🔥හදවතේ ගින්දර🔥 – 9 කොටස🦋
❤️🔥ක්‍රිෂාන්ගෙ ආදරේ නිසා මං ජීවත් වුනේ කියා ගන්න බැරි තරම් සතුටකින්.ඒ ආදරේ මගේ ජීවිතේට අලුත් අත්දැකීමක් එකතු කරා.තව වසරකින් අපි දෙන්නා විවාහ වෙන්නයි ප්ලෑන් කරේ.ක්‍රිෂාන්ගෙ පතිනිය වෙලා එයත් එක්ක එක ගෙදරක ගෙවන ජීවිතය ගැන මං හීන දැක්කා.

“දූ….ඔයාලගෙ වෙඩින් එක ගැන කතා කරගන්න හෙට ක්‍රිෂාන්ගෙ අම්මා මෙහෙ එනවා කිව්වා.ඔයාට නිවාඩුද හෙට?…..”

“හෙට නම් නිවාඩු නෑ අම්මා.කමක් නෑ අම්මලා කතා කරගන්න.මං ඉන්න ඕනිම නෑනෙ.ක්‍රිෂානුත් හෙට වැඩට යනවනේ……”

“හ්ම්ම්.කමක් නෑ එහෙනම්……”

🌺🌺

“ගුඩ් මෝනිං මැඩම්…..”

“ගුඩ් මෝනිං අමිත්……”

“මැඩම්….කොහොමද ඉතිං.කවද්ද වෙඩින් එක?අපෙනුත් උදව්වක් ඕනි නම් කියන්න.අපි ඕනම වෙලාවක රෙඩී……”

“අනේ තැන්ක්‍යූ අමිත්.ඔයා තමයි දෙවෙනි මනමාලයා.දෙවනි මනමාලිට ඉන්න සෙව්වන්දිට පුලුවන්නෙ.මං අද සෙව්වන්දිට කතා කරන්නම්……”

“ඔව් මැඩම් කතා කරන්න…..”

💐💐

කාලය වේගයෙන් ගලාගෙන ගිහින් ක්‍රිෂාන්ගෙයි මගෙයි වෙඩින් එකට දින ලං වුනා.මේ දවස් කිහිපයේම මායි ක්‍රිෂානුයි දෙන්නම ගොඩාක් කාර්ය බහුල වෙලයි හිටියේ.හරියටම කිව්වොත් කසාදෙට තව සතියයි තියෙන්නේ.පොලිස් දෙපාර්තමේන්තුවෙන් මට සති දෙකහමාරක නිවාඩුවක් ලැබුනා.අපේ පැත්තෙන් වෙඩින් එකට ඉන්වයිට් කරන්න මහා ගොඩාක් නෑදෑයො හිටියෙ නෑ.අම්මගේ පැත්තෙන් මාමා එයාගෙ දරුවො දෙන්නා,තාත්තගේ පැත්තෙන් බාප්පයි,එයාගෙ නෝනයි දරුවො තුන් දෙනායි,මහප්පලා දෙන්නා වගේම එයාලගේ නෝනලායි දරුවොයි ඉන්නවා. අම්මා කිව්වේ වෙඩින් එක සදෙව්ලාට කියන්න ඕනි නෑ කියලයි.මාත් ඒ තීරණේට එකග වුනා.

“හෙලෝ ක්‍රිෂාන් ඔයා වැඩකද ඉන්නේ……”📲

“නෑ ආරාධ්‍යා.ඇයි…..”📲

“අපේ පැත්තෙන් නම් මහා ගොඩාක් නෑදෑයො නෑ.ඉතිං අපි ගොඩාක් ලොකුවට වෙඩින් එක ගන්න ඕන්නෑනෙ……”📲

අන්තිම මොහොතෙ හරි මං එහෙම කිව්වේ කාලා බීලා ජොලි කරලා නිකන් බොරුවට සල්ලි නාස්ති කරන්න ඕන්නෑනෙ.

“ඒක තමයි ආරාධ්‍යා මාත් හිතුවේ.අපේ පැත්තෙන් උනත් මහා ගොඩාක් කට්ටිය නෑ.ලොකුවට ගන්නෙ නැතිව ඉතුරු සල්ලි අපි ළමා නිවාසෙකට අවශ්‍ය කරන බඩු අරන් දෙමු…..”📲

ක්‍රිෂානුයි මායි කතා කරගත්තු විදියට අපි කොළඹ තිබුනු ළමා නිවාසෙකට අවශ්‍ය කරන මදුරු දැල් තුනකුත්,වතුර ටැංකියකුත්,රෝද පුටු දෙකකුත් පරිත්‍යාග කරා.ඒකෙන් අපේ හිත් වලට ලොකු සැනසීමක් දැනුනා.

“ආරාධ්‍යා…..තව දවස් තුනකින් අපි දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නේද?…..”❤️❤️

“හ්ම්ම්…..”😁

“මොකද හ්ම්ම් ගාන්නේ.කට වැහිලද? එහෙනම් ඒකත් හොදයි.දෙයියනේ කියලා මට කනක් ඇහිලා ඉන්න පුලුවන්……”😃🤣

“ආ…..එහෙමද මහත්තයෝ.මගේ කට වහන්න නම් එහෙම ලේසියෙන් බෑ.මට දහයක් දොළහක් නෑනෙ. ඉන්න එකම මිනිහව කෑ ගහලා වලං පොලවෙ ගහලා හරි හදාගන්න ඕනි……”😃😁

“හදාගන්න මං වැරදි කරන්නෙ නෑනෙ සුදු මැණික……”😀

“ඒක හොදයි.හැබයි වැරදි කරොත් නම් සමාවක් නම් බලාපොරොත්තු වෙන්න එපා ඔන්න මගෙන්……”😁😀

“අම්මෝ මැණිකේ….ඒ කියන්නේ ආයෙත් මට කූඩුවෙ ඉන්න වෙයිද?මමනෙ දන්නෙ මෙයාව යාලු කරගන්න කී දවසක් පොලීසියේ කූඩුවෙ බොරු පැමිණිලි වලට හිටියද?……”😁😁

“ආ….එහෙනම් ඒවා මතකයිනෙ.ඒක හොදයි…..”😀

💐💐💐

“දුව…..ඔයා කාලා නිදාගන්න.හෙට පාන්දරම සැලූන් එකට යන්නත් තියනවනේ……”

“හා අම්මි.ගුඩ් නයිට්…..”

හෙට මගේ වෙඩින් එක.හෙටින් පස්සේ මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලෙනවා. ඒ දවස එනකන් මං හිටියේ ඇගිලි ගැන ගැන.හෙට පාන්දරම සැලූන් එකට යන්න තියන හින්දා මං කලින්ම නිදා ගත්තා.ඒත් කොහෙද කලින් නිදා ගන්නේ.නිදා ගන්න හදනකොටම ක්‍රිෂාන්ගෙන් කෝල් එකක් ආවා.

“හෙලෝ ක්‍රිෂාන්…..”📲

“නිදාගෙනද හිටියේ මැණික…..”📲

“නිදා ගන්න හැදුවේ ක්‍රිෂාන්.හෙට පාන්දරම සැලූන් එකට යන්නත් ඕනිනෙ. ඔයා වෙලාවට එතනට එන්න…..”📲

“එහෙනම් හොදට නිදාගන්න සුදූ.රෑට හීනෙන් මාව දකින්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න…..”😁😁📲

“හීනෙන් දකින්න ඕනියැ.හෙට ඉදන් හැබහින් දකින්න පුලුවන්නෙ හැමදාම…..”📲

“ඒකනෙ.එහෙනම් ඉතිං හොදට දොයිය ගන්න.බායි මැණික…..”📲😘

🎉️🎈🎀🎁🤵👰

මගෙයි ක්‍රිෂාන්ගෙයි වෙඩින් එක කොලඹ සොනාරා හොටෙල් එකේ පැවැත්වුනා. මගේ පාර්ශවයෙන් සාක්ශියට අත්සන් කරේ ගරු පොලිස්පති දේවේන්ද්‍ර ෆර්නැන්ඩස් මහතායි.ක්‍රිෂාන්ගෙ පාර්ශවයෙන් සාක්ශියට අත්සන් කරේ සොනාරා හොටෙල් එකේ අයිතිකරු වන සාලිය වික්‍රමනායක මහතායි.නෑදෑයෝ හිතවතුන් මිතුරු මිතුරියන්ගේ ආශිර්වාදය මැද්දේ අපේ විවාහය පැවැත්වුනා.

❤️❤️🤵👰❤️❤️

විවාහයෙන් පසුව ක්‍රිෂානුයි මායි පදිංචි වුනේ ක්‍රිෂාන්ගෙ ගෙදරමයි.ඒත් අම්මව තනියෙන් දාලා එන්න මං කැමති වුනේ නෑ.මට ගොඩාක් දුක හිතුනා. අප්පච්චිවත් ජීවතුන් අතර හිටියා නම් මට අම්මාව දාලා එන්න මේ තරම් දුකක් දැනෙන්නෙ නෑ.අම්මා එයාගෙ තනියට ගමේ හිටපු සෝමා නැන්දා ගෙන්න ගත්තා.ඒ හින්දා මට අම්මා ගැන බයක් දැනුනේ නැහැ.

“ක්‍රිෂාන්…..මට තව දවස් තුනයි නිවාඩු තියෙන්නේ…..”

මං ක්‍රිෂාන්ට එහෙම කිව්වේ දුකින් වගේ. මට ඕනි වුනේ ක්‍රිෂාන්ගෙ ළගින්ම ඉන්නයි.ඒ පපුවට තුරුල් වෙලා ඒ උණුසුම විද ගන්නයි.ඒත් අපිට පැවරිලා තියෙන්නේ සුලු පටු වගකීමක් නෙවෙයි. මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපිට ලොකු වගකීමක් තියනවා.අපි ඒ වෙනුවෙන් ඕනම වෙලාවක කැපවෙලා ඉන්නවා.

“අයියෝ…..මං හිතුවේ හෙට වැඩ ඇති කියලා.දැන් ඉතිං දවස් තුනක් මේ වදේ ඉවසපංකෝ……”😁😁

මං දන්නවා ක්‍රිෂාන් මෙහෙම කියන්නේ මාව අවුස්සන්න.මං බොරු තරහක් අරගෙන අහක බලා ගත්තා.මං තරහ වුනා කියලා හිතපු ක්‍රිෂාන් මං ගාවට ඇවිත් මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තා.

“අනේ සුදූ මං විහිලුවක්නෙ කරේ….කෝ බලන්න මෙයාගෙ මුහුණ.කෝ…..”😁😁

“අනේ යන්න ක්‍රිෂාන්.මං තරහයි.ඔයාගෙ වැඩේම මාව තරහ ගස්සන එක.එපා මාත් එක්ක කතා කරන්න……”😠😁

එහෙම කියලා මං ක්‍රිෂාන්ගෙ තුරුලෙන් මිදිලා අහකට යන්න හැදුවා.ඒත් ක්‍රිෂාන් මට යන්න නොදී තව තවත් මාව තදින් අල්ලලා තුරුල් කර ගත්තා.😁😘ඊට පස්සේ මගේ කම්මුල තදින් සිපගත්තා. එකපාරටම මගේ මුහුණෙන් හිනාවක් මතු වුනා.😃

“ආව්ශ්…..ඔය ආවෙ කෙල්ලගෙ මුහුණෙන් හිනාව😃.මං දන්නවා තරහ වුනාම මෙයාව යාලු කරගන්න හැටි…..”

කොහොම වුනත් මට බෑ ක්‍රිෂාන් එක්ක තරහ වෙලා ඉන්න.බොරුවට තරහ වුනත් එහෙම වැඩි වෙලාවක් ඉන්න බෑ. කොයිතරම් දරදඩු හිතක් තිබුනත් රැකියාවේදී මේ නිළ ඇදුමට යටින් තියෙන්නේ මොන තරම් සංවේදී සුන්දර හිතක්ද?

❤️❤️❤️

මතු සම්බන්ධයි….

සියලු හිමිකම් කතෘ සතුය