හදවතේ ගින්දර🔥
❤️🔥ඉන්දියාවේ තියන පුහුණු වැඩමුලුවට සහභාගී වෙන්න තියන දිනයත් ලංවුනා.හරියටම තව දවස් පහළවයි තිබ්බේ.

“මැඩම්….ඔයා ඉන්දියා ගියාට පස්සේ මෙහෙ ඩියුටි බලන්න කව්ද දාලා තියෙන්නේ……”

“මාස හයනෙ අමිත්.සමහර විට කව්රුහරි කෙනෙක්ව දායි තාවකාලිකව……”

“මැඩම් අර හෙරොයින් සම්බන්දව ගෙනාපු දෙන්නව හෙට උසාවි ගෙනියන්න තියනවා……”

“ආ ඔව්.ඒ වැඩ ටික හරි.සම්පූර්ණ ආරක්ෂාව දෙන්න ඕනි.නැත්නම් එයාලා පැනලා යන්න උත්සහ කරයි……

“ඒ ගැන බය වෙන්න එපා මැඩම්. ආරක්ෂාව ගැන හැම දේම හරි……”

“එහෙනම් මං යනවා අමිත්.ඔයා අද නයිට් ඩියුටිනෙ……”

“ඔව් මැඩම්……”

ගෙදරට ඇවිත් බාතෲම් එකට ගිහින් හොදටම නා ගත්තා.අද නම් ගොඩාක් මහන්සියි.

“දුවේ කෑම කාලා ඉන්න……”

ක්‍රිෂාන්ගෙ අම්මා කාමරේට ඇවිත් එහෙම කිව්වා.

“ක්‍රිෂාන් ආවම කන්නම් අම්මේ…..”

“පුතා අද නම් එන්න ටිකක් පරක්කු වෙයි වගේ දුවේ……”

“ඒ වගේ තමයි අම්මේ……”

පැයක් විතර යද්දී ක්‍රිෂාන් ගෙදර ආවා.පව් ක්‍රිෂාන්ගෙ මුහුණෙන් ගොඩාක් මහන්සි ගතියක් පෙනුනා.මං ගිහින් ක්‍රිෂාන්ට තේ එකක් හදාගෙන ආවා.

“අද නම් ගොඩාක් මහන්සියි ආරාධ්‍යා.මං හිතුවේ රෑ වැඩත් කරන්න වෙයි කියලා. මේ කාලෙ ගොඩාක් සංචාරකයෝ එනවා ලංකාවට.ඉතිං ගොඩාක් වැඩ වැඩියි අපිට……”

“ඒක තමයි මට හිතුණා පරක්කු වෙද්දී. ඔයා වොශ් එකක් දාගෙන එන්න.මං කෑම බෙදන්නම්…….”

ක්‍රිෂාන්ට කෑම එකක් බෙදලා ඉවර වෙලා මං අම්මට කෝල් එකක් ගත්තා.දවස් දෙක තුනකින් අම්මට කෝල් එකක් ගන්නවත් බැරි වුනානෙ.

“හෙලෝ අම්මා මොකද කරන්නේ……”📲

“මොකුත් නෑ දුව.මට මේ දැන් දුවව මතක් වුනා විතරයි.දැන් රෑට කාලා එහෙමද ඉන්නේ?……”📲

“තාම නෑ අම්මා.තව ටිකකින් කනවා. අම්මලා කෑවද?……”📲

“ඔව් දූ.කෝ ක්‍රිෂාන් පුතා එහෙම?…..”📲

“ඉන්නවා අම්මෙ.දැනුයි නා ගන්න ගියේ. එහෙනම් අම්මා මං තියන්නම්.බුදු සරණයි……”🙏📲

“බුදු සරණයි දුව……”🙏📲

මං ෆෝන් එක කට් කරනකොට ක්‍රිෂාන් බාතෲම් එකේ ඉදන් ඔලුව පිහ දදා එළියට ආවා.මං දිහා ක්‍රිෂාන් බැලුවේ මහා අමුතු විදියකට.හරියට නිකන් හොර වැඩක් කරලා අහු වුනා වගේ.

“කව්ද කතා කරේ……”😡⚡

අම්මෝ අකුණක් ගැහුවා වගේ ඒක ඇහුවේ.මට හිතුණා බොරුවක් කියලා ක්‍රිෂාන්ව අවුස්සන්න.😁😁

“බෑ කියන්නෙ නැහැ……”😂

“ඒ මොකද කියන්න බැරි……”😡

“ඒක මොකටද ඔයාට?……”😁😂

එහෙම කිව්වා විතරයි ක්‍රිෂාන් මං දිහා පුදුම වෙලයි බැලුවේ.මං ළගටම ඇවිත් මගේ මුහුණ කෙලින් බැලුවා.

“කියන්නෙම නැද්ද කතා කරේ මොකාද කියලා…..”😡

“නෑ කියන්නෙම නෑ……”😂😂

මට හිතුණා ක්‍රිෂාන් දැන් මගෙ කණ මිරිකයි එක්කො නැත්නම් කට මිරිකයි කියලා.මට හිනා යන්න ඔන්න මෙන්නයි හිටියේ.මං කට තද කරගෙන හිටියා.😁

“අන්තිම පාරට අහන්නේ.මොකාද කතා කරේ…..”😡

“කොල්ලෙක් කතා කරේ.හෙට නිවාඩුවක් දාලා ෆිල්ම් එකක් බලන්න යමුද කියලා ඇහුවා……”😂🤣

“ඉතිං තමුං මොකද කිව්වේ……”😡

“මං හා කිව්වා.ඔයා ඉතිං මාව ෆිල්ම් එකක් බලන්නවත් එක්ක යන්නෙ නෑනෙ……”😂😁🤣

මං එහෙම කියලා ක්‍රිෂාන්ගෙ මුහුණ දිහා බැලුවා.අම්මෝ ඒ මුහුණේ තිබ්බ නපුරු කම.එකපාරටම ක්‍රිෂාන් මාව බිත්තියට හේත්තු කරගෙන මගේ කට තදින් මිරිකුවා.

“ආව් ක්‍රිෂාන්.මගෙ කට රිදෙනවා. අනේ අතාරින්න.මං විහිලුවක් කරේ.අම්මා ෆෝන් කරේ…..”😢

ඊට පස්සෙ ක්‍රිෂාන් මාව අතෑරියා.මගේ කට හොදටම රිදුනා.මං අඩන්න ඔන්න මෙන්න වගේ ක්‍රිෂාන්ගෙ මුහුණ දිහා බැලුවා.මං එහෙම බලනකොට ක්‍රිෂාන්ට මං ගැන දුක හිතිලා මගේ කට අතගෑවා.

“අනේ සොරි මැණික.මං විහිලුවට එහෙම කරේ.මං බාතෲම් එකේ ඉදන් එළියට එද්දී ඇහුනා ඔයා අම්මට කතා කරනවා. අනේ සොරි සුදූ.කෝ බලන්න ඔයාට ගොඩාක් රිදුනද?……”

“මහ හයියෙන් පොල් මිරිකනවා වගේ කට මිරිකලා තව අහනවා රිදුනද කියලා. ගොඩාක් රිදුනා……”😭

මම අඩන්න වගේ එහෙම කිව්වා. ක්‍රිෂාන්ට මං ගැන අනුකම්පා හිතිලා තිබුනා.

“අනේ සොරි රත්තරං සොරි.කෝ පොඩ්ඩක් ඇස් පියා ගන්නකෝ…..”

පොලිස් නිළදාරිනියක් හින්දා වෙන්න ඇති මට ඉවෙන් වගේ දැනුනා ක්‍රිෂාන් මේ මොකාටද එන්න හදන්නේ කියලා.😂😁 මොකුත් නොතේරිච්ච ගානට මං ඇස් පියා ගත්තා.එකපාරටම ක්‍රිෂාන් එයාගෙ දෙතොල් වලින් මගේ දෙතොල් �සිප ගත්තා.💋😘

“තාමත් රිදෙනවද?……”😁

මගේ දෙතොල් වලින් ඈත් වෙලා ක්‍රිෂාන් එහෙම ඇහුවා.

“නෑ නෑ.දැන් නම් හොදයි……”😀😀

“දන්නවනම් තව ටිකක් හයියෙන් කට මිරිකනවා……”😂

“මොකක්……”😁😠

“නෑ නෑ මොකුත් නෑ……”😁

“දැන් ඇති.එන්න කෑම කන්න……”

🌄☁️⛅🌈️

“ක්‍රිෂාන් ඔයා අද කලින්ම යන්නද හදන්නේ……”

ක්‍රිෂාන් කලින්ම වැඩට යන්න ලෑස්ති වෙන හින්දා මං එහෙම ඇහුවා.තාම වෙලාව හයහමාරයිනෙ.🕡

“ඔව් ආරාධ්‍යා.මේ දවස් වල වැඩ වැඩීනෙ. මං අද ටිකක් කලින් යනවා.මං බයික් එකේ යන්නම්.ඔයා කාර් එකේ යන්න…….”

“හා එහෙනම්.මම අද ටිකක් පරක්කු වුනාට කමක් නෑ ඩියුටි යන්න.ඔයා හොටෙල් එකට ගිය ගමන්ම මට කෝල් එකක් දෙන්න ක්‍රිෂාන්……”

“හා ආරාධ්‍යා එහෙනම් මං යන්නම්.බායි මැණික……”😘

මගේ නළලට හාදුවක් දීලා ක්‍රිෂාන් බයික් එකට නැගලා වැඩට ගියා.මං දොර ගාවට වෙලා ක්‍රිෂාන් පේන්නැති දුර යනකල්ම බලන් හිටියා.

පැය බාගයකට විතර පස්සේ මාත් ඩියුටි යන්න ලෑස්ති වුනා.ලෑස්ති වෙලා ඉවර වෙනකොටම අමිත්ගෙන් කෝල් එකක් ආවා.

“හෙලෝ ඇයි අමිත්……”📲

“මැ……ඩ…..ම් තාම ගෙදරද ඉන්නේ……”📲

“ඔව් ක්‍රිෂාන් මං මේ දැන් එන්න ලෑස්ති වුනේ.ඇයි හදිස්සියක්ද?……”📲

“මැඩම් ඔයා දැන් පොලිස් ස්ටේෂන් එකට එන්න එපා.කෙලින්ම හොස්පිටල් එකට එන්න……”📲

“ඇ….ඇයි අමිත්.මොකක්ද ප්‍රශ්නෙ?මොකද වෙලා තියෙන්නේ.ඇයි හොස්පිටල් එකට එන්න කිව්වේ…..”📲

මට එකපාරටම හිතා ගන්න බැරි වුනා අමිත් මට පොලිස් ස්ටේෂන් එකට එන්න එපා කියලා හොස්පිටල් එකට එන්න කිව්වේ ඇයි කියලා.

“ආවම විස්තරේ කියන්නම් මැඩම්. පුලුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකට එන්න……”📲

එහෙම කියපු අමිත් ටක්ගාලා ෆෝන් එක කට් කරා.මං ඉක්මනට කාර් එකේ කොළඹ ජාතික රෝහලට ගියා.යද්දී පොලිස් ජීප් එක රෝහල් භූමියේ ගහක් යට නතර කරලා තිබ්බා.මං ඉක්මනට කාර් එකෙන් බැහැලා රෝහල ඇතුළට ගියා.රෝහලේ ලොකු කලබලකාරී බවකුයි මට පෙනුනේ.මං ඒ ගැන රෝහල් ආරක්ෂක අංශයේ කෙනෙක්ගෙන් ඇහුවා.

“අනේ අම්මෝ මැඩම් දැන් විනාඩි විස්සකට විතර කලින් එහා පාරෙ ඇක්සිඩන්ට් එකක් වුනා.දෙන්නෙක් එතනම මැරිලා.ගන්න දෙයක් නෑ ඔලුව කුඩු පට්ටං වෙලා.තුවාල වෙච්චි හතර දෙනෙක් ගෙනාවා……”

මං ටක්ගාලා ඉක්මනට රෝහල ඇතුළට දුවගෙන ගියා.යද්දී ICU එක ගාව අමිත්, සිල්වා එක්ක තවත් පොලිස් නිළදාරීන් කිහිප දෙනෙක්ම හිටියා.මාව දැකපු ගමන් අමිත්ගෙ මුහුණ එකපාරටම වෙනස් වුනා.

“ඇයි අමිත්?මට අර සිකිරියුටි විස්තරේ කිව්වා.කොහොමද මේක වෙලා තියෙන්නේ?මට විස්තරේ කියන්න……”

“මැ…..මැඩම් ඒ බයික් එක හැප්පිලා තිර්වෑන් එකක.ඒ වෑන් ඩ්‍රයිවර් හොදටම බීලා ඉදලා තියෙන්නේ.බයික් එකත් හප්පගෙන වේගය පාලනය කරගන්න බැරුව පාරෙ අයිනෙ තිබ්බ බස් හෝල්ට් එකකුත් හප්පගෙන ගිහින්.ඒ බස් හෝල්ට් එකේ හිටපු අවුරුදු පහළවක ගෑනු ළමේකුයි එයාගෙ අම්මයි එතනම මැරිලා……”😢😢

“එතකොට අමිත් වෑන් ඩ්‍රයිවරුයි බයික් එක පැද්ද එක්කෙනාටයි කොහොමද?…….”

මං එහෙම අහද්දී අමිත් සිල්වා දිහා බැලුවා.එයාලගේ මුහුණු වල තිබ්බ හැගීම් මට තේරුම් ගන්න අපහසු වුනා.

“අමිත් මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒකට ඔයා ඇයි සිල්වා දිහා බලන්නේ? උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයිනෙ මං ඇහුවේ……”😡😡

මට අමිත් ගැන කේන්තිත් ආවා.🤬

“වෑන් ඩ්‍රයිවර් නම් එච්චර ලොකු අමාරුවක් නෑ මැඩම්.වාහනේ හැප්පෙනකොටම ඒ මනුස්සයා එලියට විසික් වෙලා……”

“එතකොට බයික් එක එලවපු කෙනා…..”

“මැඩම්……මෙ….මේ….එයාටනම් ගොඩාක් අමාරුයි……”😢

අමිත් ඒක කිව්වේ ගොඩාක් අපහසුවෙන් වගේ.අමිත්ගේ මුහුණ දුකින් පිරිලා තිබ්බා.සිල්වාගෙ මුහුණෙත් තිබුනේ ලොකු ශෝකයක්.ඒත් මේ දෙන්නම මගෙන් මොනවහරි දෙයක් හංගනවා කියලා මට දැනුනා.

“අමිත්……මට ඇත්ත කියන්න ඔයාලා මගෙන් මොනවහරි හංගනවා නේද?මට ඇත්ත කියන්න කරුණාකරලා……”🤬

“මැ….මැඩම් කලබල වෙන්න එපා.වෑන් එකට හැප්පිලා තියෙන්නේ ක්‍රි….. ක්‍රිෂාන්ගෙ බයික් එක.ක්‍රිෂාන්ට ගොඩාක් අමාරුයි මැඩම්……”😢😭😭

නැවත හමුවෙමු😘😘😘