5 කොටස🌹
🔥හදවතේ ගින්දර🔥
❤️🔥”ප්ලීස් ක්‍රිෂාන් ඔයා මට ආදරේ කරන එක මේ දැන්මම නවත්තන්න.මං ඔයාට කැමති නැහැ.අපි දෙන්නා ගැළපෙන්නෙ නෑ……”
මං ක්‍රිෂාන්ට ඒ විදියට උත්තර දුන්නා.මට ක්‍රිෂාන්ගෙ යෝජනාවට කැමති වෙන්න බැහැ.
“මොකක්ද අපි දෙන්නගෙ තියන නොගැලපීම?මොකක්ද මගෙ තියන අඩු පාඩුව?……”
ක්‍රිෂාන් අහපු ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තර මං ගාව නැහැ.මං ආපහු හැරිලා ගෙදර ආවා.ක්‍රිෂාන් මොන තරම් කතා කරත් මං නැවතුනේ නැහැ.ගෙදර ඇවිල්ලත් මං කල්පනා කරේ ක්‍රිෂාන් කියපු දේවල්.මට ක්‍රිෂාන්ට ආදරේ කරන්න බැහැ.ඒ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ.
කලින් දවසේ සිදුවීම් සියල්ලම අමතක කරලා වෙනදා වගේම මං ඩියුටි ගියා. මං ක්‍රිෂාන්ගෙ යෝජනාවට කෙලින්ම අකමැතියි කිව්ව හින්දා මීට පස්සේ ක්‍රිෂාන් ආයෙමත් මගේ පස්සෙන් එන එකක් නෑ.ඒ ගැන හිතලා මං හිත සැහැල්ලු කර ගත්තා.
“ගුඩ් මෝනින් මැඩම්.ඊයෙ මොකද වුනේ……”
“ගුඩ් මෝනින් අමිත්.එහෙම විශේෂ මොකුත් වුනේ නෑ.ඇයි අමිත්?……”
“නෑ මං දැක්කා මැඩම් ඊයෙ බීච් එකේ ඉන්නවා.අර ක්‍රිෂානුත් හිටියේ…..”
“ආ ඒකද? නිවාඩු හින්දා මං වෙනසකටත් එක්ක මං ඊයෙ බීච් එකට ගියේ.මං දැක්කෙත් නෑ එකපාරටම.ක්‍රිෂාන් ආවා එතෙන්ට……”
“මං ක්‍රිෂාන් ගැන කියපු දේ හරිද මැඩම්…..”
මං ටිකක් කල්පනා කරා.මේ ගැන අමිත්ට කියනවද නැද්ද කියලා.මේ ඩිපාට්මන්ට් එකේ ඉන්න අයගෙන් මට වැඩිපුරම විශ්වාසෙ තියෙන්න පුලුවන් ඒ වගේම වැඩිපුරම සමීප වුනේ අමිත් තමයි.ඉතිං මේ ගැන අමිත්ට කියන්න මට ගැටලුවක් වුනේ නෑ.
“ඔව් අමිත්.ඔයා කියපු දේ හරි.ක්‍රිෂාන් ඊයෙ මට කෙලින්ම ඒ ගැන කිව්වා.ඒත් අමිත් මට ක්‍රිෂාන්ට කැමති වෙන්න බැහැ. මට තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා……”
“මං මැඩම්ගෙ පුද්ගලික ජීවිතේට ඇගිලි ගහනවා කියලා හිතන්න එපා.මං මෙහෙම කියන්නේ මැඩම් මගේ සහෝදරියක් කියලා හිතලයි.ක්‍රිෂාන් නරක මනුස්සයෙක් නෙවෙයි මැඩම්.එයා හිරේ ගියේ තමන්ගෙ නංගි මරපු මිනිහගෙන් පලි ගන්න ගිහින්.ක්‍රිෂාන්ගෙ පැත්තෙන් බලද්දී ඒකෙ වරදක් කියන්න අමාරුයි මැඩම්.තමන්ගේ සහෝදරයන්ට දුකක්,කරදරයක් වෙනවා දකින්න කවුරුවත් කැමති නැහැ……”
“අනේ මන්දා අමිත්.මට බැහැ ක්‍රිෂාන්ට ආදරේ කරන්න……”
දවල් එකට විතර මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.අදුරන්නේ නැති නම්බර් එකක්.ඒත් මං ආන්සර් කරලා බැලුවා කව්ද කියලා.
“හෙලෝ….කව්ද මේ…..”📲
“කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා….ඔබ ඒ කීව ලෙසේ අමතක කරනු කෙසේ…..//🎵🎵……📲
කටහඩින්ම මං අදුර ගත්තා ඒ කතා කරන්නේ ක්‍රිෂාන් කියලා.මට ක්‍රිෂාන් ගැන තරහකුත් හිතුණා.😠😠
“මොකද පිස්සු හැදීගෙන එනවද? මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා ක්‍රිෂාන්.මට වැඩ තියනවා.මගේ රාජකාරියට බාද කරා කියලා මං තමුංව හිරේ දානවා……”😡😡📲
මං එහෙම කිව්වා විතරයි ක්‍රිෂාන් හයියෙන් හිනා වෙන සද්දෙ මට ඇහුනා.
“මැඩම් මාව හිරේ දැම්මොත් මං මිනිස්සුන්ට ඇහෙන්න හයියෙන් කෑ ගහනවා.අයි ලව් යූ ආරාධ්‍යා… කියලා……”❤️📲
“මේ ක්‍රිෂාන්…..මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවද?ආයෙ මට කතා කරන්න එපා……”😡📲
කෝල් එක කට් කරලා මං ෆෝන් එක පැත්තකින් තිබ්බා.කොහොම වුනත් මට ඉස්සරහට ක්‍රිෂාන්ව ලොකු වදයක් වෙයි කියලා හිතුණා.මගේ රාජකාරියට ක්‍රිෂාන්ව ප්‍රශ්නයක් වෙයිද කියලත් හිතුණා.
“මැඩම්…..ඔයාව හම්බෙන්න අර ක්‍රිෂාන් ඇවිත්…..”
ඒ පාර මොකට ආවද මන්දා.මට තරහකුත් ආවා ක්‍රිෂාන් ගැන.මං ටිකක් වෙලා කල්පනා කරා.
“ආ කමක් නෑ එන්න කියන්නකො…..”
තප්පර කිහිපයකින් පස්සෙ ක්‍රිෂාන් ආවා.
“ඇයි ක්‍රිෂාන්…..”
“මැඩම් මගෙ පර්ස් එක කවුරු හරි හොරකම් කරලා.මට ඒ ගැන ඇන්ට්‍රියක් දාන්න ඕනි…..”
මගේ හිත කිව්වෙම ක්‍රිෂාන් ඒ කියන්නෙ බොරුවක් කියලයි.ඒත් මං සාජන් සිල්වාට කතා කරලා කිව්වා ඇන්ට්‍රි එක ලියා ගන්න කියලා.
“මැඩම් එහෙනම් මං යන්නද?…..”
“හ්ම්ම්.යන්න……”
ක්‍රිෂාන් ගියත් එයාගෙ ෆෝන් එක මගෙ ටේබල් එක උඩ අමතක කරලා දාලයි ගියේ📱ආපහු ඒක දෙන්න බලනකොටත් ක්‍රිෂාන් ගිහිල්ලා ඉවරයි.මං ෆෝන් එක අතේ තියාගෙන කල්පනා කරා.📱 එතකොටම වගේ ඒ ෆෝන් එකට කෝල් එකක් ආවා.📲📲……
මට හිතුනා ආන්සර් කරලා බලන්න.මං කෝල් එක ආන්සර් කරලා කතා නොකර හිටියා.
📲📲
“මචං උඹ කොහෙද බං.තාම පොලීසියේද
ඉක්මනට ඇවිත් උඹේ පර්ස් එක අරන් පලයන්.මට පොඩි වැඩකට යන්න තියනවා.අනේ මන්දා උඹ නම්.ආරාධ්‍යා මැඩම් දැන ගත්තොත් තෝව කූඩුවට දායි……”📲
මට ක්‍රිෂාන් ගැන දැනුනේ පුදුම තරහක්. හිතුවා වගේම මේක ක්‍රිෂාන්ගෙ රගපෑමක්.මාව බලන්න ඕනිවට බොරු කියාගෙන පොලීසියට ආවා.මං කෝල් එක කට් කරලා අමිත්ට කතා කරා.
“ඇයි මැඩම්……”
“අමිත්….ක්‍රිෂාන් ආවොත් මං ගාවට එවන්න.එයාගෙ ෆෝන් එක අමතක කරලා ගිහින් තියෙන්නේ.අර එයා දාපු ඇන්ට්‍රි එක ලියා ගත්තද සිල්වා…..”
“ආ ඔව් මැඩම් සිල්වා ඒක ලියා ගත්තා. ඇයි මැඩම් මොකක් හරි ප්‍රශ්නයක්ද?…..”
“මේ යකා බොරු පැමිණිල්ලක් දාලා තියෙන්නේ අමිත්.පර්ස් එක කවුරුවත් හොරකම් කරලා නෑ.මාව දකින්න ඕනිවට කරපු රගපෑමක් ඒක.මට නම් පුදුම කේන්තියක් එන්නෙ මේ මනුස්සයා ගැන අමිත්……”😡😡
හවස දෙකහමාරට විතර ක්‍රිෂාන් ආවා එයාගෙ ෆෝන් එක ගෙනියන්න.මං ක්‍රිෂාන්ගෙ මුහුණ දිහා හොදට බැලුවා.
“ආ ක්‍රිෂාන් ඔයාගෙ ෆෝන් එක.මීට පස්සේ සිහි කල්පනාවෙන් වැඩ කරන්න. පර්ස් එක හම්බුනාද?…..”
“ආ…..මෙ….මේ ඔව් මැඩම්.වැටිලා තිබිලා යාලුවෙක් අහුලලා දුන්නා…..”
“ආ ඇත්තද?……ක්‍රිෂාන් මේක හොදට අහගන්නවා මං මීට කලිනුත් ඔයාට කියලා තියනවා මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියලා. තමුංගෙ යාලුවා මේකට කෝල් කරලා කිව්වා ඉක්මනට පර්ස් එක ගෙනියන්න එන්න කියලා.තමුසෙ හිතුවද පොලීසිය කොලම් මඩුවක් කියලා.මේ අන්තිම පාර ක්‍රිෂාන්.ආයෙ මේ වගේ බොරු පැමිණිලි කරොත් මං තමුංව කූඩුවට දානවා..දැන් යනවා…….”🤬🤬
“සොරි මැඩම්.ආයෙ මගෙ අතින් මේ වගේ දේවල් සිද්ද වෙන්නෙ නැහැ……”
එහෙම කියලා ක්‍රිෂාන් යන්න ගියා.
ඒ සිදුවීම වෙලා සති දෙකක් තුනක් විතර ගියා.ඊට පස්සේ කවදාවත් ක්‍රිෂාන් පොලීසියට ආවෙ නෑ.ඒක මට ලොකු සැනසීමක් වුනා.
දවසක් මං ඩියුටි ඕෆ් වෙලා ගෙදර යන්න හදද්දී රෑ නවය විතර වුනා.එවලේ පොලීසියේ ඉතුරු වුනේ මායි අමිතුයි සිල්වායි විතරයි.
“සිල්වා එහෙනම් ඔයයි අමිතුයි ගෙදර යන්න.මාත් යන්නම්……”
“මැඩම්ට තනියම යන්න පුලුවන්ද?දැන් රෑ නවයත් පහු වෙලා……”
“මට තනියම යන්න පුලුවන් සිල්වා.බය වෙන්න එපා ඔය දෙන්නා බයික් එකේ යන්න.මං කාරෙකේ යන්නම්.මට ඔයාලව ඩ්‍රොප් කරන්න තිබ්බා.ඒත් මං යන්නේ මේ පාරෙන්නේ……”
“එහෙනම් මැඩම් පරිස්සමින් යන්න.අපි යනවා……”
සිල්වායි,අමිතුයි ගියාට පස්සේ මාත් කාරෙකට නැග්ගා ගෙදර යන්න.ඒත් කාරෙක ස්ටාට් කරත් ස්ටාට් වුනේ නෑ. කමක් නෑ හෙට ගරාජ් එකට දාලා බලනවා.එහෙම හිතාගෙන මං පයින් එන්න හැදුවා.ඒත් එක්කම කවුරු හරි පිටි පස්සෙ හිටපු කෙනෙක් එකපාරටම මගේ නහයට ලේන්සුවක් තියලා තද කරා.ඊට පස්සේ මට මොනවා වුනාද කියලා මට මතක නැහැ.
ආපහු මට සිහිය එද්දී මං හිටියේ අදුරු කාමරේට පුටුවක ගැට ගහලා.මගේ අත් දෙකයි කකුල් දෙකයි කටයි රෙදි වලින් ගැට ගහලා තිබ්බා.මං මේ කොහේද ඉන්නේ කියලා මට හිතා ගන්න බැරි වුනා.වුනේ මොනවද කියලා මං හෙමිහිට කල්පනා කෙරුවා.කව්ද මාව මෙහාට ගෙනාවේ.මාව පැහැරගන්න කාටද උවමනාවක් තිබ්බේ.මට එකපාරටම ක්‍රිෂාන්ව මතක් වුනා.මේක ක්‍රිෂාන්ගෙ වැඩක්ද?……..
එහෙම හිත හිතා ඉන්නකොට එකපාරටම අදුරු වෙලා තිබුනු කාමරේ ලයිට් එලියක් පත්තු වුනා.මං උවමනාවෙන් බැලුවා කව්ද ඒ ලයිට් දැම්මේ කියලා.මට පිටුපාලා හිටපු ඒ මනුස්සයා එකපාරටම මගේ දිහාට හැරුනා.ඒ මුහුණ දැක්කම මට එකපාරටම මොකක්ද වුනා.ක්‍රිෂාන්ව බලාපොරොත්තුවෙන් හිටියත් එතන හිටියේ ක්‍රිෂාන් නෙවෙයි ජයසේකර ඇමතිතුමාගෙ පුතා සංජීව.දෙයියනේ😱එහෙනම් මේ මනුස්සයද මාව පැහැරගෙන තියෙන්නේ….මට බයට වඩා දැනුනේ කේන්තියක්.සංජීව මං ගාවට ඇවිත් පුටුවට අත් දෙකම තිබ්බා.
“ආ මැඩම්…..හිතුවේ නෑ නේද මේ විදියට මං ගාවට එන්න වෙයි කියලා……”
ඊට පස්සේ සංජීව පිහියක් අරගෙන මගේ කට ගැට ගහලා තිබ්බ රෙදි පටිය කැපුවා.
“මේ මිස්ට සංජීව ජයසේකර තමුං තාත්තගේ හයිය අරගෙනද පොලිස් ඔෆිසර් කෙනෙක්ව පැහැර ගත්තේ ආ??
තමුංට නීතියෙන් දඩුවම් ලැබෙයි මේ කරපු දේට.මම තමුසෙම ලේසියෙන් අතාරින්නෙ නෑ.තමුසෙ වැරදි කෙනා එක්කයි හැප්පෙන්න ආවෙ……”🤬🤬
“නිකන් බොරුවට කෑ ගහන්න එපා මැඩම්.තමුං අපිට සෑහෙන පාඩු කරා. මගේ තාත්තගේ හොර අරක්කු බිස්නස් එක තමුං විනාශ කරලා දැම්මා.අර කුෂාණිගෙ කේස් එකේදි උසාවියේදී මාව වැරදිකාරයා කරානෙ.😡අපිත් එක්ක හැප්පෙන ඇවිල්ලා නිකන් විනාශ වෙන්න එපා කියලා මං කී සැරයක් කිව්වද. ඇහුවෙ නෑනෙ…….”
“තමුසෙලයි තමුසෙලාගෙ තාත්තලා වගේ මිනිස්සු හින්දා තමා මේ රටේ මේ වගේ දරුණු අපරාධ සිද්ද වෙන්නෙ. තමුසෙලා වගේ ජරා තිරිසන් මිනිස්සු හින්දා ගෑනු ළමේකුට නිදහසේ පාරෙ බැහැලා යන්නවත් නෑ.මං තමුසෙට වැඩි කල් නටන්න ඉඩ දෙන්නෙ නෑ සංජීව ජයසේකර……”🤬🤬
මං එහෙම කියලා කෑ ගැහුවා.සංජීව මහ හයියෙන් හිනා වෙලා එකපාරටම පිස්තෝලයක් මගේ නලලට දික් කරා.
“උඹ ජීවත් වෙලා හිටියා හොදටම ඇති ආරාධ්‍යා සේනානායක.දැන් ලෑස්ති වෙයන් උඹේ තාත්තා ශ්‍රීනාත් සේනානායක ගිය ලෝකෙටම යන්න……”😡🤬
සංජීවගේ අතේ තිබුනු පිස්තෝලෙන් මගේ ඔලුව කුඩු වෙලා යන්න වෙඩි තියයි කියලා මට හිතුණා.ඒත් එකපාරටම සංජීවගේ මැරයෙක් කාමරේට දුවගෙන ආවා.
“බොස් බොස්….සේරම විනාශයි.ගේ හතර වටේම ආමි එකෙනුයි පොලීසියෙනුයි කොටු කරලා……”
🌹🌹නැවත හමුවෙමු යාලුවනේ🌹🌹