එකපාරටම ඉසුරි අක්කට මොනවද වුනේ කියලා මට හිතා ගන්න බැරිවුනා.මන් දරුවට නැපිය අන්දවලා රෙදිටික නමලා කබඩ් එකට දැම්මා.කිසිම දෙයක් ගැන නොදන්න මගෙ චූටි අහින්සක කොල්ලා ඇගිල්ලත් කටේ ගහගෙන නිදි😴😴.මන් ටිකක් වෙලා පුතා දිහා බලන් හිටියා.පුතාට තිබුනේ මගේ හැඩරුවමයි කියලා මට හිතුනා.ඒත් පාට නම් පු0චි මාත්තයගේ පාටමයි.

පව් මේ අහින්සකයට කවදාවත් තාත්තගෙ ආදරේ විදින්න වාසනාවක් නැහැනේ 😭කමක් නෑ පුතේ කවුරු නැතත් ඔයාට අම්මා ඉන්නවනේ.ඔයාට කවදාවත් මන් තාත්තා නැති අඩුව දැනෙන්න ඉඩ තියෙන්නේ නෑ.

එදායින් පස්සේ දවස් දෙක තුනක් යනකන් ඉසුරි අක්කව මන් දැක්කේ නෑ. දැන් දරුවා ලබෙන්න තව මාසයක් විතරනේ තියෙන්නේ.ඒ හින්දා වලව්වට වෙලාම ඇති.මන් එහෙම හිතලා නිකන් එළියට ගියා යද්දි ඉසුරි අක්කා අපේ මිදුලට ඇවිල්ලා.

“ආනේ….මට මේ දැන් ඉසුරි අක්කව මතක් වුනා විතරයි.එන්න අක්කේ ගේ ඇතුළට.එදා අක්කට එකපාරටම මොකද වුනේ?….”


මන් එහෙම කියලා ඉසුරි අක්කට ගේ ඇතුළට කතා කරා.වෙනදා වගේ නෙවෙයි.ඉසුරි අක්කගෙ හැසිරීම අද හරිම වෙනස්.ඒත් ඉසුරි අක්කා ගේ ඇතුළට ආවා.මට සමහර වෙලාවට මෙහෙමත් හිතුණා.ඉසුරි අක්කගෙ බඩට දැන් මාස නවයක් වෙනවනේ.මේ කාලෙදි ගොඩාක් හොදට පරිස්සම් වෙන්න ඕනි. පු0චි මාත්තයා ඉසුරි අක්කට මෙච්චර ආදරේ කරලත්, ලොකු නෝනා වුනත් ඉසුරි අක්කට මෙච්චර ආදරෙන් ඉදලත් ඇයි මෙයාව මෙහෙම තනියම ඇවිදින්න යවන්නේ.අපේ ගෙදර ඉදන් වලව්වට යන්න විනාඩි පහළවක් විතර යනවනේ. අනික ඒ හරියේ හැම තැනම ක්න්ද. මේ යන එන අතරෙ ඉසුරි අක්කට අමාරුවක් වුනොත් එහෙම.

“න0ගි පුතා නිදිද?….”
“අනේ නෑ අක්කේ.ඔය ඉන්නෙ ඇහැරිලා….”


ඉසුරි අක්කා කාමරේට ගිහින් පුතා ඉන්න ඇදෙන් ඉද ගත්තා.මාත් පැත්තකින් ඉද ගත්තා.ඉසුරි අක්කගේ මුහුණේ තිබ්බේ හරිම බැරෑරුම් බවක්.

“වීණා න0ගී මන් දෙයක් අහන්න.කමක් නැද්ද?….”


“අනේ කමක් නෑ අක්කේ…ඕනි දෙයක් අහන්න….”
“න0ගී, ඔයා මට බොරු කිව්වට මන් දන්නවා න0ගී.මේ දරුවගෙ තාත්තා ශාලක නේද?මට ඇත්ත කියන්න.මන් ඔයත් එක්ක තරහා නැහැ….”


අනේ දෙයියනේ ඉසුරි අක්කා කොහොමද ඒක දැනගත්තේ.🤔😖😞
මේ ගැන දන්නේ අම්මයි මායි අප්පයි විතරනේ.මට හොදටම බය හිතුනා. අනේ පු0චි මාත්තයත් මේ ගැන දැනගත්තොත් මගෙ දරුවට අනතුරක් වෙයිද? මන් ඉසුරි අක්කගේ මූණ දිහා බැලුවා.එයා තාමත් මන් කතා කරනකන් බලන් ඉන්නවා.මන් බොහොම අමාරුවෙන් වචන පිටකර ගත්තා.


“අනේ😭😭ඉසුරි අක්කේ මට සමාවෙන්න 🙏😭ඔ…ඔයා කො…කොහොමද මේ ගැන දැනගත්තේ?….”
මන් අඩමින්ම එහෙම ඇහුවා.ඊට පස්සේ ඉසුරි අක්කා පුතා ඇදන් හිටපු නැපිය පාත් කරලා පුතාගෙ ඉන හරියෙ තියන දුඹුරු පාටට හුරු ලපේ පෙන්නුවා.

“වීණා….න0ගී ඔයා දන්නවද මේ වගේම ලපයක් ශාලකගේ ඉනෙත් මේ විදියට මේ පාටට මෙතනම තියනවා.අනික එදා ඔයා පින්කම දවසෙ කාමරේදි ශාලකත් එක්ක කියපුවා සේරම මන් අහගෙනයි හිටියේ. ඔයාගෙ අතේ වැරැද්දක් නෑ න0ගී….”

මට ගොඩාක් දුක හිතුනා.ඒ වගේම ඉසුරි අක්කා ගැන ලොකු පුදුමයක් දැනුනා. වෙන කෙනෙක් නම් මෙතන තත්වෙ මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න ඉඩ තිබුනා.😞😞ඒත් මට ඉසුරි අක්කව තේරුම් ගන්න බෑ.එයාගෙ ඇස් වල මහා මළානික පෙනුමක් තිබුනා.

“වීණා,ඔයාට මන් කියන දේවල් තේරුම් ගන්න බැරුව ඇති සමහර විට.න0ගී මන් මෙහෙම හිටියට මට ජීවත් වෙන්න තියෙන්නේ වැඩිම වුනොත් තව මාසයක් විතරයි….”


අනේ දෙයියනේ ඉසුරි අක්කා මොනවද මේ කියන්නේ.මට අදහගන්න බැරිවුනා. දරුවෙක් ලැබෙන්න ඉදලත් මෙයා ඇයි මෙහෙම දේවල් කියන්නේ.මට මේ මොනවත්ම තේරෙන්නේ නෑ.මන් ආයෙමත් ඉසුරි අක්කගෙන් ඒ ගැන ඇහුවා.
“වීණා,හරියටම මීට අවුරුදු හතරකට කලින් මාව ඇක්සිඩන්ට් වුනා. ඒ ඇක්සිඩන්ට් එක නිසා මන් ගොඩක් කාලයක් එකතැන හිටියේ.මාස ගානක් යනකන් මට හරියට ඇවිදින්නත් බැරිවුනා.ඩොක්ටර් කිව්වා මන් කවදා හරි දරුවෙක් හදන එක මගෙ ජීවිතේට අවදානම් කියලා.හොස්පිටල් එකේදි මාව චෙක් කරපු ඩොක්ටර් කිව්වා මේ මගෙ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙන්නේ දරුවගෙ ජීවිතේ රැක ගන්න බෑ කියලා. මන් ඩොක්ටර්ට කිව්වා මාව මැරුනට කමක් නෑ මගෙ දරුවව බේර ගන්න කිය්ලා…..”


මට ඉසුරි අක්කා ගැන හරියට දුක හිතුනා😭😭පව්….එයා එයාගෙ ජීවිතේට වඩා දරුවගෙ ජීවිතේ ගැන හිතුවා.මන් ඉසුරි අක්කගෙ අත් දෙකෙන් අල්ල ගත්තා.

“අක්කේ…ඔයා බය වෙන්න එපා.ඔයාගෙ ජීවිතේටවත් දරුවගෙ ජීවිතේටවත් මොකුත් වෙන්නෙ නෑ.හිතට දයිර්ය ගන්න.ඔයා කාටවත් නරකක් කරලා නෑනෙ.දෙවියෝ ඔයා ගැන බලයි….”

“වීණා…මන් දන්නවා ඔයා මටයි දරුවටයි තියන ආදරේටයි ඔහොම කියන්නේ කියලා.ඒත්……දැන් දෙවියන්ටවත් කරන්න දෙයක් නෑ.මට මේ දරුවව බිහි කරලා මේ ලෝකෙන් යන්නම වෙනවා….වීණා ඔයා මට එක උදව්වක් කරනවද?…..”


“කියන්න අක්කේ මට පුළුවන් දෙයක් නම් මන් අනිවාර්යයෙන්ම ඔයා වෙනුවෙන් කරනවා…..”
“මන් ඔයාට ඒක පස්සෙ කියන්නම් න0ගී. මන් දැන් යනවා….”

ඉසුරි අක්කා ගියාට පස්සේ මන් කල්පනා කරේ එයා මගෙන් ඉල්ලපු උදව්ව මොකක්ද කියලා.පව්….ඉසුරි අක්කා වෙනුවෙන් මන් කරන්න පුලුවන් ඕනම දෙයක් කරනවා.

😭😭😭

කාලය වේගෙන් ගෙවිලා ගියා.ඉසුරි අක්කා පුන්චි දුවෙක්ට උපත දීලා මේ ලෝකෙන් සදහටම යන්න ගියා😭😭😭. ඒ මරණය අපි හැමෝගෙම හිත් වලට ගෙනාවෙ දරා ගන්න බැරි තරමේ දුකක්.


මළ ගෙදර මාත් ගියා.පු0චි මාත්තයා චූටි දෝණිව තුරුල් කරගෙන අඩනවා.මට හරියට දුක හිතුනා.පු0චි මාත්තයට තාම දරුවා වඩා ගන්නවත් හරියට හුරු නෑ. පු0චි මාත්තයා මන් දිහා බැලුවා.ඒ ඇස් වල තිබ්බේ මහා පරාජිත බවක්.ඒ පරාජිත බව ,ඒ කදුලු දැකලා මගෙ හිත සතුටු වෙන තරමේ තිරිසන් සතුටක් නම් මට දැනුනේ නෑ.ඇස් දෙකෙන් වැටුනු කදුලු පිස දමාගෙන මන් පු0චි මාත්තයගෙ අතේ හිටපු දෝණිව වඩා ගත්තා.අනේ රෝසම රෝස පාට කම්මුල් නිල් පාට ඇස්….මට හරිම ආස හිතුණා.


ඒ වෙලාවෙම ලොකු නෝනත් මන් ගාවට ආවා.
“වීණා,….අනේ දරුවෝ ඔයාට පුළුවන් නම් මේ දරුවට කිරි ටිකක් දෙන්න.පින් සිද්ද වෙනවා….”🤱🤱🤱😭🙏😭🙏

නෝනා කියපු ගමන්ම මන් දුවව කාමරේට ගෙනිහින් කිරි දුන්නා.අනේ දරුවා කිරි බොන හැටි දැක්කම මගෙ පපුව හෝස් ගාලා පත්තු වුනා.මන් දරුවට බඩ පිරෙන්නම කිරි දුන්නා.🤱🤱🤱🤱🤱කිරි ටික දීලා දරුවව ඇදෙන් තිබ්බා.මන් දරුවා දිහා හරිම ආසාවෙන් බලන් හිටියා.එවලෙම කාමරේට ආවෙ ඉසුරි අක්කගෙ ආච්චි. තවත් විදියකින් කිව්වොත් එයා මගෙත් ආච්චි.

ඉසුරි අක්කගෙ ආච්චි කාමරේට ඇවිත් මන් දිහා බලන් හිටියා. මට එකපාරටම මතක් වුනේ එදා ලොකු නෝනාත් එක්ක ඉසුරි අක්කගේ ආච්චි මට කියපුවා.දැනුත් මට බනියිද දන්නේ නෑ.මන් ඇදෙන් නැගිටලා කාමරෙන් එලියට යන්න හැදුවා.

“ඔය දරුවා පොඩ්ඩක් ඔහෙන් ඉද ගන්නකෝ….”


මට ඇදෙන් වාඩි වෙන්න කියලා ඒ ආච්චිත් ඇදේ පැත්තකින් වාඩි වුනා.

“එදා ඔය දරුවා මන් කියපුවා ගැන වැඩිය හිතන්න එපා.අපි ඔක්කොම මිනිස්සුනෙ දරුවෝ.අනේ පව්ලට හිටපු එකම දරුවා ඉසුරි දුව😭😭.මට වාවගන්න බෑ.පව් අහින්සකී.අන්තිමට දරුවට කිරි ටික දෙන්න සිද්ද වුනේ ඔයාටනෙ.ඔය දරුවට ගොඩාක් පින් සිද්ද වෙනවා….”🙏🙏

“අනේ….ඒ ගැන වැඩිය හිතන්න එපා නෝනා.මේ දරුවත් මගේම දරුවෙක් වගේ මට.මන් ආයෙ හෙටත් එන්නම් දරුවට කිරි ටිකක් දෙන්න….”

“අනේ ඒක කොච්චර දෙයක්ද?ඔය දරුවගෙ ගෙවල් තියෙන්නේ කොහේද?….”

“නෝනා….,අපේ ගෙවල් තියෙන්නේ මේ වත්තේ පල්ලෙහාට වෙන්න….”

“අපි යන්න කලින් ඔය දරුවා බලන්න ගෙදර එන්නම්….”

ඉසුරි අක්කගේ ආච්චි අම්මා අපේ ගෙදර එනවා කිව්වම මට ටිකක් බයත් හිතුනා. අපෙ අම්මවයි අප්පවයි දැකලා මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් එහෙම…..

දින දෙකකට පස්සේ ඉසුරි අක්කගෙ මරණෙ වැඩ කටයුතු අවසන් වුනා.ඒ හැම දේකටම අපේ අම්මයි අප්පයි උදව් වුනා.දැන් මගේ පුතාට මාස තුනක් වෙනවා.දවල් මන් පුතාව නාවලා ගේ ඇතුළට ගියා පුතාව නිදි කරවන්න. ගේ මිදුලෙන් කවුරුහරි කතා කරන සද්දයක් ඇහුනා.මන් එළියට ගියා කව්ද ආවේ කියලා බලන්න.ඇවිත් හිටියේ ඉසුරි අක්කගේ ආච්චියි,තාත්තයි.මගෙ පපුව ඩග් ඩග් ගෑවා.

“එන්න නෝනා ගේ ඇතුළට මාත්තයා එන්න ගේ ඇතුළට.ඇවිත් වාඩි වෙන්න….”


ඒ දෙන්නට වාඩි වෙන්න පුටු දෙකක් දීලා මන් පිළික්කන්න පැත්තට ගියා අම්මට කතා කරන්න.යද්දී අම්මා දර පළනවා.මන් අම්මට කිව්වා ආච්චි අම්මයි මාමයි ඇවිත් ඉන්නවා කියලා. අම්මා එකපාරටම බයවෙලා වගේ මගෙ අතත් අල්ලගෙන “යමු පුතේ….මන් මුහුණ හෝදගෙන එන්නම්….”කියලා ගියා.
මන් ඒ නෝනටයි මාත්‍තයටයි තේ හදලා දුන්නා.එතකොටම අම්මා සාලෙට ආවා.

“නෝනා….මේ තමයි මගෙ අම්මා….”


මන් එහෙම කියලා අම්මව පෙන්නුවා. ආච්චි නම් අම්මව අදුර ගත්තෙ නෑ.ඒත් මාමා නම් අම්මා දිහා බැලුවේ ටිකක් සැකෙන් වගේ.ඇස් දෙකෙන් ගලාගෙන ගිය කදුලුත් එක්ක අම්මා ආච්චි අම්මටයි මාමටයි දණ ගහලා වැන්දා.

“අනේ මගෙ රත්තරං දුවේ😭😭😭අනේ මේ අම්මට සමාව දීපන් දුවේ.මගෙ අතින් උඹට ගොඩාක් වැරදි සිද්ධ වුනා.මට සමාවෙයන් දුවේ.මගෙ වලව් මාන්නෙයි ලොකුකමයි හින්දා තමයි මේ සේරම සිද්ද වුනේ….”😭😭😭🙏😭🙏🙏🙏

ආච්චි අම්මා අම්මව බදාගෙන ගොඩක් වෙලා ඇඩුවා.මාමත් ඇඩුවා.වසර ගනනාවක් තිස්සෙ පැවතුනු වයිරය ඒ විදියට නිමා වෙලා දෙගොල්ලන් අතර සාමය උදා වුනා.🙏🙏🙏💐💐💐💐🌹🌹

කාලය හිමිහිට ගෙවිලා ගියා. දවසට එක් වතාවක් විතර මන් වලව්වට ගිහින් ඉසුරි අක්කගෙ දුවට කිරි දුන්නා. දැන් මගෙ පුතාට මාස පහක් හින්දා මන් ඊළඟ මාසෙ ඉදන් ආයෙමත් ගමේ ළමයින්ට සන්ගීතෙ උගන්නන හිතුවා.

ඉසුරි අක්කගෙ මරණෙන් පස්සේ මන් පු0චි මාත්තයව වැඩිය දැක්කේ නෑ. දුවට කිරි දෙන්න වලව්වට ගිය වෙලේත් දෙතුන් පාරක් විතරයි දැක්කේ.එදා බඩදරු අම්මලාට වලව්වේ තිබ්බ දානෙන් පස්සේ පු0චි මාත්තයා තාම මාත් එක්ක කතා කරේ නෑ.වෙච්චි දේවල් ගැන පු0චි මාත්තයා පසුතැවිලි වෙනවද දන්නේ නෑ. මට වෙලාවකට හිතෙනවා පු0චි මාත්තයා එයාගෙ දුවට වැඩිය ආදරේ නැද්ද කියලා.

ලොකු නෝනා වුනත් දුවව හරියට බලා ගන්නේ නෑ. සමහර වෙලාවට දුවට🤱 කිරි දීලා එයාව නාවන්නෙත් මන් .එයාගෙ රෙදි හෝදන්නෙත් මන්.පව් අහින්සකී…..මට වෙලවකට ඒ දරුවා ගැන දුකත් හිතෙනවා.🤱🤱🤱😘ඉසුරි අක්කා ජීවතුන් අතර හිටපු අන්තිම කාලේ එයා සෑහෙන බලාපොරොත්තුවෙන් හිටියේ එයා මැරුණට පස්සේ පු0චි මාත්තයා දුවව ඇස් දෙක වගේ බලා ගනියි කියලා.

දවසක් මන් ගේ අතුගගා ඉන්නකොට මිදුලෙන් පු0චි මාත්තයගෙ කටහඬ ඇහුනා.මන් ටක්ගාලා මිදුලට ගිහින් බැලුවා.මට පුදුමත් හිතුණා මාස ගානකට පස්සේ ඇයි පු0චි මාත්තයා ඇයි අපේ ගෙදර ආවේ කියලා.පු0චි මාත්‍තයගේ මුහුණේ තිබ්බේ ලොකු කලබලකාරී බවක්.ටික වෙලාවක් මගෙ මූණ දිහා බලන් හිටියා.මගෙ හිතට බයකුත් වගේම තිගැස්මකුත් ඇතිවුනා.


එකපාරටම මන් ගාවට ආපු පු0චි මාත්තයා පොඩි වෙච්ච ලියුමක් මගෙ අතට දුන්නා.ඒ වෙලාවෙම අම්මත් කුස්සියෙ ඉදන් දුවගෙන ආවා.

“වීණා,…කියවන්න ඔය ලියුම.හොදට කියවන්න…..”


පු0චි මාත්තයා කියපු හින්දම මන් ඒ ලියිම අම්මත් ඇහෙන්න එක්කම කිව්වා. මාස තුනකට හතරකට විතර කලින් ඒ ලියුම පු0චි මාත්තයට ලියලා තියෙන්නේ ඉසුරි අක්කා.ගැහෙන හදවතින් යුතුව මන් ඒ ලියුම කියෙව්වා.

2020.06.15

මගේම ආදරණීය ශාලක,

කොතනින් පටන් ගන්නද කොහොම ලියන්නද කියලා මට හිතා ගන්න බෑ. මේ ලියුම ඔයාට ලැබෙනකොට මන් ජීවතුන් අතර නෑ.දරුවා ලැබෙන්න ඉන්න හත්වෙනි මාසෙදි මාව චෙක් කරපු ඩොක්ටර්ට මන් කිව්වා මාව නෙවෙයි මගෙ දරුවා බේරගන්න කියලයි.එදා ඉදන් මන් හිටියේ ගිනි ගොඩක් මැද්දේ ශාලක. ඒ මැරෙන්න බයේ නෙවෙයි.මන් මැරුනට පස්සේ කව්ද මගෙ දරුවව බලා ගන්නේ. දුවෙකුට අම්මා කෙනෙක් ළග ඉන්නම ඕනි.අම්මා කෙනෙක් නැතුව ඔයා කොහොමද දුවව බලා ගන්නේ?මට ඒ ගැන හිතාගන්නවත් බැරි වුනා ශාලක.

😭😭
ඔයා දන්නවද ශාලක, මට ලැබෙන්න ඉන්නේ දුවෙක් කියලා දැන ගත්තම ඔයාගෙ අම්මා මට සෑහෙන ඇනුම් පද කිව්වා.එයාලා බලාපොරොත්තුවෙන් ඉදලා තියෙන්නේ පරම්පරාව ගෙනියන්න පුතෙක් හම්බවෙයි කියලා.මට ගොඩාක් වෙනස්කම් කරා.ඔයාටවත් නොකියා මන් ඒවා විදදරාගෙන හිටියේ මට ජීවත් වෙන්න තිබුනේ තව ටික කාලයක් හින්දයි.එදා ගෙදර පින්කම කරන්න වැඩි උවමනාවක් තිබ්බේ අපේ ආච්චි අම්මටයි,අම්මටයි.ඒ පින්කම කරන්නවත් ඔයාගෙ අම්මට වැඩි උවමනාවක් තිබ්බේ නැහැ. එදා පින්කම දවසේ රෑ අපේ කාමරේදී ඔයා වීණා ට කියපුවා මන් අහගෙනයි හිටියේ.එවලේ මන් එක දෙයක් තේරුම් ගත්තා ශාලක , ඔයා වීණා ව අමාරුවෙ දාලා කියලා. ශාලක ,වීණා පිට කෙනෙක් නෙවෙයි.

එයා මගේ තාත්තගෙ න0ගිගෙ දුව.මගෙ හිතට එවලේ ඉදන් වද දෙන එක ප්‍රශ්නයක් තිබ්බා.ඒකට උත්තරේ හොයා ගන්න වෙන්නේ වීණාට දරුවා ලැබුනට පස්සේ.


ඉතින් මන් වීණා ට පුතා හම්බවුනාට පස්සේ මන් ගියා දරුවව බලන්න.ඒත් මගෙ හිතට වද දීපු ප්‍රශ්නෙ වීණා ගෙන් අහන්න තරම් මගෙ හිතට දහිරියක් තිබ්බේ නැහැ.මන් දරුවගෙ නැපිය මාරු කරන්න ගිය වෙලාවෙ දරුවගෙ ඉනේ තිබ්බ සළකුණක් හින්දා මගේ සැකය හරිගියා ශාලක.මගෙ හිතට සහනයක් දැනුනෙ එවලෙයි.ඒත් මට උවමනා වුනේ ඒ ඇත්ත වීණා ගෙ කටින්ම අහගන්නයි ශාලක.

ඊට දවස් දෙකකට පස්සේ මන් ආපහු වීණා ගෙ ගෙදර ගියා.මන් වීණාගෙන් කෙලින්ම ඇහුවා.ඊට පස්සේ එයා මට හැම දේම කිව්වා.ඔයා දන්නේ නැති වුනාට ඔයා අතින් වීණාට වෙලා තියෙන්නේ ලොකු වැරැද්දක්.වීණාගෙ දරුවගෙ තාත්තා ඔයා ශාලක.

දරුවගෙ ජීවිතේ බේරගන්න ඕන නිසයි එයා මෙච්චර ලොකු බොරුවක් කරලා තියෙන්නේ.
වීණාට පුලුවන් ශාලක මගෙ දුවට හොද අම්මා කෙනෙක් වෙන්න.ඔයා වීණාව කසාද බදින්න.ඔයාගෙ අම්මා බලාපොරොත්තු වෙච්චි විදියටම ඔයාලගෙ පරම්පරාව ගෙනියන්න පුතෙක් ඉන්නවා.මන් ඔයාලට සුභ පතනවා ශාලක.😭🙏🙏🙏🙏🙏🙏.

💕💕💕💕නැවත හමුවෙමු

සියලුම හිමිකම් කතෘ සතුය