🔥හදවතේ ගින්දර🔥 – 🌺3 වන කොටස🌺

“මැඩම්…..අර හොස්පිටල් එකේ ඉන්න මනුස්සයගේ තත්වෙ දැන් ගොඩක් දුරට හොදයි.සමහර විට දැන් අපිට ඒ මනුස්සයගෙන් කට උත්තරයක් ගන්න පුලුවන් වෙයි……”

“ඔව් ඒක හොදයි අමිත්.මට හිතෙනවා අර ක්‍රිෂාන් කියන මිනිහා කියන කතාවේ ඇත්තක් තියනවා කියලා.අපි කොහොමත් ඔය මනුස්සයගෙන් ඒ ගැන අහන්න ඕනි……”

අමිතුයි මායි දෙන්නම හොස්පිටල් එකට ගියා ඒ මනුස්සයගෙන් කට උත්තරයක් ගන්න.අපිව දැක්කා විතරයි ඒ මනුස්සයා හොදටම බය වුනා.ඒ බය වෙච්ච විදියට කියන්න පුලුවන් මේ මිනිහා ක්‍රිෂාන්ගෙ නංගිගෙ මරණෙට මොකක් හරි සම්බන්දයක් තියනවා කියලා.ක්‍රිෂාන් මිනිහට මන්නෙන් කොටපු එක ගැන කට උත්තරයක් ගත්තා.ක්‍රිෂාන්ගෙ නංගිගෙ මරණෙ ගැන මිනිහගෙන් ඇහුවත් මිනිහා ඒකට හරි උත්තරයක් දුන්නේ නෑ. මොනවා හරි දෙයක් අපෙන් හංගනවා කියලා මට දැනුනා.

“ඒ කියන්නේ වීරකෝන් මුදලාලි ක්‍රිෂන්ගෙ නංගිගෙ මරණෙ ගැන මොකුත්ම දන්නෙ නෑ කියන එකද?…..”

“ඔ…ඔව් මැඩම්.මං මො….මොකුත් දන්නෙ නෑ…..”

“එහෙනං එදා හවස වීරකෝන් මුදලාලි ගගට ගියේ ඇයි?අපිට ලැබිච්ච අනික් තොරතුරු වල හැටියට නම් මුදලාලි නාන්නෙ ඔය ගගෙන් නෙවෙයි.ගම මැද්දෙ තියන ඇලෙන්.මුදලාලිට පීනන්නත් බෑ……”

ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් වීරකෝන් මුදලාලිට තිබුනේ නෑ.වාට්ටුවේ ෆෑන් එක දාලා තිබ්බත් මුදලාලිගේ මුහුණ පුරාම දාඩිය දාලා තිබුනා.මං තවත් කොයි තරම් ප්‍රශ්න ඇහුවත් මිනිහට ඒ කිසිම දේකට උත්තර දීගන්න බැරිවුනා.

“මේ අහනවා තමුං අපි අහපු කිසිම ප්‍රශ්නෙකට උත්තර දුන්නෙ නෑ.ඒ කියන්නේ තමුං මේ මරණෙට වග කියන්න ඕනි කියන එකනෙ.තමුසෙගෙ නිහැඩියාව අපිට ගොඩාක් දෙවල් තේරුම් කරා.දැන් අපි යනවා.හැබැයි තමුංට නීතියෙන් ගැලවීමක් නෑ……”😡😡

පොලිස් ස්ථානයට ආපු ගමන්ම කරේ ක්‍රිෂාන්ව ලගට ගෙන්නගෙන එයාගෙ නංගී ගැන තොරතුරු අහපු එකයි.

“නංගිගෙ නම මොකක්ද ක්‍රිෂාන්……”

“ආලෝකා සෙව්වන්දි…..”

“වයස?…..”

“පහළවයි…..”

“මට කියන්න ක්‍රිෂාන් ඔයාගෙ නංගි එච්චර හවස් වෙලා ගග අයිනෙ මොකද කරේ……”

“මැඩම් මගෙ නංගී නැටුම් පන්තියකට යනවා ගගෙන් එගොඩ.පාලමෙන් එගොඩ වෙලාමයි යන්නේ.එදා පන්ති ඇරිලා එද්දී තමයි ඔය සිද්දිය වෙලා තියෙන්නේ.හවස පහට විතර……”

“නංගිව එක්කන් එන්න කවුරුවත් ගියෙ නැත්තෙ ඇයි?ගෑනු ළමේක්ව තනියම ඔය වෙලාවට එවන්න හොද නෑනෙ……”

“වෙනදාට නංගී තනියම නෙවෙයි මැඩම් යන්නේ.එයාගෙ යාලුවත් එක්ක.ඒ යාලුවගෙ අම්මා හරි තාත්තා හරි යනවා එයාලා දෙන්නව එක්කන් එන්න.ඒත් එදා අවාසනාවට නංගිගෙ යාලුවා පන්ති ගියේ නෑ.අපි ඒ ගැන දැන ගත්තේ නංගි ගගේ ගිලුනටත් පස්සේ……”

“නංගිගෙ යාලුවා එදා පන්ති ගියේ නැත්තෙ ඇයි?……”

“මැඩම්…..ඒ නංගිට උණ හැදිලා තිබුනා කිව්වා.උණ වැඩි හින්දා පන්ති ගියේ නෑ කිව්වා……”

“හරි.මං මේ ගැන බලනවා.අමිත්….. මෙයාව අරං යන්න…..”

දින තුන හතරක් ගෙව්නා.ක්‍රිෂාන්ගෙ ගම හැම තැනකම ඇවිදල්ලා එයාගෙ නංගිගෙ තොරතුරු කිහිපයක්ම හොයා ගත්තා.

“මැඩම්…මැඩම්…..”

“ඇයි සිල්වා මේ කලබලෙන් වගේ……”

“මැඩම්….අර වීරකෝන් මුදලාලිගෙ ටිකට් කපලා.ඒ මිනිහා ඇවිත් ඉන්නවා.මැඩම් එක්ක කතා කරන්න ඕනිලු…..”

“එන්න කියන්න…..”

ටික වෙලාවකට පස්සේ වීරකෝන් මුදලාලි මං ඉන්න තැනට ආවා.හරිම පසුතැවිලි ගතියක් ඒ මුහුණෙ තිබුනේ.

“මැඩම්…..මට සමාවෙන්න…..”🙏

“ඒ මොකටද?……”

“තව දුරටත් මේ ගැන හංගගෙන මට ඉන්න බෑ.මගේ හිත හැම වෙලම මට වද දෙනවා.මං මහා අපරාධයක් කරපු මිනිහෙක් නෝනා.අර ක්‍රිෂාන්ගෙ නංගිව මැරුවෙ මමයි නෝනා.ඒ දරුවත් එක්ක මගෙ තුන් හිතකවත් අමනාපයක් නෑ. ඒත්…….”😫

“එහෙනං ඇයි ඒ ලමයව ගගට තල්ලු කරේ?……”🤬

“මැඩම්….එදා උදේ මගේ අරක්කු වාඩිය අල්ලන්න පොලීසියෙන් පැන්නා. බොහොම අමාරුවෙන් මං පොලීසියෙන් බේරිලා කැලේ පැන්නේ.පොලීසියෙන් වාඩියේ තිබ්බ හැම දෙයක්ම විනාශ කරලා තිබුනා.මං හැම තැනකම හෙව්වා පොලීසියට ඔත්තුව දුන්නෙ කව්ද කියලා. බලනකොට පොලිසියට ඔත්තුව දීලා තියෙන්නේ ආලෝකා දුව…..”

මට හිතා ගන්න බැරි වුනා අරක්කු වාඩිය ගැන පොලීසියට ඔත්තුව දෙන්න තරම් මේ ගෑනු ලමයගේ හිත දැඩි වුනේ කොහොමද කියලා.

“හරි.ආලෝකා කියන්නේ අවුරුදු පහලොවක ගෑනු ලමේක්.ගමේ ඉන්න නොම්මර එකේ චන්ඩියෙකුට විරුද්ධව පොලීසියට ඔත්තු දෙන්න තරම් මේ ලමයගේ හිත ප්‍රබල වුනේ කොහොමද?මේ ලමයට හරි එයාගෙ පව්ලෙ අයට හරි මුදලාලිත් එක්ක මොකක් හරි ආරවුලක් තිබ්බද?……”

“ඒ ලමයගෙ තාත්තා හැමදාම හවසට අරක්කු බොන්නේ මගෙන්.සමහර දවස් වල උදේ ඉදන් රෑ වෙනකල් මගේ වාඩියෙ තමයි ඉන්නේ.සිරිපාල පුදුම විදියට බීමට ඇබ්බැහි වුනේ.අන්තිමට බීල බීලම ඒ මිනිහා මළා.මමයි ඒ මිනිහට බොන්න දීලා මරා ගත්තේ කියලා ආලෝකා ලමයා සිරිපාලගේ මිනිය යට කරපු දවසේ හොදටම අඩ අඩ කෑගැහුවා.ඒ පලිය තමා අරක්කු වාඩිය පොලීසියට අල්ලලා දීලා මගෙන් ගත්තේ…….”

වෙච්චි හැම දෙයක්ම වීරකෝන් මුදලාලි උසාවියේදී පිලි ගත්තා.ක්‍රිෂාන්ව නිදහස් කෙරුවා.වීරකෝන් මුදලාලිව ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වුනා.

“මැරිච්ච මගේ නංගී වෙනුවෙන් යුක්තිය ඉශ්ට කරන්න මැඩම් ගොඩාක් මහන්සි වුනා.මැඩම්ට ගොඩාක් සතූතියි……”🙏🙏

ක්‍රිෂාන් පොලීසියේ ඉදන් යද්දී මට ඒ විදියට කිව්වා.

“මේක අපේ රාජකාරිය ක්‍රිෂාන්.දැන් ක්‍රිෂාන් ගෙදර යන්න.ආයෙ නිතිය අතට අරන් සේල්ලං කරන්න ලෑස්ති වෙන්න එපා…..”😠

මං ක්‍රිෂාන්ට ඒ විදිහෙ අවවාදයක් දුන්නා.

“හොදයි මැඩම් මං ගිහින් එන්නම්…..”

“ආයෙ මෙහෙ එන්න එපා ක්‍රිෂාන්…..”

“එන්නමයි හිතෙන්නේ……”🤣😂

“මොකක්ද කිව්වේ…..”🤬🤬

“න්….නෑ මොකුත් නෑ මැඩම්.මං යනවා…..”

ටික වෙලාවකින් අමිත් මං ගාවට ආවා.

“ඇයි අමිත්?……”

“මැඩම්…..අර ක්‍රිෂාන්ට නම් පිස්සු හැදිලා වගේ……”

“ඇයි අමිත් එහෙම කියන්නේ?……”

“නෑ මැඩම්.මං කීප දවසක්ම බලාගෙන හිටියේ ක්‍රිෂාන් කූඩුවේ ඉන්නැද්දීත් බලාගෙනම හිටියේ මැඩම්ගෙ රූම් එක දිහාමයි.මැඩම්ගෙ මූණ දිහා බලාගෙනම ඉන්නවා.දැන් යද්දී මැඩම්ගෙ ෆෝන් නම්බර් එක මගෙන් ඉල්ලුවා.මං දුන්නෙ නම් නෑ……”

🔥🔥🔥නැවත හමුවෙමු🔥🔥🔥

සියලු හිමිකම් කතෘ සතුය