හදවතේ ගින්දර🔥
❤️🔥නිවාඩුව ඉවර වෙලා මං රැකියාවට ගියා.ක්‍රිෂානුත් එයාගෙ ජොබ් එකට ගියා.හවස ඩියුටි ඕෆ් වෙලා එද්දී මට ක්‍රිෂාන් එක්කම එන්න පුලුවන්. විවාහයෙන් පසුව රැකියාවට ආපු මුල්ම දවස අද නිසා පොලිස් ස්ටේෂන් එකේ අමුතු වෙනසක් මං දැක්කා.

“ගුඩ් මෝනිං මැඩම්…..”

“ගුඩ් මෝනිං සිල්වා…..”

“අනේ මට මැඩම්ගෙ වෙඩින් එකට එන්න බැරි වුනාට තරහ වෙන්න එපා.මගෙ ලොකු දූ හදිස්සියෙන්ම අසනීප වුනා…..”

“අනේ මං තරහ නෑ සිල්වා.ඇයි දුවට මොකද වුනේ හදිස්සියෙන්ම?……”

“එයාට හතිය හැදිලා හොදටම වැඩි වෙලා හොස්පිටල් නතර කරා.දවස් හතරක් හොස්පිටල් එකේ ඉදලා ගෙදර එක්කන් ආවේ……”

“මං තව දවස් දෙක තුනකින් එන්නම්කො දුවව බලලා යන්න……”

“අනේ….හා මැඩම්……”

වෙනදා විදියට සුපුරුදු පරිදි මං මගේ රාජකාරිය කරගෙන ගියා.

“මැඩම්…..ඔයාව හම්බවෙන්න ඩී.අයි.ජී රාමනායක සර් ඇවිත්…..”

අමිත් එහෙම කියලා විනාඩි කිහිපයකට පසුව ඩී.අයි.ජී රාමනායක සර් මගේ ඔෆිස් එකට ආවා.මං සර්ට ආචාර කරා.

“මයි කන්ග්‍රැජුලේශන් මිසිස් ආරාධ්‍යා සේනානායක.කොහොමද අලුත් ජීවිතේ……”

“වරදක් නෑ හොදින් ගෙවෙනවා…සර් මේ හදිස්සියෙන්ම මෙහෙ?……”

“ආරාධ්‍යා මෙහෙ ඩියුටි කරන්න අරන් දැන් අවුරුද්දකුත් ගෙවුනනේ.මේ කාලෙ ඇතුළත මං ආරාධ්‍යාගේ දක්ෂතා ගොඩාක් දැක්කා.මං ඒ හැම දක්ෂතාවයක්ම ගොඩාක් අගය කරනවා……”

“තැන්ක්යූ සර්…..”

“අපේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවුරුදු දෙකකට සැරයක් මේ රටේ දක්ෂම පොලිස් නිළදාරීන් තුන් දෙනෙක්ව ඉන්දියාවේ යවනවා විශේෂ පුහුණු වැඩමුලුවකට.මේ පුහුණු වැඩමුලුව ගොඩක් වටින අවස්ථාවක්.ඉදිරියේදී මේ ෆ්‍රමෝෂන් වලටත් ඒක සෑහෙන වටිනවා.
ඉතිං මේ අවුරුද්දේ අපි ඉන්දියාවේ ඒ විශේෂ පුහුණු වැඩමුලුවට සහභාගී වෙන පොලිස් නිළදාරීන් තුන් දෙන්නාට ආරාධ්‍යාගෙ නමත් ඇතුළත් කරලා තියනවා……”

මට ඒක අහලා දැනුනේ පුදුම සතුටක්. මේක අහලා ක්‍රිෂාන් ගොඩාක් සතුටු වෙයි.අම්මාටත් කියන්න ඕනි.අම්මත් ගොඩාක් සන්තෝශ වෙයි.මං ඩී.අයි.ජී රාමනායක සර්ට ස්තූති වන්ත වුනා මට මේ අවස්ථාව ලබා දීම පිළිඹදව.

හවස ඩියුටි ඕෆ් වෙලා ගෙදර යද්දී මං ක්‍රිෂාන්ට මේ ගැන කිව්වා.ඒක අහලා ක්‍රිෂාන් ගොඩාක් සන්තෝශ වුනා.😀😀

“අම්මට කිව්වෙ නැද්ද ආරාධ්‍යා…..”

“තාම නෑ ක්‍රිෂාන්.පස්සෙ කෝල් කරලා කියනවා.අම්මා ගොඩාක් සන්තෝශ වෙයි……”😀

“කොච්චර කාලයක් ඔයාට ඉන්දියා ගිහින් ඉන්න වෙයිද ආරාධ්‍යා……”

“මාස හයක් ක්‍රිෂාන්…..”

මාස හයක් කියලා ලේසියෙන් කිව්වත් මට ක්‍රිෂාන්ගෙන් ඈත් වෙලා මාස හයක් කොහොම ඉන්නද මන්දා.

“ඒ කියන්නේ මාස හයක්ම ඔයා නැතුව ඉන්නයි වෙන්නේ.දැන් කවද්ද යන්න තියෙන්නේ……”

“ලබන මාසෙ නෙවෙයි ඊළග මාසෙ දහ වෙනිදා…..”

“තව මාස එකහමාරයි ඔයා මං ගාව ඉන්නේ.මට ගොඩාක් පාලු දැනෙයි ආරාධ්‍යා ඔයා ළග නැතුව.අපි බැදලා මාසයක්වත් නෑනෙ තාම.ඔයාට පුලුවන්ද මං ළග නැතුව ඉන්න…..”

ක්‍රිෂාන් එහෙම කියනකොට නම් මට ගොඩාක් දුක හිතුණා ක්‍රිෂාන්ව දාලා ඉන්දියා යන්න.අනේ මං කොහොමද ක්‍රිෂාන්ගෙන් වෙන්වෙලා මාස හයක් ඉන්නේ.😫

“අනේ ඔව් ක්‍රිෂාන්.මං මෙහෙම ආසාවෙන් කියෙව්වට මට ඔයාව දාලා මාස හයක් ඉන්දියා ගිහින් ඉන්න බෑ දෙයියනේ.මං ඩී.අයි.ජී සර්ට කියනවා මට මේ අවස්ථාවට සහභාගී වෙන්න බෑ කියලා. වෙන කෙනෙක්ව යවන්න කියනවා.මං නොගියා කියලා මට රස්සාව නැති වෙන්නෙ නෑනෙ……”

මං ඒ විදියට ක්‍රිෂාන්ට කිව්වේ බොරුවට නෙවෙයි ඇත්තටමයි.ක්‍රිෂාන්ගෙන් වෙන් වෙලා එච්චර කාලයක් ඉන්න මට හිත හදා ගන්න බැහැ.ඒත් මගේ තීරණේට ක්‍රිෂාන් කැමති වුනේ නෑ.

“ආරාධ්‍යා මේ වගේ හොද අවස්ථාවක් ඔයා කීයටවත් නැති කර ගන්න එපා.මං කිව්වා තමයි ඔයාව ළග නැතුව ඉන්න බෑ කියලා.ඒත් මේ වගේ වටින අවස්ථාවක් ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද?ඔයාගෙ දක්ෂතා,හැකියා පෙන්නන්න මේක වටින අවස්ථාවක්.ඔයා අනිවාර්යයෙන්ම ඉන්දියා යනවා තේරුනාද?මාස හයයිනෙ. මහා ලොකු කාලෙකුත් නෙවෙයිනෙ.මං ඔයාට කෝල් කරන්නම්…….”

ක්‍රිෂාන්ගෙ ඒ දිරි ගැන්වීමත් එක්ක මං ඉන්දියා යන්න හිත හදා ගත්තා.කමක් නෑ මාස හයයිනේ.මං හැමදාම ක්‍රිෂාන්ට කෝල් කරනවා.එතකොට එයා මං ළග ඉන්නවා වගේ මට දැනෙයි.❤️මං අම්මටත් ඒ ගැන කෝල් කරලා කිව්වා. අම්මත් ගොඩාක් සන්තෝශ වුනා. අප්පච්චී ගැන මතක් කරලා දුක් වුනා.මං අම්මාගෙ හිත සැනසෙව්වා.මගේ අම්මා වගේම ක්‍රිෂාන්ගෙ අම්මත් ඒ ගැන හරිම සතුටින් හිටියේ.අනික් නැන්දම්මලා වගේ නෙවෙයි ක්‍රිෂාන්ගෙ අම්මා මට දුවෙකුට වගේ ගොඩාක් ආදරේ කරා.

“ක්‍රිෂාන්….ඔයාට මං නැතුව ඉන්න පාලු හිතෙයි නේද?……”

“අනේ නෑ.මට දෙයියනේ කියලා කනක් ඇහිලා ඉන්න පුලුවන්……”😁😂🤣

“ඕන් කිව්වා.එහෙනම් එදා කිව්වෙ මං නැතුව ඉන්න බෑ පාලුයි කියලා……”🤨

“ආ……ඒ නිකන් කිව්වේ. විහිලුවටනෙ……”😁🤣

මං දන්නවා ක්‍රිෂාන්ට ඕනි මාව අවුස්සන්න.මං අහක බලාගෙන තරහ මූණක් පෙන්නගෙන හිටියා.

“ආ ඒපාර ඒකට මූණ එල්ල ගත්තද? මං බොරුවට,විහිලුවට කිව්වෙ කියලා දැන දැනම තරහ වුනා නේද?මං දන්නවා මොකද කියලා……”🤣😁😂

“මොකද?……”😠

මං තරහ මූණක් පෙන්නගෙන සැරෙන් එහෙම ඇහුවම ක්‍රිෂාන් හැදුවෙ මාව ඇදට පෙරලගන්න.මං ටක් ගාලා ක්‍රිෂාන්ව අහකට තල්ලු කරලා ඇදෙන් පැන්නා.😁😁

ඒපාර ක්‍රිෂාන් පිටි පස්සෙන් ඇවිත් මාව තුරුල් කර ගත්තා.මං සද්දෙ නැතුව තරහ මුහුණින්ම හිටියා.😡

“කෝ බලන්නකෝ මේ පැත්ත.තාම තරහයිද සුදූ.මං විහිලුවටනෙ කිව්වෙ සොරි මැණික.කෝ බලන්න හිනා වෙන්න……”

ක්‍රිෂාන් හැදුවේ මාව හිනා ගස්සන්න.ඒත් මං තරහ වෙලාම හිටියා.ඒ පාර මගේ කම්මුලක් හයියෙන් කෙනිත්තුවා.

“ආව් ක්‍රිෂාන්.ඔයා නම් කොටියෙක්ද මන්දා.මට ඒක රිදුනා.නපුරා……”😁

ඊට පස්සෙ ක්‍රිෂාන් පැත්තකට වෙලා නිකන් හිටියා.ගොඩාක් වෙලා යනකන් කතා කරේ නෑ මාත් එක්ක.මට දුක හිතුණා.මට වගේම ක්‍රිෂාන්ටත් බෑ මාත් එක්ක තරහ වෙලා ඉන්න.මං ක්‍රිෂාන් ලගට ගිහින් සොරි කියලා කිව්වා.

“එපා සොරි කියන්න.මං තරහයි…..”

“ඒ වුනාට මං තරහ නෑ යකෝ……”😁🤣

එහෙම කියලා මං යාන්තං වගේ කණ හැපුවා.මං දන්නවා ක්‍රිෂාන්ව යාලු කරගන්න හැටි.

“ඌයි ගෑනියෙ මගෙ කණ.මේකි නම් කොටි දෙනක්ම තමා……”🤣😁

මතු සම්බන්ධයි….

සියලු හිමිකම් කතෘ සතුය