හදවතේ ගින්දර🌹❤️
❤️🔥අමිත් කියපු දේවල් මං ඇහුනේ හීනෙන් වගේ.මගෙ මුලු ඇගම සීතල වෙලා ගියා.දෙයියනේ😱මං ඔලුව බදාගෙන එහෙම්මම පුටුවට බර වුනා. අනේ මගේ ක්‍රිෂාන්😭😭මං පුටුව උඩ ඉදගෙන හොදටම ඇඩුවා.

“මැඩම් අඩන්න එපා.කලබල වෙන්නෙ නැතුව ඉන්නකෝ.අපි කොහොම හරි ක්‍රිෂාන්ව බේර ගමු.එයාට මොකුත් වෙන්නෙ නෑ……”😢😢

අමිත් මොන තරම් දේවල් කිව්වත් මට ඇඩුම නවත්තගන්න බැරි වුනා.අනේ දෙවියනේ මගෙ ක්‍රිෂාන්ගෙ ජීවිතේට මොකුත් කරදරයක් නම් වෙන්න එපා.🙏😭 එහෙම වුනොත් මං ජීවත් වෙලා වැඩක් නෑ.කොයි තරම් වෙලා මං කදුලු හැලුවද කියලා මං දන්නෙ නෑ.ඇස් වල කදුලු පිහදාගෙන මං අමිත් එක්ක කතා කරා.

“අනේ අමිත් කියන්න මගෙ ක්‍රිෂාන්ට කොහොමද දැන්?එයාට මොකද වුනේ?……”😭

“මැඩම් මං උදේ ඩියුටි ඕෆ් වෙලා ගෙදර යද්දී කෑම ගන්න කඩයක් ගාව බයික් එක නැවැත්තුවා.කඩේ ඇතුළෙ කෑම කද්දී එකපාරටම මහා සද්දයක් ඇහුනා. එලියට ඇවිත් බලද්දී බයික් එකක් වෑන් එකක හැප්පිලා.ඒ වෑන් ඩ්‍රයිවර් හොදටම බීලා ඉදලා තියෙන්නේ.එතන තිබ්බ බස් හෝල්‍ට් එකත් කඩාගෙන වෑන් එක නැවතිලා තියෙන්නේ.බස් හෝල්ට් එකේ හිටපු දෙන්නෙක් එතනම මැරිලා. හැප්පිච්ච බයික් එක ලගට ලං වෙනකොටම ක්‍රිෂාන් අමාරුවෙන් කෙදිරි ගගා හිටියා.ක්‍රිෂාන්ගෙ ඔලුවෙන් හොදටම ලේ වැක්කෙරෙනවා.මුලු ඇගම ලේ වලින් නෑවිලා.හොස්පිටල් එකට ගේනකොටත් ක්‍රිෂාන්ට සිහිය නෑ මැඩම්…….”😭😭

අනේ ක්‍රිෂාන් දෙයියනේ මං කොහොමද මේක දරාගන්නේ.ඔයාට මොනවා හරි වුනොත් මං එක මොහොතක් වත් ජීවත් වෙන්නෙ නෑ.😭😭එතකොටම දැඩි සත්කාර ඒකකයේ දොරක් ඇරුනා.ඒ දොරෙන් එලියට ආවෙ ඩොක්ටර් කෙනෙක්.මං ඉක්මනට ඒ ඩොක්ටර් ගාවට දුවලා ගියා.

“අනේ🙏ඩොක්ටර් ක්‍රිෂාන්ට කොහොමද දැන්?අනේ ඩොක්ටර් මට මගෙ මහත්තයගෙ ජීවිතේ බේරලා දෙන්න.😭😭🙏……”

අත් දෙකම එකතු කරලා වැදලා මං ඩොක්ටර්ගෙන් ඉල්ලුවා.🙏🙏

“ටිකක් සන්සුන් වෙන්න මැඩම්.මට තේරුම් ගන්න පුලුවන් මැඩම් ඉන්න තත්වෙ.ඩොක්ටර් කෙනෙක් හැටියට මට මේ අවස්ථාවෙ බොරු කියන්න බැහැ. ක්‍රිෂාන්ගෙ තත්වෙ ගොඩක් සීරියස් මැඩම්.ඔලුවෙන් ගොඩාක් ලේ ගිහින් තියනවා.වම් කකුල ගොඩාක් තුවාල වෙලා.අපි ඔපරේෂන් එකක් කරා.සිහිය එනකන් මොකුත් කියන්න බෑ මැඩම්…….”

“අනේ ඩොක්ටර් මගෙ මහත්තයගෙ ජීවිතේ කොහොම හරි බේරලා දෙන්න……”😭😭🙏

මං අත් දෙක එකතු කරලා වැදගෙනම ඩොක්ටර්ට එහෙම කිව්වා.එකපාරටම මගේ ඇස් නිලංකාර වෙලා ගියා.මුලු වටපිටාවම කලුවර වුනා.

ආයෙත් මට සිහිය එද්දී මං හිටියේ හොස්පිටල් එකේ ඇදක් උඩ.මං ගාවින්ම අමිතුයි,සිල්වායි හිටියා.මං ඇදෙන් නැගිට්ටා.ඩොක්ටර් මං ගාවට ආවා.

“අනේ ඩොක්ටර් මට ක්‍රිෂාන්ව බලන්න ඕනි.අනේ එපා කියන්න නම් එපා ඩොක්ටර් ප්ලීස්…….”🙏😭

ඩොක්ටර් ටිකක් වෙලා කල්පනා කරා.

“හොදයි මැඩම්.හැබැයි ක්‍රිෂාන් එක්ක කතා කරන්න උත්සහ කරන්න එපා. එයාගෙ තත්වෙ ගොඩාක් බයානකයි. වැඩි වෙලාවක් ගන්න එපා.විනාඩි දහයෙන් එන්න……”

මායි අමිතුයි දැඩි සත්කාර ඒකකයේ හිටපු ක්‍රිෂාන් ලගට ගියා.ඇග හැම තැනකම බට ගහලා,මුලු ඔලුවම වැහෙන්න බැන්ඩේජ් ඔතලා මගේ ක්‍රිෂාන් ඒ මැෂින් එකෙන් හුස්ම අරගෙන ජීවිතයත් මරණයත් අතර සටනකයි හිටියේ.ක්‍රිෂාන්ගෙ පපුව ගාවටම එනකල් සුදු පාට රෙද්දකින් වහලයි තිබුනේ.මට කෑ ගහලා අඩන්න හිතුණා.ඒත් මගේ කටට වචන ආවෙ නෑ.😭😭

“අපි දැන් යමු මැඩම්.ඩොක්ටර් කිව්වෙ විනාඩි දහයයිනෙ මෙතන ඉන්න කියලා. ක්‍රිෂාන්ගෙ ජීවිතේට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.එයා ඉක්මනට සනීප වෙයි මැඩම්…….”😢

මං අමිත් එක්ක දැඩි සත්කාර ඒකකයෙන් එලියට ආවා.වෙච්ච කිසිම දෙයක් ගැන මට හිතා ගන්න බැරි වුනා. ක්‍රිෂාන් මෙහෙම ඉන්නවා දැකලා මගේ හිත කඩාගෙන වැටුනා වගේ මට දැනුනා.

“මැඩම් ඔයා දැන් ගෙදර යන්න.මේ විදියට ඔයාට පොලිස් ස්ටේෂන් ඇවිත් ඩියුටි කරන්න අමාරුයි මැඩම්.දුක් වෙන්න එපා ක්‍රිෂාන්ට ඉක්මනට සනීප වෙයි මැඩම්……”

නිවාඩු දාලා මං ගෙදර ආවා.ක්‍රිෂාන්ගෙ අම්මා ක්‍රිෂාන්ට වෙච්චි දේ දැනගෙන පොලවෙ හැපි හැපි ඇඩුවා.ක්‍රිෂාන්ගෙ අම්මව සනසගන්න එක හරිම අමාරු වුනා.

මං කාමරේට ඇවිත් ඇදෙන් ඉද ගත්තා. මගේ හිත පුරාම පැතිරිලා ගියේ දැඩි දුකක්.කොට්ටෙ බදාගෙන මං හොදටම ඇඩුවා.ඊයෙ මේ වෙලාවෙ මේ කාමරේ හිටියේ ක්‍රිෂානුයි මායි මොන තරම් සතුටින්ද?පුංචි දේටත් මාව තරහ ගස්සලා ඊට පස්සේ මාව තුරුල් කරගෙන මගේ මුහුණ සිපගෙන ආදරෙන් මාව සනසපු මගේ ආදරණීය ක්‍රිෂාන් අද හොස්පිටල් එකේ දැඩි සත්කාර ඒකකයේ හුස්ම ගන්න ලොකු සටනක් කරනවා.😭😭මට ක්‍රිෂාන් නැති පාලුව දරා ගන්න බැරි වුනා.ක්‍රිෂාන්ගෙ සුවද මුලු කාමරේ පුරාම මට දැනෙන්න වුනා.

“දුවේ ආරාධ්‍යා……”

එහෙම කතා කරගෙන කාමරේට ආවේ මගේ අම්මා.ක්‍රිෂාන්ට වෙච්චි දේ අමිත් සමහර විට අම්මාට කියන්න ඇති.අම්මා ඇවිත් මං ගාවින් ඉද ගත්තා.මං අම්මට තුරුල් වෙලා ඉකි ගගහා ඇඩුවා.😭😭

“මට අමිත් පුතා සේරම විස්තරේ කිව්වා. ඔයා බය වෙන්න එපා දූ.අපි කොහොම හරි ක්‍රිෂාන් පුතාව බේරගමු……”

අම්මා මගේ හිත හදන්න ගොඩාක් දේවල් කිව්වා.ඒත් මගේ හිත පුරාම ඇදුනේ ක්‍රිෂාන් හොස්පිටල් එකේ හිටපු විදියයි.

“දුවේ මොනවහරි කාලා ඉන්න.ඔයා උදේ ඉදන්ම නොකානෙ ඉන්නේ……”

එහෙම කියලා අම්මා මට බත් පිගානක් ගෙනල්ලා කවන්න හැදුවා.ඒත් මට කන්න හිතුනේ නැහැ.

“මට කන්න බෑ අම්මා.බඩගිනි නැහැ.ඔයා කන්න……”

“මොනවද ආරාධ්‍යා මේ කියන්නේ.උදේ ඉදන්ම කන්නෙ නැතුව කොහොමද ඔයා බඩගිනි නෑ කියන්නේ.නොකා නොබී ඉදලා ලෙඩ වෙන්නද හදන්නේ.අනේ පුතේ මේ බත් ටිකෙන් පොඩ්ඩක් හරි කන්න…….”

අම්මාගෙ දැඩි පෙරැත්‍තය නිසාම මං බත් කටවල් තුන හතරක් කාලා නිදා ගත්තා.

🌄🌥️⛅🌤️

උදේ පාන්දරම මං අම්මත් එක්ක හොස්පිටල් එකට ගියා.ඒ යද්දිත් ක්‍රිෂාන්ට සිහිය ඇවිත් තිබුනේ නැහැ.මං ගිහින් ඩොක්ටර් එක්ක කතා කරා.

“කලබල වෙන්න එපා මිසිස් ආරාධ්‍යා ක්‍රිෂාන්ගෙ තත්වෙ ගොඩාක් බරපතළයි. සිහිය එනකන් අපිට එයා ගැන මොකුත්ම කියන්න බැහැ.හොස්පිටල් එකට ගේනකොටත් සිහිය තිබුනෙ නෑ. අපි පුලුවන් හැම උත්සහයක්ම ගන්නවා ක්‍රිෂාන්ව බේර ගන්න.ඒත්…….”

“ඇ…..ඇයි ඩොක්ටර්……”😢

“මට…..මට කියන්න තියෙන්නේ මිසිස් ආරාධ්‍යා ක්‍රිෂාන්ගෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න එපා.එයා ජීවත් වෙයි කියලා අපිට කියන්න අමාරුයි……”

“අනේ අම්මා……”😭😭😭

මං අම්මව බදාගෙන ගොඩාක් වෙලා ඇඩුවා.එතකොටම වගේ මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා අමිත්ගෙන්.

“හෙ…..හෙලෝ ඇයි අමිත්…..”📲

“මට සමාවෙන්න මැඩම් මේ වෙලාවෙ කතා කරාට.මැඩම් දැන් ඉන්නෙ හොස්පිටල් එකේද?……”📲

“ඔව් අමිත්……”📲

“මැඩම් ඩී.අයි.ජී සර් එනවා කිව්වා තව පැයකින් පොලිස් ස්ටේෂන් එකට.මැඩම් පුලුවන් නම් දැන් පොලිස් ස්ටේෂන් එකට එන්න…….”📲

“හා අමිත්…….”📲

මං පොලිස් ස්ටේෂන් එකට ගියා.මගේ ඔෆිස් රූම් එකට ගිහින් වාඩි වුනා.ටික වෙලාවකින් ඩී.අයි.ජී රාමනායක සර් ඔෆිස් රූම් එකට ආවා.

“කොහොමද ආරාධ්‍යා?…..”

“හොදින් නම් නෙවෙයි සර්……”

“මං දන්නවා ආරාධ්‍යා ඔයාගෙ හස්බන්ඩ්ට වුනු දේ ගැන.මං ගොඩාක් කණගාටු වෙනවා ඒ ගැන.ආරාධ්‍යා මං හදිස්සියෙන්ම ආවේ දෙයක් මතක් කරන්න……”

මං දන්නවා ඩී.අයි.ජී රාමනායක සර් මේ කියන්න හදන්නේ ඉන්දියාවේ යන එක්ස් ගැන.ඒත් මං ඒ ගමන යන්නෙ නෑ කියලා තීරණයක් අරගෙන ඉවරයි.

“ඔෆිසර් ආරාධ්‍යා ඉන්දියා යන එක ඔයා මොකද කියන්නේ?ඔයා යන්නෙ නෑ තීරණයක් අරගෙන නැහැනේ……”

“අයැම් වෙරි සොරි සර්.මට ඉන්දියා යන්න බැහැ.මගේ මහත්තයව මේ වගේ තත්වෙක දාලා මට මේ ගමන යන්න බැහැ.ඒ ගමනට වෙන ඔෆිසර් කෙනෙක්ව තෝර ගන්න……”

“ඔෆිසර ආරාධ්‍යාගෙ අන්තිම තීරණේ ඒකනම් කමක් නෑ.මං පොලිස්පති දේවේන්ද්‍ර ෆර්නැන්ඩස් සර්ට ඉන්ෆෝම් කරන්නම් ආරාධ්‍යාගෙ මේ තීරණේ ගැන…….”

“තැන්ක්යූ සර්……”

මේ විදියට දවස් කිහිපයක් ගෙවිලා ගියා. ඒත් ක්‍රිෂාන්ගෙ තත්වෙ කිසිම වෙනසක් වුනේ නැහැ.මං හොස්පිටල් එකට ගියා.

“ඩොක්ටර් ක්‍රිෂාන්ගෙ තත්වෙ දැන් කොහොමද?……”😭

“මං මිසිස් ආරාධ්‍යාට අද මේ ගැන කියන්නයි හැදුවේ……”

“ඒ…..මො….මොකක්ද ඩොක්ටර්?……”😢

“මේකයි මිසිස් ආරාධ්‍යා ක්‍රිෂාන්ට මේ ඇක්සිඩන්ට් එක වෙලා අදට සතියයි. තාමත් එයා හොස්පිටල් එකට ගෙනාවා වගේමයි සිහිය නැහැ.එයාගෙ ජීවිතේ රැදිලා තියෙන්නේ මැෂින් වලින්.එයාගෙ තත්වෙ පුංචිම වෙනසක්වත් මේ වෙනකොට සිද්ද වෙලා නැහැ.ප්ලීස් මේක තේරුම් ගන්න මිසිස් ආරාධ්‍යා අපි තව පැය හතලිස් අටක් බලලා ක්‍රිෂාන්ගෙ තත්වෙ වෙනසක් නොවුනොත් එයාට මේ දාලා තියන මැෂින්ස් ගලවන්න සිද්ද වෙනවා.අයැම් වෙරි සොරි මිසිස් ආරාධ්‍යා……”

“අනේ එපා ඩොක්ටර්.අනේ ඒ දේ නම් කරන්න එපා.මගෙ ක්‍රිෂාන්ට ඉක්මනට සිහිය එයි.අනේ ඒ මැෂින්ස් නම් ගලවන්න එපා.ප්ලීස් ඩොක්ටර්.ආ…ආඅ……”

එකපාරටම මට ඇගට මොකක්දො වගේ වුනා.කලන්තෙට වගේ ආවා.මං එහෙම්මම බිත්තිය අල්ලගෙන බිමට පාත් වුනා.ඩොක්ටර් මාව වැටෙන්න නොදී අල්ලගත්තා.

මිනිත්තු කිහිපයකට පසු👇

“මිසිස් ආරාධ්‍යා ඔයාට කොහොමද දැන්?…….”

“මට එකපාරටම මොකක්ද මන්දා වුනා ඩොක්ටර්.මගෙ ඇගට පණ නැති වුනා වගේ……”

මං බොහොම අමාරුවෙන් එහෙම කිව්වා.

“කන්ගැජුලේශන් මිසිස් ආරාධ්‍යා ඔයා ප්‍රෙග්නන්ට්……”

සියලු හිමිකම් කතෘ සතුය