7 කොටස😍
🔥❤️හදවතේ ගින්දර🔥❤️
🌹🌹උදේ නවයට විතර මං නිල් පාට ඩෙනිම් කලිසමයි අත් දිග රෝස පාට බ්ලව්ස් එකයි ඇදගෙන බීච් එක පැත්තට ගියා.දුර තියාම දැක්කා මං යද්දිම ක්‍රිෂාන් ඇවිත් ඉන්නවා.මං හිමිහිට ක්‍රිෂාන් ළගට ගියා.
“ගුඩ් මෝනිං ක්‍රිෂාන්……”
“ආ…..ගුඩ් මෝනිං මැඩම්……”
ඕන් පටන් ගත්තා මැඩම් කියන්න.යකෝ මේකාට මොලයක් නැද්ද?මේ වෙලාවෙත් මට මැඩම් කියන්නෙ.
“ක්‍රිෂාන්…..ඔය මැඩම් කියවිල්ල නවත්ත ගන්නවද.පොලීසියේදි විතරක් මට මැඩම් කියන්න.දැන් ආරාධ්‍යා කියලා කතා කරන්න.මං කැමති එහෙම කතා කරනවට……”
“හ්ම්ම් හරි හරි.මං නිකමට වගේ මැඩම් කියලා කිව්වේ…..”
“ඊයෙ ඔයාගෙ අම්මා ඔයාට මොකද කිව්වේ ක්‍රිෂාන්……”
“අම්මා මට ගෙදර ගිය ගමන්ම කිව්වා ඔයා ඇවිත් ගියා කියලා.ඔයා ආපු හේතුවත් කිව්වා……”
“ඔව් ක්‍රිෂාන්.මං අද ජීවතුන් අතර ඉන්නේ ඔයා නිසා.ඔයාට ගොඩාක් පිං මාව බේරගත්තට…..”😢🙏
“ඔයා වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුලුවන් ආරාධ්‍යා…..”❤️
“ඕන් ඔහොම නම කියලා කතා කරන්නකෝ.එතකොට තමයි ආදරේ කරන්න පුලුවන්……”😀❤️
“ආරාධ්‍යා…..මං දෙයක් අහන්න මට ඇත්තම කියනවද?……”
“අහන්න ක්‍රිෂාන් මං ඇත්ත කියන්නම්……”
“ඔයා මට කැමති වුනේ මං ඔයාගෙ ජීවිතේ බේර ගත්තු හින්දද?……”
“ඒ හින්දම නෙවෙයි ක්‍රිෂාන්.මං හිතුවේ ඔයා කිසිම වගකීමක් නැතුව ඔහේ රස්තියාදුකාර ජීවිතයක් ගෙවන කෙනෙක් කියලා.මං හිතුවෙම ඔයා මාව විහිලුවකට අරන් සෙල්ලමක් කරන්නෙ කියලා.මට අමිත් ගොඩාක් දේවල් ඔයා ගැන කිව්වා……”
“මොනවද අමිත් මං ගැන කිව්වෙ…..”
“ඔයා මට ආදරේ කරන්නෙ ඇත්තටමයි කිව්වා.තව ගොඩාක් දේවල් කිව්වා.ඒත් ඔයා නිසා එදා මගේ ජීවිතේ බේරුනා කියලා දැන ගත්තම මට ඔයා ගැන ඇති වෙලා තිබුනු තරහ නැති වෙලා ගියා.එදා ඉදන් මං ඔයා ගැන විස්තර හොයන්න පටන් ගත්තා……”
“ඊට පස්සේ…..”
“ඔයා නරක මනුස්සයෙක් නෙවෙයි ගොඩක් හොද මනුස්සයෙක් කියලා තමයි මට හැම තැනකින්ම දැන ගන්න ලැබුනේ.මටත් නොදැනිම මටත් හොරා මගේ හිත ඔයාට ආදරේ කරන්න පටන් අරන්……”❤️😍
“අම්මෝ…..කොහොම හරි කමක් නෑ අන්තිමට ඔයා මාව තේරුම් ගත්තනේ. මාස හතරක් තිස්සේ පුදුම කට්ටක් කෑවෙ ඔයාව යාලු කරගන්න……”😁
“මට නම් බඩගිනියි දැන්.අපි මොනවා හරි කාලා ඉම්මු ක්‍රිෂාන්……”
“ම්ම්……වඩේ කමුද?……”
“හා…..”
ක්‍රිෂානුයි මායි ඉස්සො වඩේ කාලා කොකා කෝලා බිව්වා.ජීවිතේ පළවෙනි වතාවටයි මෙහෙම කොල්ලෙක් එක්ක මේ විදියට ආවේ.ප්‍රථම වතාවට දැනුනු ඒ ආදරණීය මිහිර සුන්දරත්වය මගේ සිත පිරෙව්වා.
“ඒක නෙවෙයි ක්‍රිෂාන් ඔයාගෙ අම්මා කැමති වෙයිද පොලිස්කාරියක් ලේලි කරගන්න……”
“අපේ අම්මා අකමැති නෑ කවදාවත්.ඊයෙ රෑ එයා මට කියනවා හරිම සීදේවි පොලිස් නෝනාලු ඔයා……”😀❤️
“ඔයාගෙ අම්මා කැමති වෙයිද ආරාධ්‍යා ඔයාව මට දෙන්න.අපි ඔයාලා තරම් පෝසත් මිනිස්සුත් නෙවෙයි……”
“අම්මා අකමැති වෙන එකක් නෑ ක්‍රිෂාන්. අනික අම්මා මිනිස්සුන්ට බෙදලා සලකන්නේ නෑ.කවුරු අකමැති වුනත් අපි දෙන්නට දෙන්නා ඉන්නවනෙ……”
“ඔයාට බයක් දැනෙනවනං මං ඇවිත් අම්මත් එක්ක කතා කරන්නම්……”
“මට එහෙම බයක් නෑ ක්‍රිෂාන්.අනික, මගේ සතුට තමයි අම්මට වැදගත්.අම්මා අපිට ආශිර්වාද කරනවා ක්‍රිෂාන්.මට ඒක හොදටම විශ්වාසයි……”
මං ක්‍රිෂාන්ගෙ උරහිසට හේත්තු වෙලා මුහුද දිහා බලන් හිටියා.ක්‍රිෂාන්ගෙ ආදරේ මගේ ජීවිතේට අමුතුම මිහිරක් එක් කරා.ඒ ආදරෙන් මිදෙන්න මගේ හිත මට ඉඩ දුන්නෙ නෑ.මං තව තවත් ක්‍රිෂාන්ට ලං වුනා.
“වාව්…..ආරාධ්‍යා අර බලන්නකෝ අර සුද්දිගෙ ලස්සන……”😁🤣
ක්‍රිෂාන් මට මුහුදු වෙරළේ ඇවිදින සුදු ජාතික කාන්තාවක්ව පෙන්නුවා.මං දන්නවා ඔය කියන්නේ මාව අවුස්සන්න. මගේ අවධානය දිනා ගන්න ක්‍රිෂාන් ඒ සුද්දි දිහා හොදට බලන් හිටියා.මං ක්‍රිෂාන්ගෙ කණ හයියෙන් මිරිකුවා.🤣
“ඌයි රිදෙනවා යකෝ.අතාරිනවා.අම්මෝ මගෙ කණ…..”😂🤣
හොදටම රිදෙන්න කණ මිරිකලයි මං අතෑරියේ.
“මීට පස්සෙ එක එක ගෑනු දිහා බලලා තිබ්බොත් එහෙම හම ගහනවා.දෙන්නෙ කණ පැලෙන්න එකක්.මාත් එක්ක ඔය සෙල්ලම් බෑ හරිද?……”😀😁
“අම්මේ…..හා යකෝ මේකි කොටි දෙනක්නෙ.මං හිතුවා කණ ගලෝලා අතට ගනියි කියලා.පොලීසියටම තමයි හරි යන්නෙ.බලනවා කණින් ලේ එනවද කොහෙද?……”
අනේ…..😢මගේ නියපොත්තක් වැදිලා ක්‍රිෂාන්ගෙ කණෙන් ටිකක් ලේ ඇවිත් තිබ්බා.
“අනේ සොරි ක්‍රිෂාන්.මං හිතුවෙ නෑ කණ තුවාල වෙයි කියලා.කෝ ඉන්න මං පිහදාන්නම්……”
මං මගේ ලේන්සුවෙන් ක්‍රිෂාන්ගෙ කණ පිහදැම්මා.පව් මට දුකත් හිතුණා.
“ආ මැඩම්……සර් එක්ක ඇවිදින්න ඇවිත් වගේ……”😀😀
එහෙම කියාගෙන අපි දෙන්නා ගාවට අමිත් ආවා.
“ආනේ…..අමිත් ඔයත් බීච් ආවද?කව්ද මේ?ගර්ල්ද?……”
මං එහෙම ඇහුවේ අමිත් ළග හිටපු ගෑනු ළමයා පෙන්වමින්.ඒ ගෑනු ළමයා මං දිහා බලලා හොදට හිනා වුනා.
“ඔව් මැඩම්😀.මේ සෙව්වන්දි.අද නිවාඩුනෙ.ඉතිං ටිකක් ඇවිදින්න ආවා. ලබන මාසෙ අපේ වෙඩින් එක.මං ඉන්වයිට් කරන්නම්.ඔය දෙන්නම එන්න ඕනි……”
“අපි දෙන්නා අනිවාර්යයෙන්ම එනවා. නේද ක්‍රිෂාන්?……”
“ඔව් ඔව් අමිත්…..”
“බෑ බෑ කියලා ඉදලා කොහොම හරි අන්තිමට මැඩම් ක්‍රිෂාන්ට කැමති වුනානෙ……”🤣😀
“අනෙ අම්මෝ අමිත්.මංනෙ දන්නෙ ඔයාලගෙ මැඩම්ව යාලුකරගන්න විදපු දුක.කොහොමත් කෙල්ලො මුලදි ගනං උස්සනවනේ……”🤣🤣
“අනේ අමිත් මං එහෙම ගනං ඉස්සුවෙ නෑ.මෙයාට පිස්සු……”😁
“තව පොඩ්ඩෙන් ක්‍රිෂාන්ට පිස්සු හැදෙනවා මැඩම් නිසා.හොද වෙලාවට කැමැත්ත දුන්නෙ……”😂😂😁
ටික වෙලාවක් අපි දෙන්නා එක්ක කතා කර කර හිටපු අමිතුයි සෙව්වන්දියි එතනින් ගියා.එවලෙම වගේ මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා අම්මාගෙන්.
“ඇයි අම්මා හදිස්සියක්ද?……”📲
“දුව…..ඔයා ඉක්මනට ගෙදර එන්න.මේ කට්ටියක් ඇවිත් ඉන්නවා.ත්‍රීවීලර් එකකින්වත් එන්නකෝ……”📲
එහෙම කියපු අම්මා ටක්ගාලා ෆෝන් එක කට් කරා.මං බැලුවේ ක්‍රිෂාන් දිහා.
“ඇයි ආරාධ්‍යා අම්මා මොකද කිව්වේ……”
“කට්ටියක් ඇවිත්ලු ගෙදරට.මට ඉක්මනට ගෙදර එන්නලු…..”😞
“කමක් නෑ ආරාධ්‍යා ඔයා යන්න.දැන් පැය දෙකක් විතර අපි මෙහෙ හිටියනේ.මං ඔයාව ත්‍රීවීලර් එකකට ඇරලවන්නම්.රෑට මං කෝල් කරන්නම්……”
ත්‍රීවීලර් එකකින් මං ගෙදරට ආවා. ක්‍රිෂාන්ගෙන් මිදිලා ආවෙ මං ගොඩක් දුකින්.ගේ ඇතුලෙන් කිහිප දෙනෙක්ගෙම සිනා හඩවල්,කටහඩවල් ඇහුනා.මං හිමිහිට ගේ ඇතුළට ගියා.
“ආ එන්න දුවේ.මංගලා මේ ඉන්නේ මගේ දුව.පොඩි කාලෙ දැක්කට පස්සෙ අදනෙ දැක්කෙ.දුව,මේ අර බණ්ඩාරවෙල මංගලා ආන්ටි.ඔයාට මතකද?……”
මට යාන්තං මතක් වුනා ඒ ආන්ටිව. ඉස්සර අප්පච්චී ජීවතුන් අතර ඉන්න කාලේ අපි බණ්ඩාරවෙල ගියාම නවතින්නේ මේ මංගලා ආන්ටිගේ ගෙදර.
ආන්ටියි එයාගෙ මහත්තයයි පුතයි තුන් දෙනාම මට හොදට මතකයි.
“නංගිට අපිව මතක ඇති ඇන්ටි.ශ්‍රීනාත් අංකල් ජීවතුන් අතර හිටපු අන්තිම කාලෙ ආන්ටිලා අපේ ගෙදර ආවානෙ……”
එහෙම කිව්වේ මංගලා ආන්ටිගෙ පුතා සදෙව්.
“ඔව් මට මතකයි ආන්ටි.අපි අන්තිමට එහෙ ආවෙ අවුරුදු හයකට කලින්නෙ.ඒ කාලෙ මං ඒලෙවල් කරනවනේ.සදෙව් අයියා මට පාඩම් කියලත් දුන්නේ…..”
මං ඒ අතීතය සිහිපත් කරලා දුන්නා. මංගලා ආන්ටි මං ගැන වගේම මගේ රැකියාව ගැන ගොඩක් වර්ණනා කෙරුවා.
“දුව….මේ මංගලා ආන්ටි ඇවිත් ඉන්නේ මේ සදෙව් පුතාව ඔයාට යෝජනා කරන්න.ඔයා ඉතිං සදෙව්ව හොදට දන්නවනේ……”
දෙයියනේ…..මට ඉබේටම සුසුමක් හෙලුනා.ජීවිතේ පළවෙනි වතාවට ආදරේ මිහිර උණුසුම විදපු පළවෙනි දවසෙම මේ වගේ දුක්බර ආරංචියක් අහන්න වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැහැ.මං බැලුවේ අම්මා දිහා.අම්මා හිටියේ ගොඩාක් සතුටින්.මගේ හිත දුකින් බර වුනා.
“දූ මොනවද කල්පනා කරන්නේ?දුවට පුදුම ඇති අපි මේ වගේ යෝජනාවක් කරාම.දුවගෙ තාත්තා ජීවතුන් අතර ඉන්න කාලෙමයි අපි මේ ගැන කතා කරේ. අපි හැමෝම කැමතියි ඔය දෙන්නා එකතු වෙනවනම්.මගේ පුතා නවලෝක හොස්පිටල් එකේ ඩොක්ටර් නෙනෙක් දැන්.බලන්න ඔය දෙන්නා කොච්චර හොදට ගැළපෙනවද කියලා……”
මංගලා ආන්ටි කියපු දේවල් මට ඇහුනේ හීනෙන් වගේ.මට කවදාවත් බැහැ ක්‍රිෂාන්ව අමතක කරන්න.ක්‍රිෂාන් මගේ ජීවිතේ.කිසිම දෙයක් කරකියාගන්න බැරුව මං අසරණ වුනා.
“පුතා, ඔයා ආරාධ්‍යා දූත් එක්ක කතා කරන්නකො පොඩ්ඩක් එලියට ගිහින්…..”
එහෙම කිව්වේ සදෙව්ගෙ තාත්තා සමරදිවාකර අංකල්.
මං සදෙව් එක්ක එලියට ගිහින් බංකුව උඩින් ඉද ගත්‍තා.අදම මේ දැන්මම මං ඇත්තම කියනවා මං සදෙව්ට කැමති නෑ කියලා.මේක කියන්න තව කල් ගත්තොත් තව ප්‍රශ්න ඇතිවෙයි.
“මොනවද ආරාධ්‍යා කල්පනා කරන්නේ. මං හිතුවේ ඉස්සර වගේ හොදට කතා කරයි කියලා.පොලිස් නිළදාරිනියක් වුනාම හොදට කට සැරට කතා කරන්න ඕනිනෙ. ඔහොම නිශ්ශබ්දව ඉදලා බෑනෙ……”
ඒ ඉතිං සදෙව් මං ගැන දන්න තරම තමයි.මං කොහොමද ඉන්න ඕනි කියලා එයා මට උගන්නන්න ඕනියැ.
“සදෙව්…..රාජකාරි වෙලාවෙන් පස්සේ මං සාමාන්‍ය විදියට ආරාධ්‍යා විතරයි.මගේ රාජකාරිය ගෙදරට අදාළ නැහැ……”😠
“හරි ඉතිං මං තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනෙ ආරාධ්‍යා.සොරි හොදේ. ඔයා මොකද කියන්නේ අපෙ අම්මලා කරපු යෝජනාව ගැන.මම නම් කැමතියි……”
“ඒ වුනාට මම මේකට කොහෙත්ම කැමති නෑ සදෙව්……”
අවශ්‍ය දේ මං ඒ විදියට කෙටියෙන්ම කියලා දැම්මා.සදෙව් මං දිහා බැලුවේ අමුතුම විදියකට.එයා හිතන්න ඇත්තේ මාත් කැමති වෙයි කියලා.
“ඒ ඇයි ආරාධ්‍යා.අපෙ අම්මලා මේ ගැන ගොඩාක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඔයාගෙ තාත්‍තාත් මේකට කැමති වෙලයි හිටියේ…..”
“ඒ වුනාට මං කැමති නෑ සදෙව්.මට නොකියා ඔයාලා මේ දේවල් තීරණේ කරාට මට කරන්න දෙයක් නෑ.මං කොහෙත්ම කැමති නෑ මේකට…..”
“ඔයාට වෙන කවුරුහරි කෙනෙක් ඉන්නවද?…..”
“ඔයාට ඒ ගැන අහන්න අයිතියක් නෑ සදෙව්.මං ඔයාට කැමති නෑ එච්චරයි……”
ඊට පස්සේ මායි සදෙව් යි ගේ ඇතුළට ගියා.හැමෝගෙම මුහුණු වල තිබ්බේ අපි දෙන්නා ගැන උපන් සතුටක්.සිනහවක්.
සදෙව්ගේ අම්මා මං ලගට ආවා.
“දූ කැමතියි නේද මගේ ලේලි වෙන්න?……”
“ප්ලීස් ආන්ටි.මං මේ හැමෝටම ඇහෙන්නයි කියන්නේ.මං මේ මැරේජ් එකට කොහෙත්ම කැමති නෑ.තවත් මේ ගැන මොකුත්ම අහන්න එපා.මේක කවදාවත්ම සිද්ද වෙන්නෙ නෑ……”
මං ස්ථීර හඩකින් ඒ විදියට කිව්වා.අම්මා පුදුම වෙලා මං දිහා බලාගෙන හිටියා. එයා මගේ කටින් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.
“දුව…..ඔයා මොනවද මේ කියන්නේ.ඇයි ඔයා සදෙව් පුතාට අකමැති?……”
මං සදෙව්ට කැමති නෑ කිව්වම අම්මට කේන්ති ගිහින් තිබුනා.
“ඔයා කෑ ගහන්න එපා අනේ.දූට අපි තව ටිකක් හිතන්න කල් දෙමු.අපි එහෙනම් යනවා.පස්සෙ හිමිහිට හිතලා උත්තරයක් දෙන්නකෝ……”
මංගලා ආන්ටි එහෙම කියලා ආපු වාහනේම කට්ටියත් එක්ක යන්න ගියා. මං කාමරේට ඇවිත් ඇදට වැටිලා කල්පනා කරා.පොලිස් නිළදාරිනියක් විදියට ශක්තිමත් දැඩි හිතක් තිබුනත් මගේ ඇස්වල කදුලු පිරිලා තිබ්බා.😢😢
අම්මා කාමරේට ඇවිත් මට හොදටම බැන්නා.😡😡
“ඔයාට තාත්තා වෙනුවෙන්වත් මේකට කැමති වෙන්න බැරිද ආරාධ්‍යා.ඇයි ඔයා සදෙව් පුතාට අකමැති?ඔයාගෙ හිතේ වෙන කෙනෙක් ඉන්නවද?ඔයාට ඕනි සෙල්ලම් නටන්න බෑ මාත් එක්ක තේරුනාද?……”🤬🤬
“මං සදෙව්ට කැමති නෑ අම්මා.මං ආදරේ ක්‍රිෂාන්ට විතරයි.මං ක්‍රිෂාන් ඇර වෙන කිසිම කෙනෙක්ව මැරි කරන්නෙ නෑ……”😭
ඕන දෙයක් වෙච්චාවෙ කියලා හිතලා මං ක්‍රිෂාන් ගැන අම්මට කිව්වා.අම්මගේ මුහුණේ තිබ්බේ තරහක්.😡😡
“ක්‍රිෂාන් කියන්නේ අර මනුස්සයෙකුට මන්නෙන් කොටලා හිරේ ගිය එකා නේද? හිරකාරයෙකුට ආදරේ කරන්න ඔයාට මොලේ හොද නැද්ද ආරාධ්‍යා……”🤬
“අම්මා දන්නවද ක්‍රිෂාන් ඒ මිනිහට මන්නෙන් කෙටුවෙ ඇයි කියලා😡ක්‍රිෂාන් නරක මනුස්සයෙක් නෙවෙයි අම්මෙ.එයා මට ගොඩාක් ආදරෙයි.මටත් නොකියා කොහොමද අම්මේ ඔයාලා මගේ ජීවිතේ ගැන තීන්දු තීරණ ගත්තේ?අප්පච්චී වෙනුවෙන් කියලා මං කොහොමද අම්මා අකමැති මනුස්සයෙක්ව මැරි කරලා දුක් විදින්නේ.මට බෑ අම්මා.මට බෑ……”😭😭
එකහෙලාම දැඩිලෙස මං මගේ තීරණේ අම්මට කිව්වා.ඒත් අම්මා මගෙ තීරණේට කැමති වුනේ නෑ.
නැවත හමුවෙමු යාලුවනේ💕
සියලු හිමිකම් කතෘ සතුය