ලියාපදිංචි නොකරන ලද නව ජංගම දුරකථන වල ඇතුලත් සිම් කාඩ් පත් හෙට (01) දිනයේ සිට අවලංගු කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසනවා.

විදුලි සංදේශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් ඔෂද සේනානායක උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය මේ බව සඳහන් කර සිටිනවා.

කෙසේ වුවත් විදේශ රටවල සිට ජංගම දුරකථන ගෙන්වීම් සිදුකරන තනි පුද්ගලයින් හට www.trc.gov.lk වෙබ් අඩවිය ඔස්සේ සිය දුරකථනය ලියාපදිංචි කිරීමේ හැකියාව ඇත.

” විදුලි සංදේශන කේෂ්ත්‍රයේ සිදුවන බහුවිධ තාක්ෂණික වර්ධනයන් හේතුවෙන් වෙළඳපලෙහි කොන්දේසි මත පදනම්ව ටෙලිකොම් රේගුලාසි වෙනස්වේ. එබැවින්, සිම් කාඩ් පතක් සමග ක්‍රියාත්මක වන විදුලි උපකරණ වන විදුලි සංදේශන උපකරණ TRCSL විසින් නිකුත් කරනු ලබන විකිණුම් බලපත්‍රයක් ඇති අලෙවිකරුවන් ගෙන් මිලදී ගන්නා ලෙස මහජනතාවට උපදෙස් ලබාදී ඇත.

බලපත්‍රලාභී වෙළෙන්දන්ට සුදුසුකම් ලබන්නේ TRCSL විසින් ලබා දෙන අනුමත ස්ටිකරයක් සමග පමණි. TRCSL විසින් අනුමත කරන ලද ජංගම දුරකථන හෙට දින යලි ලියාපදිංචි කිරිමට නොවන බවයි” විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටින්නේ.
පාරිභෝගිකයින්ට තමන් මිලදී ගන්නා ජංගම දුරකථන හා ඊට ඇතුලත් ස්ටිකරය නිත්‍යානුකූලද යන්න සම්බන්ධයෙන් සිය දුරකථනයේ අඩංගු අංක 15කින් යුත් එමි අංකය අංක 1909 ට SMS කිරීමෙන් තහවුරු කර ගත හැකියි.

ව්‍යාජ ජංගම දුරකථන ශ්‍රී ලංකාවට ඇතුල්වීම වැළැක්වීමට මෙම පියවර ගන්නා බවත් ලියාපදිංචි නොකල ජංගම දුරකථන උපාංග ඉදිරියේදී විසන්ධි කිරිමට පියවර ගන්නා බවයි TRCSL අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.