මාව හිර කරගෙන හිටපු ගෙයි හතර වටේන්ම පොලීසියෙනුයි ආමි එකෙනුයි වට කරලා කිව්වම මට දැනුනේ පුදුම සතුටක්.සංජීවයි එයාගෙ මැරයොයි කරගන්න දෙයක් නැතුව බය වෙලයි හිටියේ.එකපාරටම මං හිටපු කාමරේට පොලීසියෙයි ආමි එකෙයි කිහිප දෙනෙක් පැන්නා.

“එකෙක්වත් හෙල්ලෙන්න එපා.දුවන්න හැදුවොත් ඔලුව කුඩු වෙන්න වෙඩි තියනවා.පැනලා යන්න හදන්න එපා අපි හතර වටෙන්ම වට කරලයි තියෙන්නේ……”

පොලීසියෙන් එහෙම කියලා කෑ ගහද්දී එක පොලිස් නිළදාරියෙක් ඇවිත් මාව ලෙහුවා.අමිතුයි සිල්වායි දෙන්නම මං ගාවට දුවන් ආවා.පොලීසියෙන් සංජීවයි එයාගෙ මැරයෝ සේරම කට්ටියවයි අත්තඩංගුවට ගත්තා.

“මැඩම් ඔයාට කිසිම කරදරයක් වුනේ නැහැනේ.ඔයා හොදින් නේද?…..”

“ඔව් අමිත්.මට කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ.ඔයාලා හැමෝම හොද වෙලාවට ආවෙ.කොහොමද මේක දැන ගත්තේ……”

“මැඩම්,ඔයාව සිහි නැති කරලා වෑන් එකකට දාගෙන යනවා එතනින් ගිය මනුස්සයෙක් දැකලා.ඒ මනුස්සයා තමයි පොලීසියටයි එකසිය දහනවය ගහලා කියලා තියෙන්නේ……”

මං ගෙදර ආවට පස්සේ අම්මා අඩාගෙන මාව බදාගත්තා.😭😭

“අනේ මගේ දුවේ ඔයාට මොකුත් කරදරයක් වුනේ නෑ නේද රත්තරං.අනේ දුවේ……”😭😭

“අම්මෙ….ඔයා අඩන්න එපා.මට මොකුත් ප්‍රශ්නයක් වුනේ නෑ.පොලීසියෙනුයි ආමි එකෙනුයි ඇවිත් මාව බේර ගත්තා.මං ගොඩක් හොදින්.ඔයා කිසිම දේකට බය වෙන්න එපා……”

“ඒ වුනාට මට ඔයා ගැන බයයි දුව.තව ඉස්සරහට මොන මොන ප්‍රශ්න ඇති වෙයිද කියලා කව්ද දන්නෙ?ඔයා පුතේ පොලීසියේ උසස් නිළදාරියෙක් වුනාට ඔය ඇමතිවරුයි එයාලගෙ පුත්තුයි එක්ක හැප්පෙන බෑ.උන්ට මිනිස් ජීවිතේක වටිනාකමක් දැනෙන්නෙ නෑ……”😥😫

අම්මා මං ගැන ගොඩාක් බය වෙලා හිටියේ.පව් අම්මා මට ගොඩාක් ආදරෙයි. අම්මට ඉන්නෙ මං විතරයිනෙ.තාත්තා මැරුණු දා ඉදලා අම්මා මාව හදාගන්න මොන තරම් මහන්සි වෙන්න ඇත්ද.ඇස් දෙක වගේ අම්මා මාව රැක බලා ගත්තේ. මං අම්මගේ හිතේ තියන බය නැති කරන්න උත්සහ කරා.

“අම්මේ ඔයා කිසිම දේකට බය වෙන්න එපා.මට මොකුත් කරන්න කාටවත්ම බෑ. ඔය කාටවත්ම මං බයත් නැහැ.එක එක්කෙනාට බය වෙලා බෑ අම්මා පොලීසියේ රස්සාව කරන්න.මේ සමාජයේ වැරදි කරන මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරලා දඩුවම් කරන්නයි අපි ඉන්නේ.බලන්න අම්මේ…..අපේ අප්පච්චී මේ රටේ ඉන්න හොරු,ජරා මිනිස්සු, මංකොල්ලකාරයොන්ට දඩුවම් කරලා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත, මේ සමාජෙ ආරක්ෂා කරන්න මොන තරම් කැපකිරීමක්ද කරේ.අප්පච්චී නැති අඩුව අද අපිට වඩා දැනෙන්නෙ මේ රටේ අහිංසක මිනිස්සුන්ට.මට අප්පච්චී නැති අඩුව සම්පූර්ණයෙන්ම පුරවන්න අමාරුයි කියලා මං දන්නවා.ඒත් මං පුලුවන් හැටියට උත්සහ කරනවා…….”

මං අම්මගේ පපුවට තුරුල් වෙලා එහෙම කියාගෙන කියාගෙන ගියා.අම්මා සුසුමක් හෙලලා මගේ ඔලුව අතගෑවා.එයාට මං ගැන ආඩම්බරයක් දැනෙනවා ඇති.

“අද ඔයාගෙ අප්පච්චී ජීවතුන් අතර හිටියා නම් කොයි තරම් සන්තෝශ වෙයිද කොයි තරම් ආඩම්බර වෙයිද ඔයා ගැන. කොහේ හරි ඉදන් එයා ඔයා දිහා බලාගෙන සතුටු වෙනවා ඇති.මට ඔයා ගැන හරිම ආඩම්බරයි මගෙ දුවේ……”

💐💐💐

සංජීවට ඇපදීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුනා.සංජීවටයි එයාගෙ මැරයින්ටයි වසර දහයක සිර දඩුවමක් ලැබුනා.

වෙනදා වගේම හොදින් මං වැඩ ටික කරගෙන ගියා.

“මැඩම්……”

“ආ ඇයි අමිත්……”

“ක්‍රිෂාන් කෝල් කරේ නැද්ද මැඩම්……”

“නැහැ අමිත්.අර කිඩ්නැප් කේස් එකෙන් පස්සේ එක පාරක් කෝල් කරා.ඒත් එයා කියන දේවල් වලට කැමති වෙන්න මට බෑ අමිත්.මං බැන්නා ආයෙ මට කෝල් කරන්න එපා කියලා……”

“මැඩම් මං මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.ක්‍රිෂාන්ට ආදරේ කරනවද නැද්ද කියලා තීරණය කරන එක මැඩම්ගෙ වැඩක්.ඒත් මැඩම් ක්‍රිෂාන් එක්ක පොඩ්ඩක් කතා කරන්න.මොකද අද මැඩම් ජීවතුන් අතර ඉන්නේ ක්‍රිෂාන් හින්දා……”

“මොකක්??මොකක්ද අමිත් ඒ කතාවේ තේරුම?…..”

“එදා මැඩම්ව සිහි නැති කරවලා වෑන් එකේ දාගෙන යනවා දැකලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ක්‍රිෂාන්.එදා ක්‍රිෂාන් වැඩ කරන තැන ඉදන් එන්න පරක්කු වෙලා.ඒ වෙලාවේ තමයි මේ සිද්දිය දැකලා තියෙන්නේ.ක්‍රිෂාන් හිටියේ නැත්නම් මැඩම් අද ජීවතුන් අතර නැති වෙන්නත් පුලුවන්.මොකද ඒ වෙලාවෙ පාරෙ ඒ හරියෙ වෙන කවුරුවත් ඉදලත් නෑ……”

අමිත් කියපු දේවල් ගැන මට හිතා ගන්න බැරි වුනා.දෙයියනේ😱😱ඒ කියන්නේ ක්‍රිෂාන්ද මගෙ ජීවිතේ බේර ගත්තේ.😫

“ඇ…..ඇයි අමිත් ඔයාලා මට මේ දේ නොකියා හිටියේ……”

“සමාවෙන්න මැඩම්.ක්‍රිෂාන්මයි කිව්වේ මේ ගැන මැඩම්ට කියන්න එපා කියලා……”

“ඒ ඇයි……”

“ක්‍රිෂාන් කැමති නෑ මැඩම් ඒ ගැන දැනගෙන එයාට අනුකම්පා කරනවට.ඒ සිද්දිය වෙච්චි දවසේ ඉදන් හැමදාම වගේ ක්‍රිෂාන් මට කෝල් කරලා මැඩම්ගෙ සැප දුක් අහනවා.බැරි වෙලාවත් මැඩම්ගේ ජීවිතේට අනතුරක් වුනා නම් ක්‍රිෂාන් මොනවා කර ගනීද දන්නෙ නෑ.ඒ තරමටම ක්‍රිෂාන් මැඩම්ට ආදරෙයි…….”❤️

“මට ක්‍රිෂාන් ගැන හිතා ගන්නවත් බෑ අමිත්.මං අද හවසම ගිහින් ක්‍රිෂාන් එක්ක කතා කරනවා…..”

“ඒක හොදයි මැඩම්.ක්‍රිෂාන් එපා කියලා තියෙද්දීත් මං මේ ගැන මැඩම්ට කිව්වේ මැඩම් ක්‍රිෂාන් ගැන වැරදි විදියට හිතාගෙන ඉන්න හින්දා…..”

මට වෙනදා ක්‍රිෂාන් ගැන දැනුනු තරහව කෝපය අද නැතිවෙලා ගියා වගේ දැනුනා.
මං මොන තරම් නපුරු කම් කලත් ක්‍රිෂාන් ඒ හැම දෙයක්ම ඉවසගෙන මගෙ ජීවිතේ බේර ගත්තා.

හවස මං ටිකක් කලින් ක්‍රිෂාන්ගෙ ගෙදරට ගියා.යුනිෆෝම් එක පිටින්මයි ගියේ.වීරකෝන් මුදලාලිගෙ කේස් එකට හැටේ වත්තට ගිය ගිය වෙලාවේ ක්‍රිෂාන්ගෙ ගෙදරට එක පාරක් ගිය හින්දා මට ක්‍රිෂාන්ගෙ ගේ හොයා ගන්න අමාරු වුනේ නැහැ.මං ගෙයි මිදුලට ගිහින් කතා කරා.ටිකක් වෙලා යද්දී ක්‍රිෂාන්ගෙ අම්මා එලියට ආවා.යුනිෆෝම් පිටින්ම මාව දැකපු නිසාද ක්‍රිෂාන්ගෙ අම්මගේ මුහුණ ටිකක් වෙනස් වුනා වගේ මං දැක්කා.

“ආ….මේ අපේ ආරාධ්‍යා මැඩම්නේ.එන්න මැඩම් ගේ ඇතුළට.ඇවිත් වාඩි වෙන්න……”

මං ගේ ඇතුලට ගිහින් පුටුවකින් වාඩිවුනා.ක්‍රිෂාන්ගෙ අම්මත් පුටුවක වාඩි වුනා.

“ආන්ටි ක්‍රිෂාන් ගෙදර ඉන්නවද?…..”

“මෙ….මැඩම් ක්‍රිෂාන් පුතා වැඩට ගියා. දැන් මග එනවා ඇති.ඇයි මැඩම් පුතාව හොයන්නේ……”

“බය වෙන්න එපා ආන්ටි.ක්‍රිෂාන් තමයි මගෙ ජීවිතේ බේර ගත්තේ……”

සිද්ද වෙච්චි හැම දෙයක්ම මං ක්‍රිෂාන්ගෙ අම්මත් එක්ක කිව්වා.ඊට පස්සෙයි ක්‍රිෂාන්ගෙ අම්මගේ මුහුණේ හිනාවක් ඇදුනේ.😀😀

“මගේ පුතා හරිම හොදයි මැඩම්.එයා නරක කෙනෙක් නෙවෙයි.නීතියට වැරැද්දක් විදියට දකින දෙයක් එයා කරා නම් කරේ අර වීරකෝන් මුදලාලිට මන්නෙන් කොටපු එක විතරයි.ඒත් ඒ තමන්ගෙ මැරිච්ච නංගිට යුක්තිය ඉශ්ඨ කරන්නයි එහෙම කරේ……”

ක්‍රිෂාන්ගෙ අම්මගේ ඇස් වල කදුලු පිරිලා තිබ්බා.මට දුක හිතුණා.පව් තමන්ගේ මැරිච්ච දුවව මතක් වෙලා වෙන්න ඇති. ක්‍රිෂාන් එයාගෙ නංගිට ගොඩාක් ආදරේ ඇති.අනේ ඒ වගේ සහෝදරයෙක් මටත් හිටියා නම් කියලා හිතුණා.ඒ අයියගෙයි නංගිගෙයි සෙනෙහස ගැන තේරුම් ගන්න බැරි වුනේ මට ඒ වගේ සහෝදර සහෝදරියක්ගේ ආදරයක් නොලැබිලා තියන හින්දා වෙන්න ඇති.😫

පැයක් විතර ගෙව්නා.ක්‍රිෂාන් තාම ආවෙ නෑ.තවත් පරක්කු වුනොත් ගෙදර යන්න අම්මා බය වෙයි.

“ආන්ටි….මට පරක්කු වෙනවා ගෙදර යන්න.මං යන්නම්.මං වෙන දවසක එන්නම් ක්‍රිෂාන්ව හම්බෙන්න……”

ක්‍රිෂාන්ගෙ අම්මට කියලා මං කාර් එකේම ආවා.මගදී මං දැක්කා ක්‍රිෂාන් බයික් එකේ එනවා.මං කාරෙක නැවැත්තුවා.

“ආ මැඩම්…..මොකද මේ හොරෙක් වත් අල්ලන්න යන ගමන්ද?…..”

“නෑ ක්‍රිෂාන්.මං මේ මගෙ නැන්දම්මව බලලා එන ගමන්……”😀❤️

මං එහෙම කිව්වම ක්‍රිෂාන්ගෙ මුහුණ ටිකක් වෙනස් වුනා.හිනා වෙලා හොදට කතා කරපු ක්‍රිෂාන්ගෙ මුහුණ දුකින් වගේ පිරිලා ගියා.

“ක….කව්ද මැඩම් නැන්දම්මා.මේ හැටේ වත්තේ කෙනෙක් නම් මං අදුරනවනේ……”

“ඔව් සමහර විට ක්‍රිෂාන් දන්නවා ඇති……”

“කව්ද මැඩම් මැරි කරන්න ඉන්න එක්කෙනා.මොනවා වුනත් එයා හරිම වාසනාවන්තයෙක් මැඩම්ගෙ ආදරේ ලබන්න……”

පව් මට ක්‍රිෂාන් ගැන දුකත් හිතුණා.ඒ ඇස් වලට කදුලු පිරෙන හැටි මං හොදටම දැක්කා.ක්‍රිෂාන්ගෙ හිතේ මං ගැන කොයි තරම් ආදරයක් ඇතිද.💕💕

“ක්‍රිෂාන් එයාව දන්නවා ඇති.මං හරිම වාසනාවන්තයි එයාගෙ ආදරේ ලබන්න. ක්‍රිෂාන්ටත් මං ඉන්වයිට් කරනවා වෙඩින් එකට.ක්‍රිෂානුත් එන්න ඕනි……”

“මං යනවා මැඩම්.පරිස්සමින් යන්න.බුදු සරණයි……”😫🙏

“බුදු සරණයි ක්‍රිෂාන්……”🙏

මං අහපු දේට උත්තරයක් නොදී ක්‍රිෂාන් බයික් එක ස්ටාට් කරගෙන යන්න ගියා.ඒ ඇස් දෙක දිහා බැලුවම ඒ හිතේ මං ගැන තියන ආදරේ මොන තරම්ද කියලා මගේ පපුවට දැනුනා.💞❤️දැන් දුකින් ගෙදර ගියාට අම්මා විස්තරේ කිව්වම ක්‍රිෂාන්ට පිස්සු හැදෙයිද දන්නෙ නෑ.😀😀💞💕

ගෙදරට ඇවිත් නාලා රෑට කෑමත් කෑවා.
හෙට නිවාඩුවක් තියන හින්දා ටිකක් නිදහසේ ඉන්න පුලුවන්.

නිදා ගන්න ගියාම මං ෆෝන් එක අතට ගත්‍තා.අනේ…..ෆෝන් එකේ වයිබ්‍රේට් වැටිලා.ක්‍රිෂාන්ගෙන් මිස් කෝල් 34 ක් තිබ්බා.😱😱අනේ දෙයියනේ මට ඇහුනෙ නෑනෙ.ශික්…..😢😢

එහෙම හිත හිත ඉන්නකොටම ක්‍රිෂාන්ගෙන් ආයෙත් කෝල් එකක් ආවා.📲📲

“හෙලෝ……”📲

“අම්මෝ ඇති යාන්තං.දැන්ද ඇහැරුනේ මැඩම්.මං කෝල්ස් කීයක් ගත්තද?……”📲

“තිස් හතරක්…….”😢📲

සමාව ඉල්ලන විදියට මං එහෙම කිව්වා.

“ඒකනෙ.මටවත් අවුරුදු තිස් හතරක් නෑ තාම……”😀📲

“සොරි ඉතිං.ෆෝන් එකේ වයිබ්‍රේට් වැටිලා තිබ්බේ මට ඇහුනෙ නෑ ඉතිං……”😫📲

“හ්ම්ම් හරි හරි.දැන් කියන්නකො මැඩම්ගෙ නැන්දම්මා මොකද කිව්වේ? පුතාව දෙන්න කැමතියි කිව්වද?…..”😂📲

“මං නැන්දම්මගෙන් ඒ ගැන ඇහුවෙ නෑ. එයාගෙ පුතා තමයි මගෙ ජීවිතේ බේරගෙන තියෙන්නේ.ඒකට ස්තූති කරලා……තව පොඩ්ඩක් කතා කරන්න ගියේ……”😀💕📲

“තව පොඩ්ඩක් කිව්වෙ මොනවද?…..”🤣📲

ක්‍රිෂාන් අහන ඒවට මට හිනා යන්නත් ආවා.මට තේරුනා ක්‍රිෂාන් මේ හදන්නේ මගේ කටින් සේරම අහගන්නයි.මං අහුවෙයි ඒවට💞🤣

“මොකුත් නෑ😂🤣…….”📲

“දැන් එතකොට මැඩම් නැන්දම්මා පුතාව දෙන්න බෑ කිව්වොත් මොකද කරන්නේ……”🤣💞📲

“ආ……එහෙම කිව්වොත් ආයෙ කතා දෙකක් නෑ.පුතාව උස්සනවා.මං පොළීසියෙනේ……”😂📲

“බුදු අම්මෝ….😱එච්චර දරුණු වෙන්න එපා මැඩම්.ඔයාට හිරේ යන්න වෙයි අහිංසක මිනිස්සු පැහැරගෙන.පුතාව දෙන්න නැන්දම්මා උඩින්ම කැමතියි……”😀😘📲

“අහිංසක……අනේ මං කියන්නෙ නෑ.හොද අහිංසකයා මංනෙ දන්නෙ මෙයාගෙ අහිංසකකම……”😂🤣📲

ෆෝන් එක කනේ තියාගෙන අපි දෙන්නම හොදටම හිනා වුනා.🤣😂😀😁📲

“මේ…..මං හෙට නිවාඩු.බීච් එක පැත්තේ යන්න ඉන්නෙ……”📲

මට හිතුණා ක්‍රිෂාන් එක්ක ටිකක් තනියම කතා කරන්න.

“කීයටද යන්නේ…..”📲

“උදේ නමයට විතර මං එන්නම්.එහෙනං මං තියන්නම් ක්‍රිෂාන්.බායි.ගුඩ් නයිට්……”📲😘💞

“ගුඩ් නයිට් මැඩම්……”🤣💞😘📲

මේ විදියට මේකා මට දිගටම මැඩම් කියන්න පටන් ගනීද දන්නේ නෑ.නම කියන්න පුරුදු කරවන්න ඕනි.ඒත් එදා බීච් එකේදි එක සැරයක් ක්‍රිෂාන් මට ආරාධ්‍යා කියලා කතා කරා.

නිදා ගන්න ෆෝන් එක පැත්තකින් තියද්දී මැසේජ් එකක් ආවා ෆෝන් එකට.කාගෙද කියලා බලද්දී ඒක ක්‍රිෂාන්ගෙන්.📱
‘ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපීලා…..ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා…..’

මං ඒකට රිප්ලයි එකක් යැව්වා,
‘රෑ නිදි ලොවේ මැවෙන්නෙ ඔබයි සිහිනයෙන් පවා……’ කියලා.

සියලු හිමිකම් කතෘ සතුය