🔥හදවතේ ගින්දර🔥 – 🌺2 කොටස🌺


❤️🔥මං ඒ ෆයිල් එකත් අතේ තියාගෙන කල්පනා කරේ ඒ ගෑනු ළමයට සිද්ද වෙලා තියන අසාදාරනේ ගැනයි.පව්. සල්ලිකාර ජරා මිනිස්සුන්ගෙ තියන බලපුළුවන්කාරකම් හින්දා මේ වගේ අසරණ ගෑනු ළමයි කී දෙනෙක්ගෙ ජීවිත අනතුරේ වැටිලා ඇත්ද?උන්ට මේ දුප්පත් අසරණ කෙල්ලො සෙල්ලම් බඩු වගේ😡🤬ඇමතියගෙ පුතාට පාඩමක් උගන්නන්න ඕනි කියන සිතුවිල්ල මගේ හිතේ තිබුනා.😡

“මැඩම්,ඔයාව හම්බවෙන්න අර ගෑනු ළමයා ඇවිත්…..”

අමිත් ඉක්මන් ගමනින් මගේ ලගට දුවගෙන ඇවිත් එහෙම කිව්වා.

“මොන ගෑනු ළමයද අමිත්??…..”

“අර ජයසේකර ඇමතිතුමාගෙ පුතාගෙ කේස් එකේ ගෑනු ළමයයි එයාගෙ අම්මයි……”

“ඒ දෙන්නට එන්න කියන්න අමිත්…..”

තප්පර කිහිපයකට පස්සේ අවුරුදු පනහක විතර පෙනුම ගෑනු කෙනෙකුයි, අර ගෑනු ළමයයි ආවා.එයාට නම් අවුරුදු විසි දෙකක විතර පෙනුමක් තිබ්බේ.

“දෙන්නම වාඩි වෙන්න…..”

මං ඒ දෙන්නට වාඩි වෙන්න කිව්වා.ඒ දෙන්නගෙ මුහුණු වල තිබුනේ බිය ගතියක්.ලොකු අසරණකමක් ඒ මුහුණු වලින් පෙනුනා.ඒ ගෑනු ළමයා නම් අඩන්න ඔන්න මෙන්න වගෙයි හිටියේ.

“අනේ නෝනා බලන්නකෝ මගෙ කෙල්ලට කරපු අපරාධෙ.අනේ මගෙ අහිංසකී කොහොමද දැන් ලෝකෙට මුහුණ දෙන්නෙ…..”😭😭😭

ඒ ගෑනු ළමයගේ අම්මා අඩා වැලපෙමින් වෙච්චි සිද්දිය සේරම මට කිව්වා.මං ඒ හැම දෙයක්ම හොදට ඇහුම්කන් දුන්නා.

“හරි.මට දැන් කියන්නකෝ මේ සිද්දිය වුනේ කවද්ද කියලා.ඊට කලිනුත් ඔයාට මේ සංජීව ජයසේකරගෙන් මොනවහරි අයුතු බලපෑම් එහෙම තිබුනද?……”

මං ඒ ගෑනු ළමයගෙන් එහෙම ඇහුවා. ඒත් ඒ ගෑනු ළමයා මට උත්තර දෙන්න බය වුනා.ඒ දෙන්නගෙම මුහුණු වල ඉරියව් හොදින් පරීක්ෂා කරපු මං එක දෙයක් තේරුම් ගත්තා.මෙයාලා මං අහන ප්‍රශ්න වලට උත්තර නොදී ඉන්නේ ඇමතිගේ කට්ටිය මෙයාලා දෙන්නව බය කරලා ඇත්තේ.

“ඔයාලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මං අහන දේවල් වලට උත්තර දෙන්න. ඔයාට අසාදාරණයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ.අපි ගැන විශ්වාස කරන්න. අපි ඔයාලට් උදව් කරනවා. ඇමතිගෙන්වත්,එයාගෙ පුතාගෙන්වත් ඔයාලා දෙන්නට කිසිම ප්‍රශ්නයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ.නීතිය ඔයාට යුක්තිය ඉශ්ඨ කරනවා……”

මං ඒ ගෑනු ළමයගෙයි,එයාගෙ අම්මගෙයි හිතේ තිබුනු බිය තුරන් කරා.

“අනේ නෝනා….අපි නෝනා ගැන විශ්වාසෙ තියලයි මෙතෙන්ට ආවෙ. නෝනා මගේ කෙල්ලට යුක්තිය ඉශ්ඨ කරයි කියලා මං දන්නවා…..”😭🙏

“ඔයාලා මං ගැන තිබ්බ විශ්වාසෙ කිසිම විදියකින් කඩ කරන්නෙ නෑ…..”

“නෝනා……සංජීව සර් කිහිප වතාවක්ම මං උගන්නන පෙර පාසල ගාවට ඇවිත් මට එක එක යෝජනා කෙරුවා.මට ගොඩක් ආදරෙයි කිව්වා.මාව කසාද බදින්න කැමතියි කිව්වා.මගෙ හිත දිනා ගන්න තව ගොඩාක් දේවල් කියලා මාව වර්ණනා කෙරුවා.ඒත්…..නෝනා මං සංජීව සර්ට තේරුම් කරලා දුන්නා අපි අහසයි පොලවයි වගේ.අපි හරිම දුප්පත් මිනිස්සු.මගේ පස්සෙන් එන්න එපා කියලා මං සංජීව සර්ට බැන්නා……”

“ඊට පස්සෙ මොකද වුනේ….”

“සංජීව සර්ගෙ හිතේ තියන දේවල් ඉශ්ඨ වෙන්නෙ නෑ කියලා තේරුම් ගත්තට පස්සෙ එයා මට සෑහෙන තර්ජනේ කරා. මං පොලීසි යනවා කිව්වම සංජීව සර් මට බැනලා තර්ජනේ කරා පොලීසි ගියොත් මාව මරණවා කියලා.මං හිටියේ හරිම බයෙන් නෝනා.😭😭එක දවසක් මං මොන්ටිසෝරිය ඇරිලා ගෙදර යද්දී කව්දෝ මන්දා මිනිස්සු කට්ටියක් මාව බලෙන්ම වගේ වෑන් එකක දාගෙන ගියා.

කොහෙටද මාව ගෙනිච්චේ කියලා මං දන්නෙ නෑ.ඒත් පස්සෙයි මං දැන ගත්තෙ මාව පැහැරගෙන තියෙන්නේ සංජීව සර්ගෙ මැරයො කියලා.😭මගෙන් ගන්න තියන හැම පලියක්ම අරගෙන සංජීව සර් මාව ඊට පහුවදා රෑ අපේ ගෙවල් ගාව පාරට ගෙනත් දැම්මා……”😭😭

“මට කියන්න දැන් මේ සිද්දිය වෙලා කොච්චර කාලයක් වෙනවද?…..”

“මාස තුනක් වෙනවා නෝනා…..”

“මොනවද ඔය බෑග් එකේ තියෙන්නේ…..”

ඒ ගෑනු ළමයගෙන් මං එහෙම ඇහුවේ එයා ඒ බෑග් එක මගෙන් හංගගන්න හදනවා වගේ මට පෙනුන නිසා.

“නෑ….න්…නෝනා….මේ…..”

“කෝ දෙන්න බෑග් එක මෙහාට…..”

මං ටිකක් සැරෙන් වගේ ඒ බෑග් එක ඉල්ලුවා.ඒ පාර ඒ ගෑනු කෙනා බෑග් එක මගේ අතට දුන්නා.ඒ දුන්නේ හරිම බයෙන් වගේ.මං ඒ බෑග් එක ඇරලා බැලුවා.ඒකෙ තිබුනේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක්.මං ඒක අතට අරන් බැලුවා.
දෙයියනේ මේ ගෑනු ළමයා ප්‍රෙග්නන්ට් ද?
ඒකද මෙයා මෙච්චර වෙලා මගෙන් හංගන්න හදපු රහස.

“ඇයි මේ දෙය ඔයාලා මට නොකිව්වෙ? හැම දෙයක්ම කියලා මේක හැංගුවා. නීතියට බොරු කිව්වොත් දන්නවනෙ මොකද වෙන්නෙ කියලා.ඇත්ත කියනවා
තමුං හැදුවේ දරුවා නැති කරන්න නේද?……”🤬😡

මං සැරෙන් එහෙම ඇහුවම ඒ ගෑනු ළමයා බය වෙලා අඩන්න පටන් ගත්තා.😭😭

“අනේ නෑ නෝනා.මං මේ කියන්නෙ ඇත්තමයි.😭මුලදි මං හිතුවේ මේ දරුවා නැති කරන්න තමයි.ඒත් මට ඒක හිත හදා ගන්න බැහැ නෝනා.මොන දේ වුනත් මමයි මේ දරුවගේ අම්මා.මට දරුවව ඕනි.අපි දුප්පත් අහිංසක මිනිස්සු.සංජීව සර්ලා මං වගේ දුප්පත් අහිංසක ගෑනු ළමයි කී දෙනෙක්ව අමාරුවෙ දායිද?එයාලට අපිව සෙල්ලම් බඩු වගේ.අනේ නෝනා මට වෙච්චි අපරාධෙ වෙන කිසිම ගෑනු ළමේක්ට වෙන්න දෙන්න එපා……”😭😭🙏

ඒ ගෑනු ළමයා මගේ දෙපා මුල වැද වැටිලා ඒ විදියට ඉල්ලුවා.මට ඒ ගෑනු ළමයා ගැන හොදටම දුක හිතුණා.මං එයාටයි, එයාගෙ අම්මටයි පොරොන්දු වුනා එයාලට සාදාරණයක් ඉශ්ට කරනවා කියලා.

කාලය හිමිහිට ගෙවිලා ගියා.ජයසේකර ඇමතිතුමාගෙ පුතා උසාවියේදී පොරොන්දු වුනා කුෂාණි අනුරාධාව විවාහ කරගන්නවා කියලා.ඒත් කුෂාණි ඒකට කැමති වුනේ නෑ.එයා උසාවියේදී කිව්වේ එයාට මේ කසාදෙ එපා.දරුවා වෙනුවෙන් වන්දියක් ලැබුනොත් ඇති කියලා.මාසෙකට වතාවක් කුෂාණියි දරුවයි වෙනුවෙන් වන්දි මුදලක් ලබා දෙන්න සංජීව ජයසේකර පොරොන්දු වුනා.ඒ වගේම මින් ඉස්සරහට කුෂාණිටවත් එයාගෙ පව්ලෙ කාටවත් කිසිම විදියකින් බලපෑමක් අනතුරක් කරන්නෙ නෑ කියලා සංජීව ජයසේකර උසාවියේදී පොරොන්දු වුනා.දැඩි කොන්දේසි කිහිපයක් මත සංජීව ඇප මත නිදහස් කෙරුවා.

උසාවියෙන් එලියට ආවට පස්සේ කුෂාණියි එයාගෙ අම්මයි මට මුව පුරා නොසෑහෙන්න ස්තූති කරා.🙏🙏

“නෝනට පින් සිද්ද වෙනවා.දැන් මටයි මගෙ දුවටයි සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන්…..”🙏

“දැන් ඔයාලා ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ…..”

“මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ නෝනා.අම්මයි මායි කතා වුනේ ගේයි ඉඩමයි විකුණලා කොහේ හරි ඈත පළාතක පදිංචියට යන්න.දරුවව හොදට හදාගෙන අම්මවත් බලාගෙන මං කොහොම හරි ජීවිතේට මුහුණ දෙනවා. නෝනට පිං මට කරපු උදව් වලට.අපි යනවා නෝනා……”

පොලිස් ස්ථානයට ඇවිත් මං වෙනදා වගේ සුපුරුදු විදියට රාජකාරි කරගෙන ගියා. දවල් එකහමාරකට විතර මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.📱📲

“හෙලෝ කව්ද කතා කරන්නේ…..”📲

“හෙලෝ මැඩම්…..මං සංජීව ජයසේකර කතා කරන්නේ.මතකයිනෙ මාව…..”😡📲

“ඔව් මතකයි.කියන්න මොකටද කතා කරේ…..”📲

“මැඩම් සනීපෙන් ඉන්නවා ඇතිනේ…..”😠📲

“ඔව් මං සනීපෙන් ඉන්නවා.මට වැඩ රාජකාරි ගොඩාක් තියනවා.කරුණා කරලා කියන්න තියන දෙයක් ඉක්මනට කියන්න……”🤬📲

මට ඉවෙන් වගේ දැනුනා කුෂාණිගෙ ප්‍රශ්නෙට මට මොනවා හරි කියලා බය කරන්න තමයි සංජීව කතා කරන්නෙ කියලා.

“මැඩම්…..තමුං හිතුවෙ මං අර ගොඩේ හිගන කෙල්ලව කසාද බදියි කියලද?ආ….තමුං අපි කියපු දේවල් ඇහුවෙ නෑනෙ.කේස් එක යට ගහන්න කිව්වම ඒක උසාවියටම ගෙනාවනේ.ලෑස්ති වෙලා ඉන්නවා ලගදීම ඒකෙ රිටන් එක තමුංට ලැබෙයි……”🤬🤬📲

“මේ මිස්ට සංජීව ජයසේකර….තමුං ඔය කාටද කතා කරන්නෙ කියලා දන්නවද? මට පුලුවන් තමුසෙව දැන්මම කූඩුවට දාන්න.මාත් එක්ක හැප්පෙන්න ඇවිත් පොලිස් කූඩුවෙ යකඩ කූරු ගනින්න ලෑස්ති වෙන්න එපා…….”😡😡

එහෙම කියලා මං ෆෝන් එක කට් කරා. මට තර්ජනේ කරා කියලා සංජීවව අත්තඩංගුවට ගන්න පුලුවන්.එහෙම වුනොත් ආයෙමත් සංජීවගෙන් කුෂාණිට කරදරයක් වෙන්න පුලුවන්.

“මැඩම්…..මැඩම්……”

මගේ නමත් කියාගෙන දේවක දුවගෙන ආවා.තව පොඩ්ඩෙන් දුවගෙන ආපු පාරට දේවක පුටුවත් පෙරලගෙන වැටෙනවා.

“මේ මොකද දේවක?මොකෙකුටවත් බය වුනාද?……”

“නෑ මැඩම්.දැන් ටිකකට කලින් හැටේ වත්තෙ ඉදන් මිනිහෙක්ව ඇල්ලුවා. බොහොම අමාරුවෙන් මිනිහව පොලීසියට අරං ආවෙ…..”

“ඒ ඇයි?මිනිහා දුවන්න හැදුවද?……”

“නෑ මැඩම්.ඒ මිනිහා රණ්ඩුවකට පැටලිලා.අපි එතෙන්ට ගියේ හොද වෙලාවට.මිනිහගේ අතේ මන්න පිහියකුත් තිබ්බා.🔪ඒ මිනිහා අල්ලපු වත්තෙ ඉන්න මනුස්සයෙකුට
කොටලා……”

“මයි ගෝඩ්.දැන් කොහොමද ඒ මනුස්සයට?……”

“ඒ මනුස්සයගෙ බඩ හරියටමයි මන්න පාර වැදිලා තියෙන්නේ.තත්වෙ ගොඩාක් සීරියස් මැඩම්.ගොඩාක් ලේ ගිහින්……”

“යමු දේවක…..”

මං දේවකත් එක්ක ඒ අපරාධකාරයා ලගට ගියා.අවුරුදු හතලිහක විතර කලු මහත මදාවි පෙනුමක් තියන කෙනෙක්ව බලාපොරොත්තු වුනත් එතන හිටියේ අවුරුදු තිහක විතර පෙනුම තියන සුදු කොන්ඩෙ කොටටම කපපු ප්‍රියමනාප පෙනුමක් තියන තරුණයෙක්.

“මැඩම්…මෙයා තමයි.අපි මෙයාව ගෙනාවෙ බොහොම අමාරුවෙන්.මෙයා අපේ අයටත් ගහන්නයි හැදුවේ…..”

මං ඒ මිනිහා ගාවටම ගිහින් කෙලින් හිටගෙන කමිසෙ කොලර් එකෙන් අල්ලලා ඇද්දා.

“පොලිස් නිළදාරියෙකුට අත උස්සන්න හැදුවොත් මොකද වෙන්නෙ කියලා දන්නවනෙ……”🤬🤬

ඒ පාර ඒ මිනිහා කට කොනකින් හිනාවෙලා එකපාරටම මාව තල්ලු කරා. ඒත් මාව වැටුනේ නැහැ.

“මැඩම්……මේ අහනවා මං අරූව මරනවා.හොස්පිටල් එකේ ඉදන් යහතින් ගෙදර ආවත් මං ඌව මරනවා…..”😡😡

“තමුං මේ පොලීසියේ ඉදන්ද චන්ඩිකම් කතා කරන්නේ.🤬😡ආ…..”

මටත් කලින් දේවක ඉස්සර වුනා.

“පොඩ්ඩක් ඉන්න දේවක.මුලින්ම අපි මෙයාගෙන් දැන ගන්න ඕනි මේ දේවල් වල සුල මුල ගැන.කතා කරනවා😡🤬 ඇයි තමුං අර මනුස්සයව මරන්න හැදුවේ.ඇත්ත නොකිව්වොත් ඇත්ත දැන ගන්න හැටි අපි දන්නවා……”🤬🤬

“මැඩම්……මීට අවුරුදු හතරකට කලින් ඌ මගෙ නංගිව ගගට තල්ලු කරලා මැරුවා.ඒත්….මගේ නංගිට නීතියෙන් සාදාරණයක් ඉශ්ට වුනේ නෑ.ඌට දඩුවම් ලැබුනේ නෑ.නීතියෙන් ඌ ගැලවුනත් මගෙන් ඌ කවදාවත් ගැලවෙන්නෙ නෑ…..”😡😠

“තමුං කොහොමද කියන්නේ නංගිව මැරුවේ ඒ මනුස්සයාමයි කියලා.මොනවද ඔප්පු කරන්න තියන ශාක්කි?……”

“නංගිව ගගේ ගහගෙන යනවා දැකලා ගමේ මනුස්සයෙක් බේරගෙන නංගිව හොස්පිටල් එකට ගෙනල්ලා.සිහිය ආපු වෙලාවෙ නංගී ඒ මනුස්සයගෙ නමයි කිව්වේ.ඒත් නංගී එවලෙම සදහටම ඇස් පියා ගත්තා.නංගිගේ හුස්ම ගියේ මගෙ ඇස් ඉස්සරහමයි.මං ඌට යහතින් ඉන්න ඉඩ දෙන්නෙ නෑ මැඩම්.මගෙ නංගි මරපු පලිය මං උගෙන් ගන්නවා…….”🤬🤬

“තමුංගෙ නම මොකක්ද?……”

“ක්‍රිෂාන් ශාමේන්ද්‍ර……”

“මේ අහනවා.වැරදි කාරයන්ට දඩුවම් කරන එක නීතියට අයිති වැඩක්.නීතිය අතට ගන්න තමුංට බලයක් නෑ….අමිත් මෙයාව කූඩුවට දාන්න……”

🔥🔥🔥නැවත හමුවෙමු🔥

Advertisment