🔥 හදවතේ ගින්දර🔥 4 කොටස🌹
වෙනදා වගේ සුපුරුදු විදියට උදේ මං ඩියුටි යද්දී ෆෝන් එකට අමිත්ගෙන් කෝල් එකක් ආවා.📱
“හෙලෝ ඇයි අමිත්……”📲
“මැඩම් ගෑනු ලමේක් පොලීසියට ඇවිත් ඉන්නවා එයාගෙ මාලෙ කඩා ගත්තලු අර හැටේ වත්තෙ ක්‍රිෂාන්.අපි ක්‍රිෂාන්ව ඇරෙස්ට් කරා.මැඩම් දැන් එන ගමන්ද ඉන්නේ……”📲
“ඔව් අමිත්.මං ඉක්මනට එනවා.ඇන්ට්‍රි එක ලියා ගන්න.ඒ ගෑනු ළමයට යන්න දෙන්න එපා.මං එනකන් තියා ගන්න…..”📲
දුරකථනය විසන්ධි කරපු මං ඉක්මනින් පොලිස් ස්ථානයට ආවා.මං එද්දී අර ගෑනු ළමයා බංකුව උඩ ඉදගෙන හිටියා.ක්‍රිෂාන් හිටියේ කූඩුවේ.මං මගේ රූම් එකට ගිහින් ඉදගෙන ඒ දෙන්නට කතා කරා.
“සිල්වා…..ක්‍රිෂාන්වයි අර ගෑනු ළමයවයි එක්කන් එන්න…..”
මට ඒ ක්‍රිෂාන් කියන මනුස්සයත් එක්ක ඇති වුනේ පුදුම තරහක්😡😡වීරකෝන් මුදලාලිගෙ කේස් එක ඉවර වෙලා සති දෙකක් ගියා විතරයි.මේ මිනිහා ඒ පාර ගෑනු ළමයින්ගේ මාල කඩන්නත් පටන් අරන්.📿
ටික වෙලාවකින් ක්‍රිෂානුයි,ඒ ගෑනු ළමයයි මං ගාවට ආවා.මාලෙ කඩා ගත්තා කිව්වත් ඒ ගෑනු ළමයගේ මුහුණේ බිය ගතියක් පේන්නවත් තිබුනේ නෑ.මං ඒ දෙන්නගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා.
“ක්‍රිෂාන්…..මං එදා තමුංට සුද්ද සිංහලෙන් කිව්වා.ආයෙ මෙහාට එන්න සිද්ද වෙන විදියෙ වැඩ කරන්න එපා කියලා.😡🤬 තමුසෙට කියන සිංහල තේරෙන්නෙම නැද්ද ආ…..”
“සොරි මැඩම්.ආයෙ එහෙම වැරදි වෙන්නෙ නෑ මගෙ අතින්……”
“අනේ නෝනා මගෙ මාලෙ හම්බුනානෙ. මං දැන් යන්නද?……”😫
ඒ ගෑනු ළමයා මගෙන් එහෙම ඇහුවේ අඩන්න ඔන්න මෙන්න වගේ.
“හොදයි.ඔයා දැන් යන්න.මීට පස්සේ මේ වගේ හොරුන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න……”
“තමුංට මං මේ අන්තිමට පාරට අවවාද කරන්නෙ තේරුනාද?🤬😡මීට පස්සෙ මේ වගේ වැරදි කරලා අහුවුනොත් එහෙම කිසිම සමාවක් නෑ දානවා කූඩුවට.අදට තමුසෙට සමාව දෙනවා. දැන් යනවා……”🤬🤬
“එහෙනම් මැඩම් මං යනවා.බායි. පරිස්සමින් ඉන්න……”
ක්‍රිෂාන් ගියාට පස්සෙ අමිත් මං ගාවට ආවා.අමිත්ගෙ මුහුණේ තිබ්බේ අමුතු විදියෙ හිනාවක්.😁
“ඇයි අමිත් මේ අමුතු විදියට හිනා වෙන්නේ?……”
“මැඩම්ට හිතෙන්නෙ නැද්ද අර මාල කේස් එක ක්‍රිෂාන් කරපු රගපෑමක් කියලා……”
“අමිත්…..මට ඒකෙ පොඩි සැකයක් හිතුණා.ක්‍රිෂාන්ට මාලයක් කඩන්න තරම් මොකක්ද තියන උවමනාව කියලා.අනික, ඒ මාලෙ ඉමිටේෂන් එකක්.අතට ගද්දිම මට ඒක තේරුනා.ක්‍රිෂාන්ට හොදට සල්ලි තියනවා.මාලයක් කඩලා ජීවත් වෙන්න තරම් එයාට උවමනාවක් නෑනෙ……”
“මැඩම්….මං මෙහෙම කිව්වට තරහ ගන්න එපා.මං මේ කියන්නෙ මට හිතෙන දේ……”
“කියන්න අමිත්.මං එහෙම මොකුත් හිතන්නෙ නෑ…..”
“මැඩම්…..ක්‍රිෂාන් මැඩම් ගැන හිතනවා වගේ……”
“මං ගැන හිතනවා.🤔🤔ඒ මොනවද අමිත්…..”
“මැඩම්…..ක්‍රිෂාන් මැඩම්ට ආදරේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද?……”
“මොකක්😱අමිත් මොනවද මේ කියන්නේ?අමිත් කොහොමද එහෙම දෙයක් දන්නෙ?……”
“මැඩම්…..අපි එදා වීරකෝන් මුදලාලි ගැන විස්තර හොයන්න හැටේ වත්තට ගියේ. මැඩම්ට මතකයිනෙ.අද ආපු ඔය ගෑනු ළමයා එදා ක්‍රිෂාන්ගෙ ගෙවල් ලග ඉන්නවා මං දැක්කා.අනික,මැඩම් ක්‍රිෂාන්ගෙ ෆෝන් එකේ වෝල් පේපර් එකේ තියෙන්නේ මැඩම්ගෙ ෆොටෝ එකක්……”
අමිත් මේ කියන දේවල් ගැන ඇත්තක් තියනවද කියලා මට හිතුණා.ක්‍රිෂාන්ගෙ එහෙම අමුත්තක් මං අද දැක්කා.එයාගෙ ඇස් තිබුනේ කෙලින්ම මං ගාවමයි.
“හරි.අමිත් දැන් යන්නකො.උවමනාවක් වුනොත් මං කතා කරන්නම්……”
හවස හයට විතර මං ඩියුටි ඕෆ් වෙලා ගෙදර ගියා.හෙට දවසෙ නිවාඩුවක් තියන හින්දා ටිකක් වෙලා වැඩිපුර නිදා ගන්න පුලුවන්.ගෙදරට ගිය හැටියෙම බාතෲම් එකෙන් හොදට නාගෙන රෑට කෑමත් කෑවා.
“අම්මේ……”
“ඇයි දුව……”
“තාත්තගෙ දානෙට තව මාස තුනයි නේද තියෙන්නේ……”
“ඔව් දුව.හැම අවුරුද්දකම වගේ අපි මේ සැරේත් දානෙ පන්සලට දෙමු.තව අසරණ දුප්පත් දරුවන්ට ඉස්කෝලේ පොත් පත් ටිකක් එහෙම අරන් දෙමු.අවුරුදු හයක් ගිය ඉක්මන.මට නම් අද ඊයෙ වගේ මතකයි……”😥
අම්මගේ ඇස් වලට කදුලු පිරෙන හැටි මං දැක්කා.පව්.මට අම්මා ගැන දුක හිතුණා. තාත්තා අම්මට ගොඩාක් ආදරේ කරා.
“දුක් වෙන්න එපා අම්මි.තාත්ති කොහේ හරි හොද තැනක ඉපදිලා ඇති……”
🌃
උදේ නැගිටිද්දී වෙලාව අටත් පහු වෙලා තිබුනා.නිදිමතක් දැනුනත් මුහුණ කට හෝදලා දත් මැදලා මං කිරි එක බිව්වා. අද නිවාඩු දවස හින්දා මට නිකමට වගේ හිතුණා බීච් එක පැත්තේ ගියා නම් හොදයි කියලා.
“අම්මා මං බීච් එක පැත්තේ ගිහින් එන්නද?……”
“ආ ඒක හොදයි.ඔයාට අදනෙ විවේකයක් ලැබුනේ.ගිහින් විනෝද වෙලා එන්න. නිදහසකුත් තියෙන්න ඕනි……”
නිල් ඩෙනිම් කලිසමට සැහැල්ලු ටී ෂර්ට් එකක් ඇද ගත්තු මං ත්‍රීවීලර් එකක් හයර් කරගෙනම බීච් එක ගාවට ගිහින් බැස්සා.අද නිවාඩු දවස හින්දා ටිකක් සෙනග මුහුදු වෙරලෙ හිටියා.වැඩිය සෙනග නැති පැත්තකට ගියේ මං අඹ අච්චාරු මල්ලකුත් අරගෙනමයි.ගල් බංකුවක් උඩ ඉදගෙනම මං මුහුද දිහා බලාගෙනම අඹ අච්චාරු වල රස විදින්න පටන් ගත්තා.ටික වෙලාවක් යද්දී කව්දෝ මන්දා මං ඉදගෙන හිටපු බංකුවේ පැත්තකින් වාඩි වුනා.මං ඔලුව උස්සලා බැලුවා කව්ද කියලා.මං ගාවින් වාඩි වුනේ වෙන කව්රුවත් නෙවෙයි ක්‍රිෂාන්.
“ආ මැඩම්……”
මට ක්‍රිෂාන්ව දකිද්දී ඊයෙ අමිත් කියපු කතාව මතක් වුනා.මට ඒ මුහුණ දිහා බලන්න අපහසුතාවයක් දැනුනා.
“මොකද මැඩම් සද්දෙ නැත්තේ.බුදු අම්මෝ පොලීසියේදි නම් මැඩම්ගෙ කටේ සද්දෙ බලන්න එපායැ…..”😀😁
“ඒ පොලීසියේදී.මෙතෙන්ට මං ආවෙ ඩියුටි කරන්න නෙවෙයි…..”😠
“ආව්ශ්……ඔය ඇරුනෙ කට…..”😁😀
ඒ පාර ක්‍රිෂාන් මං දිහා බලලා හිනා වෙන්න පටන් ගත්තා.ක්‍රිෂාන් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් කියලා මට හිතුණා.
“ඉතිං මැඩම්…..අද මොකෝ බීච් එක පැත්තේ ආවේ……”
“ඇයි බීච් එකට මං ක්‍රිෂාන්ගෙන් අවසර ගන්න ඕනිද?……”
“අප්පෝ නෑ.මැඩම්ට ඕනම වෙලාවක බීච් එකට එන්න පුලුවන්.ඒක නෙවෙයි මැඩම් මගෙ නැන්දම්මා එහෙම සනීපෙන්ද?……”
“මොන නැන්දම්මද?ක්‍රිෂාන්ගෙ නැන්දම්මා සනීපෙන්ද කියලා මං කොහොමද දන්නේ……”
“මං ඇහුවේ…..මැඩම් ඔයාගෙ අම්මා ගැන……”
“මොකක්?….මගේ අම්මා කොහොමද ක්‍රිෂාන්ගෙ නැන්දම්මා වුනේ……”
මං ඇහුවේ ටිකක් සැරෙන් වගේ.ක්‍රිෂාන් එන්න හදන්නේ මොකටද කියලා මට හොදටම තේරුණා.😠
“ඇයි?මට බැරිද මැඩම් ඔයාගෙ අම්මව මගේ නැන්දම්මා කරගන්න……”😀
“බැහැ……”
“බැහැ නෙවෙයි පුලුවන්……”😁
එහෙම කියලා අනවසරයෙන්ම ක්‍රිෂාන් මගේ අතින් අල්ල ගත්තා.මට මොකුත් හිතාගන්න වෙලාවක් තිබුනේ නෑ.කවුරු හරි දැක්කොත් ඒක හොද නෑ.මං අනිත් අතින් ක්‍රිෂාන්ගෙ කම්මුලට පාරක් ගැහුවා.කම්මුල් පාරත් කාගෙන ක්‍රිෂාන් මගේ දිහා බලාගෙන හිටියා.ඒ ඇස් වල තරහක් වෛරයක් ගෑවිලාවත් තිබුනෙ නෑ.ඒ වෙනුවට තිබුනේ උතුරා යන තරමේ අහිංසක බවකුත් එක්ක ආදරණීය බවක්.මං තවත් එතන නොරැදී නැගිටලා එන්න හැදුවා.
“මැඩම්…..ඔයා මට ගැහුවට කමක් නෑ.මං තරහ නෑ.පොඩ්ඩක් මං කියන දේත් අහනවද?……”
“මොකක්ද?…..”
“මං කෙලින්ම කියන්නම්.මං මැඩම්ට ආදරේ කරනවා.ඊයෙ අර මාලෙ කඩපු එක ඇත්තක් නෙවෙයි.මට ඔයාව දකින්නෙ නැතුව ඉන්න බැරි වුනා.ඒ ගෑනු ළමයා මගෙ නංගිගෙ හොදම යාලුවා.අපි දෙන්නා කතා වෙලා ඒ වැඩේ කරේ.මට සමාවෙන්න.ඒත් මං ඔයාට ආදරෙයි ආරාධ්‍යා.මාව තේරුම් ගන්න.මං වැරැද්දකට කරා නම් කරේ වීරකෝන් මුදලාලිගෙන් මගේ නංගි මරපු පලිය ගන්න ඌට මන්නෙන් කොටපු එක විතරයි……”