🔥හදවතේ ගින්දර🔥- 💘1 කොටස💘


👩🔥🔥”ආ නංගී…..කොහෙද මේ වැස්සෙ දුවන්නේ?එනවද කුඩේ යටට. ගෙදරටම ගිහින් දාන්නං…..”

කුඩා පොද වැස්සේම තෙමි තෙමී ලිනාරා වෙළෙඳ සංකීර්ණයේ කොරිඩෝව මතින් දුවද්දී කව්දෝ මන්දා රස්තියාදු කාරයෙක් මගෙන් එහෙම අසනවා මට ඇසුනි. ඒවාට පිළිතුරු නොදී මං කොරිඩෝව දිගේම දුවවිත් අසළ තිබූ ත්‍රීවීලර් රථයකට ගොඩ වූයේ නිවස බලා පිටත් වීමටය.

“ලොකු වැස්සක් එන්න වගේ නේද මිස්…..”🌧️

“ඔව් අප්පා.එපා වෙනවා වහිද්දී පාරෙ යන්න ගියාම…..”🌧️

ත්‍රීවීලර් රථයේ රියදුරා මගෙන් ඇසූ පැනයට මම එලෙස පිළිතුරු දුන්නෙමි. සිහින් වැහි පොදය දැන් මහා අනෝරා වැස්සක් බවට පත්ව ඇත.විනාඩි විස්සකට පමණ පසු නිවස ඉදිරිපිට ත්‍රීවීලර් රථය නැවැත්වූ පසු රියදුරාට මුදල් දී මම ගේ ඇතුළට ගියෙමි.මා පැමිණෙන තෙක් අම්මා සාලේ පුටුවට උඩට වී ඉදගෙන බලා සිටියාය.

“මං හොදටම බය වුනා දුවේ ඔයා පරක්කු වෙනකොට.පුදුම වැස්සක්නෙ තියෙන්නේ.මං තව ටිකක් වෙලා බලලා ඉවර වෙලා මගට යන්න ලෑස්ති වුනේ……”

ඒ අම්මාගේ හැටිය.මං කොහේ හෝ ගමනක් ගොස් නිවසට පැමිනෙනවා යැයි පැවසූ වෙලාවට මදක් හෝ ප්‍රමාද වූවොත් ඇය බිය වෙයි.අප්පච්චී මිය ගිය දා පටන් ඇය මා හදා වඩා ගත්තේ ඇස් දෙක ලෙස පරිස්සක් කරමින්ය.අප්පච්චී මිය ගොස් දැන් වසර පහක් පමණ ගත වී ඇත.

“අයියෝ අම්මා ඔයා නිකන් බොරුවටනෙ බය වෙලා තියෙන්නේ.ඔය තරම් බය වෙන්න මං පොඩි එකෙක් නෙවෙයිනෙ…..”

අම්මාගේ ගෙල බදාගෙන මං එලෙස පැවසුවේ ඇයගේ බිය දුරු කිරීමටය. එලෙස පවසා මම ඉක්මනින් මගේ කාමරයට ගොස් හෑන්ඩ් බෑග් එක ඇද උඩට විසික් කර බාතෲම් එකට ගොස් නා ගත්තෙමි.

නාගෙන කාමරයට පැමණි මා සැහැල්ලු රාත්‍රී ඇදුමක් ඇද ගත්තෙමි.ඉන්පසු අම්මා කාමරේට පැමිනියාය.ඇයගේ මුහුනේ තිබුනේ දීප්තිමත් සි�නහවකි.😃

“ඇයි අම්මේ…..”

“දැන් හෙට වැඩට යන්න සේරම ලෑස්තිද?…..”

“අමුතුවෙන් ලෑස්ති කරන්න දෙයක් නෑ අම්මා.හැම දේම හරි.මාව එක්කන් යන්න උදේට වාහනයක් එයි…..”

“ඒක හොදයි.මටත් ආරංචියි ඔයාව පිලි ගන්න හෙට එහෙ උත්සවෙකුත් ලෑස්ති කරලලු…..”

“මටත් ඒක නම් ආරංචි වුනා අම්මා…..”

“මං යනවා කෑම ලෑස්ති කරන්න.තව ටිකකින් එන්න පල්ලෙහාට…..”

රාත්‍රී ආහාරය ගත් පසු මං කාමරේට පැමිණ නිදා ගත්තෙමි.

පසුදා උදේ පාන්දරම අවදි වූ මා රැකියාව සදහා පිටත් වීමට සූදානම් වුනෙමි.

“දුව එන්න කෑම කන්න.තව වෙලා තියනවනේ.මං කිරිබත් හැදුවා…..”

උදේ කෑම මේසයට අම්මා කිරිබත් සාදා තිබුනාය.එයට කැවුම්,කොකිස්,කේක් ද තිබුනාය.අප්පච්චී මිය ගියාට පසු අප නිවසේ මෙවැනි ආහාර වේලක් සෑදූ ප්‍රථම අවස්ථාව මෙයයි.අප්පච්චිගේ වියෝව මගේත්,අම්මාගේත් ජීවිත වල මැකිය නොහැකි අඩුවක් විය.මට සහෝදරයෙක් හෝ සහෝදරියක් නැත.මට සිටින්නේ අම්මා පමණි.

කිරිබත් කෑල්ලක් සමග කේක් කෑල්ලක් කෑ මම පැමිණ තිබූ වාහනයෙන්ම රැකියා ස්ථානයට පිටත්ව ගියෙමි.පෙරදා රාත්‍රියේ අම්මා කියූ පරිදිම මෙහි සිටින සියලුම දෙනා මා පිලිගන්නට උත්සවයක් ලෑස්ති කර තිබුනි.පැමිණි තිබූ සියල්ලන්ගේම මුහුණු වල ඇත්තේ සතුට කැටි වූ සිනහවකි.

“මේ අවුරුදු විසිපහක විතර තරුණ කෙල්ලෙක්නෙ.මෙයා කොහොමද මේ වගේ රාජකාරියක් කරන්නේ.අනේ මන්දා……”

සමහරු මා ගැන එසේ පවසද්දී මම ඒවා නෑසුන ලෙස උත්සව සභාවට පැමිණ මට නියමිතව තිබූ අසුනේ වාඩි වුනෙමි. උත්සවයට පැමිණ තිබූ සියල්ලන්ගේම පාහේ නෙත් යොමු වී තිබුනේ මා වෙතය. හැකි උපරිමයෙන් ඔවුන් මා පිලිගෙන මට ලොකු රෝස මල් පොකුරක් තෑගි දුනි.මම එයත් රැගෙන මට වෙන්කර තිබූ ඔෆිස් රූම් එකේ අසුන වෙත පැමිණ ඉදගත්තෙමි.බිත්තියේ මගේ අප්පච්චී නිළ ඇදුම ඇද සිටින විශාල ප්‍රමාණයේ චායාරූපයක් එල්ලා ඇත.ඊළගට එල්ලා ඇත්තේ මා නිළ ඇදුම ඇද සිටිනා චායාරූපයකි.මා අප්පච්චිගේ චායාරූපය දෙස බලාගෙන අතීතය සිහිපත් කලෙමි.

මගේ නම ආරාධ්‍යා සේනානායක. මගේ අම්මා රෝෂිනී ප්‍රේමරත්න.මගේ අප්පච්චී ජේශ්ඨ පොලිස් අධිකාරී ශ්‍රීනාත් සේනානායක.මීට අවුරුදු පහකට කලින් මගේ අප්පච්චී මියගියේ හර්දයාබාධයකින්.පුංචි කාලෙ ඉදන් මගේ හීනෙ වුනේ ලෝයර් කෙනෙක් වෙන එකයි.ඒත් අප්පච්චිගේ හීනෙ වුනේ මාත් එයා වගේ පොලිස් නිලදාරියෙක් වෙනවා දකින එක.අපේ පව්ලේ හිටියේ මායි,අම්මයි,අප්පච්චියි විතරයි.පව්ලේ එකම දරුවා විදියට මට දෙමව්පියන්ගේ ආදරය නොඅඩුව ලැබුනා.

මගේ සතුට, සැපත් වෙනුවෙන් එයාලා දෙන්නා ජීවිතේම කැප කරා.අප්පච්චිගේ ජීවිතේම වුනේ මමයි,අම්මයි.ඒත්…… අප්පච්චී අපි දෙන්නට වගේම එයාගෙ රැකියාවට ගොඩාක් ආදරේ කෙරුවා.එයා අවංක,විනයගරුක පොලිස් නිළදාරියෙක් විදියට මුලු රටේම නම දිනාගෙනයි හිටියේ.මගේ අප්පච්චට මිනිස්සු හරිම ආදරෙයි.ලෝයර් කෙනෙක් වෙන්න ඉගන ගත්තත් අප්පච්චිගේ මරණයෙන් පස්සේ මං තීරණේ කරා මගේ ඒ හීනෙට තිත තියන්න.අප්පච්චී වෙනුවෙන්,මේ රටේ මිනිස්සු වෙනුවෙන් අප්පච්චිගේ අඩුව මට හැකි අයුරින් පුරවන්න මං තීරණය කරා පොලිසියට බැදෙන්න.වසරක පුහුණු කාලය අවසන්ව පොලිස් නිලදාරිනියක් විදියට මං පත්වීම ගත්තා. අද මං කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ පොලිස් ස්ථානාධිපතිනිය විදියට වැඩ භාර ගත්තා.අද ඉදන් මට පැවරිලා තියෙන්නේ ලොකු වගකීමක්.මගේ මැරුණු අප්පච්චී වගේම අවංක, විනයගරුක පොලිස් නිලදාරිනියක් වෙන්න මං කැපවෙනවා.

“මැඩම්……”

අතීතයෙන් මිදිලා වර්තමානයට පැමිනි මං මට කතා කරේ කව්ද කියලා බලන්න පිටිපස්ස හැරුනා.ඇවිත් තිබුනේ මේ ස්ථානයේ රාජකාරියේ නියුතු අතුල.

“ආ අතුල එන්න.මං මේ කල්පනාවක හිටියේ…..”

“මැඩම්….මං මැඩම්ට අපේ පොලීසියේ ටීම් එක මුලින්ම අදුන්වලා දෙන්නම්. මැඩම් අදනෙ ආවේ…..”

“කෝ එයාලා හැමෝටම එන්න කියන්න…..”

මෙම පොලිස් ස්ථානයේ නිලදාරීන් පස් දෙනෙකු සහ,මාත් සමග නිලදාරිනියන් තුන් දෙනෙකු සේවය කරයි.ඔවුන් නමින්,
අමිත්,අතුල,දේවක,සරත්,සිල්වා,නිරාශා, අමීරා යන අයයි……..අද සිට ඔවුන්ගේ ප්‍රධානියා වන්නේ මමයි.මට පැවරී ඇත්තේ විශාල වගකීමකි.

“ඔයාලා හැමෝම ගිහින් තම තමන්ගේ වැඩක් බලාගන්න.අමිත්….ඔයා මට කලින් මෙතන හිටපු සර් හැන්ඩ්ල් කරපු අන්තිම කේසස් තියන ෆයිල් ටික අරගෙන එන්න……”

“හොදයි මැඩම්.මං ඉක්මනට අරන් එන්නම්……”

විනාඩි පහක් යන්නට මත්තෙන් අමිත් ඒ ෆයිල් එකත් රැගෙන මා ලගට පැමිනියේය.මං ඒ ෆයිල් එක පෙරලා බැලුවෙමි.එහි ඇත්තේ ස්ත්‍රී දූෂණ නඩුවකි.නමුත් වැරදිකරුවාට දඩුවම් ලබා දී ඇති බවක් මට නොපෙනුනි.

“අමිත්…..මේ කේස් එකේ ඒ ගෑනු කෙනා කව්ද?එයාගෙ කිසිම ඩීටේල්ස් එකක් නෑනෙ මෙතන……”

“මැඩම්…..ඒ ගෑනු කෙනා දුප්පත් පෙර පාසල් ගුරුවරියක්….අ….මේ…..”

“ඔව්.ඉතිං කියන්න.ඇයි මේ ගොත ගහන්නේ?….කව්ද ඒ ටීචර්ව රේප් කරේ….ඇයි එයා ගැන විස්තර මේ ෆයිල් එකේ නැත්තෙ…..”😡

මං ඇහුවේ ටිකක් සැරෙන් වගේ. එතකොට අමිත් ටිකක් බය වුනා.😡😡

“මැඩම්…..මේ ඒ මිනිහා අපේ ජයසේකර ඇමතිතුමාගෙ පුතා සංජීව.එයාලා අපේ කලින් හිටපු සර්ට….කි….කිව්වා මේ කේස් එක උඩට අ….අදින්න එපා කියලා……”

“ශික් මෙහෙමත් මිනිස්සු.ඕනම ජරා වැඩක් කරලා බේරෙනවා.ඉතිං සර් මේ කේස් එක යට ගැහුවද?……”🤬🤬

“ඔ…..ඔව් මැඩම්.අපි මොනවා කරන්නද? එයාලා ලොකු බල පුලුවන්කාර මිනිස්සු. අපේ සර් මේ කේස් එක උඩට ඇදලා ඇමතිගෙ පුතාව උසාවි ගේන්න හැදුවේ. ඒත් සර්ට කිහිප වතාවක්ම ජයසේකර ඇමති කෝල් කරලා තර්ජනේ කරලා තියනවා මේ කේස් එක උසාවි ගෙනාවොත් සර්ගෙ නෝනවයි දරුවො දෙන්නවයි මරනවා කියලා……”

🔥🔥🔥නැවත හමුවෙමු🔥🔥🔥

සියලු හිමිකම් කතෘ සතුය