ලෝකයේ ආහාර වර්ග ඉතා විශාල සංඛ්‍යාවක් තිබෙන අතර ඒවා එක් එක් මිල ගනන් වෙනවා. සමහර ආහර වරග නම් සාමාන්‍යය අයට මිලදී ගත නොහැකි තරම් මිල අධික බව ඔබ දන්නවා. රැජිණිය අපි අද ඔයාලට අරගෙන එන්නේ ඔබ පුදුම වන තරම් මිල අධික ආහාර වර්ග කිහිපයක්.
- මට්සුටාකේ මෂ්රූම්ස්

මට්සුටාකේ මෂ්රූම්ස් කියන්නේ ලෝකයේ ඉතාම දුර්ලබ හතු වර්ගයක්. මෙහි මිල කිලෝග්‍රෑම් එකක් ඩොලර් 600ක් පමණ වනවා. මෙම හතු වර්ගය ජපානයට පමණක් ආවේනික වූ හතු වර්ගයක් වුනත් ආසියාවේ තවත් රටවල් කිහිපයකත් මෙය ඉතා සුළු වශයෙන් තිබෙනවා. නමුත් මෙම හතු වර්ගය ආක්‍රමණශීලී ශාඛ නිසාත් කෘමීන්ගෙන් ඇතිවන උවදුරු නිසාත් සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. මෙම හතු වර්ගය වගා කිරීමට නොහැකි නිසා ලෝකයෙන් නුදුරු අනාගතයේදී සම්පූර්ණයෙන් වඳ වී යාමට නියමිතය.
- කොපි ලුවාක් කෝපි

මෙම කෝපි වර්ගය ඉන්දුනීසීයාව, පිලිපීනය හා දකුණු ඉන්දියාව වැනි රටවල කර්මාන්ත මට්ටමින් නිෂ්පාදනය කරනවා. ලෝකයේ ඇති මිල අධිකම කෝපි වර්ගය වන්නේ ද මෙම කෝපි වර්ගයයි. මෙහි කිලෝග්‍රෑමයක මිල ඩොලර් 250 ත් 1200ත් අතර උච්ඡාවචනය වෙනවා. ඒවා සැකසුම් කරන ක්‍රියාවලියේ ඇති සුවිශේෂීත්වය නිසා මෙය ලෝකය පුරා ඉතා ජනප්‍රියයි.
- වයිට් පර්ල් ඇල්බිනෝ කැවියර්

වයිට් පර්ල් ඇලිබිනෝ කැවියර් කියන්නේ ඇල්බිනෝ ස්ට්‍රජන් කියන මාළුවාගේ බිත්තර වලින් සාදන කෑමක්. මෙම මාළු වර්ගය කැස්පියන් මුහුදට සුවිශේෂි වූ විශාල මාළු වර්ගයකි. මෙහි කිලෝග්‍රෑම් එකක මිල ඩොලර් 9200ක් පමණ වෙනවා. මේවා ඒ තරම් මිල අධික වීමට හේතුව වන්නේ මෙම ඇල්බිනෝ ස්ට්‍රජන් මාළුවා බිත්තර දමන්නේ ඉතා කලාතුරකින් වීමයි.
- ස්වැලෝස් නෙස්ට් සුප්

මෙම සුප් එක සාදනු ලබන්නේ ස්වැලෝ කියන කුරුල්ලාගේ කූඩුවෙනි. මෙම කුරුල්ලන් ඔවුන්ගේ කූඩුව තනන්නේ වෙනත් කිසිදු අමු ද්‍රව්‍යයක් නොමැතිව ඔවුන්ගේ කෙළ වලිනි. මෙම ආහාරය චීනය තුළ ඉතා ජනප්‍රිය වන අතර මිල ද අධික වේ. මේවා කිලෝ එකක් ඩොලර් 3000ක් පමණ වෙනවා. මේවා මෙතරම් මිල අධික වීමට හේතුව වන්නේ ඒවා එකතු කිරීම ඉතා අනතුරු දායක වීමයි. මොකද මෙම කුරුල්ලන් කූඩු සාදන්නේ ඉතා දරුණු කඳු බෑවුම් වලය. මේවා කැඩීමට යාමේදී පහලට ඇද වැටීමේ අවදානම ඉතා ඉහළයි.
- කුංකුම

කුංකුම එහෙමත් නැත්නම් සැෆ්‍රන් යනු ඉතා මිල අධික කුළු බඩු වර්ගයට අයත් ආහාරයක්. මෙහි මිල කිලෝග්‍රෑමයක් ඩොලර් 400 සිට 1000 දක්වා විය හැකිය. මේ තරම් මිල අධික වීමට හේතුව වන්නේ, කුංකුම හටගන්නේ සරත් ඍතුවේදී වසරකට දින 7ක් පමණක් වීමයි. ඒවා අතින් එකතු කොට සකස් කරනු ලබයි. කුංකුම කිලෝග්‍රෑම් එකක් සාදා ගැනීමට කුංකුම මල් 300,000ක් පමණ එකතු කළ යුතුය.
- වයිට් ට්‍රෆ්ල්ස්

වයිට් ට්‍රෆල්ස් යනු සුදු පාට හතු වර්ගයකි. මේවා වැවීම සදහා සුවිශේෂී වටපිටාවක් අවශ්‍යයි. එසේම මේවා සකස් කිරීමටත් එකතු කිරීමටත් විශේෂ ක්‍රමවේදයක් පවතිනවා. ඒ වගේම මේවා ඉතාම රසවත් හා සුවඳක් ඇති ආහාර වර්ගයක්. මේවා කිලෝග්‍රෑම් එකක් යුරෝපය තුළ ඩොලර් 2100ක් පමණ වනවා.
- අයාම් සෙමනි බ්ලැක් චිකන්

අයාම් සෙමනි කුකුළන් වැඩි පුරම බෝ කරන්නේ ඉන්දුනීසියාවේ ය. නමුත් කුරුළු උණ අවදානම නිසා වෙනත් රටවලට මේවා අපනයනය කරන්නේ නැත. මෙම කුකුළන් බෝ කිරීම ඉතා දුර්ලබ නිසා මේ එක් පැටියෙක් ඉන්දුනීසියාව තුළ ඩොලර් 200ක් පමණ වනවා. ඉන්දුනීසියාවෙන් පිටත මේ පැටියෙක් ඩොලර් 1000ට ආසන්න වනවා. මැලේසියාව තුළ නම් මෙම අයාම් සෙමනි කුකුළන් ඉතා සුලබයි. එම නිසා ඒවායේ මිල අනෙක් සාමන්‍ය කුකුල් මස් වලට වඩා ගොඩාක් වෙනස් වන්නේ නැත.
- ජපන් වග්‍යු ස්ටේක්

වග්‍යු ස්ටේක් සාදනු ලබන්නේ ජපන් හරක් මස් වලිනි. මෙය ලෝකයේ ඇති ඉතාම රසවත් ආහාර වර්ග වලින් එකකි. මෙම මස් වල ඉතා සුවිශේෂී සුවඳක් ඇත. මාබල් කිරීම සදහා ඇති දෙවන හොදම වර්ගය වන්නේද මෙයයි. මෙම මස් නිෂ්පාදනය සදහා ගන්නා හරකුන්ගේ පැටවුන් සම්බාහනය කිරීමත්, බියර් පානයට දීමත්, ශස්ත්‍රීය සංගීතය ඇසෙන්න සැලැස්වීමත් සිදු කරයි.
- ඩ්‍රයි-කියෝර්ඩ් අයිබීරියන් හැම්

ලෝකයේ ඇති මිල අධිකම හැම් වර්ගය වන මෙය ස්පාඥයේ නිෂ්පාදනය කරයි. මේ සදහා යොදා ගන්නා අයිබීරියානු ඌරා තනිකරම පෝෂණය වන්නේ ඕක් ගෙඩි හා ඔවුන් වෙනුවෙන් වෙන් කළ ප්‍රදේශ වල ඇති තණකොළය. මෙහි මිල කිලෝග්‍රෑම් එකක් ඩොලර් 392ක් පමණ වේ.
- මූස් චීස්

ලෝකයේ ඇති මිල අධිකම චීස් වලින් එකක් තමයි මූස් චීස් කියන්නේ. මේවා නිෂ්පාදනය කරන්නේ ස්වීඩනයේ මූස් හවුස් ගොවිපළේ පමණක් වීම විශේෂත්වයක්. මේවා නිෂ්පාදනය කරන්නේ මූස් කිරි වලිනි. මූස් චීස් සුදු පැහැයෙන් යුක්තයි. මූස් චීස් කිලෝග්‍රෑම් එකක් මිල ඩොලර් 1074ක් පමණ වන අතර මේවා නිෂ්පාදනය කරන්නේ ඉතා ස්වල්ප වශයෙනි.
- කෙසෙල්

කෙසෙල් කිව්වට මේවා ස්වභාවිකව හැදෙන කෙසෙල් නම් නෙමෙයි. මෙවා නිර්මාණය කරන්නේ ස්ටෙෆාන් බ්‍රශ් කියන කලාකරුවාය. ඔහු මේ සදහා ඉතා ජනප්‍රියයි. මේවායේ මිල ඩොලර් 3500ක් පමණ වනවා.
වැඩියෙන් එකක්: හැඩතල පලතුරු

පෙට්ටි හැඩයක් තියෙන ඇපල් ගෙඩියක්? හාට් එකේ හැඩයක් තියන කොමඩු ගෙඩියක්? මේවා නිර්මානය කරන්නේ පළතුරු වර්ධනය වනවාත් සමගම එම පලතුරු වටා ප්ලාස්‍ටික් හැඩතල තුල වර්ධනය කිරීමෙනි.මේවා සාමාන්‍ය පළතුරු වලට වඩා ගොඩක් මිලෙන් වැඩිය.