හදවතේ ගින්දර – 8 වන කොටස


❤️🔥ක්‍රිෂාන්ගෙයි මගෙයි ආදරේට අම්මා මේ තරම් අකමැති වෙයි කියලා මට හිතුණේ නෑ.මං කොයි තරම් ඇවිටිලි කරත් අම්මා එයාගෙ තීරණේ වෙනස් කරේ නෑ.

“මං හිතුවෙ නෑ දුව මේ විදියෙ කෙනෙක් එක්ක සම්බන්දයක් ඇති කර ගනියි කියලා.හිරේ ගිය මිනිහෙක් එක්ක යාලු වෙන්න සුදුසුද පොලිස් නිළදාරිනියක්……”

“ඇත්ත මොකක්ද කියලා ඔයා හොදටම දැනගෙන ඔහොම කතා කරන්න එපා අම්මා.මේ සමාජෙ හිරේ ගිය හැම මනුස්සයෙක්ම තමන්ගේ උවමනාවට වැරදි කරපු මිනිස්සු නෙවෙයි.ක්‍රිෂාන් හිරේ ගියේ තමන්ගේ නංගිව මරපු මිනිහගෙන් පලිගන්න ගිහින්.තමන්ගේ සහෝදරියක්ට ඒ වගේ අපරාධයක් කරපු මිනිහෙක්ගෙන් පලි ගන්න එක වැරැද්දක්ද අම්මෙ?……”😢😥

“ඒ වුනාට එයාට අයිතියක් නෑනෙ නීතිය ක්‍රියාත්මක කරන්න……”

“ඔව් අම්මා මං පිළිගන්නවා ක්‍රිෂාන්ට අයිතියක් නෑ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකට බලය තියෙන්නේ අපිට.මේ රටේ හිටපු ජේෂ්ඨ පොලිස් ඔෆිසර් කෙනෙක්ගෙ බිරිදක් හැටියට ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අම්මා අතීතය ගැන.ඔයාට ඒක තාම මතක ඇතිනෙ?……”😢😡

අකමැත්තෙන් හරි මං අම්මට අතීතය මතක් කරලා දුන්නා.

“මොන අතීතයක් ගැනද ඔයා කියන්නේ……”😠

“අම්මට ඒ ගැන අමතක නම් මං මතක් කරලා දෙන්නම්….අම්මට මතකද මීට අවුරුදු පහළවකට කලින් අම්මගෙ එකම නංගිව ගමේ හිටපු මුලාදෑනියගෙ පුතා දූෂණය කරා.ඒ සිද්දිය දැන ගත්තු අම්මගෙ අයියා ඒ මුලාදෑනියගෙ පුතාට කකුලක් කැඩෙන්න ගැහුවා.එදා……. එදා මාමගෙ අත් දෙකට මාංචු දාලා පොලීසියට අරන් ගියේ මගේ අප්පච්චී.ඔයා එදා අප්පච්චිට කියපු දේවල් හොදට මතක ඇතිනෙ……😢 ඔයා එදා කිව්වෙ තමන්ගෙ සහෝදරීට අර වගේ අපරාධයක් කරපු මිනිහගෙන් පලි ගන්න එක වැරැද්දක්ද කියලා ඇහුවා……
අද මං අහන්නෙ ඒකමයි අම්මෙ ඔයාගෙන්…….”😭😭🙏

මං අඩ අඩා එහෙම කිව්වට පස්සේ අම්මා පුටුවක් උඩ ඉදගෙන සෑහෙන කල්පනා කරා.අම්මා ගොඩාක් වෙලා යනකල් මාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ.මං රෑට කෑවෙත් නෑ.ටික වෙලාවකින් පස්සේ අම්මා ඇවිත් දොරට තට්ටු කරා.මං ගිහින් දොර ඇරියා.

“නොකා නොබී ඉදලා ඔයා ලෙඩ වෙන්නද හදන්නේ?ඇවිත් කෑම කාලා ඉන්න…..”

“මට බඩගිනි නෑ අම්මා කාලා නිදා ගන්න…..”

“ඔයා සදෙව්ට අකමැතියි මං බල කරන්නෙ නෑ.මං එයාලට පණිවිඩයක් යවන්නම් කැමති නෑ කියලා…..හැබැයි ඒකෙ තේරුම ඔයාගෙයි ක්‍රිෂාන්ගෙයි සම්බන්දෙට මං කැමැත්ත දුන්නා කියන එක නෙවෙයි ඔන්න…..”

ඒක අහලා සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා මට හිතා ගන්න බැරි වුනා. සදෙව්ලාගෙ ගෙදරින් මං ගැන තියාගෙන ඉන්න බලාපොරොත්තු අත්හරියි කියලා දැනුනම මගෙ හිතට සැනසීමක් දැනුනා.

නිදාගන්න ඇදට ගියාම මං ක්‍රිෂාන්ට කෝල් එකක් ගත්තා.අද වෙච්චි දේ ක්‍රිෂාන්ට කියනවද නැද්ද කියලයි මං කල්පනා කරේ.

“හෙලෝ…ක්‍රිෂාන්……”📲

“හෙලෝ ආරාධ්‍යා මං ඔයාට කෝල් එකක් ගන්නයි හැදුවේ.අපේ ගමේ මළ ගෙයක් වෙලා.පොඩ්ඩක් ඒ පැත්තේ ගියා.ඒකයි පරක්කු වුනේ……”📲

“කාගෙද ක්‍රිෂාන් මළ ගෙදර……”📲

“මේ අපේ ගෙවල් ළග වයසක සීයා කෙනෙක්.සනීප නැතුව ගොඩක් කල් එක්තැන් වෙලා හිටියේ.අද දවල් නැතිවෙලා……”📲

කොහෙන් පටන් ගන්නද මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරුව මං ගොලු වෙලයි හිටියේ.මං කොහොමද ක්‍රිෂාන්ට කියන්නේ අම්මා මේ සම්බන්දෙට කැමති නෑ කියලා…..මගේ සද්දයක් නැති හින්දද මන්දා ක්‍රිෂාන්ම ආයෙත් කතා කරා.

“ඇයි ආරාධ්‍යා ඔයා සද්දෙ නැතුව ඉන්නේ. මොකුත් ප්‍රශ්නයක් වුනාද දවල්.කව්ද දවල් ගෙදරට ආවේ…..?📲

“අම්මගේ යාලුවෝ කට්ටියක් ක්‍රිෂාන්…..”😫📲

“ආරාධ්‍යා…..ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින් නේද ඉන්නේ.මට කියන්න බැරිද.ඔයා ඉන්නේ දුකින් කියලා මට කියන්න පුලුවන්……”📲

දවල් සිද්ද වෙච්චි හැම දෙයක්ම මං ක්‍රිෂාන් එක්ක කිව්වා.මට ඒ දේවල් ක්‍රිෂාන්ගෙන් හංගන්න උවමනාවක් තිබ්බේ නෑ.මං කියපු හැම දෙයක්ම ක්‍රිෂාන් හොදට අහගෙන හිටියා.

“සදෙව් ගැන ගෙදරින් අරන් තියන තීරණේ වෙනස් කරනෙකක් නැන්දා ආරාධ්‍යා…..”📲

“ඔයා සදෙව් ගැන බය වෙන්න එපා ක්‍රිෂාන්.අම්මා කිව්වා සදෙව්ගේ ගෙදරට පණිවිඩයක් යවනවා කියලා කැමති නෑ කියලා.මට හිතා ගන්න බැහැ ක්‍රිෂාන් අම්මව කොහොමද කැමති කර ගන්නෙ කියලා……”😭😭🙏📲

“ඔයා අඩන්න එපා රත්තරං.මං ඇවිල්ලා අම්මත් එක්ක කතා කරන්නම්.මං දන්නවා අම්මා අපිට ආශිර්වාද කරයි. මං ඉක්මනට එන්නම් ආරාධ්‍යා.ඔයා බය නැතුව ජීවත් ඉන්න……”📲

🔥🔥

පහුවදා උදේම ඩියුටි ගියත් වෙනදා වගේ හොදින් වැඩ කරගෙන ඉන්න පුලුවන් මානසිකත්වයක් මට තිබුනේ නෑ.ඒත් මං මට පැවරිලා තිබුණු රාජකාරිය නොපිරිහෙලා අකුරටම ඉටු කරා.

“මැඩම් ඔයාව හම්බවෙන්න සදෙව් කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා.එන්න කියන්නද?……”

ඒ පාර සදෙව් ව මට හිසරදයක් වීගෙන එන්නෙ කියලා මට දැනුනා.අම්මා ඊයෙ රෑම සදෙව්ගේ ගෙදරට කෝල් කරලා පණිවිඩේ කිව්වනේ කැමති නෑ කියලා.ඒ කියලා තියෙද්දීත් ඇයි සදෙව් මාව හොයාගෙන ඇවිත් තියෙන්නේ.

“හා එන්න කියන්නකෝ අමිත්……”

තප්පර කිහිපයකට පස්සේ සදෙව් මං ගාවට ආවා.

“වාඩි වෙන්න සදෙව්…..”

“ආරාධ්‍යා….අම්මා ඊයෙ කෝල් කරලා කිව්වා ඔයාගෙ තීරණේ ගැන.ඇයි ආරාධ්‍යා ඔයාට මාව තේරුම් ගන්න බැරි? ඔයාලා අකමැතියි කියද්දීත් මං මෙහෙම ආවෙත් ඔයාට තියන ආදරේ හින්දමයි……”

“මේ මිස්ට සදෙව් මේක මගේ ඩියුටි වෙලාව.ඔයාට මාත් එක්ක කතා කරගන්න දෙයක් තියනවනම් රාජකාරී වෙලාවෙන් පස්සෙ එන්න…..”😡

“ප්ලීස් ආරාධ්‍යා එහෙම කියන්න එපා. පොඩ්ඩක් මම කියන දේ අහන්න.මාව තේරුම් ගන්න……”

“මං එක සැරේකුත් කිව්වා සදෙව්. පුද්ගලික ජීවිතේ ප්‍රශ්න රාජකාරි වෙලාවෙදි කතා කරන්න මං කැමති නෑ. මගේ තීරණේ ගැන අම්මා ඊයෙම කෝල් කරලා කිව්වනේ.ඇයි ආයෙමත් ඒ ගැන අහන්නේ?අනික, තමුං ඩොක්ටර් කෙනෙක් නේද?ඒ රස්සාවෙ වැදගත්කම තියාගෙන ඉන්න.කෙල්ලො පස්සෙ වැද වැද යන්නෙ නැතුව.දැන් කරුණාකරලා මෙතනින් යන්න.ආයෙ මේ විදියට ආවොත් මගේ රාජකාරියට බාධ කරා කියලා දානවා කූඩුවට……”🤬🤬

මං දැඩි කෝපයෙන් සදෙව්ට එහෙම කිව්වා.ඊට පස්සේ ටික වෙලාවක් මං දිහා බලාගෙන හිටපු සදෙව් යන්න ගියා.මං පුටුව උඩ ඉදගෙන කල්පනා කරා.

“ඇයි මැඩම් මොකක් හරි ප්‍රශ්නයක්ද?……”

අමිත් මගෙන් එහෙම ඇහුවා. ක්‍රිෂාන්ගෙයි මගෙයි ආදරේට අමිත් ගොඩක් උදව් කරා.රාජකාරියෙන් එපිටදී වුනත් අමිත් මට සහෝදරයෙක් තරමටම ලෙන්ගතුයි.ඉතිං මට මේ ගැන අමිත්ට කියන්න හිතුණා.ක්‍රිෂාන්ගෙයි මගෙයි ආදරේට අම්මගේ තියන අකමැත්තයි සදෙව් ගැනයි මං අමිත්ට කිව්වා.

“ක්‍රිෂාන් ඇවිත් මැඩම්ගේ අම්මත් එක්ක කතා කරන්නම් කියපු එකනම් ගොඩක් හොදයි.මට හිතෙන විදියටම නම් සදෙව්ව මැඩම්ට ප්‍රශ්නයක් වෙන එකක් නෑ……”

“මටත් එහෙම හිහිතෙනවා අමිත්.අම්මා කැමැත්ත දුන්නා නම් හරි.එතකොට මේ කිසිම ප්‍රශ්නයක් නෑ……”

මේ විදියට දවස් දෙක තුනක් ගෙවිලා ගියා.හෙට ඉරිදා නිසා නිවාඩුයි.හෙට උදෙන්ම ක්‍රිෂාන් ඇවිත් අම්මත් එක්ක කතා කරනවා කියලා කිව්වා.මම දෙවියන්ගෙන් ඉල්ලුවේ අම්මගේ හිත වෙනස් කරලා දෙන්න කියලයි.රෑ වෙලා නිදා ගන්න ගියාම වෙනදා වගේ සුපුරුදු විදියට මං ක්‍රිෂාන්ට කෝල් එකක් ගත්තා.

“හෙලෝ ක්‍රිෂාන් ඔයා හෙට එනවා නේද?……”📲

“ඔව් ආරාධ්‍යා.උදේ අට වෙද්දී මං එනවා. අම්මා මාව පන්න ගනීද?……”📲

“අනේ එහෙම වෙන්නෙ නෑ ක්‍රිෂාන්.ඔයා එන්නකෝ.ඇවිත් අම්මත් එක්ක කතා කරන්න.බලමුකෝ මොකද වෙන්නෙ කියලා……”📲

🌹🌹

උදේ පාන්දරම නැගිටලා මං ලෑස්ති වුනා. තියන හදිස්සියට අට නෙවෙයි ඊට කලින් ක්‍රිෂාන් එයි කියලා මට හිතුණා.මං කුස්සියට ගිහින් අම්මා දිහා බැලුවා. අම්මගේ මූඩ් එක නම් හොදයි.තරහ පාටක් පේන්න නෑ.ඇති යානතං කියලා මට හිතුණා.

“මොකද දුව හොර ගල් අහුලන්නේ……”

අම්මා මගෙන් එහෙම ඇහුවත් මට ඒකට උත්තරයක් දීගන්න හම්බුනේ නෑ.ගෙදර බෙල් එකේ සද්දෙ ඇහුනා.මං ටක්ගාලා දුවලා ගිහින් දොර ඇරියා.බලාපොරොත්තු වුන විදියටම ඇවිත් හිටියේ ක්‍රිෂාන්.කලු කලිසම ඇදලා නිල් පාට අත් දිග ටී ෂර්ට් ඇදලා කොන්ඩෙ ලස්සනට පීරලා හදාගෙනයි ක්‍රිෂාන් ඇවිත් හිටියේ.ඒ ලස්සනට,පිළිවෙලට මගේ හිත ඇදිලා ගියා.මං හරිම ආසාවෙන් ක්‍රිෂාන් දිහා බලාගෙන හිටියා.

“මැඩම්…..දැන් ඇති ලස්සන බැලුවා.ගේ ඇතුළටවත් කතා කරන්නෙ නැද්ද? නැත්නම් මං එළියට වෙලාම ඉන්නද?…..”😂😁🤣

ක්‍රිෂාන් එහෙම කියද්දී මාව එකපාරටම ගැස්සුනා.මට නිකන් ලැජ්ජත් �හිතුණා😁මං ක්‍රිෂාන්ට ගේ ඇතුළට කතා කරා.

“ක්‍රිෂාන් ඔයා වාඩි වෙන්න.මං අම්මට කතා කරන්නම්…..”

එහෙම කියලා මං ටක්ගාලා කුස්සියට දිව්වා අම්මව හොයන්න.

“කව්ද දූ ආවෙ?…..”

“අම්මෙ…මෙ….මේ…..”

“මොකද ගොත ගහන්නේ?පොලිස් නිළදාරිනියක් ඔය විදියට ගොත ගගහා කතා කරනවා මං ඔය දැක්කමයි……”😁

“අම්මේ ක්‍රි….ෂාන් ඇවිත් ඉන්නවා අම්මා එක්ක කතා කරන්න……”

මං එහෙම කිව්වම අම්මා ටිකක් වෙලා මං දිහා බලන් හිටියා.

“ඔයා තේ හදාගෙන එන්නකෝ……”

එහෙම කියලා අම්මා සාලෙට ගියා.මං ඉක්මනට තේ හදාගෙන සාලෙට ගියා. අම්මා ක්‍රිෂාන් එක්ක කතා කරනවා.
මං ක්‍රිෂාන්ට තේ දුන්නා.☕

“ඔය ළමයා මොකක්ද කරන රස්සාව?……”

“ආන්ටි මං සොනාරා හොටෙල් එකේ ඇසිස්ටන් මැනේජර්……”

“ගෙවල් තියෙන්නේ කොහේද?……”

“හැටේ වත්තෙ ආන්ටි……”

“මේ සම්බන්දෙට කොච්චර කාලයක් වෙනවද දැන්……”

“මං ආරාධ්‍යාගෙන් මේ ගැන අහලා නම් දැන් මාස හතරක් විතර වෙනවා.ඒත් අපි දෙන්නම ආදරේ කරන්න අරගෙන තාම මාසයයි ආන්ටි……”

අම්මා ටිකක් කල්පනා කෙරුවා.මට බයත් හිතුණා.මගේ පපුව ඩග් ඩග් ගානවා.ක්‍රිෂාන් තේ කෝප්පෙ අතේ තියාගෙන බලන් හිටියා.

ඊට පස්සේ අම්මා තව එක එක ප්‍රශ්න ක්‍රිෂාන්ගෙන් ඇහුවා.ක්‍රිෂාන් ඒවටත් උත්තර දුන්නා.මං බයෙන් හිටියේ අම්මගෙ තීරණේ මොකක් වෙයිද කියලා.

“මං මෙයාට කිව්වා මේ සම්බන්දෙ නතර කරලා දාන්න කියලා.ඒත් ඉතිං මෙයා කියන දෙයක් අහන්නෙ නෑනෙ……”

“ප්ලීස් ආන්ටි ඔයා අපි දෙන්නට අකමැති වෙන්න එපා.මං ආරාධ්‍යාට ගොඩක් ආදරෙයි.මට එයා නැතුව ජීවත් වෙන්න බෑ ආන්ටි.ප්ලීස් අපි දෙන්නව වෙන් කරන්න එපා……”🙏🙏

ක්‍රිෂාන්ගෙ වචනත් එක්ක මට ඇඩෙන්න ආවා😫😫.ඇඩුම පාලනය කරගෙන හිටියේ මං බොහොම අමාරුවෙන්.

“ඔය දෙන්නගෙ සතුට මේක නම් මං විරුද්ධ වෙන්නෙ නෑ දරුවනේ.මගේ දුවගෙ සතුට නැති කරලා දාන්න මං කොහෙත්ම කැමති නෑ.දුව බය වෙන්න එපා.මං ඔය දෙන්නට ආශිර්වාද කරනවා……”🙏🙏

මට දැනුනේ උඩ පැන පැන නටන්න තරම් සතුටක්.මට අදහගන්න බැරිවුනා අම්මගේ වචන.දෙයියනේ ඒ කියන්නේ අම්මා මගෙයි ක්‍රිෂාන්ගෙයි ආදරේට කැමැත්ත දුන්නාද?😍😃සතුට වැඩි කමට මං අම්මව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා.😘😘

“ඇති ඇති දැන්.බලන්න මේ ළමයා තේ එකවත් බීලා නෑ.බොන්න පුතේ තේ එක……”

මෙච්චර වෙලා අම්මා අහපු ප්‍රශ්න වලට උත්තර දිදී හිටියා මිසක් ක්‍රිෂාන් තේ එක බීලා නෑ.ක්‍රිෂාන්ගෙ මුහුණෙන් පෙනුනේත් මගෙ වගේම ලොකු සතුටක්.ක්‍රිෂාන් තේ එක බොන්න ගත්තා.ඒත් එක උගුරක් බීලා එක පාරටම අප්පෝ ගෑවා.

“අප්පෝ…..”🤢🤮

“ඇයි පුතේ මොකද වුනේ.තේ එක රස්නෙ වැඩීද?……”

අම්මා එහෙම අහද්දී නෑ කියන්න වගේ ක්‍රිෂාන් ඔලුව වැනුවා.අමාරුවෙන් වගේ කටට ගත්තු තේ උගුර බිව්වා.අම්මා ක්‍රිෂාන්ගෙ තේ කෝප්පෙ අරගෙන උගුරක් බීලා බැලුවා.ඊට පස්සේ රවලා වගේ මගේ මුහුණ දිහා බැලුවා.😡

“මොනවද ළමයො මේ තේ එකට දැම්මෙ? ආ බීලා බලනවා බොන්න පුලුවන්ද කියලා……”🤬

මාත් තේ එක අරගෙන උගුරක් බීලා බැලුවා.අපොයි දෙයියනේ🤭කලබලේට මං තේ එකට සීනි කියලා දාලා තියෙන්නේ ලුණු කුඩුනෙ.🤭😂😁🤣මං අසරණ විදියට අම්මා දිහා බැලුවා.අම්මා මගෙ අතට පාරක් ගැහුවා.

“පළවෙනි දවසෙම දුන්නා ලුණු දාලා තේ. අනේ අම්මපා තේ එකක්වත් හරියට හදා ගන්න දන්නෙ නෑනෙ අවුරුදු විසිපහක් ගිහිල්ලත්.ඔය ළමයා කලබල වෙන්න එපා මං මෙයාට හොදට උයන්න උගන්නලා එවන්නම්…….”😂😁😁

අනේ අම්මා ක්‍රිෂාන් ඉස්සරහම එහෙම කිව්වනේ.මට ලැජ්ජත් හිතුණා.මං මොකුත් නොකියා බිම බලා ගත්තා.😂🤣

“ආන්ටි මං ආරාධ්‍යාත් එක්ක පොඩ්ඩක් එලියට ගිහින් එන්නද?වැඩි දුරක් යන්නෙ නෑ.බීච් එකට යන්නෙ…..”

“හා එහෙනම් ගිහින් දෙන්නම දවල් කෑමට එන්නකෝ……”

මායි ක්‍රිෂානුයි බීච් එකට ආවා.අපි දෙන්නගේ ආදරේ සුන්දර මතකයන්ගෙන් පිරුණු තැනක් තමයි මුහුදු වෙරළ.🏖️️🏝️

“අම්මා කොහොම හරි අපිට කැමැත්ත දුන්නා නේද ආරාධ්‍යා……”

“ඒකනම් ඇත්ත ක්‍රිෂාන්.මට හිතා ගන්න බැරි වුනා අම්මා කැමැත්ත දුන්නා කිව්වම……”

“කොහොම හරි ලුණු දාලා තේ දුන්නා නේද මට……”

“අනේ සොරි ක්‍රිෂාන්.කලබලේටනෙ එහෙම වුනේ.අම්මා කිව්වෙ බොරු ක්‍රිෂාන්.මට තේ හදන්න උයන්න පුලුවන් හොදේ……”

“ඒක හොදයි.නැත්නම් මට හැමදාම කන්න වෙන්නෙ කඩෙන් තමයි……”😂🤣

“එහෙම වෙන්නෙ නෑ මං මගේ මහත්තයට රසට කන්න උයලා දෙන්නම්කෝ……”😃😃

මං එහෙම කිව්වේ ක්‍රිෂාන්ගෙ කම්මුලක් කොනිත්තන ගමන්.😘

❤️❤️

ක්‍රිෂාන්ගෙයි මගෙයි ආදරේ හරිම ලස්සනට ගලාගෙන ගියා.ක්‍රිෂාන්ගෙ අම්මත් අපි දෙන්නට ආශිර්වාද කරා.

මේ අතර තුර අමිත් විවාහ වීමට සිටි සෙව්වන්දිගෙ තාත්තා මැරුණා. අමිත්ගෙයි සෙව්වන්දිගෙයි කසාදෙ කල්ගියා.මළගෙදර වෙනුවෙන් අපිට පුලුවන් විදියට අපි උපකාර කරා.

මතු සම්බන්ධයි….

සියලු හිමිකම් කතෘ සතුය