ගෙදර ඇවිල්ලත් මන් කල්පනා කරේ පු0චි මාත්තයා කියපු දේවල්.😭😭දෙයියනේ පු0චි මාත්තයගෙ බොරු ආදරේට මන් රැවටුනා නේද?😥😫


මන් ඉන්න තත්වෙ දැන දැනත් පු0චි මාත්තයා මගෙ හිත රිද්දෙව්වා.බැරි වෙලාවක්වත් පු0චි මාත්තයා දැන ගත්තොත් මේ දරුවා එයාගෙ කියලා.


😥😫නෑ…නෑ…මන් කවදාවත් පු0චි මාත්තයට ඒක දැන ගන්න ඉඩ තියන්නෙ නෑ.


“දුවේ වීණා මන් කඩේට ගිහින් එනකන් උඹට මගෙ තනියම ඉන්න පුළුවන්ද?…”

“මට පුළුවන් අම්මේ…අම්මා ගිහින් එන්න…”


අම්මා කඩේට ගියාට පස්සෙ මන් දරුවට අතේ ඇදුමක් මහන්න වුනා. ඉස්තෝප්පුවේ පුටුවක් තියාගෙන මන් චූටි ගව්ම් පොඩිත්තක් මැහුවා.
ගව්ම මහලා මන් ඒක අතේ තියාගෙන හැඩ බැලුවා.

“වීණා…ආ…ඔයා වැඩක්ද?….”


ලොකු නෝනා මිදුලටම එනකන් මන් දැක්කේ නෑ.එදා පු0චි මාත්තයගෙ මගුල් ගෙයින් පස්සේ මන් අදයි ලොකු නෝනව දැක්කේ.
“ආ…ලොකු නෝනා මන් මේ දරුවගෙ ඇදුමක් මැහුවා.ලොකු නෝනා හදිස්සියෙම මේ පැත්තේ?…”

“වීණා….මන් මේ පොඩි ආරාධනාවක් කරන්න ආවේ.හෙට රෑට අපේ වලව්වේ දානමය පින්කමක් තියනවා බඩදරු අම්මලා වෙනුවෙන්.වීණා ත් අම්මත් එක්ක හවස් වෙලා ඒ පැත්තේ එන්න. හාමුදුරුවෝ වැඩම කරවලා පිරිතක් එහෙම කියලා බණක් කියනවා. වීණාගෙ මහත්තයා සි0හල හින්දා වීණාගෙ අකමැත්තක් නෑනෙ දානෙට සහභාගී වෙන්න….”


“අනේ නෑ ලොකු නෝනා.මන් හෙට අම්මත් එක්ක එන්නම්….”

“හා වීණා.එහෙනම් මන් යනවා.තව කීප දෙනෙක්ටම ආරාධනා කරන්න තියනවා….”


ලොකු නෝනා ගියාට පස්සේ මන් කල්පනා කරේ හෙට වලව්වේ පින්කමට සහභාගී වෙනවද නැද්ද කියලා.අනික අම්මයි,අප්පයි මට යන්න දෙයිද දන්නේ නෑනෙ.කොහොමත් මට පු0චි මාත්තයව දකිද්දී හිත හදාගෙන ඉන්න අමාරුයි. දැන් පු0චි මාත්තයට ඕනි මාව රිද්දන්න.මන් පින්කමට සහභාගී වෙන්න වලව්වට ගියොත් සමහර විට පු0චි මාත්තයා මාව රිද්දන්නම මට පේන්නම ඉසුරි අක්කට ආදරේ කරයි.


පු0චි මාත්තයට ඕනි වෙලා තියෙන්න ඇත්තේ එයා මාව අමාරුවේ දැම්මට පස්සේ මන් කිසිම කෙනෙක්ව කසාද නොබැද තනියෙන් විදවනවා දකින්න වෙන්න ඇති.පු0චි මාත්තයට ඉරිසියා ඇති මන් කසාද බැදලා සතුටින් ඉන්නවා කියලා හිතුනම.ඒත් ඇත්ත ඒක නෙවෙයිනේ…😒😒

“මොකද වීණා පුතේ උඹ කල්පනා කරන්නේ?…කවුරුහරි ආවද ගෙදෙට්ට….”


අම්මා මගෙන් එහෙම අහනකොටයි මන් කල්පනා ලෝකෙන් මිදුනේ.මන් අම්මට කිව්වා ලොකු නෝනා ඇවිත් කරපු ආරාධනාව.අම්මයි මායි ගේ ඇතුළට ඇවිත් ඉද ගත්තා.

“අනේ…මන්දා වීණා.අප්පා මොනවා කියයිද දන්නේ නැහැනේ.ඒත් මන් කොහොමද පුතේ උඹත් එක්ක එහාට යන්නේ….”


අම්මගේ කියන්න තරම් අකමැත්තක් තිබුනේ නෑ.ඒත් අප්පා මොනවා කියයිද දන්නේ නෑ.හවස් වෙනකොට අප්පා ත් ගෙදරට ආවා.අප්පාට කහට කෝප්පයක් හදලා දීපු අම්මා ලොකු නෝනගෙ ආරාධනාව ගැන කිව්වා.

“වීණා….උඹ දුවේ අම්මත් එක්ක හෙට පලයන් වලව්වට.මේ වත්තෙ එවුන්ට අපි උඹ ගැන කියලා තියන හැටියට උඹ ඔය පින්කමට නොගිහින් හිටියොත් පු0චි මාත්තයලා මේ ගැන සැක හිතාවි.අනික උඹ ඕකට ගිහින් පිරිත් ටිකක් එහෙම අහලා පන්සිල් අරගෙන පිනක්නෙ කරගන්නේ….”


🌹🤰මන් ඒ පින්කමට සහභාගී වෙනවට අප්පා කැමති වුනා. ඉතින් පහුවදා දවල් මන් ළිදෙන් නාගත්තා.හවස පහට විතර සුදුයි රෝස පාටයි මිශ්‍ර වෙච්ච ලස්සන ගව්මක් ඇද ගත්තා.


“දුවේ…ඔය ටෝච් එක ගන්න.එනකොට ගොඩක් රෑ වෙයිනෙ….”


“හරි අම්මේ දැන් යමු….”


අම්මයි මායි දොරත් වහලා වලව්වට යන්න පිටත් වුනා.පු0චි මාත්තයගේ මගුල් ගෙයින් පස්සේ මන් මේ වලව්වට යන පළවෙනි පාරයි.වෙනදා වගේමයි. වලව්වට යන පාර දෙපැත්තේ හොදට උදලු ගාලා සුද්ද කරලා තිබ්බා.ලයිට් වැල් එල්ලලා හරිම ලස්සනයි.අම්මා මගේ අතින් අල්ලගෙන පරිස්සමට පඩිපෙලින් නැගලා වලව්වේ මිදුලට ආවා.පින්කමේ වැඩවලට උදව් වෙන්න වත්තෙ ගෑනු අය කිහිප දෙනෙක්ම වලව්වට ඇවිත් තිබුනා. අම්මයි මායි කුස්සියට ගියා.

“ආ….වීණා ඔයාව දැක්ක කල් දුවේ… එන්නකෝ….කවද්ද දුවේ දින තියෙන්නේ?…”


මාව දැකපු ගමන්ම එහෙම ඇහුවේ ආරියවතී නැන්දා.


“ලබන මාසෙ අන්තිමට දින තියෙන්නේ නැන්දේ…”


මාත් සුපුරුදු ලෙන්ගතු බවින්ම එහෙම කිව්වා.ආරියවතී නැන්දා මට රසම රස පළතුරු ජූස් එකක් හදලා දුන්නා🍹.මන් ඒක කුස්සියේ බන්කුව උඩ ඉදන්ම බිව්වා.🍹🍹😋😋
ටික වෙලාවකින් ලොකු නෝනා කුස්සියට ආවා.


“වීණා…දරුවෝ ඔයා මොකද මේ කුස්සියට වෙලා…අමාරුයිනෙ ඔහොම ඉන්න.යන්නකෝ කාමරේට අපේ ඉසුරි දුවත් කාමරේ ලෑස්ති වෙනවා….”

ලොකු නෝනා එහෙම කියනකොට මන් බැලුවේ අම්මා දිහා.අම්මා මට ඔලුවෙන් කිව්වා යන්න කියලා.ඊට පස්සේ මන් ඉසුරි අක්කගේ කාමරේට ගියා.මට බය හිතුනා පු0චි මාත්තයත් කාමරේ ඇති කියලා.ඒත් පු0චි මාත්තයා කාමරේ හිටියේ නෑ.ඉසුරි අක්කා විතරයි හිටියේ. මන් කාමරේ දොරකඩට ගිහින් කත කරා.

“ආ…වීණා එන්න න0ගී.මන් ඒත් බැලුවා ඔයා තාම පරක්කු ඇයි කියලා. වාඩිවෙන්න ඔහොම හිටගෙන ඉන්න අමාරුයිනෙ….”


මන් ඇද උඩින් ඉදගත්තා.ඒ කාමරේ බිත්ති වල ලස්සන පොඩි බබාලගේ පින්තූර එල්ලලා තිබ්බා.අනේ…😍😍😍 හරිම ලස්සන රෝස පාට බබාලා ටිකක් ඒ පින්තූර වල හිටියා.මන් මගේ කුසට අත තියාගත්තා.අනේ….මගේ බඩෙත් ඉන්නේ මේ වගේ ලස්සන හුරු බුහුටි දරුවෙක් නේද කියලා හිතෙද්දී මගෙ හදවත සතුටින් ඉපිලිලා ගියා.

“වීණා….ලස්සනයි නේද අපේ කාමරේ. මේ ඔක්කොම ඉතින් ශාලකගේ වැඩ තමයි.
එයා හරිම ආසාවෙන් ඉන්නේ දරුවා ලැබෙනකන්….”


ඉසුරි අක්කා කියපු දේවල් අහගෙන ඉදලා මගෙ ඇස් වලට කදුලු පිරුනා.අනේ පු0චි මාත්තගෙ ලේ වලින්ම මට ඉපදෙන්න ඉන්න දරුවට ඒ ආදරේ විදින්න වාසනාවන් නෑනෙ.

“වීණා….පින්කම ඉවර වෙලා ඔයයි නැන්දයි ගෙදර යන්න කලින් චුට්ටක් මාව හම්බෙන්න.ඔයාට දෙන්න බඩු වගයක් තියනවා….”


ඉසුරි අක්කයි මායි ගොඩක් වෙලා කතා කර කර හිටියා.පිරිත පටන් ගන්නේ රෑ අටට.ටිකක් වෙලා යද්දී පු0චි මාත්තයා කාමරේට ආවා.එයාගෙ අතේ මොකක්ද මන්දා පාර්සලයක් තිබ්බා.

“ආ….මේ වීණා ත් ඇවිත් ඉන්නේ… ආ ඉසුරි මේ පාර්සලේ ඔයාට.මේකෙ ඇපල් වගයක් තියනවා ඔයා ආසයිනෙ ඇපල් කන්න.ම්ම්ම්….තව ඕනි දෙයක් තියනවනම් මට කියන්න.ඔයා ඉතින් මගෙ පන නේ….”

පු0චි මාත්තයා එහෙම කියලා ඉසුරි අක්කව බදාගෙන නළලට හාදුවක් දුන්නා. මගෙ හිත මහ දුකකින් පිරිලා ගියා.පු0චි දේටත් හිත රිදෙන මගෙ ඇස් වලට කදුලු පිරෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ. ඒක පු0චි මාත්තයත් දකින්න ඇති.මගෙ දිහා බලලා පු0චි මාත්තයා සමච්චලේට වගේ හිනා වුනා.මන් අහක බලා ගත්තා.

“ඉසුරි මැණික,මට දැන් පන්සලට යන්න තියනවා වෑන් එකත් අරන් හාමුදුරුවෝ වඩම්මගෙන එන්න.ඔයා පරිස්සමින් ඉන්න හරිද?…..”

පු0චි මාත්තයා ගියාට පස්සේ ඉසුරි අක්කයි මායි සාලෙට ආවා.මගෙ හිතට දැනුනේ මහා හිස් බවක්.අපි දෙන්නා සාලෙ පුටුවක් උඩින් වාඩිවුනා.පින්කමට සහභාගී වෙන්න ආපු බඩදරු අම්මලා කිහිප දෙනත් ඇවිත් සාලෙ එලලා තිබ්බ පැදුරු වලින් වාඩිවුනා.මාත් පැදුරකින් වාඩි වුනා.ටික වෙලාවකින් හාමුදුරුවොත් වැඩියා.

🤰🌹🤰🌹🤰🌹🤰🌹🤰🌹

පින්කමේ වැඩ ඉවර වෙනකොට රෑ දහයත් පහුවුනා.අම්මයි මායි යන්න ලෑස්ති වුනා.එවලෙයි මට මතක් වුනේ යන්න කලින් ඉසුරි අක්කා එයාව හම්බවෙන්න කියපු විත්තිය.මන් අම්මට කියලා ඉසුරි අක්කව හම්බවෙන්න කාමරේට ගියා”ඉසුරි අක්කේ”කියාගෙන කාමරේට ගියත් කාමරේ හිටියේ පු0චි මාත්තයා විතරයි.පු0චි මාත්තයා මන් දිහා බැලුවේ ලොකු පුදුමයකින් වගේ ඇසුත් ලොකු කරන්.


“මොකක්ද වීණා ඒ කිව්වේ…..ඉසුරි අක්කා…ඔයාට කවද්ද ඉසුරිව අක්කා වුනේ.😠වලව්වෙ මිනිස්සුන්ට නම්බු දීලා කතා කරන්න ඉගන ගන්න….”


පු0චි මාත්තයා කියපුවට මට තරහත් ගියා.
“මොකක්ද කිව්වේ….නම්බු දීලා කතා කරන්න.නම්බුවක් දෙන්න පුලුවන් වැඩද පු0චි මාත්තයා කරලා තියෙන්නේ….”


තවත් මන් එතන ඉන්නෙ නැතිව එළියට ගියා.යද්දී සාලෙ දොර ගාවදි ඉසුරි අක්කව හම්බුනා.
“වීණා පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ….”


මට එතන ඉන්න කියපු ඉසුරි අක්කා කාමරේට ගිහින් ලොකු මල්ලක් ගෙනත් දුන්නා.
“වීණා….ඕකෙ දරුවට ඕනි කරන බඩු වගයක් ඇති.ඕක ඔයා තියාගන්න….”

මන් ඉසුරි අක්කට ස්තූති කරලා ඒ බඩු මල්ලත් අරගෙන අම්මත් එක්ක ගෙදර ආවා.

🌹🤰🌹🤰🌹🤰

දින සති සෙමින් සෙමින් ගෙවිලා ගියා. දැරුවා ලැබෙන්න මට තව සතියයි. මන් ඇගිලි ගැන ගැන හිටියේ දරුවගේ මුහුණ දකිනකන්.😍


“දුවේ…..වීණා දැන් නම් කොයි වෙලේද දන්නෙ නෑ.කල්පනාවෙන් ඉන්න වෙයි. පරිස්සමින් ඉදපන් දුවේ.මොකුත් හරි අමාරුවක් දැනුනොත් ටක් ගාලා කියපන්….”


අම්මත් මේ ටිකේම මන් ගැන හොද විමසිල්ලෙන් හිටියේ.හැම දේම සූදානම් කරගෙනයි හිටියේ.
රෑට බත් කාලා ඉවර වෙලා මන් නිදා ගන්න ගියා.මගෙ ඇගට මහා අමුත්තක් දැනෙන්නට වුනා.ඇගට දැනෙන්න වුනු අමාරුව ටික ටික වැඩිවෙන්න වුනා. මන් අම්මට කතා කරා.


“අනේ….දුවේ උඹට අමාරුයි වගේ නේද? ඉදපන් මන් ටක්ගාලා ත්‍රීවීලර් එකකට කතා කරන්නම්….”


අම්මා ටක්ගාලා ත්‍රීවීලර් එක්කට කතා කරලා කලින්ම සූදානම් කරලා තිබ්බ බෑග් එකත් අරගෙන ත්‍රීවීලර් එකට නැග්ගා.අම්මයි මායි එක්ක ත0ගම්මත් ආවා.අප්පා ආවේ බයිසිකල් එකක.
විනාදි දහයක් වගේ ඇතුලත ත්‍රීවීලර් එක නර්සින් හෝම් එකට ආවා.මට දැනුනේ දරා ගන්න අමාරු වේදනාවක්.

😘🌹😘🌹😘🌹

සිහියත් අසිහියත් අතර මට බිළිදෙකුගේ කෑගැසීම් හඩක් සිහිනයෙන් මෙන් ඇසුනි.මන් අමාරුවෙන් දෑස් ඇර බලන විට මා අසල සිටියේ හෙදියකි. ඔරලෝසුවේ වෙලාව බලන විට රාත්‍රී එකොළහ ලෙස සටහන් වී තිබුණි.🕚
පුරුද්දට මෙන් මා අත කුස මත තබද්දී එය හිස් බවක් මට දැනුනි.”මගෙ ද…දරුවා කෝ….” මා අසලම මට පිටුපා හෙදියක් හිටියා.මන් බොහොම අමාරුවෙන් වචන පිටකර ගත්‍තා.
එවලෙම ඒ නර්ස් මගේ ළගට ආවා.

“ආ…මේ අම්මට සිහිය ආවද? දෙයියන්ගෙ පිහිටෙන් අම්මට කිසිම කරදරයක් වුනේ නැහැ….”


ඒ නර්ස් හහරිම කරුණාවෙන් එහෙම කිව්වා.


“නර්ස්…..කෝ මගෙ දරුවා…එයා දුවෙක්ද පුතෙක්ද?…..”


“අම්මට හම්බවුනේ පුතෙක්….”


ටික වෙලාවකින් ඒ නර්ස් මගේ පු0චි කිරිකැටියාව මගෙ තුරුලෙන් තිබ්බා.

අනේ රෝස පාට පුළුන් බෝලයක් වගේ. හරිම ලස්සනයි.රෝස පාට කම්මුල්😘😘චූටි අත පය.😍😍මට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්.මේ ලෝකෙ තිබුනු වටිනාම වස්තුව මට ලැබුනා.මාත් දැන් අම්මා කෙනෙක් 😀😍 මන් හිමිහිට ඒ චූටි කම්මුල් මතින් හාදුවක් සටහන් කරා.දරුවගෙ මුහුණ දකිද්දී මට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක් වගේන හැගීම් ගොන්නක්.ගතට දැනුනු හැම වේදනාවක්ම නැතිවෙලා ගියා වගෙයි මට දැනුනේ.
ටික වෙලාවකින් අම්මයි අප්පයි ආවා මාවයි දරුවවයි බලන්න.ඒ දෙන්නගේ මුහුණු වල තිස්සේ ලොකු සතුටක්. අම්මයි අප්පයි එයාලගේ පු0චි මුණුපුරාව වඩාගෙන හුරතල් කරන්නට වුනා.

දවස් තුනකට පස්සේ මන් ගෙදරට ආවා. මන් හිටපු කාමරේ හොදට අස් කරලා ඇදට අලුත් බෙඩ්ශීට් දාලා අලුත් කොට්ට උර දාලා තිබුනා.දරුවට කිරිදීලා මාත් ටිකක් ඇදෙන් ඇල උනා.සිසේරියන් සැත්කමකින් දරුවව ගත්තු හින්දා මට ගොඩ කාලයක් පරිස්සම් වෙන්න වුනා.

“වීණා දුවේ මේ බත් ටික කාලා ඉන්නකෝ. මේ පොළොස් මාළුවකුත් තියනවා….”

කාලා ඉවරවෙලා මන් පුතාට කිරි දීලා එළියට ආවා.ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් තියනවා.පුතාගෙ උප්පැන්න සහතිකේ තාත්තගේ නම ඉස්සරහින් තියෙන්නේ හිස්තැනක් කියලා දැනෙද්දී මගෙ පපුව පිච්චුනා වගේ දැනුනා.අනේ😭😭පු0චි මාත්තයා දන්නවනම් එයා දැන් තාත්තා කෙනෙක් කියලා.😧😭😪

“නැන්දේ…..නැන්දේ….”


එළියෙන් මට ඉසුරි අක්කගේ කටහඬ ඇහුනා.දරුවා බලන්න එන්න ඇති කියලා හිතුනා.ටික වෙලාවකින් ඉසුරි අක්කා කාමරේට ආවා.


“මගේ සුභ පැතුම් වීණා….”
මාව බදාගෙන කම්මුලක් ඉඹලා😘😘ඉසුරි අක්කා මට සුභ පැතුවා.එයා දරුවව වඩාගෙන ගෙන හරිම ආසාවෙන් හුරතල් කරා.


“අනේ වීණා මට මෙයාව දාලා යන්න හිතෙන්නෙත් නෑ.හරිම හුරතල් අනේ. පුතා නම් ඔයා වගේ වීණා….”
ඉසුරි අක්කා පුතාට ගොඩාක් අදරේ කරා.

“ඔයාට දරුවා ලැබෙන්න තව කොච්චර කාලයක් තියනවා අක්කේ….”

“තව මාස දෙකහමාරයි න0ගී. අනේ මන්දා මොනවා වෙයිද කියලා….”

ඉසුරි අක්කා කතා කරේ ලොකු කලකිරීමකින් වගේ.දරුවා ලැබෙන්න දින ල0වෙලත් ඉසුරි අක්කගේ මූණෙ සතුටක් තිබුනේ නෑ.

“වීණා මට නැප්කින් එකක් දෙන්නක. පුතා තෙමාගෙන….”

මන් නැපියක් ඉසුරි අක්කගෙ අතට දීලා එළියට ආවා පුතාගෙ වේලුණු රෙදිටික ගන්න.රෙදිටික අරන් කාමරේට ගියා විතරයි ඉසුරි අක්කා පුතාව මගෙ අතට දීලා ගෙදර යනවා කියලා ගියා.මට හිතාගන්න බැරි වුනා එකපාරටම ඉසුරි අකට මොකද වුනේ කියලා.මෙච්චර වෙලා හොදට කතා කර කර හිටියනේ. පුතාට අන්දන්න දීපු නැපිය ඇද උඩ තිබුනා. ඇත්තටම ඉසුරිට මොකද වුනේ ?????

🌹🌹🌹🌹🌹නැවත හමුවෙමු🌹

සියලුම හිමිකම් කතෘ සතුය🌹🌹🌹🌹🌹නැවත හමුවෙමු🌹

සියලුම හිමිකම් කතෘ සතුය