ලියුම කියවපු මගේ දෑසෙහි කදුලු සට සට ගාමින් බිමට පතිත වුනා.ඒ කියන්නේ ඉසුරි අක්කා මැරෙන්න කලින් හැම දේම පු0චි මාත්තයට දැන ගන්න ඉඩ ඇරලා.දෑසෙහි කදුලු කැට පුරවන් මන් පු0චි මාත්තයා දෙස බැලුවා.පු0චි මාත්තයා මන් ගාවට ඇවිත් අත් දෙකෙන්ම මගෙ උරහිස ඇල්ලුවා.
“වීණා,…මට සමාවෙන්න මගෙ රත්තරං😭😭🙏🙏🙏කෝ….කෝ…මගෙ කොල්ලා කෝ මගෙ වස්තුව….”
එහෙම කියාගෙන එකපාරටම පු0චි මාත්තයා මාවත් අහක් කරගෙන කාමරේට වේගයෙන් ගියා.ගිහින් දෝතින්ම පුතාව වඩාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා.
“මට සමාවෙන්න මගෙ රත්තරං පුතේ. මන් උඹටයි අම්මටයි දුන්නේ ලොකු ගින්දරක් පුතේ.උඹ ලගම ඉදලත් මට අදුර ගන්න බැරිවුනා….”
පු0චි මාත්තයගේ ඇස්වල කදුලු පිරිලා තිබ්බා.තාමත් පු0චි මාත්තයා පුතාව තුරුල් කරගෙන ඉඹිනවා.තාත්තගේ උණුසුම අදුරගෙනද මන්දා පුතාත් සද්දෙ නැතුව හිටියා.
“වීණා….,මට සමාවෙන්න🙏🙏🙏මන් දන්නවා ඔයාට හිත හදාගෙන මට සමාව දෙන්න අමාරුයි.ඔයා මන් හින්දා වින්දේ ලේසි පහසු දුකක් නෙවෙයි.මන් කරපු වැරදි මට දැන් තේරෙනවා වීණා.මන් ඔයාට මුලින්ම ආදරේ කරා තමයි.ඒත් කසාද බදින්න අදහසක් තිබ්බේ නෑ.මන් ඒ ගැන අම්මට කිව්වේ මන් දන්නවා කවදාවත් අපිට එකතු වෙන්න එයාලා උදව් කරන්නෙ නෑ කියලා…😭😭මට සමාවෙන්න වීණා.මන් ඔයාගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරා…..”
මන් අම්මගෙ පපුවට තුරුල් වෙලා ඉකි ගගහා ඇඩුවා.පු0චි මාත්තයා ඇවිත් මගෙ ඔලුව අතගෑවා.
“වීණා….,අපි අලුත් ජීවිතයක් පටන් ගම්මු වීණා.අපේ පුතාත් එක්ක අලුතින් ජීවිතේ පටන් ගම්මු.ඔයා…මට සමාව දෙනවා නේද?….”
මට මොකුත් හිතාගන්න බැරි වුනා.පු0චි මාත්තයා මට බොරුවට ආදරේ කරාට මන් එදා ඉදලම පු0චි මාත්තයට ආදරේ කරේ ඇත්තටමයි.ඒ ආදරේ හින්දම පු0චි මාත්තයා මට මොන දේ කරත් මන් එයාට වයිර කරේ නෑ.ඒ වෙනුවට හිතේ ඇති වුනේ දරාගන්න බැරි තරමේ දුකකුයි කලකිරීමකුයි විතරයි.හැම දේම මන් දරාගත්තා.මන් අම්මා දිහා බැලුවා.ඒ ඇස් වල තිබ්බේ කදුලුත් එක්ක මිශ්‍ර වෙච්ච හිනාවක්.ඒ හිනාවෙන් මට තේරුනා අම්මා මට අලුත් ජීවිතේට ආශිර්වාද කරන බව.මන් පු0චි මාත්තයා දිහා බැලුවා.ඔහු අසරණ දෑසින් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මන් දෙස බලන් ඉන්නවා.
“වීණා…..ඇයි ඔයා කතා නොකරන්නේ? අපේ පුතාට අම්මා වගේම තාත්තත් ඕනි නේද?වීණා…අපි කසාද බදිමු.ඔයා හිත හදා ගත්තු දවසක මට සමාව දෙන්න. වීණා අපේ තාත්තා ගැන කලබල වෙන්න එපා.මන් ඒ දෙන්නටම මේ ලියුම පෙන්නුවා.තාත්‍තගෙ හිතේ දැන් ඉස්සර තරම් හයියක් හත්තියක් නෑ.මුලදි නම් මට දොස් කිව්වා.එයා ඔයාව වලව්වේ ලේලි කරගන්න කැමතියි වීණා….”
“පු0චි මාත්තයා මන් කැමතියි.අපි අපේ පුතයි දුවයි හදාගෙන සතුටින් ජීවත් වෙමු….”👨👩👧👦👨👩👧👦😘😘💕💕
💍🤵👰මාසයකට පසු💍🤵👰
හැමෝගෙම ආශිර්වාදය මැද්දේ පු0චි මාත්තයගෙයි මගෙයි කසාදෙ සිද්ද වුනා.🤵👰 😘 🤵👰 👨👩👧👦👨👩👧👦👨👩👧👦 මට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්. අපේ අම්මගෙ අම්මා ඒ කියන්නේ මගේ ආච්චි අම්මා අම්මයි අප්පයි එක්ක සාමදාන වුනා.එයාලා ගොඩාක් සතුටින් ජීවත් වුනා.ඉසුරි අක්කගෙ දුවටත් මන් හොද අම්මා කෙනෙක් වුනා.විවාහයෙන් පස්සේ මන් පුතාත් එක්ක වලව්වේ පදින්චියට ගියා.අම්මටයි අප්පටයි නුවරඑළියෙන් ලොකු බන්ගලාවක් දුන්නා ආච්චි අම්මා.එයත් අම්මලාත් එක්ක ඒකෙ පදින්චියට ආවා.
වලව්වේ පදින්චියට ආවට පස්සේ මන් අපේ කාමරේ අස්පස් කරන්න ගත්තා. ටික වෙලාවකින් පු0චි මාත්තයා කාමරේට ආවා.
“වීණා…..මොකද කරන්නේ?…..”
“ෆුට් �බෝල් ගහනවා.පේන්නෙ නැද්ද?.😂🤣…..”
“ඈ….මේ කාමරේ ඇතුලේ….😱😱🤦….”
පු0චි මාත්තයා ඔලුව කස කසා අහපු විදියට මට හිනාගියා.🤣😂🤣😂මන් කාමරේ අතුගාලා ඉවර වෙලා පු0චි මාත්තයා ලගට ගිහින් ඇදෙන් ඉද ගත්තා.
“පු0චි මාත්තයා මේ අහන්නකෝ….”
මන් එහෙම කියනකොට පු0චි මාත්තයා මන් දිහා බැලුවේ මන් මහා ලොකු වැරැද්දක් කරපු ගානටයි.ඊට පස්සේ පු0චි මාත්තයා මගෙ කණ හයියෙන් මිරිකුවා.👂👊
“ඌයි පු0චි මාත්තයා මගෙ කණ රිදෙනවා අනේ….අතාරින්න….ආ….ආව්….”
“මීට පස්සෙ මට පු0චි මාත්තයා කියලා කතා කරන්න තහනම්.හරිද? මන් උඹේ කසාද මිනිහා.මට අපේ මහත්තයා කියපන්.ම්ම්ම්ම්…..එහෙම නැත්නම් ශාලක කියපන්….හරිද?…..”
“අනේ….හා…හා….ශාලක…”
මන් බොහොම අමාරුවෙන් එහෙම කිව්වට පස්සෙයි පු0චි මාත්තයා මගෙ කණ අතෑරියේ.රතු වෙච්චි කණ අල්ලගෙන මන් ඇඩුම් මුහුණින් මන් පු0චි මාත්තයා දිහා බැලුවා.පස්සෙ එයාට දුක හිතිලා මගෙ කනේ බේබි ක්‍රීම් ගෑවා.
👨👩👧👦👨👩👧👦👨👩👧👦අවුරුදු පහකට පසු මන් තවත් පුතෙකුගේ සහ දියණියන් දෙදෙනෙකුගේ මවක් වුනා.අපේ පව්ලේ දැන් දරුවන් පස් දෙනයි.ලොකු පුතා චානක.ලොකු දුව සයුරි.ඊළඟ පුතා සදෙව්.නිවුන් දුවලා දෙන්නා සහශ්මි සහ හිරුශ්මි.ඉතින් අපේ ලෝකය තුළ අපි හත් දෙනා ගොඩාක් සතුටින් ජීවත් වුනා.
👨👩👧👦👨👩👧👦👨👩👧👦සමාප්තයි
සතියක් පුරා කොටස් වශයෙන් පලවූ වීණා නවකතාව අදින් අවසන් අතර කතාව පළ කිරීම සදහා සියලුම හිමිකම් ලබාදුන් නිලූ සදමිණි කතුවරියට විශේෂ ස්තූතිය. හෙට සිට කතුවරියගේ තවත් අලුත් නවකතාවකින් හමුවෙමු