කරගන්න……”

“ම්….මං කොහොම හරි ක්‍රිෂාන්ව සනීප කරගන්නවා ඩොක්ටර්.එයාගෙ ජීවිතේ බේරලා දුන්නට ඩොක්ටර්ට ගොඩාක් පිං……” 🙏🙏

මං පොලිස් නිළ ඇදුමෙන් ඩොක්ටර්ට දණ ගහලා වැන්දා.මගෙ ක්‍රිෂාන්ගෙ ජීවිතේ බේරලා දුන්නට ඩොක්ටර්ට මං හදවතින්ම ස්තූතිවන්ත වුනා.🙏🙏

දවස් කිහිපයකට පසුව ක්‍රිෂාන්ව නිවසට ගේන දවස උදා වුනා.මං ඩොක්ටර් එක්ක කතා කරා.

“මිසිස් ආරාධ්‍යා ක්‍රිෂාන්ව ගොඩාක් පරිස්සමින් බලා ගන්න ඕනි.හරියට පුංචි දරුවෙක්ව බලාගන්නවා වගේ.එයාගෙ බෙහෙත් වෙලාවට දෙන්න.දවස් තුනකට වතාවක් හොස්පිටල් එක්කන් එන්න කකුලට බෙහෙත් දාන්න.නිතරම එයත් එක්ක කතා කරන්න.ආරාධ්‍යා මැඩම් මේ ඉන්න තත්වෙත් එක්ක ක්‍රිෂාන්ව බලා ගන්න පුලුවන්ද?……”

“ඒ ගැන බය වෙන්න එපා ඩොක්ටර්.මායි මගෙ අම්මයි දෙන්නම ඉන්නවා ක්‍රිෂාන්ව බලා ගන්න.මට පුලුවන් ක්‍රිෂාන්ව හොදට බලා ගන්න……”

නැවත හමුවෙමු යාලුවනේ

Advertisment